සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

sl-memes

Member
Apr 18, 2014
317
24
0

සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අනාවැකිය

මගේ මතකය අනුව ඒ දෙදහස් දෙක වසරේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ විහාරයේ පවතී දහම් හමුවක ආරාධිත දේශනයක් පැවැත්වීමට මට ඇරයුම් ලැබිණි. කෙසේ හෝ මේ දේශනයේ මුල් අර්ධ්යේදීම මම බුද්ධ කාලීන භාරතයේ ජෙයතිෂය මගින් අනාවැකි පැවසීමක් නොථිබූ බව ඒත්තු ගන්වන්නට වෙර දරමින් සිටියෙමි.

ඒ අතරේ මට ඇහුම්කන් දෙන්නවුන් අතරින් සිටින්නවුන් අතරින් සියුම් කසු කුස්වක් නැංවෙනු මට යන්තමින් දැනුනි. එහෙත් ඒ කසු කුසුව තරමක ලොකු හඩක් වීමට වැඩි වේලාවක් ගත වුයේ නැත.

" බාධා කරනවට සමාවෙන්න. අපිට ඔබ තුමාගේ ඔය ප්‍රකාශය ගැන පුංචි ගැටළුවක් තියනවා." සුදෝ සුදු කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටි මැදි වියේ මහතෙකු අතක් ඔසවා කීයේ මගේ කතාව අතරේ ඔහුටද යමක් ඇති බව අඟවමිනි. එබැවින් මම ඔහුට ඒ සඳහා ඉඩ දුන්නෙමි.

"අපි අහලා තියන විදිහට නම් බුද්ධ කාලයේ ඉන්දියාවේ ජ්යාතිර්වේදයෙන් අනාවැකි කීමේ ක්‍රමය අතිශය දියුණු තත්වයක පැවතිලා තියනවා. ඒකට හොඳම උදාහරණය තමයි සිද්ධාර්ථ කුමාරයට නම තියපු වෙලාවේ කුමාරයාගේ කේන්ද්‍රය බලපු කොණ්ඩඥ්ඥ බමුණා කියපු අනාවැකිය, ඒ කාලයේ ඉන්දියාවේ ජ්යාතිශයෙන් අනාවැකි කීමක් නොතිබුනා නම් කොහොමද කුමාරයාගේ කේන්දරේ බලපු කොන්ඩඥ්ඥ බමුණා එක ඇඟිල්ලක් විතරක් උස්සලා හරියටම කිව්වේ සිද්ද්ධාර්ථ කුමාරයා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා."ඔහු වියක්ත ලෙසින් පවසා සිටියේ මා වෙත් දැවැන්ත අභියෝගයක් එල්ල කරන්නක් මෙනි. එවිට මගේ දේශනයේදී ශ්රීඝ්රයෙන් මැලවී යමින් තිබු ඇතැමුන්ගේ මුහුණු යලි එක්වරම ප්‍රබෝධමත් වනුද මට පෙනිණි.

එහෙත් ඔහුගේ අභියෝගය භාර ගැනීමට තබා මට හෙලවීමටවත් ඉඩ ලැබුනේ නැත. ඒ පුජ්‍ය ශාන්තවිමල හිමියන්ගේ සිහින් ස්වරය එක්වරම පන නැගුනු හෙයිනි.

"මහත්තයෝ අන්න මගේ කාමරයේ අටුවා එක්ක මුළු ත්‍රිපිටකයම තියනවා, ඔබතුමාට පුළුවන් ඒ ත්‍රිපිටකයේ ඕනෑම තැනකින් ඔය කොණ්ඩඥ්ඥ බමුණා සිද්ධාර්ත් කුමාරයාගේ කේන්ද්‍රය බලපු කතාව අරගෙන අපිට පෙන්වන්න. නැත්තම් අඩුම තරමේ එහෙම තියන තැනක් මතකයෙන් හරි කියන්න. එතකොට මම ඒ හරි කොටස මෙතන කියවන්නම්. මොකද මට නම් ත්‍රිපිටකයේ කිසිම තැනකින් ඔහොම කතාවක් හම්බුවෙලා නෑ..."

උන්වහන්සේ කීයේ සැහැල්ලු සිනාවකින් එම මහතා දෙස බලමිනි. "ඒ වගේම බුද්ධ චරිතය සම්බන්ධ ඔය වගේ විස්තර තියෙන්නේ ජාතක අටුවාවේ, බුද්ධ වංශ අටුවාව වගේ පසු කාලින ලේකනවල. උන්වහන්සේගේ ප්‍රකාශය හමුවේ දුර්මුක වූ හෙතම වටපිට බලමින් කලින් වාඩි වී සිටි ඉරියව්වෙන්ම වාඩි විය.
ත්‍රිපිටක විෂරදත්වයකින් හෙබි මහා පඬිරුවනක් වන ශාන්ත්විමල හිමියන්ගේ එම කතාව සත්‍යකි. සිදුහත් කුමරු හට නම් තැබීමේ සංසිද්ධිය විස්තර වනුයේ ජාතකට්ට කතවේය. ඒ හැරුණු කොට මුලික බුදු සාමය විස්තර කෙරෙන සුත්‍රන්ත දෙහ්ස්නාවල එබඳු කතා ප්‍රවුර්ති නැත.

තිලක් සේනසිංහ
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අනික මචන් ඔය ඉතිහාස කතාවෙන්මත් ඔප්පු වෙනවා ජෝඋතිශ්‍ය බොරුවක් කියල. මොකද බමුණෝ 108 දෙනාගෙන් 107 දෙනෙක් එක කතාවකුත් එක්කෙනෙක් විතරක් තව කතාවකුත් කියනවා කියන්නේ එතනනින්ම පැහැදිලියි ජෝඋතිෂ්‍ය කියන එක පැහැදිලි නිරවුල් දෙයක් නොවෙන බව. නිකමට හිතපන් මොකක් හරි ගණිතමය සමීකරණයක් ගැන. ඒ ගැන හසල දැනුමක් තියෙන හැමෝටම එන්න ඕනේ එකම උත්තරයක්. ඒත් ජෝඋතිෂ්‍ය එක එක්කෙනාට අනුව වෙනස්. ජෝඋතිෂ්‍ය නිවැරදි විද්‍යාවක් නම් එහෙම වෙන්න බෑ.
     
    • Like
    Reactions: nrjayasinghe

    :yes::yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240

    එ උනාට මෙකෙ ඉන්න නැකත් කාරයො බඩ කට පුරව ගන්න ඔක ඇත්තයි කියලා කියනවා
    එ වගෙම කිසිම දෙයක් නොකර නිකන් කන්න ලැබෙන එකාත් ඔවා පස්සෙ යනවා
    රට රාජ්ජ ලබා ගන්න:rofl::lol:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    එ උනාට මෙකෙ ඉන්න නැකත් කාරයො බඩ කට පුරව ගන්න ඔක ඇත්තයි කියලා කියනවා
    එ වගෙම කිසිම දෙයක් නොකර නිකන් කන්න ලැබෙන එකාත් ඔවා පස්සෙ යනවා
    රට රාජ්ජ ලබා ගන්න:rofl::lol:

    :yes::yes: ලංකාවේ ඉන්න ගොඩක් කෙන්දරකාරයෝ එහෙම තමයි.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔය අනාවැකිය ප්‍රකාශ කලේ ශරීර ලක්ෂණ බලල මිසක් කේන්දරයක් බලල නෙවෙයි. ශරීර ලක්ෂණ වලින් අනාගතය කීම වෙනම ශාස්ත්‍රයක්. ඒක ජෝතිෂ්‍ය නෙවෙයි.

    අසිත තවුසාගේ අනාවැකිය ශරීර ලක්ෂණ මත වත් පදනම් වෙන්නේ නෑ. ඒක ඔහු ධ්‍යාන ශක්තියෙන් අනාගතය බලා කියපු එකක්.
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    ඔය අනාවැකිය ප්‍රකාශ කලේ ශරීර ලක්ෂණ බලල මිසක් කේන්දරයක් බලල නෙවෙයි. ශරීර ලක්ෂණ වලින් අනාගතය කීම වෙනම ශාස්ත්‍රයක්. ඒක ජෝතිෂ්‍ය නෙවෙයි.

    අසිත තවුසාගේ අනාවැකිය ශරීර ලක්ෂණ මත වත් පදනම් වෙන්නේ නෑ. ඒක ඔහු ධ්‍යාන ශක්තියෙන් අනාගතය බලා කියපු එකක්.

    ධ්‍යාන ශක්තියෙන් අනාගතය බලන්න ඇහැකිද?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    අනික මචන් ඔය ඉතිහාස කතාවෙන්මත් ඔප්පු වෙනවා ජෝඋතිශ්‍ය බොරුවක් කියල. මොකද බමුණෝ 108 දෙනාගෙන් 107 දෙනෙක් එක කතාවකුත් එක්කෙනෙක් විතරක් තව කතාවකුත් කියනවා කියන්නේ එතනනින්ම පැහැදිලියි ජෝඋතිෂ්‍ය කියන එක පැහැදිලි නිරවුල් දෙයක් නොවෙන බව. නිකමට හිතපන් මොකක් හරි ගණිතමය සමීකරණයක් ගැන. ඒ ගැන හසල දැනුමක් තියෙන හැමෝටම එන්න ඕනේ එකම උත්තරයක්. ඒත් ජෝඋතිෂ්‍ය එක එක්කෙනාට අනුව වෙනස්. ජෝඋතිෂ්‍ය නිවැරදි විද්‍යාවක් නම් එහෙම වෙන්න බෑ.

    :lol::lol::lol::yes::yes::yes::yes:
    Aniwa...
    REP 12+
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ඔය අනාවැකිය ප්‍රකාශ කලේ ශරීර ලක්ෂණ බලල මිසක් කේන්දරයක් බලල නෙවෙයි. ශරීර ලක්ෂණ වලින් අනාගතය කීම වෙනම ශාස්ත්‍රයක්. ඒක ජෝතිෂ්‍ය නෙවෙයි.

    අසිත තවුසාගේ අනාවැකිය ශරීර ලක්ෂණ මත වත් පදනම් වෙන්නේ නෑ. ඒක ඔහු ධ්‍යාන ශක්තියෙන් අනාගතය බලා කියපු එකක්.

    :rofl: එතකොට එහෙම ශරීරය බලලා එක ඇඟිල්ලක් උස්සලා අනාවැකි කියපු කොන්ඩඥ්ඥ බමුණත් අන්තිමට බෝධිසත්වයෝ මැදුම් පිළිවෙත අනුගමනය කරන්න හදනකොට, බෝධිසත්වයෝ බුදුවෙන අදහස අත්හැරලා කියලා හිතුවේ ඇයි??? එක ඇඟිල්ලක් උස්සලා කියපු අනාවැකිය පිලිබදව බමුනාටත් විශ්වාසයක් නැති උනා... අනික මෙතන ප්‍රශ්නේ මේවා කේන්දර බලලා කිව්වද, වෙන මොකක් හරි බලලා කිව්වද කියන ඒකට වඩා, මේ දේවල් බුද්ධ දේශනාව කියලා හිතාගෙන ඉන්න එකයි...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔය අනාවැකිය ප්‍රකාශ කලේ ශරීර ලක්ෂණ බලල මිසක් කේන්දරයක් බලල නෙවෙයි. ශරීර ලක්ෂණ වලින් අනාගතය කීම වෙනම ශාස්ත්‍රයක්. ඒක ජෝතිෂ්‍ය නෙවෙයි.

    අසිත තවුසාගේ අනාවැකිය ශරීර ලක්ෂණ මත වත් පදනම් වෙන්නේ නෑ. ඒක ඔහු ධ්‍යාන ශක්තියෙන් අනාගතය බලා කියපු එකක්.
    So our future is already planned:oo:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ජෝතිශය යනු තනිකර ම බොරුවකි. ඒ ගැන ත්‍රෙඩ් කීපයක් ඉස්සරහට දාන්නම්
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    :rofl: එතකොට එහෙම ශරීරය බලලා එක ඇඟිල්ලක් උස්සලා අනාවැකි කියපු කොන්ඩඥ්ඥ බමුණත් අන්තිමට බෝධිසත්වයෝ මැදුම් පිළිවෙත අනුගමනය කරන්න හදනකොට, බෝධිසත්වයෝ බුදුවෙන අදහස අත්හැරලා කියලා හිතුවේ ඇයි??? එක ඇඟිල්ලක් උස්සලා කියපු අනාවැකිය පිලිබදව බමුනාටත් විශ්වාසයක් නැති උනා... අනික මෙතන ප්‍රශ්නේ මේවා කේන්දර බලලා කිව්වද, වෙන මොකක් හරි බලලා කිව්වද කියන ඒකට වඩා, මේ දේවල් බුද්ධ දේශනාව කියලා හිතාගෙන ඉන්න එකයි...

    True .That is the problem
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    අනික මචන් ඔය ඉතිහාස කතාවෙන්මත් ඔප්පු වෙනවා ජෝඋතිශ්‍ය බොරුවක් කියල. මොකද බමුණෝ 108 දෙනාගෙන් 107 දෙනෙක් එක කතාවකුත් එක්කෙනෙක් විතරක් තව කතාවකුත් කියනවා කියන්නේ එතනනින්ම පැහැදිලියි ජෝඋතිෂ්‍ය කියන එක පැහැදිලි නිරවුල් දෙයක් නොවෙන බව. නිකමට හිතපන් මොකක් හරි ගණිතමය සමීකරණයක් ගැන. ඒ ගැන හසල දැනුමක් තියෙන හැමෝටම එන්න ඕනේ එකම උත්තරයක්. ඒත් ජෝඋතිෂ්‍ය එක එක්කෙනාට අනුව වෙනස්. ජෝඋතිෂ්‍ය නිවැරදි විද්‍යාවක් නම් එහෙම වෙන්න බෑ.

    ඇයි බන් ඔය දශම ස්ථාන් ඕන තරම් එහා මෙහා වෙන්නේ, වටයද්දිත් වෙනවා නේ :P

    මම අහලා තියෙන විදියට, ඌර්න රෝම ධාතුව කැරකිලා තියෙන පැත්තට අනුව සක්විති රජ හා බුදු වෙනවද නැද්ද කියලා තීරනය වෙනවා.
    සක්විති රජ කෙනෙක්ගෙයි, බුදු කෙනෙක්ගෙයි තියෙන වෙනස තම්යි, ඌර්න රෝම ධාතුවේ කැරකිලා තියෙන පැත්ත..

    කොණ්ඩඥ්ඥ බමුණා ශරීර ලක්ශන තමයි බලන්න ඇත්තේ (ජෝතිෂ්‍ය බැලුවද නැද්ද මම දන්නේ නෑ). කොණ්ඩඥ්ඥ බමුණට අර ඌර්න රෝම ධාතුව හොදට මීටර් වෙලා පේන්න ඇති. අනිත් අයට මිස් වෙන්න ඇති.
    අසිත තවුසා නම් අනාවැකිය කිව්වේ අනාගතේ බලන්න තිබ්බ හැකියාවකින් නේ. සෑහෙන්න කාලයක් අතීතයත් අනාගතයත් බලන්න පුලුවන් එක්කෙනෙක් කියලා නේද පොත් පත් වල තියෙන්නේ.
     
    Last edited:

    :rolleyes: වෙන්න බෑ බන්. එහෙනම් බෝධිසත්වයෝ මැදුම් පිළිවෙතට එද්දී, බමුණා දකින්න ඇත්තේ ඔය ධාතුව අනිත් පැත්තට කරකවිලා තියනවා වගේ වෙන්න ඇති.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    එහෙම හැම දෙයක්ම බොරුයි කියන්න බෑ එක උදාහරණයක් පදනම්ව. ජෝතිෂ්‍යය ඇත්ත කියන්නේත් නෑ මම. ඇත්තටම විද්‍යාවේ වුනත් සමහර දේවල් බොරුයි වෙනවා ඉස්සරහට යන කොට උදාහරණයකට සාපේක්ෂාවාදයෙන් කියනවා ලෝකේ කිසිම අංශුවක් ආලෝකයේ වේගය ඉක්මවා යන්නේ නෑ කියලා නමුත් එහෙම යන අංශූන් විශේෂයක් මේ ළගදි හොයාගත්තා ස්වටිසලන්තයේ කරපු පර්යේෂණයකදි ඒකදි සාපේක්ෂතාවාදයේ කොටසක් බොරු වුනා. ඒක නිසා ඇත්තද බොරුද කියලා හිතන්න එපා අපිට වැදගත්ද නැද්ද කියලා හිතන්න.