සිංහල Buddhist ලට මොකද වෙන්නේ ?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    නියම බෞද්ධාගම යනු බලෙන් රැකිය යුතු දෙයක් නොව මිනිසුන්ගේ අවබෝධය මත ඉබේ රැකෙනා දෙයකි. නියම බෞද්ධයා යනු මම බෞද්ධ කියමින් ලෝකයටම පේන්න අණබෙර ගසමින් අධර්මයේ හැසිරෙන්නා නොව නිසොල්මනේ හිඳිමින් ධර්මය අවබෝධ කරගෙන ඒ අනුව ජිවත් වන්නා වේ.

    Good View
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    View attachment 57638
    උතුරට බලතල නොදුන්නොත් අවි අතට ගන්න සිදු වේවි – විග්නේශ්වරන්

    ‘උතුරු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අවශ්‍ය බලතල ලබා දීම ප්‍රතික්‍ෂේප කළහොත් යළිත් අවි අතට ගන්නා තත්ත්වයක් සිදුවිය හැකි’ යැයි දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැතිධුර අපේක්ෂක සී. වී. විග්නේෂ්වරන් යාපනයේ දී ප්‍රකාශ කළේය.

    විග්නේෂ්වරන් මේ බැව් ප්‍රකාශ කළේ ඉලංගෙයි තමිලරසු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
    තම ජනතාවට අනවශ්‍ය හමුදාවක් උතුරේ සිටිමින් ජනයාව පාලනය කරන්න ඉඩදීමට නොහැකි බවත්, ජනතා බලය ලැබුණෙහොත් හමුදාව උතුරෙන් ඉවත් කරන බවත් විග්නේෂ්වරන් සඳහන් කළේ ය.

    පළාත් සභා පනතට අනුව මධ්‍යම රජය පළාත් සභාවලට අවශ්‍ය අරමුදල් සැපයිය යුතුයි. එසේ තිබියදී අරමුදල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීම නීති විරෝධීයි. එසේ කළහොත් අප ඒ බව ජාත්‍යන්තරයට දැනුම් දෙනවා.

    යුද්ධය අවසන් වී සිව් වසරක්ම හමුදාව උතුරේ සිටීම අනුමත කළ නොහැකි බවත්, ඒ හමුදාව මේ පළාත් සභා ජයග්‍රහණයෙන් පසු උතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් විග්නේෂ්වරන් කියා සිටියේ ය.

    - මූලාශ්‍රය: රිවිර පුවත්පත.

    :lol:
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Published on Tuesday, 17 September 2013 03:00

    ඕක මහින්දගේ කාලයේ පරණ news එකක්.
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    ඇමසීන් කියන්නේ මුස්ලිම් එකෙක් නෙවෙයි බන්, ඇමසීන් කියන්නේ ආගමක් නැති එකෙක්, ඌ හැම ආගමකටම බනිනවා. ඌ නෙවෙයි මෛත්‍රී දිනවන්න කියලා campaign කරේ ,ඒක හැමදෙනාම මහින්දගේ දූෂීත පාලනය අදුන ගෙන ඊට එරෙහිව කරපු දෙයක්, විශේෂයෙන්ම JVP එකයි /වික්ටර් අයිවන් තමයි මේක පටන් ගත්තේ, එළකිරියට මහින්ද විරෝධි පාඨ ගෙනාවේ මේකේ ඉන්න JVP එකේ එවුන්. බෞද්ධාගම රකින්න කියලා මහින්ද ගේන්න කියන එකනේ උබලා කියන්නේ? යකෝ මහින්ද බෞද්ධාගම වෙනුවන් කරපු දෙයක් නෑ. මහින්ද දුටු ගැමුනූ රජුගේ කඩුව ඉස්සුවා, දුටු ගැමුණු රජු කියන්නේ බෞද්ධ ඉතිහාසයේ විශිෂ්ඨ රජ කෙනෙක්, මහින්ද බුදුන්ට නෑකම් පාන්න ගියා, මුස්ලිම් එවුන්ට පල්ලි හදන්න ඉඩකඩම් හොදට දුන්නා ඒවාට සහයෝගයත් දුන්නා, මඩකලපුවේ තියෙන එකම පන්සලටත් මැරයන් දාලා කරදර කරා, ඒ හාමුදුරු කියන ඒවා ඕනේ නම් බලන්න. රෙද්දක් කියන්න එපා බන්, මහින්දගේ කාලයේ හිටපු ආගමික කටයුතු ඇමති බෞද්ධාගම වෙනුවෙන් මොකුත් කරේ නෑ, මුස්ලිම් එවුන් පුලුවන් තරම් අධිකරණයටත් පැනගත්තා, මහින්ද කියන්නේ අනුන්ගේ පහනෙක් එළීය බලන එකෙක් ,මෑන්ස්ට බෞද්ධාගම ගැන කිසිම තැකීමක් නෑ , සිංහලකම ගැන කිසිම තැකීමක් නෑ. බොදුබල සේනාව කියන්නේ ඊට හපන් සංවිධානයක්. උන් බුද්ධාගමේ හරය වත් පිළිපදින්නේ නෑ, එහෙම එවුන් බුද්ධාගම රැකගන්න බෙරිහන් දෙන එක විහිළුවක්.

    බෞද්ධාගම රැකගන්න ඔය කවුරුවත් ඕනේ නෑ, ඒක අවුරුදු 5000 ක් තියෙනවා කිසිම ප්‍රශ්ණයක් නැතුව. ඒක නිසා බෞද්ධාගම රකින්න කලින් ,ඒක පිළිපැද්දා නම් ගොඩක් හොදයි.

    මමත් මෙච්චර කල් හිතාගෙන හිටියේ මහින්ද මහත්තයා බෞද්ධන්ගේ පැත්තේ කියල :angry: . ඒත් අපිව brainwash කරලා කියල දැනගත්තේ මේ ලඟදි :angry:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10806262_1523124347965107_77187709684729085_n.jpg
    රූපවාහිනි වැඩසටහනක රතන හිමියන් විසින් කරන ලද කතාවක් ඇසුනි. උන්වහන්සේට අනුව උතුරේ දෙමළ ජනයාට ගැටලු ඇත: කිලිනොච්චියේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කෑම බෙදන තැනක දිග පෝලිමකි. යාපනයේ දෙමළ තරුණයන්ට රැකියා නැත. මේ ආදී දීර්ඝ විස්තරයක් උන්වහන්සේ අතින් කෙරිණි. සුමන්දිරන් සමඟ ජනාධිපතිවාරණයට පෙර රහස් සාකච්ඡා පැවත්වූ බවද රතන සේක.

    මට මතක් වන්නේ චම්පික රණවක මහතා මීට මාස කීපයකට පෙර මෙල්බන් නුවරදී පවත්වන ලද දේශනයයි. එම දේශනයේ 3/4 පමණ වැය වූයේ උතුරේ දෙමළ බෙදුම්වාදය ගැනයි. (ඉතිරි 1/4 මුස්ලිම් ප්‍රශ්නය ගැනයි.) චම්පික රණවක මහතා කීවේ උතුරේ ආණ්ඩුව දැවැන්ත සංවර්ධනයක් කරගෙන යන බවයි. උතුරේ දෙමළ ජනයා හමුවූ අවස්ථාවක ඔබලාට ඇති ප්‍රශ්න මොනවාද යන්න ඇසූ විට ලැබුණ පිලිතුර "පිටරටින් එන සල්ලි ගන්න වැඩිපුර ඒ.ටී.එම්. මැශින් ටිකක් සවිකර දෙන්න" බව ඔහු සභාව සිනා සයුරේ ගිල්වමින් කියා සිටියේ ය. තවත් ගොඩක් කතා කීවේය. නන්දිකඩාල් කලපුවේ ජීවත්වන සිංහල මිනිහට ඉස්සෝ අල්ලන්න බෝට්ටුවක් දාගන්න දෙමළ මිනිහා ඉඩ නොදෙන බව ඔහු කියා සිටියේ ය. "මිත්‍රවරුනි ජීවිත 27,000ක් පුදා අපි ලබාගත් ජයග්‍රහණය මේකද?" ඔහු අපෙන් ඇසීය.

    නමුත් රතන හිමියන්ට අනුව දෙමළ ජනයාට විශාල ගැටළු ඇත. ජාතියේ ගැලවුම් කරුවන් වන ඔබලා කියන දේ අපි අසා සිටිමු. නමුත් මගේ හිතේ පුංචි ප්‍රශ්නයක් හැමවිටම පැන නගී. ඒ සිංහල හෝ දෙමළ ජනයාට ඇති ගැටලු හෝ ජාතියේ ඉරණම වැනි බරපතළ එකක් නොවේ. අර එදා චම්පික රණවක මහතා නන්දිකඩාල් කලපුවේ සිටියාය කියූ ඉස්සා දැන් ඉන්නේ කොහේද යන්නයි
     
    කොරියාවේ බෞද්ධාගම නැති වුනත්, තිබුනත් ඒක ඒ තරම් ප්‍රශ්නයක් නෑ ,උන්ගේ තියෙන්නේ මහායානයයි, මහායානය කියන්නේ පිරිසිදු බුද්ධ ධර්මය නෙවෙයි ,ථේර
    වාදය තමයි පිරිසිදු බුද්ධ ධර්මය කියන්නේ. බුද්ධාගම කියලා නමට තිබ්බට වැඩක් නෑ ,බුදුන් දෙසපු ධර්මය විකෘතිකරලා නම් ඒක නිසා අපිට වටින්නේ ථේරවාදය පවතිය රටවල්. ලෝකයේ ථේරවාදී රටවල් 5 ක් තියෙනවා තායිලන්තය, බුරුමය, ලංකාව, ලාඕසය, කාම්බෝජියාව ,බටහිර රටවල් වලත් සැලකිය යුතු ප්‍රමාණයක් ථේරවාදය පවතිනවා. බටහිර ස්වාමින් වහන්සේලා විසින් ලොකු ධර්ම ප්‍රචාරයක් ගෙනියනවා මේ ථේරවාදය ගැන, ඒකෙන් නිතිපතා බුද්ධාගමට සැලකිය යුතු ප්‍රමණයක් එක් වෙනවා ,මට මතකයි youtube එකේ videos upload කරන යුටධම්මෝ කියලා හාමුදුරු කෙනෙක් හිටියා, ඒ හාමුදුරු බටහිර විශාල ධර්ම ප්‍රචාරණයක් ගෙනියනවා. ඒ වගේම බුද්ධාගමේ තියෙන ගැඹුරු තැන් බටහිරයන්ට සරලව පැහැදිලි කරලා videos විශාල ප්‍රමාණයක් upload කරල තිබුනා.
    https://www.youtube.com/user/yuttadhammo

    අපි බුද්ධාගම රකින්න ඕනේ නෑ ,අපි කරන්න ඕනේ ,ඒක පුලුවන් තරම් අන් අයට හදුන්වා දීම සහා ඒක පිළිපැදීමයි, අපි අන් අයට අපේ ධර්මයෙන් ආදර්ශයක් වෙනකොට, මිනිස්සුන්ට අපිව ප්‍රිය වෙනවා, ප්‍රිය වෙච්ච මනුෂ්‍යයෝ එතකොට අපේ ධර්මය පිළිගන්නවා. ඉස්සර නම් යුද්ධ කරන්න වුනා අපේ දේවල් රැකගන්න නමුත් දැන් තියෙන්නේ ප්‍රජාත්‍රන්තවාදය, එතකොට මිනිස්සු තමයි මිනිස්සුන්ට ඕන කරන දේවල් තීරණය කරන්නේ, මිනිස්සුන්ට යම් දෙයක් ප්‍රිය මනාප වෙන තරමට , ප්‍රයෝජනවත් වෙනතරමට තමයි මිනිස්සු ඒක බාරගන්නේ ඒක නිසා බුද්ධාගම රැකිය හැක්කේ පුලුවන් තරම් ධර්මය ප්‍රචාරණය කිරිමෙන් සහා, ඒක පිළිපැදලා අන් අයට ආදර්ශ‍යක් වීමෙන් පමණයි, උදාහරණයකට කිව්වොත් මුස්ලිම් එකෙක් දැකපු ගමන් ගොඩක් බටහිර එවුන්ට බයක් ඇති වෙනවා/ ඒ තරම් ප්‍රිය මනාව බවක් ඇති වෙන්නේ නෑ, මොකද උන්ගේ එවුන් බෝම්බ පුපුරවන නිසා, ත්‍රස්තවාදී වැඩ කරන නිසා, මිනිස්සුන්ව බය කරන නිසා, මුස්ලිම් රටවල ගෑනුන්ව /අන් ආගමිකයන්ව දෙකේ කොළයට දාලා සලකන නිසා, හොද මුස්ලිම් එවුන් ඉන්න පුලුවන් නමුත් පෙළක් මුස්ලිම් එවුන් කරන වැඩ නිසා සමස්ථ මුස්ලිම් ප්‍රජාවගේ තත්වයට හානි වෙලයි තියෙන්නේ, මේක නිසා ගොඩක් එවුන් ස්ලමය හැර යනවා, මුස්ලිම් එවුන්ව කොන් කරනවා, මුස්ලිම් එවුන්ට ත්‍රස්තවාදියෝ කියනවා, ඉතින් අපිත් උන්ගේ තත්වයට වැටුනොත්, අපිටත් වෙන්නේ ඒකයි, මේකෙන් ඊට පස්සේ හානි වෙන්නේ බුද්ධාගමටයි, ඊට පස්සේ මිනිස්සුන් බුද්ධාගම ගැනත් හිතන්න ගන්නවා ,ස්ලාම් ගැන හිතනවා වගේ, එතකොට කවුරුත් බුද්ධාගමට එන්නේ නැති වෙනවා.

    අශෝක අධිරාජ්‍යය වුනත් බුද්ධාගම වැළද ගත්තේ, අහඹු ලෙස දැකපු කුඩා සාමනේර වහන්සේ කෙනෙක්ගේ සිල්වත් කම ගැන පැහැදිලානේ, බොදුබල සේනාවේ හාමුදුරු කෙනෙක්
    අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ හිටියා නම් අශෝක අධිරාජ්‍යයාට ඒ පැහැදීම අතිවේවිද? කොහොමවත්ම නෑ, එහෙනම් ලංකාවට බුද්ධාගම එන්නෙත් නෑ. ඉතින් බොදුබල සේනාව වගේ සංවිධාන වලින් කරන්නේ, බුද්ධාගම රැකගන්න එක නෙවෙයි, බුද්ධාගම විනාශ කරන එකයි. අනික බන් මහින්ද බොදුබල සේනාව හදාගත්තේ සිංහල බෞද්ධයන්ගේ ජන්ද ටික කඩාගන්න මිසක් බෞද්ධාගමට සේවය කරන්න නෙවෙයි. උන් දළදා මාළිගව ඉස්සරහා රේස් පදින කොට මොකකවත් කිව්වේත් නෑ.

    මචං ඔය විදිහට අපි නිකන් හිටියොත් කවදාවත් බුදුදහම රැකෙන්නේ නැහැ, ඉස්සර ඉන්දියාව, බංගලිදේශයත් ථෙරවාදී බෞද්ධ රටවල්, (දන්නා විදිහට ඇෆ්ගනිස්තනෙත් ථෙරවාදී බෞද්ධ රටක්) . උබ දන්නවා ඇතිනේ සුද්දගේ කාලේ දන්ත ධාතුන් වහන්සේව රැකගන්න කොච්චර අමාරු උනාද කියන එක. එදත් අද ඉන්න උබල වගේ එවුන් එදත් කියන්න ඇති ඕව රකින්න ඕනේ නැහැ කියල ඔය ටිකම. එත් එදා හාමුදුරුවරු ඒ විදිහට කැපවීම් කරලා අවහින්සවෙන් ඒ දේවල් රැකපු නිසා තමයි අදත් ඒවා පවතින්නේ.
    මචං දේශපාලන පක්ෂෙකට කඩේ ගියාට කමක් නැහැ, එත් ඒ දේශපාලුවෝ රකින්න දිව හැරුන හැරුන විදිහට මේ වගේ කතා කියන්න එපා.
    කැපුවත් කොළ, කැපුවත් නිල්, JVP කණ්නාඩි දාගෙන මේ ප්‍රශ්න දිහා බැලුවොත් උබල අපි හැමදාම පරාදයි.
    මතක තියාගන්න, ඔය එක දෙස්පාලුවෙක්වත් සෝවාන් පලය තියා ආර්ය අෂ්ටාංගික මාර්ගයවත් දැකපු එවුන් නෙමෙයි කියල. උන් හැමදාම වැඩ කරන්නේ තමුන්ගේ සහ තම පක්ෂයේ ගොඩ වඩාගන්න විතරයි. එක නිසා උන් කවදාවත් අපේ ජාතිය ආගම රකින්න එන්නේ නැහැ.
    මම කියන්නේ නැහැ BBS වගේ වෙන්න ඕනේ කියල. එදා එස්. මහින්ද හිමි මෙහෙම කිව්වේ වැරදිලා නෙමෙයි.

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙලො වේ
    සමත් වෙතොත් පුත නුබ වේ

    මේක අහල නැත්නම් අහල බුද්ධියෙන් විමසන්න.
     
    ජෙප්පෝ කතාකලේ රටේ මිනිස්සු වෙනුවෙන් රටේ මිනිස්සු බෞද්දයෝ කියලා ඔය පිළිඅරන් තියනවා නේද?? ජාති ආගම් බෙදාගෙන කතා නොකරපු බච්ව ඇත්ත. පොදුවේ ලනවේම මිනිසු වෙනුවෙන් කතා කලාම බුද්දාගම ට අයිති මිනිසූන් වෙන කුලකයක්ද?? රටේ හොරකම් දුෂණය ගැන මිනිසුන්ගේ සල්ලි හොරකම් කිරීම් ගැන මිනිසුන්ට අවබෝද කරලා දුන්නේ ජ්ව්ප් එක.

    වෙන න්‍යාය පත්‍ර නැතුව බුද්දාගම ගැන කතා කරපු එක දෙහ්ස්පලන සන්විදනයක් කියන්න??

    උබ හැමෝටම බනිනව මොකද්ද උබේ මතවාදය?? අන්තිමයට සිංහලයට කෙලෙවෙන්ව කියනවා?? එතින් ඒ වෙනුවෙන් උබේ යෝජනාව ?? ඥාසාර හාමුදුරුවෝද?? මොකද්ද බිඅක් ගනී මැරිච්ච මිනිහ වගේ විලපතිය තිය ඉන්නේ නැතුව එක කියපන්කො?

    JVP රටේ හොරකම් දුෂණ ගැන බය නැතුව කෙලින් කතා කරනවා, එක ගොඩක් හොදයි. (ඒ විදිහට කෑ ගහන්න වෙන එවුන් නැති නිසා)
    හැබැයි ඒ විදිහට ඇයි කුරගල ප්‍රශ්නෙදි, පුත්තලම පැත්තේ අර කැලේ කපල හම්බ ජනාවාසයක් හදද්දී (නම හරියට මතක නැහැ) කෑ ගහන්නේ නැත්තේ?

    මගේ මතය දේශපාලුවන්ට කඩේ යන්නේ නැහැ කියන එක. එහෙම කඩේ ගියොත් අපි නොදැනුවත්වම උන්ගේ වැරදි සුද්ද කරන්නත් අපිව පෙලබෙනවා.
    උදාහරනෙකට එරෝසන් ගන්න, ඌ සන්දානෙට කඩේ යනවා, හොරු රකිනවා.
    මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලත් එහෙමම තමයි.
    අන්න එකයි මම කිව්වේ එහෙම රැවටිලා මේ දේශපාලනය කරලා වැඩක් නැහැ කියල.
    මම කියන්නේ හැම එකාම පක්ෂ වලට කඩේ නොයා දේශපාලුවන්ගේ කතා 100% ක් විස්වාස නොකර වැරැද්ද වැරැද්ද විදිහට කියල දුන්නොත් උන්ගේ බලේ බිදෙනවා, එතකොට හොරු කවදාවත් රජ වෙන්නේ නැහැ. උන් බය වෙනවා. දැන් තියෙන විදිහට වෙන්නේ ඔළුගෙඩි මාරුවක් විතරයිනේ.
    අපිට හැමදාම එක නිසා වෙන්නේ මෙන්න මේ දේ.
     
    Encounter

    Banned
    Nov 13, 2014
    52
    1
    0
    කෑප්ටන් Jack Sparrow;17773132 said:

    ජාතිවාදි වැඩ ජවිපෙට අදාල නැහැ. :no:
     
    ජාතිවාදි වැඩ ජවිපෙට අදාල නැහැ. :no:

    එතකොට එතන වෙන වැරැද්ද ජාති වාදී. හාකෝ :P
    ඒ අසාදාරනය හොදයි එතකොට.
    එතන නිදන් කඩල ඒවා හොරකම් කරලා සිංහල උරුමේ විනාස කරන එක හොරකමක්, දුෂණයක් නෙමෙයි එතකොට. :P

    උබලත් හරියට තම්බියගේ තොප්පිය වගේ බන් කතා කරන්නේ. :rofl::rofl::P:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෑප්ටන් Jack Sparrow;17773174 said:
    එතකොට එතන වෙන වැරැද්ද ජාති වාදී. හාකෝ :P
    ඒ අසාදාරනය හොදයි එතකොට.
    එතන නිදන් කඩල ඒවා හොරකම් කරලා සිංහල උරුමේ විනාස කරන එක හොරකමක්, දුෂණයක් නෙමෙයි එතකොට. :P

    උබලත් හරියට තම්බියගේ තොප්පිය වගේ බන් කතා කරන්නේ. :rofl::rofl::P:P
    :yes::yes::yes::yes::yes:
     
    Encounter

    Banned
    Nov 13, 2014
    52
    1
    0
    කෑප්ටන් Jack Sparrow;17773174 said:
    එතකොට එතන වෙන වැරැද්ද ජාති වාදී. හාකෝ :P
    ඒ අසාදාරනය හොදයි එතකොට.
    එතන නිදන් කඩල ඒවා හොරකම් කරලා සිංහල උරුමේ විනාස කරන එක හොරකමක්, දුෂණයක් නෙමෙයි එතකොට. :P

    උබලත් හරියට තම්බියගේ තොප්පිය වගේ බන් කතා කරන්නේ. :rofl::rofl::P:P
    කීබෝඩ් එක උස්සන් දඟලන උඹ මොනවද දන්නෙ? අඩු තරමෙ විල්පත්තුවෙ හුලඟවත් වැදිල තියෙනවද? ඒක නිසා නොදන්න පයනු කතා නොකර හිටපන්.:frown:

    අනිත් උන්ටවත් දැනගන්න වෙච්ච දේ හරියටම කියන එක හොඳයි. 2009 යුද්දෙ දිනුවයින් පස්සෙ විල්පත්තු කැලේ කිට්ටුව නාවික හමුදා කඳවුරක් දාලා නාවික හමුදාවෙන් ස0චාරක ව්‍යපෘතියක් හැදුවා. අක්කර ගානක් ලොකු ප්‍රොජෙක්ට් එකේ තැන් තැන්වල හොටෙල් හැදුව. එතකොට එහෙ හිටපු සින්හල දෙමල මුස්ලිම් පවුල් සිය ගානකට ඉන්න හිටින්න තැනක් නැතිවෙලා ඉන්නකොට රිශාඩ් තව ලේකම්වරයෙක් එක්ක එකතුවෙල විල්පත්තු කලේ වැට අයිනෙ තිබුන වන ස0රක්ශන ඉඩමක මිනිස්සු පදි0චි කලා. විල්පත්තු කැලේට හානියක් වුනේ නැතිවුනාට මේක නීතිවිරෝධි වැඩක් නිසා ජවිපෙ මේ ගැන පාර්ලිමේන්තුවෙ නම් ගම් එක්කම කත කලා. එතකොට අර තොපේ බොදුබලසේන කියාගන්න ගෝටගෙ තෝල්කයො සෙට් එක මුස්ලිම් මිනිස්සු ටික විතරක් පෙන්නල ජාතිවාදි ගැටයක් ගැහුව. දැන් දුක තුනීවෙන්න කුනුහරුපයක් දෙකක් කියල සරම උස්සල සි0හලකම පෙන්නල බුදියගනින්
    :nerd:
     
    • Like
    Reactions: SLinKy
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    කෑප්ටන් Jack Sparrow;17772739 said:
    මචං පොඩි දෙයක් වැරදිලා, අවුරුදු 5000ක් තියා 500ක් වත් තියෙන්නේ නැහැ රකින්න කවුරුවත් හිටියේ නැත්නම්.
    කොරියාව, බ්‍රසීලය, බංගලිදේශය වගේ රටවල් උදාහරනෙකට ගනින්,
    බ්‍රසිලේ උන්ටම ආවේනික භාෂාවක් තිබ්බ, එත් එක අද වෙනකොට නැහැ, දැන් උන්ගේ භාෂාවත් පෘතුගීසි භාෂාව, ඒ ලංකාව පෘතුගීසි ආක්‍රමණය කරපු කාලේ පෘතුගීසීන්ගේ උප්පරවැට්ටියට උන් අහුවුණ නිසා, එත් සිංහලයෝ (පුංචි රටක් වෙලත්) සිංහල භාෂාව එදා රැකපු නිසා අපිට සිංහල භාෂාව අදත් තියෙනවා.
    කොරියාවේ යටත් විජිත සමය වෙනකොට බෞද්ධයන් 80% කට වැඩිය හිටිය, එත් එදා ක්‍රිස්තියානි කරණය නිසා අද එහෙ ආගම ක්‍රිස්තියානි, අදහන පිරිස 90% ටත් වැඩියි.
    බන්ගලිදෙශේ ඉස්සර (මෑත අතීතයේ) බෞද්ධ රටක්. එත් මුස්ලිම් බහුතරය (50%ට වැඩි උන ගමන්) බෞධ්ධයන්ව සමුල ඝාතනය කරලා අද එක මුස්ලිම් රටක්.
    මේ හැමදේම උනේ පහුගිය අවුරුදු 400 ය ඇතුලත.
    බුද්ධියෙන් උබම විමසපන් අපි රැක්කේ නැත්නම් බුදුදහම තව අවුරුදු 2400ක් කොහොම රැකෙවිද කියල?​

    True..:yes::yes::yes:
     
    කීබෝඩ් එක උස්සන් දඟලන උඹ මොනවද දන්නෙ? අඩු තරමෙ විල්පත්තුවෙ හුලඟවත් වැදිල තියෙනවද? ඒක නිසා නොදන්න පයනු කතා නොකර හිටපන්.:frown:

    අනිත් උන්ටවත් දැනගන්න වෙච්ච දේ හරියටම කියන එක හොඳයි. 2009 යුද්දෙ දිනුවයින් පස්සෙ විල්පත්තු කැලේ කිට්ටුව නාවික හමුදා කඳවුරක් දාලා නාවික හමුදාවෙන් ස0චාරක ව්‍යපෘතියක් හැදුවා. අක්කර ගානක් ලොකු ප්‍රොජෙක්ට් එකේ තැන් තැන්වල හොටෙල් හැදුව. එතකොට එහෙ හිටපු සින්හල දෙමල මුස්ලිම් පවුල් සිය ගානකට ඉන්න හිටින්න තැනක් නැතිවෙලා ඉන්නකොට රිශාඩ් තව ලේකම්වරයෙක් එක්ක එකතුවෙල විල්පත්තු කලේ වැට අයිනෙ තිබුන වන ස0රක්ශන ඉඩමක මිනිස්සු පදි0චි කලා. විල්පත්තු කැලේට හානියක් වුනේ නැතිවුනාට මේක නීතිවිරෝධි වැඩක් නිසා ජවිපෙ මේ ගැන පාර්ලිමේන්තුවෙ නම් ගම් එක්කම කත කලා. එතකොට අර තොපේ බොදුබලසේන කියාගන්න ගෝටගෙ තෝල්කයො සෙට් එක මුස්ලිම් මිනිස්සු ටික විතරක් පෙන්නල ජාතිවාදි ගැටයක් ගැහුව. දැන් දුක තුනීවෙන්න කුනුහරුපයක් දෙකක් කියල සරම උස්සල සි0හලකම පෙන්නල බුදියගනින්
    :nerd:

    කවුද බන් BBS ගැන කිව්වේ, මේ කතාව එලියට ආවේ BBS නිසා උනාට මම මේක කිව්වේ උන්ට කඩේ යන්න නෙමෙයි, මාත් BBS වල ක්‍රියා පිළිවෙලට, ජනදිපතිවරණේ කඩේ ගිය දවසේ ඉදන් විරුද්දයි. :P
    එතකොට උබ කිව්ව අනාත උනා කිව්වානේ සිංහල දෙමල මුස්ලිම් මිනිස්සුන්ව. එතකොට ඇයි තොපි එහෙනම් එදා රිෂාඩ් හම්බය, හම්බයෝන්ව විතරක් පදිංචි කරවද්දී උබ කියපු සිංහලය වෙනුවෙන් හඩක් නැගුවේ නැත්තේ?
    මොකද කුරගල ප්‍රශ්නේ අමතක කරන්නේ?
    අනේ පලයන් බන් යන්න, මෙතන එනවා සුදනෝ වෙන්න. :P
     
    Encounter

    Banned
    Nov 13, 2014
    52
    1
    0
    කෑප්ටන් Jack Sparrow;17773324 said:
    කවුද බන් BBS ගැන කිව්වේ, මේ කතාව එලියට ආවේ BBS නිසා උනාට මම මේක කිව්වේ උන්ට කඩේ යන්න නෙමෙයි, මාත් BBS වල ක්‍රියා පිළිවෙලට, ජනදිපතිවරණේ කඩේ ගිය දවසේ ඉදන් විරුද්දයි. :P
    එතකොට උබ කිව්ව අනාත උනා කිව්වානේ සිංහල දෙමල මුස්ලිම් මිනිස්සුන්ව. එතකොට ඇයි තොපි එහෙනම් එදා රිෂාඩ් හම්බය, හම්බයෝන්ව විතරක් පදිංචි කරවද්දී උබ කියපු සිංහලය වෙනුවෙන් හඩක් නැගුවේ නැත්තේ?
    මොකද කුරගල ප්‍රශ්නේ අමතක කරන්නේ?
    අනේ පලයන් බන් යන්න, මෙතන එනවා සුදනෝ වෙන්න. :P

    කොහෙද බත්ගොට්ටො මුස්ලිම් උන් විතරක් පදින්චි කලේ? සින්හල දෙමල ගම් දෙකකුත් ඒ කැලේ හදල දුන්න. දැන් සින්හල දෙමල මුස්ලිම් සේරම උන් කැලෙන් එලියට දාල වෙනම ගෙවල් දෙන්න හදන්නෙ ඇයි අවුල්ද?

    ඥානසාරගෙ සිවුර අස්සෙ හැන්ගිලා හිටපු දැන් චූන් වෙලා බුරනව.:rofl::rofl::rofl:

    බත්ගොට්ටටගෙ ල0කා සිතියමේ තියෙන්නෙ කුරගල විතරයි :rofl:
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    මූලාශ්‍රය: රිවිර පුවත්පත.

    යුද්ධය අවසන් වී සිව් වසරක්ම හමුදාව උතුරේ සිටීම අනුමත කළ නොහැකි බවත්, ඒ හමුදාව මේ පළාත් සභා ජයග්‍රහණයෙන් පසු උතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් විග්නේෂ්වරන් කියා සිටියේ ය.

    - මූලාශ්‍රය: රිවිර පුවත්පත.