මම thread එකේ අග ඉදන් මුලට කියෙව්වා .සරල උත්තරයක් දෙන්නම් ප්‍රශ්ණයට.අනාර්ය ධ්‍යාන වැඩු අය බුදු දහම පටන් ගන්න කලින් ඉඳන් හිටියා අදටත් ඉන්නවා .ඒ අය නිවන් මාර්ගයක් දන්නේ නැති උනාට භාවනා ශක්තියෙන් විවිධ හැකියාවන් ලබාගත් අය .මේ අය ගැන හොඳ විස්තරයක් අපට නොපෙනෙන ලෝකය කියන ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතේ තියෙනවා .

මේ අයගෙන් සමහර අයට තුන් කල් බලන ශක්තියක් තියෙනවා .
නැහැ තුන් කලි කියල සියල්ලම බලන්න බැහැ. කර්මයෙන් වෙන දෙයක් බලාගන්න පුලුවන් වෙයි(හැබැයිජොතිශයට නෙමෙයි ).නමුත් යමක් සිද්ද වෙන්න කරුණු තවම යෙදිල නැති සිදුවීම් දැන් බලන්න කාටවත් බෑ. බැ කියන්නේ නොහැකියාව නෙමෙයි එහෙම බලන්න දෙයක් නැති නිසා.
මගෙ ප්‍රශ්නෙ වුනේ කෙනෙක් අවුරුදු 10 කින් කියමුකො ..උදේ අහාරයට ගන්නෙ මොනවද? මෙව්වට උත්ටර දෙන්න පුලුවන්ද ඔය එක සාස්තරයකටවත්? බෑ මොකද අවුරුදු 10 කට එහා කන දේ තාම තීරනය වී නැති නිසා.ඒක කර්මයෙන් බලල වත් අනික් නියාම බලලවත් කලින් කියන්න බෑ.(කම්ම නියාමය බලන්න පුලුවන් නුවණ ගැන කියවුනාට අනික් නියාම බලන හැටි කොහොමද වෙන්නේ).චිත්ත නියාමය නම් කොහොමත් බලන්න බෑ.මට එදාට හිතෙන දේ මම කන්නේ. ඒක දැන්මම කියන්න බෑ.
මෙ ටික හරි නමුත් අපෙ මාතෘකාවට එච්චර අදාල නෑ නේදහැබැයි ඒ අයගේ භාවනා ශක්තිය අනුව කියන දේවල් වල නිරවද්‍යතාවය වෙනස් වෙනවා .
කොල්ලුපිටියේ තැනක් තියෙනවලු නාඩි වාක්‍ය බලන .මම අදුරන සෑහෙන දෙනෙක් එතනට ගිහිල්ලා තියෙනවා .ඒ හැම කෙනාගේම නම ,මව් පියන්ගේ නම් හරියටම කියවිලා තියෙනවා මහපට ඇගිල්ලේ සලකුණ විතරක් අරගෙන .
මේවා අභින්ඥාලබින් ලියපු දේවල් හැටියට තමා සලකන්න පුළුවන් .ඒ කියන්නේ සරලවම ගත්තොත් මේ ජීවිතේ සමහර දේවල් අපි පෙර භව සකස් කරන් ආපු විදියට තමා සිද්ධ වෙන්නේ .හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේ අය කියන සමහර දේවල් ඒ විදියටම උනාලු මම අදුනන අයට .සමහර ඒවා උනේ නැහැලු .මොකද කර්ම විශය කියන්නේ බුද්ධ විශයක් .ඒක හරියටම කියන්න කාටවත් බෑ .අනික් එක තව නියාම ධර්ම 4 තියෙන බව අමතක කරන්නත් නරකයි .මේ නාඩි වාක්‍ය වලදී තමන් ඉන්න ආයුෂ ගානත් කියනවලු .හැබැයි සුනාමි වගේ විපත් වලදී ඔය වගේ ආයුෂ වැඩි ගණන් තිබ්බ අයත් මැරෙන්න ඇති.ජෝයතිෂ්‍ය පදනම් වෙලා තියෙන්නෙත් කර්මය මත .ඉතින් අනික් දේවල් වල බලපෑම මත සමහර ජෝයතිෂ්‍ය කරුණු වරදින්නෙත් ඒකයි.බුදුන් වහන්සේගේ ධර්මය අනුව ධම්මානුධම්ම පටි පදාවෙන් ඉන්න අයට මේ කිසි ප්‍රශ්ණයක් ගැන තැවෙන්න ඕනේ නෑ.ඒ අය අද මැරුණත් හෙට මැරුණත් සුගති වලමයි උපදින්නේ .ඒ වගේම බුදු දහම නැවත අහන්න ලැබෙනවාමයි .බුදු දහම අවුරුදු 2550 ආසන්න කාලයක් පරණ උනත් අපිට අහන්න ලැබෙන්නේ ඒකයි .එහෙම අහලත් ප්‍රයෝජනයක් ගන්න බැරි නම් වැඩක් .ඇලීමෙන් ,ගැටීමෙන් ,මැනීමෙන් (රාග,ද්වේශ,මෝහ) වලින් අයින් වෙන්න .එතන නිවන් මග ඇති වෙනවා .


Thawa Kiyai ohoma yaddi ane manda 