බටහිර විද්‍යාවක් හෝ වෙනත් මොනයම්ම හෝ විද්‍යාවක් ප්‍රතික්ශේප කරන්න නම් ඒ දැනුමේ අඩුපාඩු පෙන්වා දී එමගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධි පැහැදිලි කළ හැකි දැනුමක් හඳුන්වා දිය යුතුයි.. ඊට පසුව යටකී විද්‍යාව නැසී යාම සොබාදහම තීරණය කරාවි. පළමුව යටකී විද්‍යාව මනස්වලින් සෝදා දමා, යන යන තැන වාචාල කමට බැණ බැණ ගොස් පසුව නව විද්‍යාවක්( චින්තනයක්) ගොඩ නැගීම හුදෙක්ම විහිළුවකි.. ඒ බැව් නලින් ද සිල්වද හොඳා කාරවම දනී.. නොදන්නේ ඉතාම කුඩා 'එහෙයි' ගනයේ පිරිසක් පමණි..
දේශනය ඇහු අයගෙන් මට ප්‍රශ්නයක් අහන්නට තිබේ.. ගුරුත්වාකර්ශනය අදාල දේශකයාට දැනෙන අවයවයක් නැත්තා සේම මටද (සහ නලින්ටද) නාථ දෙවියන් ඇති බව දැනෙන අවයවයක් නැත්තේය.. නමුත් ඔහු කියන විදියට ගුරුත්වාකර්ශනය නැත නමුත් නාථ දෙය්යො ඇත. එකම ආකාරයෙ සංසිද්ධි දෙකක් වෙන වෙන ආකාර වලින් පැහැදීමේ ඔහුගේ මේ නව චින්තනය කුමක්ද?(ඔබලාට මෙය තේරේදැයි මට නොතේරේ..)
නලින් ට අනුව ග්‍රහ චලිතය සිදු වන්නේ වෙනස් වන ඉලිප්ස බව කෙප්ලර් නොදැනීම(ස්ථායී ඉලිප්ස වල බැව් සිතීම) බටහිර විද්‍යාවේ අඩුපාඩුවකි, ඔහු කියන ආකාරයට මෙය හොයා ගන්න කෙනා කෙලින්ම සංසිද්ධිය හා සම්බන්ධ සියලුම කරුණු එකවර සොයා ගත යුතුයි.. මෙය බටහිර විද්‍යාවෙන් හෝ ඔහු කියන ඊනියා චින්තනයෙන් නම් කෙසේවත් පැහැදිලි කල නොහැකිය.. සොබා දහම උව එකවර ගොඩ නැගුනක් නොවේ..
අවසාන වශයෙන් යමක් කීමට ඇත. බටහිර හෝ වේවා, පිටසක්වල හෝ වේවා අපට වැඩ ගතහැකි, ප්‍රයෝජනවත් විද්‍යාවක් මත යැපීම එයට අභියෝග කළ හැකි, විකල්පයක් බිහිවනතෙක් නතර කළ නොහැකි බවයි.. විකල්පය බිහි නොකර කොතරම් පවතින ක්‍රමය විවේචනයට ලක් කරත් වෙන සෙතක් නම් නැති..( එරෙහි විකල්පයක් නැතිව සන්ධානය ඡන්ද දිනන්නේ යම් සේද) . ඒ බැව් නලින් ලොක්කාද හොඳ හැටි දනී තවද, ඔහු ඔය කියන චින්තනය ඔහුගේ මේ ජීවිත කාලය තුල ලඟා කර ගැනීමට නොහැකි බවද හෙතෙම දනී.. නමුදු මේ යන විදිය හොඳය තමාට වැදුම් පිදුම් කරන සෙට් එකක් අද බිහිවී ඇත.. ඉතින් චින්තනය බිහි නොවුනාට ඇති වරඳ කිම? කිරීමට ඇත්තේ මසකට වරක් දෙවරක් සෙනග ගැවසෙන ස්ථානයකට ගොස් නිව්ටන්ගේ අම්මා මුත්තා මතක් කිරීම පමණි..
ප.ලි. - මාගේ ලොකෙශන් එක දෙතුන් දෙනෙකුට ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ.. මට කීමට ඇත්තේ "එය නිකම්ම ලොකේශන් එකකි".. ලොකේශන් එකේ අකුරු කීපයට මෙතරම් බය වන්නෙ මක් නිසාදැයි මට නොතේරේ.. බටහිර ????