සිංහල ගීත පද මාලා....

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    පින්න මලේ සුද ඇන්න ගිහින්වද
    මුහුණ පුරා පෙම් පිරිලා
    ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
    කන්ද කපා හඳ ගෙට එන්නා //

    දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්

    අන්න බලාපන් අත වනතේ
    මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
    ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ

    පින්න මලේ....


    ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ

    එන්නෙ අළුත් අවුරුදු කාලේ
    ගන්න එපා පර දේස සිරිත් නෙක
    මේක අපේ සිංහල දේසේ

    පින්න මලේ....

    ගායනය.... එඩ්වට් ජයකොඩි

     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    deranamissworld2008themib9.jpg

    ade meka mama podi kaale hadapu pic ekak neh :D:D
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    තරු මල් යායම
    පොඩිකර අහස් විලේ
    ඉර හඳ මිරිකා
    දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපාවී
    මා හැරදා ඈ ගිය දවසේ
    මා හැරදා ඈ ගිය දවසේ

    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී

    පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි

    තරු මල් යායම.....


    නුවර උයන් මැද හමුවූ ලඳුන් නැතී

    යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි

    තරු මල් යායම.....


    ගායනය.... ගුණදාස කපුගේ

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අහංකාර නගරේ
    පුරඟනක්ද ඔබ ලදුනේ
    තරමට ඉඟත් බො‍හොම පොඩි
    ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ
    කව්රුද නොක්කාඩු කිව්වේ
    කව්රුද නොක්කාඩු කිව්වේ
    තරමට ඉඟත් බො‍හොම පොඩි
    ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ

    ඔය දවස තාම තරුණයි නම්
    මග පෙනෙන තරම සොඳුරුයි නම්
    මග තොටදී හමුවෙලා
    හොද රස කථා කනට කොඳුරලා //‍

    නුඹ වයස මටම ගැලපෙයි නම්
    මව්පියන් හිතට සතුටුයි නම්
    මට සිතදී සනසලා විලම කලඹලා
    රැයම සරසලා //

    අහංකාර නගරේ.....

    ගායනය.... රනිදු ලන්කාගෙ


     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා
    ජය හඬින් ලොවට සිහ නද පතුරා
    ලෝ සත අතරින් ජනිත වුණා
    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා

    සැපෙහී කිමීදී දුකෙහි ගැලීලා

    මැදුම් පිළිවෙතින් අමා සුව ලබා //
    දහම් සුවඳ මල් දසතම පතුරා
    සියලු කෙලෙස් මැඩ බුදු වූවා
    සියලු කෙලෙස් මැඩ බුදු වූවා

    අමා දහර දිය ගලා ගලා

    තුරු ලතා තුළින් මල් පියලි සලා

    ජීවිතයේ ඇති නොනිමි අතිර බව

    ලොවට පැතුරු කරුණාවේ අම ගුණ //
    සියලු සතුන් වෙත දහම් රස පෙවූ
    කරුණාබර නෙත් නිවී ගියා
    කරුණාබර නෙත් නිවී ගියා

    අමා දහර දිය ගලා ගලා

    තුරු ලතා තුළින් මල් පියලි සලා

    ගායනය.... වික්ටර් රත්නායක
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    එපා තවත් ඔබ මා රවටන්නට
    ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
    ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවි
    අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවි

    තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ

    නිලියක වනු පල නෑ
    ප්රේයමය කිමදැයි ඔබෙන් උගත මුත්
    එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ

    එපා තවත් ඔබ…..


    මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ

    තව දිව යනු රිසි නෑ
    අවසන් පෙම් කඳූලත් පුද දුන් පසු
    ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ

    එපා තවත් ඔබ…..

    ගායනය.... වසන්තා තිලකාංගනී
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
    අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
    තනිවෙන විට මා සමගින්
    ඉඟිකර අදි මදි කරමින්
    තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ

    රන් තරු වටකර පායන සඳ ඇඳි
    සෙවනැලි සිතුවම් රෑ
    සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
    අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
    මගෙ සිත ඉවසුම් නෑ
    කුමරියෙ ඇයි ඔබ තනියම සුසුමන් පෑ
    කුමරියෙ ඔබෙ අද මා ළග නෑ

    සුදු ඇඳුමින් සැරි....

    ගංතෙර ළඟ බට පඳුරෙහි
    සිරි සිරි හඬ මට සිහිලැල් පෑ
    කුළුඳුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ

    පාසැල් යන කොට මා ඔබ සිහිවෙන වට
    මට ඉවසුම් නෑ
    මගෙ සිත තනිවම දොඩවටි සමලින් ඈ
    කුමරියෙ ඔබ අද මා ළග නෑ

    සුදු ඇඳුමින් සැරි....

    ගායනය.... ජය ශ්‍රී
     
    .....චකිතය.....

    6049_1188219191418_1406476106_524984_6703453_n.jpg

    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ

    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියැදුනේ

    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අන්දුරේ එතුනා
    නිවුන ලොකෙ දැවුනා
    ඔබ නිමවූ සිහිනෙ බිදුනා

    කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
    මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියදුනේ

    හද දැවුන කදුලේ ගිලුන
    නෙතු නිවුන අදුරෙ එතුන
    නිවුන ලොකෙ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා

    නිමේශයක් විය අපේ ලොකේ
    සමනලයින් සේ පියම්බුවත් ඒදා
    චපල හැගුම් ඔබේ මා දැවූයේ
    මායාවේ නෑ මා යලි බැදෙන්නා
    මායාවේ නෑ මා යලි බැදෙන්නා
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඔබ මා හමුඋන මේ ඉර හඳ හට
    කොතනැක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනිවි
    මගෙ ළග තනියට ඉනු මැනිවි //

    ඔබ සිත සිත මා සිත හමු උ දා සිට

    මා ලය පීදි පරවු පෙම් මල //
    සිතින් තුරුළු කර මා මළ දවසක
    මගෙ ළග තනියට ඉනු මැනිවි
    මගෙ ළග තනියට ඉනු මැනිවි

    කඳුල සුසම නොහෙලා නොදොඩා අපි

    මිරිඟු සයුර වෙත පියමන් කළ සැටි //
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනිවි
    මගෙ ළග තනියට ඉනු මැනිවි

    ගායනය.... කරුණාරත්න දිවුල්ගනේ
    සංගීතය.... ගුණදාස කපුගේ
    ගී පද....... සුනිල් ආර් ගමගේ