සිංහල දේශය පාවාදී වසර 200යි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිංහල දේශය පාවාදී වසර 200යි

    11026020_896251900394838_6392840717948928574_n_j.jpg


    10430860_896251870394841_8365535788197212484_n_j.jpg
    10505427_896251890394839_2360226367451323078_n_j.jpg


    සිංහල දේශය සුද්දන්ට පාවාදී වසර 200යි.....



    අවසාන රාජකීයයා වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ක්‍රි.ව. 1798 - 1815) ඉංගී්‍රසීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් ඉක්‌බිතිව උඩරට ප්‍රදේශ පාලනය පිළිබඳ සමතයක්‌ ඇතිකර ගනු වස්‌ කටයුතු ලහිලහියේ සංවිධානය කෙරිණි.
    මෙහි ප්‍රධාන වගකීම භාරවූයේ උඩරට ආක්‍රමණය සාර්ථක කරගනු වස්‌ උපාය ඥනය මෙහෙයවූ විශිෂ්ට රාජතාන්ත්‍රිකයකු වූ ජෝන් ඩොයිලි (JOHN D,OYLY) ට ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔහු විසින් කෙටුම්පත් කොට සකස්‌ කරන ලද උඩරට ගිවිසුම වර්ෂ 1815 මාර්තු මස 02 වැනි දින පෙරවරු 4.00 හෝරාවට අති උත්සවාකාරයෙන් රාජ මාලිගයේ මඟුල් මඩුවේදී පැවැත්විණි. සිංහලයේ ස්‌වාධීනත්වය තීරණාත්මක ලෙස තුරන් කරන අවසාන ජවනිකාව ලෙස මෙම ඓතිහාසික සිදුවීම තත්ත්වාකාරයෙන් දැකගනු වස්‌ හැකි එකම මාර්ගය නම් ඒ වකවානුවේදී ලේඛනගත කරන ලද ලිපි ලේඛන මැනවින් විමර්ශනයට ලක්‌ කිරීමයි.
    එදා සිංහල පක්‍ෂය වෙනුවෙන් නිල වාර්තා කිරීමක්‌ සිදු නොවුණු නමුදු ඉංගී්‍රසි පක්‍ෂය වෙනුවෙන් පමණක්‌ නිල වශයෙන් වාර්තා කිරීමක්‌ සිදුවිය. එහි සත්‍ය අසත්‍ය කුමක්‌ වුවද වර්ෂ 1815 මාර්තු මස 02 වැනි දින ඓතිහාසික මඟුල් මඩුවේදී ප්‍රකාශයට පත්වුණු උඩරට ගිවිසුම පිළිබඳ වාර්තාමය සටහන පිළිබඳ ඉංගී්‍රසීන්ගේ නිල වාරිකය වූ ආණ්‌ඩුවේ ගැසට්‌ පත්‍රයේ වර්ෂ 1815 මාර්තු මස 06 වැනි දින මෙසේ සඳහන් විය.
    බ්‍රිතාන්‍ය මූලස්‌ථානය මහනුවර 1815 මාර්තු 02
    මහ රාජෝත්තමයාණන් වහන්සේගේ ආණ්‌ඩුව කන්ද උඩරට දිසාවල පිහිටුවාලීම සඳහා මුලින් ඇති කරගන්නා ලද සම්මුතියේ කොන්දේසිවලට අනුව පිළියෙල කරන ලද්දා වූ ප්‍රසිද්ධ ලේඛනයන් හෙවත් ගිවිසුම් පත්‍රයක්‌ ඉදිරිපත් කරන ලදුව, එය පළමුව ඉංගී්‍රසියෙන්ද, දෙවනුව සිංහලෙන්ද කියවීමෙන් පසු ඒකමතික තීරණයකට එළඹගන්නා ලදී.
    බ්‍රිතාන්‍යයේ අති උතුම් රිජන්ට්‌ කුමාර මහ රාජෝත්තමයාණන් වහන්සේ හා හමුදා සේනාධිනායකයාණෝ එක්‌ පාර්ශ්වයකින්ද, අදිකාරම්වරු, දිසාවේවරු ද ඇතුළු මහනුවර දිසාවේ ප්‍රධානීහු අනෙක්‌ පාර්ශ්වයෙන්ද රටවැසියන් වෙනුවෙන් රැස්‌වී මොහොට්‌ටාලවරු, කෝරාළලා, විදානේලා ආදී රට ඇතුලේ සුළු ප්‍රධානීන් හා වැසියන්ද මහත් සමූහයක්‌ ඉදිරිපිටදී අද දින රජ මාලිග අභ්‍යන්තරයේ මඟුල් මඩුවේ ශාලාවේදී අතිගරු ගම්භීර සම්මන්ත්‍රණයක්‌ පවත්වන්න යෙදුණි. මහ රාජෝත්තමයාණන් වහන්සේගේ ආණ්‌ඩුව, කන්ද උඩරට දිසාවල පිහිටුවීම සඳහා මුලින් ඇති කරගන්නා ලද සම්මුතියේ කොන්දේසිවලට අනුව පිළියෙල කරන ලද්දාවූ ප්‍රසිද්ධ ලේඛනයක්‌ හෙවත් ගිවිසුම් පත්‍රයක්‌ ඊට පෙර ඉදිරිපත් කරන ලදුව එය පළමුව ඉංගී්‍රසියෙන්ද දෙවනුව සිංහලෙන්ද කියවීමෙන් පසු ඒකමතික තීරණයකට එළඹ ගන්නා ලදී.
    ඊට පසු ප්‍රථම වරට ඉංගී්‍රසි ධජය එසවීමෙන් පසු නගරය දෙසින් නැගුණු කාලතුවක්‌කු වෙඩි මුර ආචාරයකින් රට අභ්‍යන්තරය බ්‍රිතාන්‍ය යටත් විජිතය යටතට පවරා ගන්නා ලද බව පළ විණි.
    මෙම වැදගත් අවස්‌ථාව සඳහා හමුදා සේනාංකය පෙළගැසී සිටියේ සන්නාහ සන්නද්ධවය. දේශපාලන හා සිවිල් කටයුතු විශාල පෙරළියකට තුඩුදුන් මේ අවස්‌ථාවේදී ඩොයිලි මහතා (අල්ලාගත්) රජතුමාගේ සුවපහසුකම් සැලසීමෙහි නිරතව සිට දින 08 ක්‌ තුළ රාජකාරිය සඳහා නොපැමිණි හෙයින් කිසිදු සාකච්ඡා සම්මේලනයක්‌ නොපැවැත්විණි. එහෙත් ඔහු ආපසු පැමිණ පණිවුඩ මගින් ගිවිසුම්කරුවන් ගෙන්වා ඊයේ සම්මුතිය එළැඹීමට තීරණය ගන්නා ලදී. වේලාව සවස 3.00 ට පමණ ළංවෙත්ම මහනුවර නගරය ආරක්‍ෂා කරමින් සිටි සේනාංකයන් හා කන්ද උඩරට ජයග්‍රහණය ලබාගැනීමට මහෝපකාරී වූ මේජර් කෙලිගේ සේනාංකයද මාලිගය ඉදිරියෙහි වූ චතුරස්‍රයෙහි ආයුධ සන්නද්ධව පෙළිගැසී සිටියහ. අනතුරුව උඩරට රාජධානියේ රදළවරු, ප්‍රධාන නායකයන් සමග මඟුල් මඩුවේ දොරටුව දක්‌වා පෙළගැසී සිටි හමුදා බළකාය මැද්දෙන් පියනගන්නට වූහ.
    බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව යටතේ කිසිම නිලයක්‌ දැරීමට අසතුටුව "බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ මිත්‍රයා" යන නාමයෙන් පමණක්‌ පෙනී සිටීමෙන් සෑහීමකට පත්වන බව පැවසූ ඇහැලේපොල මහනිලමේතුමා ප්‍රථමයෙන්ම හුදෙකලාවේම ශාලාවට ප්‍රවිෂ්ට විය. ආණ්‌ඩුකාරයා විසින් එතුමා මහත් හරසරින් පිළිගනු ලැබීමෙන් පසු ආණ්‌ඩුකාරවරයාගේ දකුණු පසින් අසුන් ගන්නට යෙදුණි.
    .මේ අවස්‌ථාවේදී මහ අදිකාරම ලෙස කටයුතු කරමින් මොල්ලිගොඩ මහ නිළමේතුමා ඊට පසු ඇතුළු වූයේ ප්‍රාදේශීය දිසාවරු හා අනෙකුත් ප්‍රධානීහුද සහපිරිවර කොටගෙනය. මොවුන් ඇතුළුවන විට ආණ්‌ඩුකාරවරයා සහ ඇහැලේපොළ මහ නිලමේතුමා ද හුන් අසුන්වලින් නැගිට ඔවුන් පිළිගත්හ. උඩරට නිල ඇඳුමින් සැරසුණු සිංහල නායකයන්ගෙන්ද මුලසුනෙහි සිටි ආණ්‌ඩුකාරවරයා සහ ඔවුන් වටකොට දෙපසින් පේළියට සීරුවෙන් හුන් ඉංගී්‍රසි භටයන්ගෙන්ද සුසැදුනු ශාලාව ඉමහත් සිරියක්‌ ඉසිලීය.
    ආණ්‌ඩුකාරවරයා විසින් සිංහල නායකයන් හා සමඟ කෙරුණු සතුටු සාමිචි කථාවලින් පසු සභාවේ වැඩ අරඹන ලදී. සිංහල නායකයෝද ආණ්‌ඩුකාරවරයාගේ තොරතුරු විමසීමෙන් තුටු පහටු වූහ. අනතුරුව සභාව ඇමතූ ආණ්‌ඩුකාරවරයාගේ තව හමුදා සේනාංකයන් උඩරට ජයගැනීමට නාන දිසාවලින් ගමන් ගන්නා විට ඒ ඒ දිසාවරුන් දක්‌වන්නට යෙදුණු සැලකිලිවලට ස්‌තූතිය ප්‍රකාශ කළේය. මෙහිදී තමාගේ හා යුද සේනාවේ පැමිණීමෙන් සිංහල වැසියන් කෲරතර ආඥදායකත්වයකින් මුදාගැනීමට හැකිවූ බැවින් ඒත්තුගැන්වීමට සමත් විය.
    තමන්ට හා තම සේනාවට සිංහල වැසියන් ආඥදායකත්වයෙන් ගලවා ගැනීමට හැකිවීම පිළිබඳ ප්‍රීතිය පළ කරමින් තවදුරටත් කතා කළ ආණ්‌ඩුකාරවරයා පුද්ගලික නිදහස මෙන්ම දේපොළ ඇතුළු අනෙකුත් සියලුම අයිතිවාසිකම් රැකදෙන බවට පොරොන්දු වෙමින් තමා රට පාලනය කරන කාලපරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ සාධාරණ ආශීර්වාදය සිංහලයන්ට ලබාදෙන බවට ප්‍රතිඥ දුන්නේය.
    ඊට පසු බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට රට පවරාදීම හා එහි පාලනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ම ගිවිස ගන්නා ලද, කලින් පිළියෙළ කරගත් ලියකියවිල්ලක්‌ ඇති බව සිංහලයේ නායකයන් වෙත දන්වන්නට යෙදුණි. එය කියවීමට අනුමැතිය ලබාගැනීමෙන් පසු ආණ්‌ඩුකාරවරයාගේ නියෝජ්‍ය ලේකම් ඡේම්ස්‌ සදර්ලන්ඩ් මහතා විසින් එදා ඉංගී්‍රසියෙන් කියවන ලදුව ඒබ්‍රහම් ද අල්විස්‌ වාසල මුදලි විසින් සිංහලෙන් කියවන්නට යෙදුණි.
    සිංහල නායකයන් සියලු දෙනා මෙම ලේඛනය කෙරෙහි ගෞරව සම්පන්න තියුණු කල්පනාවකින් යුතු අවධානයක්‌ යොමු කළ අතර, නිශ්ශබ්දතා නිමග්නව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සුහද එකඟත්වය පළකර සිටීම සතුටට කාරණාවක්‌ විය.
    ආණ්‌ඩුකාරවරයා විසින් ගිවිසුමට අදාළ කරුණු පිළිබඳ පැහැදිලි විස්‌තරයක්‌ ඩොයිලි මහතාට දැන්වීමෙන් පසු ඔහු එම කරුණු මොල්ලිගොඩ අදිකාරම වෙත දන්වන ලදුව මොල්ලිගොඩ මහ අදිකාරම්තුමා ඒ අදහස්‌ සභාවට තවත් පැහැදිලි ලෙස විස්‌තර කළේය. මේ මුළු සභා ගර්භයේ ම දැනුමෙන් මෙන්ම හැඩරුවින්ද තේජස්‌ විලාසයක්‌ හා පැසුණු බවක්‌ පළ කරමින් සිටි ප්‍රසන්න සිරුරකින් යුතු පුද්ගලයකු විය. උසින් හා මහතින් වැඩුණු ඔහුගේ දේහය සභාවේ ඉහළින් මතුවී පෙනුණේය.
    .කැපී පෙනුණු පුළුල් නළල් තලයකින් හා දීප්තිමත් එහෙත් තැන්පත් නෙත් සඟලකින් ද, සුදට සුදේ දිගට වැඩුණු රැවුලකින් ද යුතු මේ පුද්ගලයා හැඳ සිටි තුප්පොට්‌ටිය, සැට්‌ටය හා පැළඳ සිටි සතර මුළු තොප්පිය ද නිසා දක්‍ෂ චිත්‍ර ශිල්පියකුගේ තෙළි තුඩින් බිහි කළ හැකි අගනා චිත්‍රයකට උචිත දර්ශනයක්‌ ගෙනහැර පෑවේය.
    හේ අන් කවරකුවත් නොව ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගේ ප්‍රියතම නායකයකු මෙන්ම එතුමාගේ අවසාන කාලය දක්‌වා රාජ සේවයේ යෙදුණු ගොඩපොළ මිල්ලව දිසා මහත්තැනය. මිල්ලව දිසා මහතැන අනෙකුත් නායකයන් ගිවිසුම සම්බන්ධයෙන් කළ සාකච්ඡාවලට නිහඬව සවන් දෙමින් ද, නානා කාරණ පැහැදිලි කර දෙමින් ද සියලු දෙනාගේ සම්මුතිය ලබා ඒ බව මොල්ලිගොඩ මහ අදිකාරම්තුමා වෙත දන්වන්නට යෙදුණි.
    ඇහැලේපොළ නිලමේතුමා ප්‍රධානත්වයක්‌ ගෙන මෙම සාකච්ඡාවට සහභාගි නොවුවද, සිදුවන හැම කටයුත්තක්‌ කෙරෙහිම විශේෂ සැලකිල්ලකින් පසු විය. එතුමා තේජාන්විත ලීලාවෙන් හා සිත් ගන්නා අයුරින් ද සැදී පැහැදී සිටි අතර කරුණාන්විත කතාවෙන් ද යුතු විය.
    ඊට පසු මොල්ලිගොඩ මහ අදිකාරම්තුමා හා අනෙකුත් නායකයන් ද මඟුල් මඩුවේ දොරටුව වෙත පැමිණියහ. ඉන් පිටත රැස්‌ව සිටි නා නා දිසාවල මොහොට්‌ටාලවරු, කෝරාළවරු, විදානේවරු හා ගම්මුලාදැනිවරු ද, ඔවුන් සමග පැමිණ සිටි පිරිස ද අමතා කතා කළ මොල්ලිගොඩ මහ අදිකාරම්තුමා ඒ ඒ දිසාවල වැසියන්ට පිළිවෙළින් රැස්‌වන ලෙස කීහ.
    එහිදී මුදලිවරයා විසින් යළිත් ගිවිසුම සිංහලෙන් කියවන ලදී. අනතුරුව ඉංගී්‍රසි ධජය මහනුවර අහසේ ප්‍රථමවරට ළෙල දෙන්නට වූ අතර නගරයේ කාලතුවක්‌කුවලින් නැගුණු වෙඩිමුර ආධාරයෙන් මුළු මහත් ශ්‍රී ලංකාද්වීපයම බ්‍රිතාන්‍යයේ තුන්වැනි ජෝර්ඡ් මහාරාජොත්තමයාණන් වහන්සේගේ අණසකට පත්වූ බව ප්‍රකාශ විණි. (උඩරට ගිවිසුම - නුවරඑළියේ හේමපාල පිටු 14-18)
    ජෝන් ඩොයිලි තම දින පොතේ මෙසේ සඳහන් කරයි. මාර්තු මස 02 වැනි දින (1815) මඟුල් මඩුවේදී සවස 4.00 ට පමණ ආණ්‌ඩුකාරයා විසින් කන්ද උඩරට පළාත් පිළිබඳ සකස්‌ කරන ලද රාජ්‍ය ආඥ පනත කියවන ලදී. එය ඇසීමට අදිකාරම්වරු, දිසාවේවරු හා අනෙක්‌ උඩරට ප්‍රභූන් පැමිණ සිටියහ. පසුව මොහොට්‌ටාලවරු හා පහත් නිලදරයන් හැර අනෙක්‌ වැදගත් ප්‍රභූන්ටද කියවන ලදී. රාජකීය ධජය ඔසවන ලදී. රාජකීය ආචාරය පවත්වන ලදී. යහපත් උණුසුම් දිනයකි. අහස පැහැදිලිය. (පිටුව 235) මේ පිළිබඳව වෛද්‍ය හෙන්රි මාර්ෂල් (Dr. Henry Marshall) මෙසේ කියයි.
    ගරුගම්භීර සම්මේලනයක්‌ හෙවත් සභාවක්‌ මාර්තු මස 2 වැනි දින මහනුවර මාලිගාවේ මඟුල් මඩුවේදී පවත්වන ලදී. මෙහිදී මහරජතුමාණන් හා රාජ්‍ය පාලක කුමාරයාණන් වෙනුවෙන් (කියන ලද පරිදියි) අදිකාරම්වරු ද දිසාපතිවරුද උඩරට පළාත්වල අනෙක්‌ ප්‍රධාන නිලමේවරු ද පෙනී සිටියෝය.
    ඉහත සඳහන් පරිදි මේ සාකච්ඡා සභාව පවත්වන ලද්දේ මාලිගාවේ මහ මඟුල් මඩුවේය. එහෙත් මෙවැනි අවස්‌ථාවන්හිදී රජතුමා සිරිත් වශයෙන් පරිහරණය කළ යාබද කාමරය පරිහරණය කිරීම ආණ්‌ඩුකාර තැන ප්‍රතික්‍ෂේප කළේය. උත්සව අවස්‌ථාවන්හිදී රජතුමා මෙහි තිබුණු උස්‌ සිංහාසනයෙක බද්ධපර්යංකයෙන් වාඩිවී සිටියේය. ශාලාවේ ඉහළ කෙළවරේ පිහිටි මේ කාමරය තිරයකින් වෙන් කොට තිබිණි. මේ අවස්‌ථාවේදී ආණ්‌ඩුකාර තැන කාමරයේ දොරට පිටුපා සිටියේය.
    මහනුවර ආරක්‍ෂක භට පිරිසට අයත් හේවායෝ ද මේ අවස්‌ථාව සඳහා මහනුවරට ගෙන්වන ලද ලංකා අශ්වාරෝහක හමුදාවේ භටයෝ ද සවස තුනට මාලිගාව ඉදිරිපිට පිහිටි විශාල චතුරශ්‍රයේ දෙවටක්‌ සෑදෙන සේ පෙළගස්‌වන ලදහ. අදිකාරම්වරු ද අන්‍ය ප්‍රධාන නිලමේවරු ද මේ දෙවට මැදින් ශාලාවට පැමිණියහ.
    මේ උත්සව සභාව චාරිත්‍ර විධි නොඉක්‌මවා පැවැත්විණි. මඟුල් මඩුවට පළමු කොට පිවිසුණේ අතිශයින් ශෝභන, බුද්ධි සම්පන්න පෙනුමකින් යුතු ඇහැලේපොළය. ආණ්‌ඩුකාරතුමන් විසින් සුවිශේෂ ගෞරවයෙන් පිළිගන්නා ලද ඔහු ආණ්‌ඩුකාරතුමන්ගේ දකුණුපසින් පුටුවක වාඩිකරවන ලදී. පළමු වැනි අදිකාරම් පදවියට පත් කරනු ලැබූ මොල්ලිගොඩ, දිසාපතිවරුන්, අනෙක්‌ ප්‍රධාන නිලමේවරුන් ඇතුළු විසිදෙනකු පමණ පිරිවර, ඊළඟට පැමිණියේය. ආණ්‌ඩුකාරතුමා ඔවුන් පිළිගැනීමට නැගිට සිටියේය. සභාව මුළු දෙවුණු මුළු කාලය තුළ ඇහැලේපොළ ඇතුළු හැම දෙනම නැගිට සිටියෝය. ශාලාවේ දෙපස බ්‍රිතාන්‍ය නිලධාරයෝ පෙළගැසී සිටියෝය.
    සාකච්ඡාව ඇරඹුණේ නිලමේවරුන් විසින් අසන ලද අභිනන්දනාත්මක ප්‍රශ්නවලිනි. මෙයට ස්‌තුති පූර්වකව පිළිතුරු දුන් ආණ්‌ඩුකාරතුමා පෙරළා ඔවුන් ගෙනුදු එබඳු ප්‍රශ්න ඇසීය. ආණ්‌ඩුකාර තැන, බ්‍රිතාන්‍ය යුද්ධ භටයන් මහනුවර කරා එන විට දැක්‌වූ සැලකිල්ල ගැන දිසාපතිවරුන්ට ස්‌තුති කෙළේය. ඔවුනට සැලකිලි දක්‌වන ලද්දේ ආරක්‍ෂකයන් වශයෙනි. ආණ්‌ඩුකාරතුමා හා යුද සෙනඟ මහනුවරට පැමිණීමෙන් දුෂ්ට පාලනය හා හිංසා පීඩා අවසන් විය.
    ඔවුන් නිදහස්‌ කරගත හැකිවීම ගැන තම සතුට පළ කළ ආණ්‌ඩුකාරතුමා ඔවුන්ගේ ජීවිත, දේපළ හා අයිතිවාසිකම් මුළුමනින් ආරක්‍ෂා කරන බව සහතික කොට, ඔහු මේ දිවයිනේ පාලන බලය දරන කාලය තුළ ඔවුන්ට මහ රජතුමන්ගේ දයාන්විත ආණ්‌ඩුවේ ආශිර්වාදය භුක්‌ති විඳීමට ඉඩදීම තම විශේෂ ප්‍රයත්නයයි පැවසීය.
    උඩරට පාලනය සම්බන්ධයෙන් මහරජතුමන්ගේ රජය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති විදහා දැක්‌වෙන ලිපියක්‌ සම්පාදනය කොට ඇතැයි ද එය මොහොතකින් කියවනු ලැබේ යෑයි ද ප්‍රධානයන්ට දන්වන ලද්දේ මේ අවස්‌ථාවේදීය. ඔවුහු එය කියවන ලෙස ඉල්ලා සිටියෝය.
    .රජයේ උප ප්‍රධාන ලේකම් තැන්පත් සදර්ලන්ඩ් මහතා විසින් මේ ලිපිය හෙවත් ගිවිසුම් පත්‍රයයි හැඳින්වෙන ප්‍රකාශ පත්‍රය ඉංගී්‍රසියෙන් කියවන ලදී. පසුව සිංහලයෙන්ද කියවන ලද්දේය. මේ සාකච්ඡාවේදී ගරුතර ආණ්‌ඩුකාරතුමන් විසින් දැන්විය යුතු දැ ඩොයිලි මහතාට පවසන ලදුව ඔහු විසින් මොල්ලිගොඩ අදිකාරමට දන්වන ලදී. ඔහු ඒ කරුණු රැස්‌වූ පිරිසට ශබ්ද නගා පැවැසීය.
    මේ රැස්‌වීමේදී කථිකයා වශයෙන් ක්‍රියා කෙළේ වෙල්ලස්‌සේ දිසාවේ තැන්පත් මිල්ලවය. ඔහු ප්‍රධානයන්ගේ හැඟීම් වැඩි වශයෙන් නිහඬව ද එහෙත් ඉඳහිට කරුණු පැහැදිලි කරදීමෙන් පසුවද රැස්‌කොටගෙන මොල්ලිගොඩට කී බව පෙනිණි. ඇහැලේපොළ නිල බලයෙන් සාකච්ඡාවට සහභාගි නොවූ නමුදු කෙරෙන කටයුතු ගැන සාවධාන වූ බව පෙනිණි. සත්‍ය කතා විලාසය, ආචාර සම්පන්න බව හා ස්‌වභාවිකත්වය නිසා ඔහුගේ හැසිරීම විශිෂ්ට විය. රැස්‌වූ නිලමේවරුන් උසස්‌ ගෞරව සම්මාන සහිතව ඔහුට සලකන බව දක්‌නට ලැබුණේය.
    ගිවිසුම් පත්‍රය සිංහල භාෂාවෙන් කියවූ පසු මොල්ලිගොඩ අදිකාරම සහ අනෙක්‌ ප්‍රධානයෝ, අනුගාමිකයන් ටික දෙනකු සමග ඒ ඒ පළාත්වලින් පැමිණි මොහොට්‌ටාලලා, කෝරාලලා, විදානෙලා හා අනෙක්‌ සුළු මුලාදැනිවරු රැස්‌ව සිටි මඟුල් මඩුවේ ප්‍රධාන දොරටුව වෙත ගියෝය. අදිකාරම් තැන ඒ මුලාදැනීන්ට පළාත් අනුව පෙළගැසෙන සේ නියම කොට ගිවිසුම් පත්‍රය නැවතත් සිංහලයෙන් කියවිය. මෙයින් පසු බ්‍රිතාන්‍ය ධජය පළමු වැනි වරට මහනුවර නගරයේ ඔසවන ලද්දේය. කඳු දිගේ බලවත් පරිශ්‍රමයෙන් ඇදගෙන එන ලද කාලතුවක්‌කුවෙන් රාජකීය වෙඩිමුර ආචාරයක්‌ පැවැත්වීමෙන් තුන් වැනි ජෝර්- මහ රජතුමා මුළු ලංකාද්වීපයේ මහ රජු යෑයි ප්‍රකාශ කරන ලදී. මහනුවරට පෙරළා පැමිණ සිටි නගර වැසියෝ මාලිගාවේ පවත්වන ලද කටයුතු පිළිබඳ කිසි සැලකිල්ලක්‌ නොදැක්‌වූහ. ඔවුහු මඟුල් මඬුව අබිමුඛයෙහි පිහිටි මහ මළුවේ පැවැති පෙළපාලියට සහභාගි වූ යුද සෙනඟ දෙස බැලීමට පවා තම ගෙදර දොරේ කටයුතු අත්නොහළහ. ඔවුන් පෙරදිග රජ පෙළපතකට හිමිව පැවැති රාජ්‍යය යුරෝපීය රජ පෙළපතකට පැවරීම උපේක්‍ෂා සහගතව සැලකූ බව පැහැදිලිය. (සිංහලේ 137-139 පිටු)
    ප්‍රවීණ ඉතිහාසඥයකු හා නීතිවේදියකු වූ ශ්‍රීමත් පෝල් ඊ පීරිස්‌ මහතා මෙසේ කියයි. "ගිවිසුමෙහි අන්තර්ගතය ව්‍යාකූල වුවද එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රධාන නායකවරු සැකයකින් තොරව වටහා ගත්හ. එනමුදු එහි සිංහල අනුවාදය ශක්‌ෂයකුගේ වටහාගැනීමේ ශක්‌තිය අභිබවා යන සංකීර්ණ වාක්‍යවලින් යුක්‌ත විය. නුහුරු කොන්දේසි හා ආගන්තුක හා විදේශීය මනෝභාවයන් සියල්ල දේශීය සළුපිළිවලින් සරසා තිබූ ආකාරයක්‌ දක්‌වා තිබුණි. කෙසේ වුවද අති දක්‍ෂ ඒබ්‍රහම් ද සේරම් මේ දිගු ලේඛනයේ හරය වටහා ගෙන කියුවූ බවට සැක නැත්තේ මෙවැනි අධිකරණ රාජකාරි පිළිබඳ ඔහුට තරම් පරම්පරාගත පුරුද්දක්‌ තිබූ හෙයිනැයි සිතිය හැක. පළමුවරට මෙය කන වැකෙන අයකුට නම් ඔවුනතර සිටි මලබාර් (නායක්‌කාර්) රජු වෙනුවට ඈත දුර රටක වෙසෙන යුරෝපීය රජෙකුගේ ආදේශය පිළිබඳව නිශ්චිත හැඟීමක්‌ ඵල විය හැකි වුවද, තමන්ගේ ආගම සහ සිරිත් විරිත් චාරිත්‍ර, සම්ප්‍රදායික නීති ඉදිරියට ගෙන යැමට ඒ වෙනස බලනොපාන බැව් හැඟවිය. (SINHALE AND PATRIOTS - 1950-P. 20)
    ඉහත සඳහන් ඓතිහාසික විස්‌තරවලට අනුව වර්ෂ 1815 මාර්තු මස 02 වැනි දින ඓතිහාසි මඟුල් මඩුවේදී සිදුව ඇත්තේ උඩරට ගිවිසුම පිළිබඳව ගම්භීර සම්මන්ත්‍රණයකි. එහිදී අත්සන් කිරීමක්‌ සිදුවී නොමැත. මෙම උඩරට ගිවිසුමේ වගන්ති 12 එදින රැස්‌ව සිටි පිරිසට සිංහල, ඉංගී්‍රසි යන භාෂා ද්වයෙන්ම පැහැදිලි කිරීමේ අවස්‌ථාවක්‌ මිස අත්සන් තැබීමේ නීතිමය අවස්‌ථාවක්‌ නොවේ. මේ දිනය වන විට උඩරට ප්‍රධානීන් විසින් දරන ලද තනතුරු සියල්ල/රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා (SIR ROBERT BRWNRIGG 1812-1820) විසින් අහෝසි කර දමා තිබුණ බැවින් මෙම උඩරට ගිවිසුමට අත්සන් කිරීමට උඩරට ප්‍රධානීන්ට නීතිමය බලයක්‌ නොවීය. මෙකී බලතල ඔවුනට නැවත ලබාදෙන ලද්දේ වර්ෂ 1815 මාර්තු මස 03 වැනි දිනය.
    උඩරට ගිවිසුම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව කටයුතු කර ඇත්තේ අදියර තුනකිනි.
    1. උඩරට ගිවිසුම කෙටුම්පත් කිරීමේ අවස්‌ථාව. (මෙම කාර්යයෙහිලා ඉංගී්‍රසි පාර්ශ්වය වෙනුවෙන් විශාල කාර්යභාරයක්‌ ඉෂ්ටසිද්ධ කරන ලද්දේ සිංහල භාෂාව පිළිබඳ හසල දැනුමකින් හෙබි භාෂා පරිවර්තක ජෝන් ඩොයිලිය.)
    2. උඩරට ගිවිසුමේ වූ වගන්ති ප්‍රසිද්ධියේ කියවීමේ අවස්‌ථාව (මෙම අවස්‌ථාවේදී උඩරට ගිවිසුමේ ඇතැම් වගන්ති (එනම් 5 වැනි වගන්තිය) පිළිබඳව විරෝධතා පැනනැගී ඇත.
    3. අත්සන් තැබීමේ අවස්‌ථාව. (මෙම අවස්‌ථාවේදී පැන නැගුණ විරෝධතා නිසා අත්සන් තැබීම අවස්‌ථා කීපයකින් සිදුවී ඇත. මෙම උඩරට ගිවිසුමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරයා ඇතුළු නිලමේවරුන් කීපදෙනකු මාර්තු මස 10 වැනි දින අත්සන් තැබූ බව ඩොයිලිගේ දිනපොතේ වැඩිදුරටත් සඳහන් වේ. 246 පිටුව)
    ඩොයිලිගේ දිනපොතෙහි සඳහන් කරුණු කාරණාවලට අනුව උඩරට ගිවිසුමට අත්සන් තැබූ වේලාවන් - දිනයන් පිළිබඳව පවතින පරස්‌පරතාවලින් පෙනී යන්නේ එය මඟුල් මඩුවේදී කියවන අවස්‌ථාවේදී මහත් විරෝධතා පැන නැගුණු බවයි.
    මෙකී සියලුම කරුණු කාරණා විමර්ශනය කර බලන කල්හි අපට ගම්‍ය වනුයේ වර්ෂ 1815 මාර්තු මස 02 වැනි දින ඓතිහාසික මඟුල් මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් නොකළ වග නොවේද?
    උඩරට ගිවිසුමේ වූ වගන්ති( උඩරට ගිවිසුම වගන්ති 12 කින් සමන්විතය. ඒවා සැකෙවින් මෙසේය.
    1. වැනි වගන්තියෙන්( ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කෲර හා දුර්දාන්ත පාලනය පිළිබඳව ප්‍රකාශ විය.
    2. වැනි වගන්තිය( රජු රාජත්වයෙන් නෙරපන ලද බවත් ඔහුගේ පවුලේ උදවිය හා නෑදැ පරපුරට සදහටම රාජ්‍යත්වය අහිමි කළ බවත් කන්ද උඩරට ප්‍රදේශවල ආදිපත්‍ය පිළිබඳ මලබාර් (එනම් වර්තමාන කේරළයේ) වංශයට තිබුණු අයිතිවාසිකම් අවලංගු කර දැමූ බවත් ප්‍රකාශ විය.
    3. වැනි වගන්තිය( ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ පිරිමි පාර්ශ්වයේ නෑදැයින් උඩරට රාජධානියේ සතුරන් වශයෙන් අච්චු තබා ඔවුනට ඉංගී්‍රසි ආණ්‌ඩුවේ නිසි බලපත්‍රයක්‌ නොමැතිව උඩරට ප්‍රදේශවලට ඇතුළුවීම සපුරා තහනම් කරන බව ප්‍රකාශ විය.
    4. වැනි වගන්තිය( බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව මගින් පාලන නිලධාරීන් පත්කරන බවත් ඔවුන් වෙත පෙර පරදිම බලතල පවරන බවත් සිංහල සිරිත් විරිත් ගරුකරමින් ඉංගී්‍රසි ආණ්‌ඩුකාරවරයකු හා දිසාපතිවරු විසින් රටේ පාලන කටයුතු ගෙන යන බවටත් පොරොන්දු විය.
    5. වැනි වගන්තිය( උඩරට ප්‍රධානීන් හා සාමාන්‍ය වැසියන් අදහන බුද්ධාගමත්, බුද්ධ ශාසනයත් දේව ආගමත් ආරක්‍ෂා කරන බවට පොරොන්දු විය.
    6. වැනි වගන්තිය( ශරීරාවයව කැපීමේ වධ බන්ධන තහනම් කිරීම ප්‍රකාශ විය.
    7. වැනි වගන්තිය( මරණීය දණ්‌ඩනය දීමේ බලය ආණ්‌ඩුකාරයා සතු වන අතර, මරණ දඬුවම ලද යුතු තරමේ අපරාධ, ඒජන්තවරු ඉදිරිපිටදී විභාග කිරීමට පොරොන්දු විය.
    8. වැනි වගන්තිය( සිවිල් හා අපරාධ නඩු පෙර පරිදිම සිංහල මුලාදැනිවරුන් විසින් විභාග කරන අතර, අවශ්‍ය විටක මැදිහත්වීමේ බලය ඉංගී්‍රසි ආණ්‌ඩුව සතුව පැවතීම ප්‍රකාශ විය.
    9. වැනි වගන්තිය( උඩරැටියන් නොවන අයගේ නඩු ඉංගී්‍රසි නීතියට අනුව විසඳීමට පොරොන්දු විය.
    10. වැනි වගන්තිය( උඩරට යටත්කර ගැනීමට කලින් නිකුත් කළ (ඉංගී්‍රසි) ආඥ සියල්ලම අවංලගු කිරීමට පොරොන්දු විය.
    11. වැනි වගන්තිය( සිංහලේ රාජ නියමයන් අනුව ආදායම් පාලන නඩත්තුව සඳහා ඒජන්තවරුන් විසින් එකතු කිරිමට පොරොන්දු විය.
    12. වැනි වගන්තිය( උඩරට ප්‍රදේශවල වෙළ¹ම් කටයුතු දියුණු කිරීමට පියවර ගන්නා බවට පොරොන්දු විය.
    .උඩරට ගිවිසුමේ වූ අත්සන්(
    .උඩරට ගිවිසුමට ඉංගී්‍රසි පාර්ශ්වය වෙනුවෙන් රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා ද සිංහල පාර්ශ්වය වෙනුවෙන් ඇහැලේපොළ මහ නිලමේ ප්‍රමුඛ උඩරට ප්‍රධානීන් දස දෙනකු අත්සන් තබන ලදී. එය සිදු කරන ලද්දේ ඉංගී්‍රසි ආණ්‌ඩුවේ භාෂා පරිවර්තක වූ ජෝන් ඩොයිලි හා නියෝජ්‍ය ලේකම් ෙ-ම්ස්‌ සදර්ලන්ඩ් (JAMES SUTHERAND) යනාදීන් ඉදිරිපිටදීය. උඩරට ගිවිසුමට අත්සන් කළ උඩරට ප්‍රධානීන් 11 දෙනා මෙසේය.
    1. ඇහැලේපොල අදිකාරම
    2. පළමුවැනි අදිකාරම හා සත්කෝරළේ දිසාව - මොල්ලිගොඩ
    3. සපරගමුවේ දිසාව දෙවැනි අදිකාරම - පිළිමතලාවේ
    4. සතර කෝරළේ දිසාව - පිළිමතලාවේ
    5. ඌව දිසාවේ - මොනරවිල කැප්පෙටිපොළ
    6. මාතලේ දිසාව - රත්වත්තේ
    7. තුන්කෝරළේ දිසාව - දූල්ලෑවේ
    9. වෙල්ලස්‌ස - බින්තැන්න දිසාව - මිල්ලෑව
    10. තමන්කඩුව දිසාව - ගලගම
    11. නුවර කලාවිය දිසාව - ගලගොඩ
    උඩරට ගිවිසුමේ වූ බරපතළ පරස්‌පරතාවයන්(
    උඩරට ගිවිසුම පිළිබඳ ගැඹුරින් විමර්ශනය කර බලන කල්හි එහි මුල් පිටපතේ වූ අත්සන් සහිත පිටුවෙන් පිටපත් කීපයක්‌ ම විද්‍යමාන වන බව පෙනේ. උඩරට ගිවිසුමේ මුල් පිටපත වර්ෂ 1984 දී එවකට ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූ ආචාර්ය හරිස්‌චJද්‍ර ද සිල්වා මහතා විසින් සොයාගන්නා ලදුව දැනට එම දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇති අතර තවත් පිටපතක්‌ ජෝන් ඩොයිලි විසින් සකස්‌ කරන ලදුව එයින් පිටපත් කරගන්නා ලද මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ශූරීන් තම උඩරට මහා කැරැල්ල - 1963 නම් වූ මාහැඟි ග්‍රන්ථයේ 3 වැනි වෙළුමට ඇතුළත් කර ඇත. මෙය වනාහී මෙරට බොහෝ කෞතුකාගාරවල මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති සේම මෙරට සිංහල ඉංගී්‍රසි ඉතිහාස ග්‍රන්ථවලට ඇතුළත්ව ඇති උඩරට ගිවිසුමේ පිටපතයි.
    ........

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒ අනුව ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වූ මුල් පිටපත හා ජෝන් ඩොයිලිගේ පිටපත එකිනෙක සන්සන්දනය කර බලන කල්හි උඩරට ප්‍රධානීන්ගේ අත්සන්වල බරපතළ පරස්‌පරතාවන් කීපයක්‌ම දැකිය හැකිය. ඒවා මෙසේය.
    1. ඇහැලේපොළ මහ නිළමේගේ සුපුරුදු අත්සන (එනම් සපරගමු සන්නසට හා මුරුසි දිවයිනේ සිට එවන ලද ලිපිවලට යෙදූ අත්සන) හා මෙම උඩරට ගිවිසුමේ පිටපත් දෙකෙහිම වූ ඔහුගේ අත්සන් අතර ඇත්තේ බරපතළ පරස්‌පරතාවයකි. ඇරත් ඇහැලේපොළ මහ නිළමේ උඩරට ගිවිසුමට අත්සන් තබන ලද්දේ කුමන නෛතික බලයක්‌ යටතේ ද යන්න තවත් සැකයට තුඩු දෙන කාරණාවකි. මක්‌නිසාද යත් ඒ වන විට ඇහැලේපොළ මහ නිළමේ කිසිදු තනතුරක්‌ නොදරන ලද බැවිනි. යම් අයුරකින් උඩරට ගිවිසුමට ඇහැලේපොළ මහ නිළමේ අත්සන් කළා නම්? ඉංගී්‍රසි ආණ්‌ඩුව විසින් ඔහුට වගකීම් සහිත තානාන්තරයක්‌ ලබා නොදුන්නේ ඇයි? මෙය ගැඹුරින් විමර්ශනය කළ යුතු කාරණාවකි.
    යට කී කරුණු කාරණාවලට අනුව ඇහැලේපොල මහ නිළමේගේ අත්සන ඉංගී්‍රසීන් විසින් ව්‍යාජව යොදන ලද අත්සනක්‌ බව පෙනේ. උඩරට ගිවිසුම කෙටුම්පත් කිරීමෙහිලා පුරෝගාමියා වූ ජෝන් ඩොයිලිගේ දිනපොතට අනුව ඇහැලේපොළ මහ නිළමේ වර්ෂ 1815 මාර්තු මස 03 වැනි දින සිට 11 වැනි දින දක්‌වා අසනීපව සිටි අතර ඔහු සුවපත් වූ 11 වැනි දින බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා අසනීප වී ඇත. මාර්තු මස 18 වැනි දින ආණ්‌ඩුකාරවරයා පෞද්ගලිකව මුණගැසුණු අවස්‌ථාවේදී ඇහැලේපොළ මහ නිළමේ තම අත්සන යෙදූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
    2. සතර කෝරළයේ දිසාව වූ කනිටු පිළිමතලාවේ දිසාවගේ අත්සන ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වූ මුල් පිටපතෙහි එකී අත්සන වටා කිසියම් රවුමක හැඩයක්‌ පෙන්නුම් කරන අතර, ජෝන් ඩොයිලි විසින් සකස්‌ කරන ලද පිටපතෙහි එකී අත්සන හුදෙකලා වී ඇත.
    3. උඩරට ගිවිසුමට අත්සන් කරන ලද උඩරට ප්‍රධානීන් තම රාජකාරි කටයුතුවලදී විවිධ ලේඛනයන් (උදා(- සපරගමු සන්නස්‌ වෙළුමට) වලට තබා ඇති අත්සන් හා උඩරට ගිවිසුමේ වූ ඔවුන්ගේ අත්සන් අතර ඇත්තේ බරපතළ පරස්‌පරතාවයකි. ඌව දිසාව වශයෙන් උඩරට ගිවිසුමට සිංහල අක්‌ෂරයෙන් තම අත්සන යෙදූ මොනරවිල කැප්පෙටිපොළ මහ නිළමේ මාතලේ දිසා ධුරය දරන ලද කාලයේ (වර්ෂ 1803) දී සපරගමුව සන්නස්‌ වෙළුමට එවකට රාජසභාවට බලපෑ ද්‍රවිඩ ග්‍රන්ථාක්‌ෂරවලින් තම අත්සන යොදා ඇත. (ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව, මහනුවර ශාඛාව අංක. 689)
    මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සූරීන් මෙසේ සඳහන් කරයි. "කඩවතේ දී මේ තල්පත අතට ගත් මොල්ලිගොඩ රජු කෝපවන පරිදි ආක්‍රෝෂ පරිභව මුඛයෙන් පතක්‌ ලියා ඇහැලේපොළගේ අත්සන එහි යෙදීය." (උඩර මහ කැරැල්ල - 3/383 පිට)
    මෙම ඓතිහාසික කාරණාවත් සමගම සනාථ වනුයේ එකල්හි උඩරට ප්‍රධානීන් තම තමන්ගේ පැවැත්ම උදෙසා අන් අයගේ අත්සන් ව්‍යාජව යෙදූ බවයි.
    නිගමනය - අපේ ජාතිය මිහිදන් කර අපේ දේශය පරහස්‌ථානගත කොට ජාතිය පරදේශයක වහලුන් බවට පත්කිරීමේ දොරගුළු විවර කළ මෙම උඩරට ගිවිසුම වනාහී ඉංගී්‍රසි පාලකයන් විසින් තම අභිමතය පරිදි සකස්‌ කොට ඉතා සූක්‍ෂම සේම වංචනික අයුරින් උඩරට ප්‍රධානීන් හමුවේ තබා සම්මත කර ගන්නා ලද ව්‍යාජ ලියවිල්ලකි.
    අපේ පැරණි ගැමියන් "බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ" යෑයි කියා කියන්නේ මෙවැනි සිද්ධීන්ටය.



    (උපුටා ගැනීම-divaina)
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපෝ 1815 රට සුද්ද්ඩට දුන්නු එක ලොකු දෙයක්. නැත්නම් අදටත් නුවර උන් එහෙට වෙලා ඉන්නවා ගල විදගන්න බැරුව, කෝච්චි අදටත් දුවන්නේ සුද්දගේ කාලේ හදපුවා වල. අනික අවුරුදු 10 ක් රජෙක් කියලා වගේ එකෙක් රට පාලනය කරලා හොඳට තේරුනා ඒ කාලේ රජවරු කොහොම ආධිපත්‍යයකින් ඒකාධිපති පිය පුතු උරුම කම අරගෙන රට පාලනය කර කර මිනිස්සුන්ව තලන්න පෙලන්න ඇද්ද කියලා.

    සුද්දා කරපු එකම ගොන් කම 1948 අපේ අයියලට රට බාරදීලා යන්න ගියපු එක. එහෙම නොගියන අද අපේ රටත් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ දියුනු වෙලා.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අපෝ 1815 රට සුද්ද්ඩට දුන්නු එක ලොකු දෙයක්. නැත්නම් අදටත් නුවර උන් එහෙට වෙලා ඉන්නවා ගල විදගන්න බැරුව, කෝච්චි අදටත් දුවන්නේ සුද්දගේ කාලේ හදපුවා වල. අනික අවුරුදු 10 ක් රජෙක් කියලා වගේ එකෙක් රට පාලනය කරලා හොඳට තේරුනා ඒ කාලේ රජවරු කොහොම ආධිපත්‍යයකින් ඒකාධිපති පිය පුතු උරුම කම අරගෙන රට පාලනය කර කර මිනිස්සුන්ව තලන්න පෙලන්න ඇද්ද කියලා.

    සුද්දා කරපු එකම ගොන් කම 1948 අපේ අයියලට රට බාරදීලා යන්න ගියපු එක. එහෙම නොගියන අද අපේ රටත් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ දියුනු වෙලා.

    මේ වගේ කලවම් එවුන් ඉන්නකම් මේ ජාතිය ගොඩ ගන්න බෑ... වැරැද්ද උබේ නෙමෙයි උබේ දෙමව්පියන්ගෙ.... සුද්දට කලින් යකෝ මහ ගල් පර්වතව වලින් මේ සිංහලයො නිර්මාණ කරේ ගිහින් බලපිය අනුරාධපුර පොළොන්නරු සීගිරි දඹුලු... මෝඩ මූසලයෙක් උදේ පාන්දර දැක්ක දවසම ඉවරයි :angry::angry::angry::angry:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ වගේ කලවම් එවුන් ඉන්නකම් මේ ජාතිය ගොඩ ගන්න බෑ... වැරැද්ද උබේ නෙමෙයි උබේ දෙමව්පියන්ගෙ.... :angry::angry::angry::angry:

    මම කලවම් නෑ පුතේ. මම හොඳ සිංහල බෞද්ද. උඹලා වගේ බත් බැලයෝ ඉන්නකම් රට ගොඩ ගන්න නම් බැහැ. මොකද කරන්නෙම හරක් පාර්ලිමේන්තු යවන එක හෝ යවන්න ට්‍රයි කොරන එක. උඹේ දෙමව්පියන්ගේ වරද උඹ පහුගිය දොහේ මුලු එලකිරි එකටම පෙන්නුවා බං. ඒ නිසා ඒ ගැන කතා නොකර හි‍ටු. :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම කලවම් නෑ පුතේ. මම හොඳ සිංහල බෞද්ද. උඹලා වගේ බත් බැලයෝ ඉන්නකම් රට ගොඩ ගන්න නම් බැහැ. මොකද කරන්නෙම හරක් පාර්ලිමේන්තු යවන එක හෝ යවන්න ට්‍රයි කොරන එක. උඹේ දෙමව්පියන්ගේ වරද උඹ පහුගිය දොහේ මුලු එලකිරි එකටම පෙන්නුවා බං. ඒ නිසා ඒ ගැන කතා නොකර හි‍ටු. :lol:
    වැඩියහ් කැගැහුවොත් දෙමව්පියන්ගෙහ් ෆයිල් අදින්නහ් වෙයි නෙහ් :rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වැඩියහ් කැගැහුවොත් දෙමව්පියන්ගෙහ් ෆයිල් අදින්නහ් වෙයි නෙහ් :rofl:

    අනිවා මචං. උඹ කියපන් අවංකවම උඹට හිතෙන දේ 1948 සුද්දා අපේ උන්ට රට දෙන්නේ නැතුව ගියානම් අද අපේ රටත් මීට හොඳ තැනක තියෙන්න තිබ්බා කියලා. :D:D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අනිවා මචං. උඹ කියපන් අවංකවම උඹට හිතෙන දේ 1948 සුද්දා අපේ උන්ට රට දෙන්නේ නැතුව ගියානම් අද අපේ රටත් මීට හොඳ තැනක තියෙන්න තිබ්බා කියලා. :D:D
    එකත් ඇත්තහ් බ0 එහෙනම් අද මහින්දයාහ් රනිල්ලා වගෙහ් රට විකුනන් කනහ් නායකයොත් නැහැහ් මිට වඩා ස0වර්දනයක් තියෙන්නහ් තිබ්බාහ් ඔකේ දෙපැත්තක් තියෙන්නහ් පුලුවන් බ0 සුද්දාහ් උනත් සුවර් නැති මුනියා ... තියෙනහ් සම්පත් ටිකටහ් කෙලලාහ් පනින්නහ් පුලුවන් :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපෝ 1815 රට සුද්ද්ඩට දුන්නු එක ලොකු දෙයක්. නැත්නම් අදටත් නුවර උන් එහෙට වෙලා ඉන්නවා ගල විදගන්න බැරුව, කෝච්චි අදටත් දුවන්නේ සුද්දගේ කාලේ හදපුවා වල. අනික අවුරුදු 10 ක් රජෙක් කියලා වගේ එකෙක් රට පාලනය කරලා හොඳට තේරුනා ඒ කාලේ රජවරු කොහොම ආධිපත්‍යයකින් ඒකාධිපති පිය පුතු උරුම කම අරගෙන රට පාලනය කර කර මිනිස්සුන්ව තලන්න පෙලන්න ඇද්ද කියලා.

    සුද්දා කරපු එකම ගොන් කම 1948 අපේ අයියලට රට බාරදීලා යන්න ගියපු එක. එහෙම නොගියන අද අපේ රටත් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ දියුනු වෙලා.

    සුද්දා ආපු එකේ හොඳ නරක දෙකම තියනවා නේ..
    පාරම්පරික ක්‍රමයෙන් බැහැර වෙලා රට වෙනස් මගින් දියුණු උනා. ඒක හොඳයි.
    පාලන ක්‍රමය අලුත් වුනා. ඒක ඉතාම යහපත්. අධාර්මික ඒකාධිපතියෙකුගේ පාලනයක් මොනවගේ වෙන්න ඇද්ද කියලා අපිට නම් මේ ජීවිතේදිම පොඩි අත්දැකීමක් ලැබුනානේ. ඉතින් අධාර්මික රජෙක් රජ වුනොත් කොහොම වෙයිද කියලා හිතා ගන්න පුළුවන්.

    රටේ බෞද්ධ සංස්කෘතිය, සදාචාරය, ගුණධර්ම එහෙම්පිටින්ම පිරිහුණා. ඒක ඛේදවාචකයක්.
    සංස්කෘතියට, සදාචාරයට, ගුණධර්ම වලට එකතු වෙච්චි හොඳ දේවලුත් තියනවා. එත් බටහිර විසබීජ වැඩි නේ? මොලයක් තියන මිනිස්සු නම් ඒක බැලන්ස් කර ගත්තා. එත් ඉතින් මුග්ධකම කියන්නේ ලංකාවට අවේනික දේශීය දෙයක් නේ!
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සුද්දා ආපු එකේ හොඳ නරක දෙකම තියනවා නේ..
    පාරම්පරික ක්‍රමයෙන් බැහැර වෙලා රට වෙනස් මගින් දියුණු උනා. ඒක හොඳයි.
    පාලන ක්‍රමය අලුත් වුනා. ඒක ඉතාම යහපත්. අධාර්මික ඒකාධිපතියෙකුගේ පාලනයක් මොනවගේ වෙන්න ඇද්ද කියලා අපිට නම් මේ ජීවිතේදිම පොඩි අත්දැකීමක් ලැබුනානේ. ඉතින් අධාර්මික රජෙක් රජ වුනොත් කොහොම වෙයිද කියලා හිතා ගන්න පුළුවන්.

    රටේ බෞද්ධ සංස්කෘතිය, සදාචාරය, ගුණධර්ම එහෙම්පිටින්ම පිරිහුණා. ඒක ඛේදවාචකයක්.
    සංස්කෘතියට, සදාචාරයට, ගුණධර්ම වලට එකතු වෙච්චි හොඳ දේවලුත් තියනවා. එත් බටහිර විසබීජ වැඩි නේ? මොලයක් තියන මිනිස්සු නම් ඒක බැලන්ස් කර ගත්තා. එත් ඉතින් මුග්ධකම කියන්නේ ලංකාවට අවේනික දේශීය දෙයක් නේ!
    රටේ බෞද්ධ සංස්කෘතිය, සදාචාරය, ගුණධර්ම එහෙම්පිටින්ම පිරිහුණා. ඒක ඛේදවාචකයක්.
    ඔක උනෙහ් කළු සුද්දොන්ගෙන් සුද්දහ් රටින් ගියාටහ් මොකදහ් කළු සුද්දො ඉතුරු කරලාහ් ගියේ උන් කරපු මගුලක් නැහැහ් අපේ එවුන්ම තමා සංස්කෘතිය, සදාචාරයට කෙලෙව්වේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ 1815 රට සුද්ද්ඩට දුන්නු එක ලොකු දෙයක්. නැත්නම් අදටත් නුවර උන් එහෙට වෙලා ඉන්නවා ගල විදගන්න බැරුව, කෝච්චි අදටත් දුවන්නේ සුද්දගේ කාලේ හදපුවා වල. අනික අවුරුදු 10 ක් රජෙක් කියලා වගේ එකෙක් රට පාලනය කරලා හොඳට තේරුනා ඒ කාලේ රජවරු කොහොම ආධිපත්‍යයකින් ඒකාධිපති පිය පුතු උරුම කම අරගෙන රට පාලනය කර කර මිනිස්සුන්ව තලන්න පෙලන්න ඇද්ද කියලා.

    සුද්දා කරපු එකම ගොන් කම 1948 අපේ අයියලට රට බාරදීලා යන්න ගියපු එක. එහෙම නොගියන අද අපේ රටත් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ දියුනු වෙලා.

    Hatz off.
    Oka thamai mchn aththa.eth Oka pipigann godak minissu akamathi
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එකත් ඇත්තහ් බ0 එහෙනම් අද මහින්දයාහ් රනිල්ලා වගෙහ් රට විකුනන් කනහ් නායකයොත් නැහැහ් මිට වඩා ස0වර්දනයක් තියෙන්නහ් තිබ්බාහ් ඔකේ දෙපැත්තක් තියෙන්නහ් පුලුවන් බ0 සුද්දාහ් උනත් සුවර් නැති මුනියා ... තියෙනහ් සම්පත් ටිකටහ් කෙලලාහ් පනින්නහ් පුලුවන් :yes:

    හැම දේකම ප්‍රෝස් ඇන්ඩ් කොන්ස් තියෙනවා තමයි බං. ඒත් සාපේක්ශව හොඳක් වෙන්න තිබ්බා.දැන් උන් කරන්නේ තනිකරම රට හූරගෙන කන එකනේ. :yes::yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හැම දේකම ප්‍රෝස් ඇන්ඩ් කොන්ස් තියෙනවා තමයි බං. ඒත් සාපේක්ශව හොඳක් වෙන්න තිබ්බා.දැන් උන් කරන්නේ තනිකරම රට හූරගෙන කන එකනේ. :yes::yes:
    එක ඇත්ත බ0 අද තියෙනවට වඩා දෙයක් තියෙන්නහ් තිබ්බා :yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සුද්දා ආපු එකේ හොඳ නරක දෙකම තියනවා නේ..
    පාරම්පරික ක්‍රමයෙන් බැහැර වෙලා රට වෙනස් මගින් දියුණු උනා. ඒක හොඳයි.
    පාලන ක්‍රමය අලුත් වුනා. ඒක ඉතාම යහපත්. අධාර්මික ඒකාධිපතියෙකුගේ පාලනයක් මොනවගේ වෙන්න ඇද්ද කියලා අපිට නම් මේ ජීවිතේදිම පොඩි අත්දැකීමක් ලැබුනානේ. ඉතින් අධාර්මික රජෙක් රජ වුනොත් කොහොම වෙයිද කියලා හිතා ගන්න පුළුවන්.

    රටේ බෞද්ධ සංස්කෘතිය, සදාචාරය, ගුණධර්ම එහෙම්පිටින්ම පිරිහුණා. ඒක ඛේදවාචකයක්.
    සංස්කෘතියට, සදාචාරයට, ගුණධර්ම වලට එකතු වෙච්චි හොඳ දේවලුත් තියනවා. එත් බටහිර විසබීජ වැඩි නේ? මොලයක් තියන මිනිස්සු නම් ඒක බැලන්ස් කර ගත්තා. එත් ඉතින් මුග්ධකම කියන්නේ ලංකාවට අවේනික දේශීය දෙයක් නේ!

    අනිවා මචං. හොඳ වගේම නරකත් තියෙනවා ඕනේ දේක. ඒත් ඒ කාලේ රජවරු කොහොමට රට පාලනය ගෙනියන්න ඇද්ද කියලා නම් මට නියමෙට තේරුනා රජෙක් කියපු ඩමියක් අපිට කරපු දේවලින්. හරි දේ ‍තෝරගෙන වැරදි දේ අහක් කරලා පෙරාගන්න තිබ්බා බං මිනිස්සුන්ට එහෙමම බටහිර සංස්කෘතිය වැලද ගන්නේ නැතිව. :yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Hatz off.
    Oka thamai mchn aththa.eth Oka pipigann godak minissu akamathi

    :yes::yes::yes: දීර වීර මහා පුරුශ සිංහල කම ඔලුවට ගහපු උන් බං. හැබැයි කන්නේ හැන්දෙන් ගෑරොප්පුවෙන්, කතා කරන්නේ කැඩිච්ච සිංහල. ඔහොම උන් තමයි වැඩිපුර ඉන්නේ. කවලං අවලං සින්හල උන්. හැබැයි සිංහල කම පපුවේ ඇහුවොත් නම්. ඒකත් අර අරුණ 47 තොගේ අම්මට හු@#$$ කිය කියා බුද්ධාගම ආරක්ෂා කරගන්න කිරියේ ත්‍රෙඩ් දැම්මා වගේම සීන් එකක්.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුද්දා රට අල්ලපු එක හොදයි ඒකෙන් තමයි රාජ්‍යය ක්‍රමය නැති වෙලා රට ප්‍රජාත්‍රන්තවාදයට එන්න පාර කැපුනේ.
    සුද්දා රට ඇල්ලුවේ නැත්නම් තාම මේ රට රජෙක් පාලනය කරන්නේ ,එහෙනම් මිනිස්සුන්ට කිසිම බලයක් නෑ. රජාට ඕන දෙයක් කරන්න පුලුවන්. උබලගේ හිටියොත් ලස්සන කවුරු හරි ගෑණු කෙනෙක් ඒකිව උසස්ගෙන ගිහින් හු*න්න උනත් රජාට අයිතිය තියෙනවා, උබලගේ ගම් ඉඩම් ඕන දෙයක් බලෙන් පවරාගන්න අයිතිය තියෙනවා, උබලව ඕන වෙලාවක ඕන දේකට මරන්න රජාට බලය තියෙනවා. සුද්දා අපෙන් ගොඩක් දේවල් උදුරාගත්තා නමුත් සුද්දා යනකොට අපිට ප්‍රජාත්‍රන්තවාදය දීලා ගියා, ඒක තමයි අපිට ලැබිච්ච ලොකුම දේ. අනුරාධපුර යුගය වගේ යුගවලට වර්තමාන යුගය සමකරන්න බෑ, ඒ කාලේ මිනිස්සු උගත් නෑ වැඩියේ ඉතින් ප්‍රජාත්‍රන්තවාදයක් ගැලපෙන්නේ නෑ නමුත් දැන් මිනිස්සු උගත් ඉතින් මිනිස්සුන්ට රටක් පාලනය කරන්න පුලුවන් තමන්ට කැමති නායකයෙක්ව පත්කරගෙන.
     
    • Like
    Reactions: topkollek

    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    අපෝ 1815 රට සුද්ද්ඩට දුන්නු එක ලොකු දෙයක්. නැත්නම් අදටත් නුවර උන් එහෙට වෙලා ඉන්නවා ගල විදගන්න බැරුව, කෝච්චි අදටත් දුවන්නේ සුද්දගේ කාලේ හදපුවා වල. අනික අවුරුදු 10 ක් රජෙක් කියලා වගේ එකෙක් රට පාලනය කරලා හොඳට තේරුනා ඒ කාලේ රජවරු කොහොම ආධිපත්‍යයකින් ඒකාධිපති පිය පුතු උරුම කම අරගෙන රට පාලනය කර කර මිනිස්සුන්ව තලන්න පෙලන්න ඇද්ද කියලා.


    රජෙක් කියන්නේ තනිකර ඒකාධිපතියෙක් , හැබැයි රජතුමා ධාර්මික නම් රට පට්ටටම නැගල යනවා :yes:
     

    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    Radioactive;17978545 උබලගේ හිටියොත් ලස්සන කවුරු හරි ගෑණු කෙනෙක් ඒකිව උසස්ගෙන ගිහින් හු*න්න උනත් රජාට අයිතිය තියෙනවා[/QUOTE said:
    මොනවද මේ කියන්නේ?? :angry: