සිනමාවේ වීරයා මම...
ලංකාවේ කිසිම නළුවෙක් මට අභියෝගයක් නෙවෙයි.
- අර්ජුන් කමලනාත් -

සිංහල සිනමාවට වීරයෙක් ඕනද...?
අපේ රටේ ප්‍රේක්ෂකයන්ට වීරයා කියන සංකල්පය නැතිවෙලා තියෙන්නේ. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකානේ හොඳම වීරයා වෙලා හිටියේ. ඊට පස්සේ විජය ආවා. සනත් ආවා. ජීවන් ආවා, ශෂී විජේන්ද්‍ර ආවා, ලාල් වීරසිංහ ආවා, රන්ජන් ආවා,අර්ජුන් කමලනාත් ආවා, එච්චරයි. එතැනින් එහාට නෑ.
ඒ කියන්නේ සිංහල සිනමාවේ අවසන් වීරයා අර්ජුන කමලනාත්...?
අර්ජුන කමලනාත්ට වීරකම් පෙන්නන්න පුළුවන් වුණාට අර්ජුන කමලනාත්ව මර්දනය කිරීමේ මෙහෙයුමක් තිබුණා. අපේ සමහර නළුවෝ ඒකට මූලික වෙලා ක්‍රියාත්මක වුණා.මර්දනය කරන තරමට ඔබ සිනමාවේ මතුවුණාද කියන ප්‍රශ්නය තියෙනවා.මේ වෙද්දි මම චිත්‍රපට 45ක රඟපාලා තියෙනවා. එතනින් චිත්‍රපට 20ක් පමණ ක්‍රියාදාම චිත්‍රපට. මම රඟපාපු දැවැන්තම ක්‍රියාදාම චිත්‍රපටය තමයි Under world ඒක ලංකාවේ බිහිවුණු දැවැන්තම ක්‍රියාදාම චිත්‍රපටය. Under worldබැලුවා නම් කවුද වීරයා කියලා බලාගන්න තිබුණා.
ඔය කියන තරම් දැවැන්තයි නම් ප්‍රේක්ෂකයොන්ට මතක හිටින්න ඕන නේද...?
මේක රිලිස් වුණේ 2004 දී. අධ්‍යක්ෂණය කළේ සුදේශ් වසන්ත පීරිස්. ෂූටින් කළේ නෙගටිව්වලින්. දැන් වගේ කම්පියුටර් ජිල්මාට් නෙවෙයි. සුනාමිය ආපු නිසා තමයි චිත්‍රපටය ජනතාව අතරට නොගියේ. ඒත් Under world බලපු අය තවමත් මගෙන් අහනවා බස් එකකින් බස් එකකට පනින සීන් කොහොමද කළේ කියලා.
චිත්‍රපට 45ක රඟපාලත් තරුවක් වෙන්න බැරිවුණේ ඇයි...?
මගේ අවසානාවට හරි මාධ්‍යවල බලපෑම නිසා හරි වෙන්න පුළුවන්. මම හිතන් නෑ මාධ්‍ය නිසා කියලත්. සමහරුන්ගේ වුවමනාවට අර්ජුන් කමලනාත් කියන නළුවාව නැති කරලා තියෙන්නේ. රන්ජන් රාමනායකගෙන් පස්සේ සිනමාව ඉවරයි වගේ එකක්නේ පෙන්නන්න හදන්නේ.
ඔබ හිතන විදියට තරුවක් වෙන්න, වීර චරිතයක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද...?
හොඳ උස මහත, කඩවසම් පෙනුම, ෆයිට් එකක් කරනවා නම් ඇත්තටම කකුල උස්සලා ගහන්න පුළුවන් නළුවෙක් වෙන්න ඕන. ඊට පස්සේ නර්තනය, හඬ පෞරුෂය සහ ප්‍රේක්ෂක ආකර්ෂණය.
මේ ලක්ෂණ සියල්ලම අර්ජුන කමලනාත් ළඟ තියෙනවද...?
ඒ ලක්ෂණ තියෙන නිසානේ 1998 ඉඳලා 2014 දක්වා සිනමාවේ රැඳිලා ඉඳලා... දැන් මේ වෙද්දි ජයන්ත චන්ද්‍රසිරිගේ අති දැවැන්ත සිනමාපටයේ සුරනිමල වගේ ප්‍රධාන චරිතයක් දක්වා එන්නේ.
ඔය මොනවා කිව්වත් අර්ජුන්ට තවමත් ස්ටාර් කෙනෙක් වෙන්න බැරිවෙලා...
මට ඉතින් මාධ්‍ය මඟින් චාන්ස් එකක් දුන්නේ නැහැනේ. ලංකාවේ ඉන්නේ මාධ්‍යවලින් පුම්බපු නළුවෝ. කීයෙන් කීදෙනාද වැඩකාරයෝ ඉන්නේ....
ඒත් විජය කුමාරතුංග තරුවක් වුණේ හොඳම නළුවා සම්මානයවත් දිනාගන්නේ නැතුවනේ...?
විජය කුමාරතුංග කියන්නේ වෙනම චරිතයක්. දේශපාලනය කළා. නසරානි ආණ්ඩුවක් තියෙන කාලෙක විපක්ෂය නියෝජනය කරනවා කියන්නේ ඉතින් ඕනම කෙනෙක් ජනප්‍රියයි.
විජයට කොහොමටත් ආකර්ෂණීය පෙනුමක් තිබුණා.
ඔව්. ආකර්ෂණයක් තිබුණා. ඒ කාලේ හොඳට හෝ නරකට තිබුණේ සිනමාව විතරයි. 70 ගණන්වල අර්ජුන් කමලනාත් බිහිවෙලා හිටියානම් ඌත් ඉඳියි ඔය තරමින්ම.
ඉදිරියේදී තිරගත වීමට නියමිත 'ප්‍රවේගය' සහ 'The Rainbow' කියන ක්‍රියාදාම චිත්‍රපටවලින් වීර චරිත බිහිවන්න බැරිද...?
එහෙම ඉඩක් තිබුණොත් හොඳයි. ඒත් ලංකාවේ මිනිස්සු ඒ චරිත කොයිතරම් දුරට පිළිගනීවිද කියලා නම් දන්නේ නෑ.
ඒ කියන්නේ රොෂාන්ටයි, හේමාල්ටයි වීර චරිත වෙන්න බැරිද?
රොෂාන්ට නම් මේ දීපු චාන්ස් හොඳටෝම ඇති. ලංකාවේ බිහිවුණු වාසනාවන්තම නළුවා තමයි රොෂාන්. හැබැයි මේ වෙනකල් ඔහු වීරයෙක් වෙලා නෑ. හේමාල් ගැන නම් කියන්න දන්නේ නෑ, මොකද මම හේමාල්ගේ චිත්‍රපට වැඩිය බලලා නෑ.
වීරයෙක්, තරුවක් ළඟ තියෙන්න ඕන සුදුසුකම්වලින් රොෂාන්ටයි, හේමාල්ටයි නැත්තේ මොනවද...?
දෙන්නටම ආකර්ෂණීය පෙනුම තියෙනවා. හේමාල්ට නම් ඒ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඔහුට පොඩි දුර ගමනක් යන්න පුළුවන් කියලා දැනෙනවා. ඒත් මට ඒක කියන්න ඉක්මන් වෙන්න බෑ. මොකද මම හේමාල් ගැන කියන්න දැකලා නෑ. රොෂාන්ට නම් හම්බ වෙච්ච චාන්ස් හොඳටම ඇති.
අර්ජුනට පුළුවන්ද ගාමිණීලා, විජයලා එක්ක හැප්පෙන්න...?
මට තනියෙන් බෑ.
විජයලා, ගාමිණීලා තනි තනිව තමයි ඒ ගමන ගියේ. කාටවත් කාගෙන්වත් අභියෝගයක් තිබුණේ නෑ?
අර්ජුන කමලනාත් මතු වෙන්නේ තවත් විදියකට. විජය කුමාරතුංග මං තරම් ෆයිට් කළේ නෑ ෆිල්ම්වල. ගාමිණීගෙයි විජයගෙයි අර්ජුන් කමලනාත්ගෙයි ෆිල්ම් අරගෙන බැලුවනම් වැඩිපුරම ෆයිට් කරන්නේ කවුද කියලා පේනවා.
ඒ කියන්නේ විජය, ගාමිණීටත් වඩා ඔබ ඉන්නේ ඉදිරියෙන්...?
ඉස්සෙල්ලා, ෆිල්ම්ස් බලලා ඉන්නකෝ... ඇයි අපි හැමදාම දුටුගැමුණු රට එක්සේසත් කළා කියලා වන්දනා කරන්නේ...? ගාමිණී ෆොන්සේකා ඇක්ට් කළොත් විතරද චිත්‍රපටයක් වෙන්නේ?
රොෂාන් සහ හේමාල් ඔබට අභියෝගයක් නෙවෙයිද...?
නෑ... කිසිසේත්ම නෑ. මේ ලංකාවේ කිසිම නළුවෙක් මට අභියෝගයක් නෙවෙයි. මොකද හොඳම චිත්‍රපටය තමයි 'රජහොරු'. රන්ජනුයි මායි කරට කර රඟපෑවා.
ඔබට බැරි වුණාට රොෂාන්ට පුළුවන්කම ලැබෙනවා රන්ජන්ට අයිතිවෙලා තිබුණු ජනප්‍රියම නළුවා සම්මානය උදුරාගන්න.
ඊට කලින් අවුරුදුවල තිබුණේ මට. ඒත් දුන්නේ නෑ, ඕවා කියන්න ගියොත් නම් ගොඩාක් කතන්දර.
කවුද ඔබෙන් සම්මානය උදුර ගත්තේ?
රජහොරු චිත්‍රපටයේ මට උඩින් ඉන්න ප්‍රධානම නළුවා. ඔහු මගේ ගමන හදාගන්න දුන්නේ නෑ. අර්ජුන කමලනාත් කියන නළුවා බිහිවීම මර්දනය කරන්න ඔහුට ඕනෑ වුණා. වැඩි පුරම එස්.එම්.එස් සහ කූපන් තිබිලත් ඔහු ජනප්‍රියම නළුවා සම්මානය දෙවරක්ම මගෙන් උදුරාගත්තා.
අර්ජුනට ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් අඩුපාඩුවක් නැද්ද?
ප්‍රේක්ෂක ප්‍රතිචාර ඕන තරම් ලැබෙනවා. ඒවා මාධ්‍යයට එන්නේ නෑ. මම අදටත් කියනවා ජීවන් කුමාරතුංගට පස්සේ මේ සිනමාවේ හරියට ගහගත්තේ මම විතරයි.
එතකොට රන්ජන් ගහගත්තේ නෑ?
මම කියන්නේ කැමරා ප්‍රයෝග නෙවෙයි. ඇත්ත සටන්. රන්ජන් රාමනායක යම් ප්‍රමාණයක් කළා. සනත් අයියත් කළේ යම් මට්ටමකට.
මේ වීරයාගෙ අලුත් ෆිල්ම් එකක් ලගදී එනවා.
සුපුරුදු පරිදි ෆිල්ම් එක නම් සුපිරියක් වෙයි වගේ.
(තවත් එක් කොපියක්)

මූ මේ නම් කියල තියෙන එකක් වත් ෆිල්ම් ද කියහන්කෝ , සිනමාවයි බයිස්කෝප් එකයි පටලෝගෙන නේ ඉතින් 