සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන
මගේ මතකය අනුව ඒ දෙදහස් දෙක වසරේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ විහාරයේ පවතී දහම් හමුවක ආරාධිත දේශනයක් පැවැත්වීමට මට ඇරයුම් ලැබිණි. කෙසේ හෝ මේ දේශනයේ මුල් අර්ධ්යේදීම මම බුද්ධ කාලීන භාරතයේ ජෙයතිෂය මගින් අනාවැකි පැවසීමක් නොථිබූ බව ඒත්තු ගන්වන්නට වෙර දරමින් සිටියෙමි.
ඒ අතරේ මට ඇහුම්කන් දෙන්නවුන් අතරින් සිටින්නවුන් අතරින් සියුම් කසු කුස්වක් නැංවෙනු මට යන්තමින් දැනුනි. එහෙත් ඒ කසු කුසුව තරමක ලොකු හඩක් වීමට වැඩි වේලාවක් ගත වුයේ නැත.
" බාධා කරනවට සමාවෙන්න. අපිට ඔබ තුමාගේ ඔය ප්‍රකාශය ගැන පුංචි ගැටළුවක් තියනවා." සුදෝ සුදු කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටි මැදි වියේ මහතෙකු අතක් ඔසවා කීයේ මගේ කතාව අතරේ ඔහුටද යමක් ඇති බව අඟවමිනි. එබැවින් මම ඔහුට ඒ සඳහා ඉඩ දුන්නෙමි.
"අපි අහලා තියන විදිහට නම් බුද්ධ කාලයේ ඉන්දියාවේ ජ්යාතිර්වේදයෙන් අනාවැකි කීමේ ක්‍රමය අතිශය දියුණු තත්වයක පැවතිලා තියනවා. ඒකට හොඳම උදාහරණය තමයි සිද්ධාර්ථ කුමාරයට නම තියපු වෙලාවේ කුමාරයාගේ කේන්ද්‍රය බලපු කොණ්ඩඥ්ඥ බමුණා කියපු අනාවැකිය, ඒ කාලයේ ඉන්දියාවේ ජ්යාතිශයෙන් අනාවැකි කීමක් නොතිබුනා නම් කොහොමද කුමාරයාගේ කේන්දරේ බලපු කොන්ඩඥ්ඥ බමුණා එක ඇඟිල්ලක් විතරක් උස්සලා හරියටම කිව්වේ සිද්ද්ධාර්ථ කුමාරයා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා."ඔහු වියක්ත ලෙසින් පවසා සිටියේ මා වෙත් දැවැන්ත අභියෝගයක් එල්ල කරන්නක් මෙනි. එවිට මගේ දේශනයේදී ශ්රීඝ්රයෙන් මැලවී යමින් තිබු ඇතැමුන්ගේ මුහුණු යලි එක්වරම ප්‍රබෝධමත් වනුද මට පෙනිණි.
එහෙත් ඔහුගේ අභියෝගය භාර ගැනීමට තබා මට හෙලවීමටවත් ඉඩ ලැබුනේ නැත. ඒ පුජ්‍ය ශාන්තවිමල හිමියන්ගේ සිහින් ස්වරය එක්වරම පන නැගුනු හෙයිනි.
"මහත්තයෝ අන්න මගේ කාමරයේ අටුවා එක්ක මුළු ත්‍රිපිටකයම තියනවා, ඔබතුමාට පුළුවන් ඒ ත්‍රිපිටකයේ ඕනෑම තැනකින් ඔය කොණ්ඩඥ්ඥ බමුණා සිද්ධාර්ත් කුමාරයාගේ කේන්ද්‍රය බලපු කතාව අරගෙන අපිට පෙන්වන්න. නැත්තම් අඩුම තරමේ එහෙම තියන තැනක් මතකයෙන් හරි කියන්න. එතකොට මම ඒ හරි කොටස මෙතන කියවන්නම්. මොකද මට නම් ත්‍රිපිටකයේ කිසිම තැනකින් ඔහොම කතාවක් හම්බුවෙලා නෑ..."
උන්වහන්සේ කීයේ සැහැල්ලු සිනාවකින් එම මහතා දෙස බලමිනි. "ඒ වගේම බුද්ධ චරිතය සම්බන්ධ ඔය වගේ විස්තර තියෙන්නේ ජාතක අටුවාවේ, බුද්ධ වංශ අටුවාව වගේ පසු කාලින ලේකනවල. උන්වහන්සේගේ ප්‍රකාශය හමුවේ දුර්මුක වූ හෙතම වටපිට බලමින් කලින් වාඩි වී සිටි ඉරියව්වෙන්ම වාඩි විය.
ත්‍රිපිටක විෂරදත්වයකින් හෙබි මහා පඬිරුවනක් වන ශාන්ත්විමල හිමියන්ගේ එම කතාව සත්‍යකි. සිදුහත් කුමරු හට නම් තැබීමේ සංසිද්ධිය විස්තර වනුයේ ජාතකට්ට කතවේය. ඒ හැරුණු කොට මුලික බුදු සාමය විස්තර කෙරෙන සුත්රන්ත දෙහ්ස්නාවල එබඳු කතා ප්‍රවුර්ති නැත.
තිලක් සේනසිංහ
සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අනාවැකිය

වෙන්න බෑ බන්. එහෙනම් බෝධිසත්වයෝ මැදුම් පිළිවෙතට එද්දී, බමුණා දකින්න ඇත්තේ ඔය ධාතුව අනිත් පැත්තට කරකවිලා තියනවා වගේ වෙන්න ඇති.