සිංහල ගීත පද මාලා....

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    කවි සීපද ඇහෙන ඈත
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙල අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

    පහන් සිලෙන් නොදුටුව රුව

    පැල දොර ලග සිරියාවට //
    හිරැ කුමරැට අතවනන්න හදනවා
    එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

    අද රෑ වස්ඳඩු රාවය

    කියයි හිතේ ඇති ආලය //
    තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
    නැළවීයන් සංකා හැර ප්‍රේමියේ


    ගායනය.... චන්දන ලියනආරච්චි
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය


    මව් සෙනෙහේ ඔබ මා හට දීලා
    මව් කිරි සුවදින් මා සනසවලා
    පොඩි හිස අත ගා අකුරැ කියාලා
    තුරැලෙ හොවා රස කථා කියාලා
    අම්මෙ ඔබේ ගුණ මෙලෙස ගයන්නෙමි
    මා ඔබෙ පුතු හින්දා
    මා හැදු මගෙ අම්මා‍
    අම්මා..... අම්මා.... අම්මා.....

    යදදම් බිදදමා දැතේ වෙරගෙන

    රට දැය වෙනුවෙන් ලේ බිදු වගුරණ
    මිනිසෙකු වෙනු කීවා එය ඔබ මට කීවා
    විසම සමාජෙක ඔබ තනීවීගෙන
    තිරිසන් ලෝකෙක මාවත් අරගෙන
    දුගී පැලෙත් උන්නා මතකද අපි දෙන්නා
    මාවත් කර පින්නා
    අම්මා..... අම්මා.... අම්මා.....

    අයුත්කියට හිස නොනමා ඉන්නට

    සතුරන් පරදා පෙරටම යන්නට
    ඔබ කීවා මතකයි ඔබ කීවා මතකයි
    අවිගත්තොත් අවියෙන් නැසෙනා බව
    ඉවසන හදවත් ජය ගන්නා බව
    ඔබ කීවා මතකයි ඔබ කීවා මතකයි
    අදටත් එය සත්තයි.....
    අම්මා..... අම්මා.... අම්මා.....

    මව් සෙනෙහේ ඔබ මා හට දීලා

    මව් කිරි සුවදින් මා සනසවලා
    පොඩි හිස අතගා අකුරැ කියාලා
    තුරැලෙ හොවා රස කථා කියාලා
    අම්මෙ ඔබේ ගුණ මෙලෙස ගයන්නෙමි
    මා ඔබෙ පුතු හින්දා
    මා හැදු මගෙ අම්මා‍
    අම්මා..... අම්මා.... අම්මා.....
    මගේ කිරි අම්මා

    ගායනය.... තිසරු නිලන්ක
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ආදර නිලාමණි තලමල පිපිලා
    සාගර ජලය වගේ මගෙ හිත පිරිලා
    දෙකොනේ අපි හිටියට සිතුවිලි බැදිලා
    පෙම්බර කම කියන්න කවි නැහැ හැදිලා
    පෙම්බර කම කියන්න කවි නැහැ හැදිලා

    මේ සේරු සේරු පන්ති සැදි වැව් දිය පීනයි

    මල් රේණු රේණු බිමට නැවි සෙනෙහස පවසයි
    මං ආදරේ සදයි සද සාවි මට නුඹයි

    ආදර නිලාමණි....


    රන් පාට වැටුනු ඇහි පිය තිලකයක හැඩ තියයි

    පින්පාට දෙකම්බුලු මත මනමාලි කවි ලියයි
    වෛරයෙ ගිනි නිවෙයි ආදරේ මල් පිපෙයි

    ආදර නිලාමණි....

    ගායනය.... චන්දන ලියනආරච්චි
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා
    වැඩු බව ලොව මට කිව්වා
    දැන ගත් දා පටන්ම අනුන්ගෙ බස් නිසා
    ඔබෙන්ම අහන්න හිතුනා මා ඔබෙ පුතු නොවේද
    හැදු වැඩුවා පමණද කියන්න මගෙ සුදු අම්මා
    ලෝකය ‍බොරුයි නේද කොච්චර ඔබ ආදරේද
    ඔබමයි මා වැදු අම්මා

    දෑසේ කඳුළු පෙනේ වේදනාව මටද දැනේ

    ආයෙත් නොඅසමි අම්මේ
    වෙන අම්මල මොකටද මට මොන අඩුපාඩුද
    අම්ම ඔබයි සංසාරේ
    වෙන අම්මල මොකටද මට මොන අඩුපාඩුද
    අම්ම ඔබයි සංසාරේ

    වැදලා කුණු බක්කියෙ දමලා යන අම්මලාට

    කියලා දෙන්නද අම්මේ
    වදනා අම්මලාද හදනා අම්මලාද
    පැහැදුවෙ අම්මා අරුතේ
    වදනා අම්මලාද හදනා අම්මලාද
    පැහැදුවෙ අම්මා අරුතේ

    කුස තුල බිලිදු මරා මව් නමට දෙන්නේ නිගා

    හදන්න බය හින්දානේ
    වදන්න පින් මදි මුත් හදනා පිනෙන්ම ඔබ
    මතු බුදුවෙනවා අම්මේ
    වදන්න පින් මදි මුත් හදනා පිනෙන්ම ඔබ
    මතු බුදුවෙනවා අම්මේ


    ගායනය.... නෙල්සන් වාස්
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්
    දුටුව නිසා ආදරයේ දෙව්‍ රුව ඔබගෙන් මං //

    බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී
    පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී
    නො පිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී

    මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ළංව දුක බෙදා ගන්ට බැරි කම දුකකී
    මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
    එවන් ලොවක මේ හමු වීමත් වාවනු නොහැකී

    සිනා තොටක් විය....


    ගායනය.... නිරෝෂා විරාජිනී
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ //
    අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දි‍රේ.
    ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ //
    කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ

    ඔබෙ දෙපා ළග මගේ තුරුණු හද පිදේ
    හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ

    පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
    දෝත දී පිළී ගමී ඔබගෙ ජීවිතේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ

    ගායනය.... ජෝතිපාල සමග ඇන්ජලීන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නුහුරේ

    නුහුරේ විඳින්න ආදරේ......
    මා හා ආයේ ඒ නම්......
    මිහිරේ රඳෙන්න මා කෙරේ....
    සමදා ලඟින් ඉන්නම්......

    අනුරාග නෙතු සලා... ස්නේහේ සුසුම් හෙලා...
    තරු අතරේ නැවතිලා... උන් ඒ මතක අද තනි වෙලා....

    මදහසේ පැහැසරින්... බොඳ වූ නෙතු සඟවාලන්නම්...
    අප මැවූ මට හිමි නොවූ පැතුම්
    ඔබ යළි ගෙන ඒ නම්...

    නුහුරේ විඳින්න ආදරේ......

    අනුරාග නෙතු සලා... ස්නේහේ සුසුම් හෙලා...
    තරු අතරේ නැවතිලා... උන් ඒ මතක අද තනි වෙලා....

    සිසිලසේ දිලිසෙනා... තුහින ගෙන සැරසී එන්නම්
    ආදරේ සිඳුනු උල්පතින් ලැබුණු
    පහසම දෙනවා නම්

    නුහුරේ විඳින්න ආදරේ......


    පද රචනය - කුෂාන් මනීන්ද්‍ර
    සංගීතය - සදීප්ත ගුණවර්දන
    ගායනය - අනුෂ්කා පෙරේරා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්
    කාසි සොයා වේල පතා වාඩි ගසාපන්
    අර නාඩි බලා.. අර ගාන කපා..
    අර හීන් සැරේ මාරු වෙන්න උපන් එකා මන්..//

    ඉඳුල් බතින් සිඟා කමින් දුකේ වෙලීලා..
    සමාජයෙන් තැලුම් කමින් පයේ හැපීලා..
    ලෝකයෙන් අපට රිද්දන්නම් හෙටක් නැතුව වට්ටන්නම්
    හැඟුම් දවා සුසුම් හෙලා කුමට හඬාලා..

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්..

    කාඩ රජා කියන්නෙ මට ගල් කරන්නෙ කාර් පාර්ට්ස් මම
    මගෙ බිස්න්ස් ස්ලේව් අයිලන්ඩ් හොරා කන්නෙ බඩගින්නට
    අපේ පැත්තෙ බොරු වැඩ නෑ කොල්ලන්ගෙන් චූ වැඩ නෑ
    පොලීසියත් ඇඹරෙන්නේ ඉන්දල හිටල ගුටි කන්නේ..

    හෙටක් නැතී හිතක් ඇතී බරක් නැතී ළමුන් අපී
    ඇතත් නැතත් විලත් මුලත් එකයි සිතාලා..
    බරක් ඇතී පියෙක් නැතී පියෙක් ඇතී මවක් නැතී
    උපන් තැනක් සොයන්න නෑ කොහේ කියාලා..

    අපේ එකෙක් කොහේ මලත් සොයා බැලූ කෙනෙක් කියන්
    අපේ කියා ලොවේ කෙනෙක් නෑ..
    හඬා වැටී තැවී පලක් නෑ..

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්..

    කරන කියන රැකි රක්ශා දිනෙන් දිනම දියුනු වේවා
    අපි කන බත් මිටක් ගානෙ ඔහෙලට පින් සිද්ද වේවා
    එහා පැත්තෙ මේ නෝනා රුපියල් 10ක් දුන්නා
    සෙත් පතනව ඒ නෝනට නිරෝගි සුව අත් වේවා
    එහා පැත්තෙ මේ මහතා රුපියල් 20ක් දුන්නා
    නෝණ්ඩි උනෙ නෑ පින්වත ඒ නෝනට මේ මහතා..

    වීදි පුරා පාලු කපන කාඩ රජා මන්..
    Artist- Iraj Weerarathna