සිංහලෙන් හිතන පතන අපේ උන්ට ඉනිමන් බැඳීම

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
සිංහලෙන් හිතන පතන අපේ උන්ට ඉනිමන් බැඳීම

හිතේ තියෙන දේ.... පහසුවෙන් ටයිප් කරන්න.... මගෙන් පුංචි ප්‍රයත්නයක්.

මම මගේ අළුත්ම මෘදුකාංගය ගැන EK Talks එකෙත් Thread එකක් දැම්මා... ඒත් අපේ ගොඩක්ම සිංහලෙන් සිතුවිලි ගෙත්තම් කරන කට්ටිය ඉන්නේ මෙතන හින්දා.... මෙතන ඉන්න අය වෙනුවෙනුත් එය බෙදා හදාගන්න කල්පනා කලා.

මේ මෘදුකාංගය ගැන කියනවා නම්......

දැනට ගොඩක් Singlish Converters තියෙන්නේ.. iskpota, sinhala inet font කියන Fonts වලට... Wijesekara Keyboard Layout එකට ඒවා සපොට් කරන්නේ නෑ.... මම දන්න තරමින් කවුරුවත් Wijesekara Keyboard එකට Singlish Converter එකක් කවුරුත් හදලා නෑ. දැනට එහෙම එකක් තියෙනවා නම්... මෙතන දාන්න. මටත් දැනගන්න. :)

සාමානයයෙන් Wijesekara Keyboard එක පාවිච්චි කරලා ම්, මි වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. :nerd: මේ හේතුව හින්දා... ගොඩ දෙනෙක් Keyman software එකක් ටයිප් කරන කොට පාවිච්චි කරනවා.

Wijesekara Keyboard එක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට මේ සේරම දේවල් හොයාගෙන Wijesekara Keyboard Layout එකත් අධයනය කරලා Sinhala ටයිප් කරන එක අමාරු වැඩක්. :P

අපි හැමෝටම Sinhala ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් විදිහට තමා මම මේ මෘදුකාංගය (Software) එක නිර්මාණය කලේ. මේ Software එකත් එක්කම Keyman එකක ක්‍රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා... Keyman වෙනමම පාවිච්චි කරන්න අවශය වෙන්නේ නෑ. :)

අපි හැමෝටම පුරුදු UCSC Unicode Real Time Font Conversion Utility එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මම මේ මෘදුකාංගයට පාවිච්චි කලේ. :D

මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් මම ඇතුලත් කලා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලා ගන්න.

ඔයගොල්ලන්ට ඕනේ නම්.. එක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්.

තමන් ටයිප් කරපු දේවල් Save කර ගන්න.. ආපහු Open කර ගන්න.. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් සලසලා තියෙන්නේ. අළුත් Version එකක් out කලහම ඉන්ටර්නෙට් හරහා software එක ඔයගොල්ලන්ව දැනුවත් කරයි.

මේකේ නම තමා.... ZSri Lanka Sinhala Language Pack :)

196868c07460a0e79142a9180fa2bf715d7_1image01_540x373.png


මේක දැන් ඔයාලට කර ගන්න පුළුවන්.... මේක Freeware එකක්. ඒක හින්දා.... අපේ කට්ටියටම Free Download කරගන්න පුළුවන්.

දැනට පහල තියෙන Fonts මම මේකට දාලා තියෙන්නේ.

- FMAbhaya
- FMArjunn
- FMBasuru
- FMBindumathi
- FMEmanee
- FMGanganee
- FMGemunu
- FMMalithi
- FMRajantha
- FMSamantha

මේකේ තියෙන Fonts වලින් ටයිප් කරලා ඒක Word Document එකක හරි Paste කරලා තමන්ට ඕන Font එකක් උනත් දාගන්න පුලුවන්.. මොකද මේකේදි Wijesekara Keyboard Layout එක පාවිච්චි වෙන නිසා.

මේක Cnet Download.com එකේ මම Publish කරලා තියෙන්නේ.. ඒක හින්දා.... සොෆ්ට්වෙයාර් එක ගැන කිසිදේකට බය වෙන්න එපා.. වයිරස්, එව්වා.. මෙව්වා මුකුත් නෑ.

මේ මෘදුකාංගයේ නවතම සංස්කරණය තමා මේ තියෙන්නේ....

http://download.cnet.com/ZSri-Lanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html

ඔයාලගේ නිසඳැස්.... ග්‍රැෆික් නිර්මාණ.... ඒ වගේම සිංහල ලියකියවිලි... ගෙදර ඉඳලම Type කරගන්න මේක තුලින් පුලුවන්.


අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම්... කමෙන්ට් එකක් දාලා මේ ත්‍රේඩ් එක ට සපොට් එකක් දෙන්න. :)





 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
gindara kollekne machan.
rep+

thama DL kale nam na. Windows witharada wadakaranne ? ada ra check karala cnet review ekakuth dannamko.

Ow macho... Only windows... linux based ekaka thama test karala baluwei nei.....

Adei umbala gei reviews walata thanks..... meika hadanna saheina kattak kawa... Mei wadei 7-8 parak nawaththalath damma podi podi limitations nisa. eith anthimata kohoma hari kara gaththa....

Okkotama thanx... wichcha mahansiyein wadak thiyenawa kiyala hithenawa kattiyagei support eka dakkama. thanks again.
:)
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
එකී නොකී මෙකී සහයෝගය වෙනුවෙන් දුන් බම්ප් සියල්ලම හිමි ඔබට ස්තුතියි. :)
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
අපේ අයගෙන් ඒකට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක මම වැඩේ දිගටම කරගෙන ගියා. තවත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතෙන වෙනස් කම් කිහිපයක් මේත් සමඟම ඇතුලත් කරලා. අළුත්ම සංස්කරණය එහෙමත් නැත්නම් Version එක දැන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්.

ආහ්... තව එකක්... ඔය හැමෝගෙම ප්‍රතිචාර නිසා..... මේ ටිකේ Cnet Downloads Ranking වල මට Language Software යටතේ Rank එකකුත් ලැබිලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතියි....
11.gif


Setup එක ටිකක් ලොකු නිසා සමහර අයට මේක Download කරලා බලන්න වෙලා යනවා. :dull: ඒත් එක්කම මේකේන් සම්පුර්ණ ප්‍රයෝජනය ගන්න හරි හැටි දැනුවත් කිරිමක් විදිහටත් මම Video Tutorial එකකුත් මේ සඳහා හැදුවා. :)

පහලින් තියෙන්නේ ඒක...

මේ මෘදුකාංගය ගැන තවමත් නොදන්න කෙනෙක් නම් අනිවා බලන්න Download කරන්න තරම් වැදගත් එකක්ද කියලා. මේක කලින් Download කරලා පාවිච්චි කරපු කෙනෙක් නම්... ඒත් බලන්න ;) මොකද මේකේ අළුතින් add කරපු Features ටික පාවිච්චි කරන හැටි තියෙනවා.

අළුත්ම Version එක තමා 2.0.0.0



මෙන්න තියෙනවා Download Link එක.

http://download.cnet.com/ZSriLanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html

මට අපේ කට්ටියගෙන් උදව් ඕනේ.. මේ වැඩේ දිගටම කරන් යන්න... ඒක හින්දා. මොනා හරි ප්‍රශ්න තිබ්බොත්.... Software එකේ මගේ Email එක ඇති ඒකට ඊමේල් එකක් දාන්න.

ඔය ගොල්ලෝ මේ වැඩේ ගැන Satisfy නම්.... Cnet Downloads එකේ Review එකකුත් දාන්න පුළුවන්. :cool:

කස්ටියට ම ජය වේවා !!!
11.gif
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
ඔන්න එහෙනම් Version 2.1 එකත් දැන් Publish කරලා තියෙන්නේ... කට්ටියට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න......

මෙන්න ආපහු Download ලින්ක් එකත්.....

http://download.cnet.com/ZSriLanka-S...-75677358.html

දැන් DL Font වලටත් මේ සිංගිලිෂ් භාෂා පරිවර්තකය Support කරනවා. :)

New in Version 2.1

* Fixed bugs in Online Updating module
* DL Sinhala Font Series Support Added [Advanced Font Styles]
* Renamed FM Sinhala Font Series as [Basic Font Styles]
* Improved Singlish Conversion
* Added text labels to the user interface
* By right clicking on "Wijesekara Sinhala Preview" text box, now you copy selected (part of) the sinhala text
* New Fonts Added
------ FM Series [Basic Font Styles] -----
- FMRashmee
- FMSandhyanee

------ DL Series [Advanced Font Styles] -----
- DL-Anupama..
- DL-Araliya-Ii...
- DL-Araliya-co..
- DL-Araliya-ex..
- DL-Araliya.
- DL-Araliya. Shatter
- DL-Araliya. Warp
- DL-Badra-bold.-x

ඔයගොල්ලන්ගේ අදහස්, මොනා හරි දෝෂ තියෙනවා නම්.... ඒවා මේවා ඔක්කොම මේ ත්‍රේඩ් එකට හරි... Software එකේ තියෙන
Email එකට හරි දාන්න.....

මට PM කරපු... ඒ වගේම මේ වැඩේට දිරිමත් කරලා සහයෝගය දීපු ඔක්කොටම ගොඩක් ස්තුතියි. :)
 
  • Like
Reactions: ~Titi~

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
Now version 2.2 is available.

###############################
Version 2.2.0.0

* Added a confirmation message before closing the application (if the user has any unsaved changes)
* New tool bar buttons to increase, decrease and reset the font size of "Wijesekara Sinhala Preview" text box
* Improved Singlish Conversion
* New symbols added !, +, ), (,
* Can type "yansaya" symbol directly using [=] key
* Fixed bugs in Online Updating module
* New Fonts Added
------ DL Series [Advanced Font Styles] -----
- Dl-Dulackshi.
- Dl-Hansika.
- DL-Harini.
- Dl-HD
- Dl-ice
- DL-kotu
- DL-KUSUMI
- DL-Madu.
- DL-Madu. Cactus
- DL-Madu. College

###############################

Download Link -
PHP:
http://download.cnet.com/ZSriLanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html?tag=mncol;1
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
මම නිර්මාණය කල විජේසේකර කීබොඩ් එකේ වචන ඉක්මනින් සින්ගිලිෂ් මගින් ටයිප් කර ගන්න පුළුවන් මෘදුකාංගය ගැන Elakiri එකේ ගොඩ දෙනෙක් දන්නවා.

මම මගේ මෘදුකාංගය CNET Downloads වලට දැම්මම, මම හිතුවේ නෑ... අඩුම ගානේ Cnet Editors ලා ඒක Review කරයි කියලා. Review කලත් සිංහල ගැන හදපු මෘදුකාංගයක් නිසා ඒකට මෙච්චර හොඳ Rating එකක් දෙයි කියලා.

මම ඊයේ දැකපු දේ එකපාරට අදහ ගන්නත් බැරි වුනා. :) CNET Downloads site එකේ Home Page එකේම මගේ software එක display වෙනවා.

මේ තියෙන්නේ ඊයේ මම ගත්තු Screen shot එක.

7377884876_fc4924dab7_z.jpg


තාම තියෙනවා. ඕනේ නම් බලන්න.
http://download.cnet.com/

ඒ විතරක් නම් කමක් නෑ... Opera Browser එකට සමාන rating එකකුත් තියෙනවා.

ඔයගොල්ලන්ට Cnet Editors ලාගේ Review එකත් ඕනේ නම්... මේ Link එකෙන් කියවන්න පුළුවන්.

http://download.cnet.com/ZSriLanka-S...l?tag=main;lsr

ඇත්තටම ගොඩක් සතුටු.... මගේ රටේ නමයි, භාෂාවේ නමයි දෙකම කොහොමින් කොහොම හරි මෙච්චර visit තියෙන site එකක display කරන්න ලැබුණු එක.

ඒත් එක්කම, මේ මෘදුකාංගය මුල් සංස්කරණයේ ඉඳලම මාත් එක්ක හිටපු.... අදහස් දීපු... දොෂ පෙන්වා දීපු.... හැම දෙනාටම මේ වෙනුවෙන් ස්තුති වන්ත වෙනවා. :)

තව පොඩි පොඩි IT වැඩ ටිකක් කරන් යනවා. ඉදිරියේදි ඒවත් කියන්නම්....

එහෙනම් එළකිරි වේවා. :)
 

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
###############################
Version 2.3.0.0

* Added a new tool bar button to increase, decrease the font size of "Singlish Text Editor" text box
* Improved Singlish Conversion
* User interface has been redesigned and changes have made to font sizes
* Can type "yansaya" symbol directly using [=] key and other letter (yansaya) modifications
* A complete user guide has been added
* New Fonts Added
------ DL Series [Advanced Font Styles] -----
- DL-Makala.
- DL-Malathi.
- DL-Mangala.
- DL-MANO**.
- DL-Nelum

###############################
Download Link

PHP:
http://zsrilanka.com/ProjZSLSLanguagePack/ZSriLankaSinhalaLanguagePack.aspx