තීරු බදු රහිත වාහන බලපත්‍ර ප්‍රශ්නයෙ කෙලවරට නැවතත් වෛද්‍යවරුන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගැනීම...ජනතා මුදලින් ඉගෙනගෙන පුද්ගලික සේවයෙ යෙදීම වැනි මාතෘකා රැසක් සමාජයෙ කතා බහට ලකව ඇත..
වෛද්‍යවරුන් යනු නිදහස් අධ්‍යාපනයෙන් ඉහලම ප්‍රයොජන ගත් පිරිසයි..අනෙක් සැමටම නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයොජන ගැනීමට සමාන අවස්තා ලබාදී තිබියදී වෛද්‍යවරුන් ඇතුලු සුලුතරයක් ජනතාවගෙ මුදල් නාස්ති නොකොට එයින් උපරිම ප්‍රයොජන ලබා බදු ගෙවු ජනතාවට සාධාරනයක් කරයි..
නමුත් නිදහස් අධ්‍යාපනය සම්බන්ධව ඈදා ගනිමින් වෛද්‍යවරුන්ට චෝදනා කරන බහුතරයක් නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයොජන නොගෙන ජනතාවගෙ මුදල් කාබාසිනියා කලවුන්ය..ඔවුන්ට එය නොතෙරීමත් හාස්‍යයට කරුනකි.
එලෙසම රටක නිදහස් සෞඛ්‍ය..නිදහස් අධ්‍යාපනය වැනි යම්කිසි සේවාවන් පවත්වාගෙන යාමට නම් මුදල් තිබිය යුතුය .. ඒ සදහා බදු ක්‍රමයක් මගින් මුදල් ලබාගෙන එම සේවා ජනතාවට ලබාදීම යනු සේවය ලබන එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට ණය වීම නොවේ..
එලෙස බැලුවහොත් වෛද්‍යවරුන්ද බදු ගෙවා නිදහස් සෞඛ්‍ය සේවය සදහා වැඩි වශයෙන් දායක වී ඇති නිසා රෝගීන්ද වෛද්‍යවරුන්ට ණයවී ඇත..මෙලෙස් උදාහරන ගණනාවක් දැක්විය හැක..නමුත් බහුතරයකට අවශ්‍ය වෛද්‍යවරුන්ට කෙසේ හො පහර දීමට මිස ඇත්ත ඇති සැටියෙන් තෙරුම් ගැනීමට නොවේ..
එලෙසම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව කෙලින්ම රාජ්‍ය සේවයට පැමිණෙන එකම පිරිස වෛද්‍යවරුන් පමණි.එනම් බොහො අය කියන පරිදි ඔවුන් රජයෙ මුදල් වලින් ඉගෙන ගෙන රජයටම සේවයකරයි.. නමුත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබන අනෙකුත් ඉන්ජිනේරු.. කලමනාකාර වැනි උපාධිධාරින් බහුතරයක් සේවය කරන්නෙ පුද්ගලික හෝ බහුජාතික සමාගම් හෝ වෙනත් රටකට කියා බොහො දෙනෙකුට අමතක වෙති..එවිට ඔවුන් ගෙවූ බදු මුදල් පිලිබ්ඳ ඔවුන්ට ප්‍රශ්නයක් නැත..
වෛද්‍යවරයෙකු ලෙස මා වැඩකල මුල් අවුරුද්දෙ මාගෙ වැටුප පැයකට රු 50 කටත් අඩුය.. දිනකට පැය 24 ක සේවයක බැදී සිටිය යුතුය නිවාඩු නැත..නිවාඩු ලැබුනෙ නම් විශේෂඥ වෛද්‍යතුමාගෙ අනුකම්පාවෙන් පමනි.. නමුත් වගකීමෙ කිසිම අඩුවක් නැත..ඒ අපි මිනිස් ජීවිත සමග ගනුදෙනු කරන බැවිනි.. අදටත් අපේ වටුප ගැන සිතන විට මට හැගෙන දෙයනම් මා වෙනුවෙන් රජය වියදම කල ලක්ෂ 25 ට මා ණය නැති බවය.. නමුත් බහුතරයකට මෙය තේරුම් කරවන්නට යෑමම තේරුමක් නැති වැඩකි..
එලෙසම වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නෙ නම් රටපුරා පුද්ගලික වෛද්‍ය මධ්‍යාස්ථාන මේ තරම් බිහි නොවනු ඇත..අනෙක් අය මෙන් හවසට ගෙදරගොස් නිදහසෙ තම පවුල සමග ගත කිරීමට වෛද්‍යවරයාද කැමතිය.. නමුත් අවුරුදු 28ක් -30ක් ගොස් ජීවිතය පටන් ගන්නා කෙනෙක් ලෙස දැනෙන අවශ්‍යතා සදහා රජයෙ වැටුප පමනක් ප්‍රමානවත් නොවේ..
එලෙසම සාමාන්‍ය ජනයාට වෛද්‍යවරුන්ගෙ වැටුප ඉහල වැටුපක් ලෙස පෙනෙන්නෙ ඔවුන්ගෙ වැටුප අඩු නිසාය..ඔවුන්ගෙ වැටුප සාපෙක්ෂව පහල බව නොදත් නිසාය.
එලෙසම පුද්ගලික සේවය පිලිබ්ඳ බහුතරයක් දකින්නෙ වෛද්‍යවරයා නිවසට යනවිට ගෙන යන යන් මුදල් ප්‍රමාණය පමනකි..නමුත් එයින් වන සේවය පිලිබඳ අවබෝදයක් නැත..
අප කොපමණ රෝග හදුනා ගන්නවද..කොපමණ අමාරු ලෙඩුන් රෝහලට ඇතුල් කරන ලෙස උපදෙස් දී ජීවිත බේර ගන්නවද...කොපමණ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙනවාද යන්න කිසිවෙකුට නොපෙනෙ..අප ඉතිරි කර දෙන කාලය..ප්‍රවාහන ගාස්තු.. මහන්සිය කිසි කෙනෙකුට නොපෙනේ..
එලෙසම පුද්ගලික සේවය නොතිබුනි නම් රෝහල්වල බාහිර රෝගි අංශ පිරී ඉතිරී යනු ඇත..එවිට රජයට වැඩිවන වියදම පිලිබඳව බහුතරයකට අවබොධ්යක් නැත..
එලෙසම පුද්ගලික සේවයට බනින අයට කිව යුතු දෙයක් තිබේ..අප කිසි විටක රෝහලට නොයා ඩිස්පෙන්සරියට එන්න කියා කිසිවෙකුට බල කර නැත..කැමති අයට රෝහලට යා හැක..
අවසානයෙ කිවයුත්තෙ වෛද්‍යවරුන්ව විවේචනය කරන බහුතරයකට ඇත්තෙ රට ගැන.. නිදහස් අධ්‍යාපනය ගැන...රටෙ මුදල් ගැන.. කැක්කුමක් නොව අනවබෝධය සහ ඊර්ෂයාවයි...
-උපුටා ගැනීමකි
(මම වෛද්‍ය ශිෂ්‍යයෙකි)