නමුදු නුඹගෙ උපමා රූපක එතරම් සිත් කා නොවදි.
යුවතියකගෙ උකුල වට්ටක්කා ඵලයකට සම කිරිම තරමක් ග්රම්ය නොවෙද.
එවන් අඩූපාඩූ මෙයින් මත්තටවත් සැලකිල්ලට බදුන් කරතොත් තොපගෙ අනාගතය සුපැහැදිලිය.
(උපහාසාත්මක සිනහවක් පායි ) තොප කීමට යන්නේ අප ගුරු
(සිනාහසෙමින්) මිත්*රය නුඹට මෙම ආරංචිය කෙළෙස සවන වැකුණිද ?
Good evening කියලා අපි ඔයාලයව පිළිගන්නවා.
අද අපි ඔයාලා එක්ක එකතු වෙලා ඉන්නේ අපේ special ම special episode එකක් එක්ක.
HiMr. J ඉතිං කියන්නකෝ අපිට මේ ඔයාගේ මේ අළුත් product එක ගැන....!
(තරමක් ලජ්ජාශීලී ස්වරූපයෙන්)මෙම යන්ත්රය හදන්න මම වසර ගණනාවක් වෙහෙසුනා.මම ඉස්සර හරිම ආසයි කවි ලියන්න.ඒත් මට කවදාවත් ලස්සනට කවියක් ලියාගන්න බැරි උණා.මම අමාරුවෙන් හරි ලියපු ඒව කියවපු අය මට ඔච්චම් කලා.මගේ කවි කැතයි කියලයි එයාල කිව්වෙ.ඉතින් මම මානසිකව හුඟක් කඩන් වැටුනා.මම හරි ආසයි කවියෙක් වෙන්න.කවි ලියන්න.ඒත් මට එහෙම දක්ෂකමක් නැතිකොට මම මක් කරන්නද?.මම දහ අතේ කල්පනා කලා.නොකා නොබී කල්පනා කලා.ඔහොම ඉන්දැද්දි තමයි මට මේ කවි යන්ත්රය ගැන අදහස ඔළුවට ආවෙ.නමුත් මෙවැනි යන්ත්රයක් හදන්න තරම් මුදලක් මගේ අතේ තිබුණේ නැහැ.ඉතින් මට සිදු උනා මේකට අනුග්රාහකයෙක් හොයා ගන්න.ඉතින් මම ගියා දානපතියො හමුවෙන්න.නමුත් ඒ වැඩෙත් සාර්ථක උනේ නැහැ.ඒ අයගෙනුත් මට ලැබුණෙ උසුළු විසුළු පමණයි.කවි යන්ත්රයකින් මක් කරන්නද කියලයි ඒ උදවිය ඇහුවෙ.
(ඡනරංඡන වෙත බාධා කරමින්)
Ok ok.... හොදයි ඡනරංඡන ඔයා අපිට පොඩ්ඩක් explain කරන්නකෝ ඊට පස්සේ ඔයා මේ project එකට cash හොයාගත්තේ කොහොමද කියලා........