මම ඇහුවෙ ත්‍රිපිටකයෙ ඉන්දියාව පෙන්නන්න කියල මිසක් මීවනපලානෙ හාමුදුරුවන්ගෙ ප්‍රකාශ අසිහිබුද්ධියෙන් අහගෙන ඉඳල මල්ලෙ පොල් කතා වගේ hot news මවපුව ගැන screenshots නෙවෙයි. මේකටත් උත්තර පහල තියෙනව. මම අහපු ප්‍රශ්නෙටත් උත්තර දෙන්න.
ඔබ තුමා මේ පත්තරේ තියෙන දේත් පිලිගන්නව නේද සිදුහත් කුමාරයා ඉපදිල නෙළුම් මල් 7ක් උඩ ඇවිදගෙන ගිය කතාව වගේ? දවසක එන්න ස්වාමීන් වහන්සේ ව බැහැදකින්න. ඇවිල්ල ඔයාට තියෙන ඕන ප්‍රශ්නයක් ගැන අහන්න.
මම ඒ කාලෙ ඉඳන් ස්වාමීන් වහන්සේ ගෙ බණ නිතරම අහනව. මට ඇහුනෙ නෑ කවදාවක් වත් මේ පත්තරේ දාල තියෙන විදිහෙ දෙයක් ඒ හාමුදුරුවො දේශනා කරනව. http://deshana.sirisaddharmaya.net/ website එකේ තියෙනව ඔක්කොම ධර්ම දේශනා. පුලුවන් නම් හොයල පෙන්නන්න එහෙම දෙයක් දේශනා කරනව. ඒ හාමුදුරුවො මේ ගැන කිසිම ප්‍රකාශයක් සිදු නොකර ඉන්න තිබුන ඒ ගැන කිසිවෙක් හිමියන්ගෙන් නොඅසා හිටිය නම්. කිසි විටෙකත් බාහිර දේවල් ගැන දේශනා කරන්නෙ නෑ නිවන් මඟ මිසක්. ලෝක් විනාශයක් එදා එන්න තිබුනත් නැතත් අදාල නිවනට යන මඟහි වෙනසක් වෙන්නෙ නෑ. අදාල ධර්මතාවයන් ගැන විතරක් දේශනා කරන්නෙ ඒ හාමුදුරුවො.
ඒ දවස් වල මුලු ලෝකෙන්ම මිනිස්සු යම්කිසි ප්‍රතිශතයක් විශ්වාස කලා ලෝක විනාශයක් සිදුවිය හැකි බව. ඒකට එයාල බය වෙලා හිටිය. ඉතින් ඒ ගැන ස්වාමීන් වහන්සේගෙන විස්තර ඇහුව බණ අහන්න එන අය. ස්වාමීන් වහන්සෙ දේශනා කලා යම්කිසි යුගයක අවසානයක් සිදුවිය හැකි බවත්. බුද්ධ දේශනාවෙ දැක්වෙන විදිහට තමාටත්, අනුන්ටත්, මේ මුළු විශ්වයටමත් සම මෙත පැතිරවීමටම මඟ පෙන්නුව ඒ හාමුදුරුවො.
එමගින් තමන්ට, විශ්වයට, අනුන්ට නිකුත් වන ධනාත්මක චිත්ත ශක්තියෙන් යම්කිසි බාධාවක් හිරිහැරයක් වෙන්න තියෙනව නම් එහි බලපෑම අඩු කරගන්නට හැකි වේවි යන මතයෙන් හැමෝටම මෙත් සිත් පැතිරුවා හැමෝම එකතු වෙලා.. ඉතින් ඒකි කාටවත් කිසිම ප්‍රශ්නයක් තියෙනවද අවැඩක් තියෙනවද අසාධාරණයක් තියෙනවද හැමෝටම හොඳක් මිසක්. ඒ දෙයින් කිසිම විනාශයක් නොවුනත් මේ විශ්වයට හැමෝටම ඒ සත්‍යග්‍රහය කරපු අයගෙන් කොච්චර ධනාත්මකව යහපත් දෙයක් වෙන්න ඇතිද අපිට ඒක ඇසට නොපෙනුනත්.
කලබල වෙන්න එපා...

මම පවුද්ගලිකව දන්නවා හාමුදුරුවෝ ලෝක විනාශයක් ගැන ඒ දවස් වල දේශනා කල කියල. ඔය පත්තරේ මම ඒ දවස් වල save කරගත්ත එකක්. මම ඇහුවේ දැන් ඒ ගැන හාමුදුරුවෝ කියන්නේ මොකක්ද කියල කව්රු හරි දන්නවද කියල. ඔබතුමා හාමුදුරුවන්ව දන්නව කියපු නිසා මම හිතුව මේ ගැනත් මොනවා හරි දන්නවා ඇති කියල. එකයි quote කලේ.
සමහර විට ඔබතුමාට ලෝක විනාස කතාව ඇහිලා නැතුව ඇති.... ධර්මය තමා වැදගත්, ඒක හරි...
ඔබතුමාගෙන් ඒක දෙයක් දැනගන්න කැමැතියි, නිවන් මග හරියටම දේශනා කරන්නේ මේ හාමුදුරුවෝ විතරද? උත්තරේ ඔව් නම් එහෙම කියන්නේ ඇයි?

