සිනමාව ගිනිඅවි සහ බොරුව

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මුන් අපිව හොඳටම රවට්ටනවනේ..:frown:
    කිව්වත් වගේ මෙලෝ හසරක් නොදැන හිටිය දෙයක් ඕක...:dull:
    බොහොම ස්තූති කියල දුන්නට...:)
    (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ එලකිරිය නිකන් පුස්තකාලයක් වගේ නේ බන් මේ වගේ ත්‍රෙඩ් දකිද්දී. කියන්න වචන නෑ සහෝ. REP 10+
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek:
    දැන් මේක කියල පට්ටංදර දිගෑරෙයි ද මන්දා........:eek::eek::oo:

    සයිලන්සර් ගැන කතා කරනව නං සමහර සයිලන්සර් වර්ග, විශේෂයෙන් දිගු සයිලන්සර් වලින් බ්ලාස්ට් බූම් එක 60%ක් තරම් අඩු කරන්න පුළුවන් අවස්ථා තියනව, විශේෂයෙන් ඔය හෙක්ලර්&කොච් මාදිලි වලට එන සයිලන්සර් ඉතාම හොද මට්ටමේ ඒව. නමුත් ඇත්ත, චිත්තරපටි වල එන විදියෙ “ස්ක්“ ශබ්දයක් නම් නෙවෙයි එන්නේ. පිස්තෝලෙකින් වෙඩි තියන විට එන්නේ සිහින් රතිඥ්ඥාවක් පුපුරනව වගේ සද්දයක්. නමුත් හොද සයිලන්සර් එකකින් ඒක “තුහික්“ වගේ හඩකට මාරු කරන්න පුළුවන් සහ හඩත් අවම ලෙස 40% වත් කපා හැරෙනවා. සයිලන්සර් වල ඇතුලත නිර්මාණය කෙරිල තියෙන්නේ අර එක වරම රත් වුණු වා කදක් ඇති කරන පිපුරුම බෙදා වෙන වෙනම කුටීර තුලින් වෙන වෙන දිශානති වලට බෙදා ඉවත් කරන්න.

    සයිලන්සර් එක පමණක් නෙවෙයි යොදා ගන්න උණ්ඩය මතත් මේ සයිලන්සින් කෙරුවාව රැදිල තියනවා. ලෝහ නාශක උණ්ඩ දැම්මොත් අම්මේ මුත්තේ කිව්වත් හඩ නං අඩු කිරිලි සුම්මා. මොක ඒවයේ උණ්ඩය පියාසර කරද්දී ඊට ආවේනික ලෝහ රැවිදීමක් තියනවා. අනික භාවිතා කරන්නේ සබ්කාර්බයින් උණ්ඩ නම් ඒත් හඩ අඩු නෑ. සාමාන්‍ය වෙඩි බහෙත් නැතුව ඔය කෝඩේට් වගේ මිශ්‍රණ පවතිනව නං ඒත් හඩ අඩු කරන්න අමාරුයි.

    නමුත් අත්දැකල තියන දෙ තමා ස්නයිපර් රයිෆල් වලට එන අඩි 3-4 දිග සයිලන්සර් වලි නම් කාර්යක්ෂමතාවය ඉහලයි කියන එක.අනික දුර ඉලක්ක ගනිද්දී බොහෝ විට ශබ්දය 40%ක් කැපුණත් ඇති. එහිදී වඩා ප්‍රෙව්ශම් වන්නේ දුම් වලාව ඇති නොවෙන්නයි. ඒකෙන් ලොකේට් කරන්න පුළුවන් නිසා.