සිංහල ගීත පද මාලා....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රන් උකුලේ නිතබේ සැලෙනා
    ඔබ යන්නේ හනිකේ මැකිලා
    රන් ගොයමේ සුවදත් වැදිලා
    සුවදයි සුවදයි නිලුපුල් මැණිකා

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ජීවිතේට කාටවත්ම නෑ මා මෙවැනි ලිපියක් ලියා
    ලියන මුල්ම මේ පෙම් පතේ වැරදි තිබුනා කියා
    කිසිම දිනෙක තරහා නොවී ඉන්න මා හා ඔයා

    ගෙදරට හොර රහසේ මහ රෑ අවිදිවෙලා
    ඔබ එව් ලිපිය බලා පිළිතුරු ලියන රැයේ
    සිතේ තියෙන තියෙන දේ ලියා ගන්න බෑ
    බියවී සිතත් සැලෙනවා පෑනත් අතත් ගෙවෙනවා

    ජීවිතේට කාටවත්ම....

    ඇස් දෙක වගේ තමයි මව් පියො දෙන්න මගේ
    ඔබ තැබු මලට වඩා මම ආද‍රෙයි හොදේ
    සිතා ගන්න බෑ ලියා ගන්න බෑ
    මේ ලෙස නිමා කරනවා ඒ ගැන සමා වෙන්නකෝ

    ජීවිතේට කාටවත්ම....

    ගායනය.... උරේෂා රවිහාරි

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ‍

    දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ //
    අම්මා පෙව් කිරි කඳුලෙන් ‍ මේ ලොව මෙතරම් හැඩවුනේ
    හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
    අම්මා පෙව් කිරි කඳුලෙන් ‍ මේ ලොව මෙතරම් හැඩවුනේ

    කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල
    සිරුරේ ලේ වැල් මල් දැරුවා
    ඒ පෙව් කිරි වල පව් අරවන්නට
    අම්මේ මදි මම පිං කෙරුවා
    ඔබගේම දරුවන් රජුන් කරන්නට
    හැඩුවාය සිහිනෙන් පවා

    පුර හඳ පායන පුන් පෝ දා
    රහසින් රහසින් ඔබ හැඩුවා
    ඉන්නා තැනක ඉද පුතුනේ කියා මට
    අමතන්න එන්නම් සොයා

    ගායනය.... ග්‍රේශන් ආනන්ද
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
    යළි ඉපදී මා හඬවන්නට
    අපි ආයෙත් හමු නෙවුනා නම්...

    ඔබ නාඳුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමණයි //
    හුඟ කලකින් එමුවී සෝ ළතැවුල්
    අදත් විදින්නේ මා පමණයි

    අපි ආයෙත් හමු....

    සමුගන්නට නම් අහිමි ආදරෙන්
    ආයෙත් ඇයි අප හමුවන්නේ //
    ආදරයේ කඳුළින් මිය යන්නද
    ජීවිත ඉරණම විසදෙන්නේ

    අපි ආයෙත් හමු....


    ගායනය.... සොමතිලක ජයමහ
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ

    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    අහසින් තරුවක්....


    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ

    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    අහසින් තරුවක්....


    ගායනය.... මාලනී බුලත්සිංහල
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    උන්මාද වු ප්‍රේමාදරේ
    සමනල වසන්ත යෞවනේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා
    ඉඳුනිල් දෙනයන සටහන් වේ //

    රළ පෙළ කැළඹේ හසඟන විලසේ
    ලවනත සුදු මුදු පහස ලැබේදෝ //
    ඔබ හදවත මා හඳුනා ගත් සේ
    මා හදවත ඔබ හැඳින ගනීදෝ

    සංසාරයේ සුභ ප්‍රාර්ථනා
    ඉඳුනිල් දෙනයන සටහන් වේ
    උන්මාද වු ප්‍රේමාදරේ
    සමනල වසන්ත යෞවනේ

    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
    සයුරු තෙරින් සැඟවී ආවාදෝ //
    චණ්ඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ

    සංසාරයේ සුභ ප්‍රාර්ථනා
    ඉඳුනිල් දෙනයන සටහන් වේ
    උන්මාද වු ප්‍රේමාදරේ
    සමනල වසන්ත යෞවනේ


    ගායනය.... දමයන්ති ජයසූරිය සමඟ කමල් අද්දරආරච්චි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    bnsnew.gif

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
    නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා බව
    දන්නවාද නුඹ මගේම ආලය
    නිදි දෙව්දුව මට අහිමි කරන බව...

    හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
    තරුකැට පරදන නුඹේ නුවන් යුග
    ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු මුවාව
    සනසවන්න මට ඉඟි කරනා හැටි...

    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ...//

    නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
    නුඹෙ උවනත සිප සනසාලන්නට
    නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට
    ආසයි මට සිතුවමක් අඳින්නට...

    නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
    නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
    මා ජීවිතයම නුඹ ලඟ තියාන
    හිනා පොදක් වී හිදින්න මා ලඟ...

    සුරඟන කිරිල්ලියේ...//

    සුරඟන කිරිල්ලියේ......////


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න
    බෑ කියා බෑ කියා රිදවන්නට නම් ඔබ නොසිතන්න
    මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න
    රෑ පුරා මනිසා දුරකථනය ළග නැවතිල ඉන්න

    ඒ කලේ ම...හා ළන්වීල ගෑවී අදා...
    මා කෝල වීලා මා දෑස මත් වීලා
    ඈ දෑස පලා මා..ගාව උන්නයි දෑතින් අල්ලා
    රෑ යාමේ මා ඈ හින්දා හීන රස වින්දා
    මගෙ ලෝකේ ඈ උන්නා මට ප්‍රේමේ බෝ දුන්නා
    හැමදාම ළන්වෙන්නා මට ඈව සිහිවෙන්නා

    මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න
    බෑ කියා බෑ කියා පැවසුවොතින් මගෙ හැටි දැනගන්න
    මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න
    රෑ පුරා මනිසා දුරකථනය ළග නැවතිල ඉන්න

    මගෙ කෙල්ල මගෙ රින් ටෝන් එක දාගෙන පැය විසි හතරෙම ටෙක්ස් කර කර ඉගි පෑවා ඇය කවි ලීවා,කොපමනක්ද ආදරෙ මට කියලා,මාස දෙක තුන ගත උන ඇය මට ළන් උනා ෆනි ස්පෙස් එව එව ඇය මා සැනසුවා,රෑට රෑට ත්‍රීජී වීඩියෝ කෝල් වලින් හමු උනා,ඇයගෙ වොල්පේප එක දැන් මම උනා.

    පෙරදාක ළන් වී මා..හා.... මට පේන හීනේ පසා
    මගෙ ගාව ගෑවී සිටියා දුර ඈත පවී අශා
    මට හැගුම් පලා හද සුපෙම් විලා
    ඔබ මතක් වීලා හිත හඩන්නා

    මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න
    බෑ කියා බෑ කියා රිදවන්නට නම් ඔබ නොසිතන්න
    මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න
    රෑ පුරා මනිසා දුරකථනය ළග නැවතිල ඉන්න

    Hey Ish You Boy Iraj
    And My Boy Inffaz
    Illinoiz Records
    තවත්Number One Ring Tone එකක් ඔගොල්ලන්ගෙ Phone එකට