සිංහල දන්නෙම නැද්ද?

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    එළකිරියේ විතරක් නෙවෙයි හැම තැනම වගේ ප්‍රතිඵල කියන එක ලියල තියෙන්නේ ප්‍රථිපල කියල. ඒ ලියපු කවුරුවත් ඉස්කෝලේ සිංහල ඉගෙන ගෙන නැද්ද? යුද හමුදාව කියන එක ලියන්නෙම යුධ හමුදාව කියල. ඒ උනාට කතා කරන්නේ ජාතිය බේර ගන්න.
    අපි හැමෝම නොදන්න ගොඩක් වචන තියනවා ඒත් මේවා නිතරම ලියන වචන. ඉස්කෝලේ දහයෙ පන්තියට යද්දි ඉගෙන ගෙන තියන ඒවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය වචන දෙකම හරිනේ මචං ? ඔහොම ලියන්න පුලුවන් නේද ?
     
    • Like
    Reactions: Lahiru120

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    ඔය වචන දෙකම හරිනේ මචං ? ඔහොම ලියන්න පුලුවන් නේද ?
    නෑ. ප්‍රතිඵල, යුද හමුදාව තමයි හරි.

    ඇහෙන විදිය හරිනේ බන්
    වැඩිය අගට ගන්න එපා
    ඔහොම හිතුවොත් සිංහල නැත්තටම නැති වෙනවා. පොඩි එකෙක්වත් හරියට ලියන එකක් නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඕක මොකක්ද, ලංකාවේ ප්‍රසිද්ධම පත්තරේ වුන ලංකාදීපේ අත්සන කියන වචනේ උන් දාන්නෙම අස්සන කියල. පත්තර වලට ගන්නේ සිංහල භාෂාව ශිෂ්‍යත්වෙටවත් කරපු උන් නෙමෙයි වෙන්න ඕන. අනිත් දේ තමයි මුන් ලක්ෂයක්, ලක්ෂ දහයක් වගේ එව්වා ඉලක්කමෙන් ලියද්දි ලියන්නේ කට වචනෙන් ලියන විදිහට. එක්ලක්ෂ දහදාහ වගේ නම් ලියන්නේ 1,10,000 කියල. ඕලෙවල් ගණන් ෆේල් වුන උන් ඉන්නේ ඒකෙ.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔහොම හිතුවොත් සිංහල නැත්තටම නැති වෙනවා. පොඩි එකෙක්වත් හරියට ලියන එකක් නෑ.

    ඔව් බන් එකනම් ඇත්ත. පොඩි එකා මගෙන් සිංහල අහන්න එන්නෙම නැ
    ගණන් ඉංග්‍රීසි විතරයි මගෙන් අහන්නේ. 😥

    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    ඕක මොකක්ද, ලංකාවේ ප්‍රසිද්ධම පත්තරේ වුන ලංකාදීපේ අත්සන කියන වචනේ උන් දාන්නෙම අස්සන කියල. පත්තර වලට ගන්නේ සිංහල භාෂාව ශිෂ්‍යත්වෙටවත් කරපු උන් නෙමෙයි වෙන්න ඕන. අනිත් දේ තමයි මුන් ලක්ෂයක්, ලක්ෂ දහයක් වගේ එව්වා ඉලක්කමෙන් ලියද්දි ලියන්නේ කට වචනෙන් ලියන විදිහට. එක්ලක්ෂ දහදාහ වගේ නම් ලියන්නේ 1,10,000 කියල. ඕලෙවල් ගණන් ෆේල් වුන උන් ඉන්නේ ඒකෙ.
    apo lankadeepa sinhala maranawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    apo lankadeepa sinhala maranawa.
    සිරාවට බන්. අනේ මන්දා උන් නම්. අනික බන් ෆේස්බුක් වගේ ට්‍රේඩ්මාක් එකක් ගොඩක් මාධ්‍ය වලදී කියන්නේ මුහුණුපොත කියල. කොහොමද බන් ට්‍රේඩ්මාක් එකක් තමන්ගේ මව්භාශාවට හරවල කියන්නේ. අපි ඇන්කර් පිටි එකට නැංගුරම කියනවද?
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    සිරාවට බන්. අනේ මන්දා උන් නම්. අනික බන් ෆේස්බුක් වගේ ට්‍රේඩ්මාක් එකක් ගොඩක් මාධ්‍ය වලදී කියන්නේ මුහුණුපොත කියල. කොහොමද බන් ට්‍රේඩ්මාක් එකක් තමන්ගේ මව්භාශාවට හරවල කියන්නේ. අපි ඇන්කර් පිටි එකට නැංගුරම කියනවද?
    මටත් ඕකම හිතුනා. ෆේස්බුක් කියන්නෙ ඒකෙ නමනෙ බන්. ටීවී එකෙත් කියන්නෙ මුහුනු පොත කියල. එහෙම ගත්තොත් ‍යූ ටියුබ් එකටත් කියන්න ඕනෙ ඔයා බටය කියලා :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මටත් ඕකම හිතුනා. ෆේස්බුක් කියන්නෙ ඒකෙ නමනෙ බන්. ටීවී එකෙත් කියන්නෙ මුහුනු පොත කියල. එහෙම ගත්තොත් ‍යූ ටියුබ් එකටත් කියන්න ඕනෙ ඔයා බටය කියලා :lol:
    අන්න ඒකනේ. ඩන්කන් වයිට් කියන කෙනාට ඩන්කන් සුදූ කියන්නේ නෑනේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක මොකක්ද, ලංකාවේ ප්‍රසිද්ධම පත්තරේ වුන ලංකාදීපේ අත්සන කියන වචනේ උන් දාන්නෙම අස්සන කියල. පත්තර වලට ගන්නේ සිංහල භාෂාව ශිෂ්‍යත්වෙටවත් කරපු උන් නෙමෙයි වෙන්න ඕන. අනිත් දේ තමයි මුන් ලක්ෂයක්, ලක්ෂ දහයක් වගේ එව්වා ඉලක්කමෙන් ලියද්දි ලියන්නේ කට වචනෙන් ලියන විදිහට. එක්ලක්ෂ දහදාහ වගේ නම් ලියන්නේ 1,10,000 කියල. ඕලෙවල් ගණන් ෆේල් වුන උන් ඉන්නේ ඒකෙ.

    ඕක මොකක්ද, ලංකාවේ ප්‍රසිද්ධම පත්තරේ වුන ලංකාදීපේ අත්සන කියන වචනේ උන් දාන්නෙම අස්සන කියල. පත්තර වලට ගන්නේ සිංහල භාෂාව ශිෂ්‍යත්වෙටවත් කරපු උන් නෙමෙයි වෙන්න ඕන. අනිත් දේ තමයි මුන් ලක්ෂයක්, ලක්ෂ දහයක් වගේ එව්වා ඉලක්කමෙන් ලියද්දි ලියන්නේ කට වචනෙන් ලියන විදිහට. එක්ලක්ෂ දහදාහ වගේ නම් ලියන්නේ 1,10,000 කියල. ඕලෙවල් ගණන් ෆේල් වුන උන් ඉන්නේ ඒකෙ.
    ලංකාදීපේ පොපියුල උනාට සිංහල මරණවා.. ආරියනන්ද දොඹගහවත්ත මහත්තයා කියලා තිබ්බේ ලංකාදීපේ ගන්නේ මිනිස්සු ලහිපිට බලන්න කියලා. මට නම් ඒ කතාවෙන් පත්තරේ බලන එකත් එපා උනා.. ඒත් තාම බලනවා ඉතින්. නියම පත්තර ගහන්නේ ලේක් හවුස්1න් ඉතින්.. පොලිටික්ස් ඖල ඇරුණම අරුත්ව, නියම සිංහලෙන් සුපිරි ආටිකල් දෙන්නේ දිනමිණ, සිළුමිණ වගේ පත්තර.... ලංකදීපේ අතාරින්න බැරි නූතන ඉතිහාසේ හැම ඉවෙන්ට්1ක්ම උන් කවර් කරල තියන නිසා සහ ඒවා ලස්සනට ඉදිරිපත් කරල තියන නිසා...
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    මටත් ඕකම හිතුනා. ෆේස්බුක් කියන්නෙ ඒකෙ නමනෙ බන්. ටීවී එකෙත් කියන්නෙ මුහුනු පොත කියල. එහෙම ගත්තොත් ‍යූ ටියුබ් එකටත් කියන්න ඕනෙ ඔයා බටය කියලා :lol:
    ඔව් බං හොඳ වෙලාවට ඩික්මන් රෝඩ් එක එහෙම ඔහොම සිංහල ට හැරෙව්වේ නැත්තෙ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මටත් ඕකම හිතුනා. ෆේස්බුක් කියන්නෙ ඒකෙ නමනෙ බන්. ටීවී එකෙත් කියන්නෙ මුහුනු පොත කියල. එහෙම ගත්තොත් ‍යූ ටියුබ් එකටත් කියන්න ඕනෙ ඔයා බටය කියලා :lol:

    ඕවා හොදයි බන් school වල IT කරන උන්ට ඒවා සිංහලෙන් උගන්නන එක බැලුවම :sorry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    මටත් ඕකම හිතුනා. ෆේස්බුක් කියන්නෙ ඒකෙ නමනෙ බන්. ටීවී එකෙත් කියන්නෙ මුහුනු පොත කියල. එහෙම ගත්තොත් ‍යූ ටියුබ් එකටත් කියන්න ඕනෙ ඔයා බටය කියලා :lol:

    ඔය විදියටම පුලුවන් නම් Tik tok වලට සිංහල තේරුමක් කියපන්.. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ සිංග්ලිෂ් ටය්ප් කරද්දී අපිට ඕනේ අකුරු වදින්නේ නෑ නෙ අතින් ලියනව වගේ නෙවේ ඉතිං. මට නං හැබැයි ඔය දෙකම නෙවේ "ප්‍රතිපල" කියල වදින්නේ
     
    • Like
    Reactions: madhuwa111