සිරියාවෙන් උගත් පාඩම්
රුසියානු සිවිල් යුද්ධයේ කැපී පෙනෙන අවියක් වූයේ ටැචන්කා හෙවත් අශ්වයින් කණ්ඩායමක් විසින් ඇදගෙන ගිය මැක්සිම් මැෂින් තුවක්කුවක් සවි කල ගැලයි.මෙම අවි පද්ධතිය පුළුල්,විවෘත භූමිවලට සහ යුද්ධයේ අවම පිරිස් බලයට මනාව ගැලපුණි.බොහොමයක් සටන්කරුවන් ටැචන්කා රථ එම සංග්‍රාමයේදී භාවිතා කලේ පාබල සහ අශ්වාරෝහක හමුදාවන්ට සෘජු සහ ජංගම වෙඩි බලය සැපයීමටයි.
ටැචන්කා අවි පද්ධතිය:මෙය අශ්වයන් විසින් ඇදගෙන යන විශාල ප්‍රමාණයේ මැෂින් තුවක්කුවක් සවි කල කරත්තයකි.කරත්තය ඇදගෙන යාමට අශ්වයින් දෙදෙනෙක් හෝ සිව්දෙනෙක් යොදා ගත් අතර එහි කාර්ය මණ්ඩලය දෙදෙනෙක් හෝ තිදෙනෙක් විය.මෙම අවි පද්ධතිය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ පළමු ලෝක සංග්‍රාමයේදීය.ටැචන්කා අවි පද්ධතිය එහි භාවිතයේ උච්චතම අවස්ථාවට පැමිණියේ රුසියානු සිවිල් යුද්ධය තුලයි.රුසියාවේදී මේ සඳහා භාවිතා කෙරුණේ PM M1910 නම් මැෂින් තුවක්කුවයි.
යුද්ධයෙන් පසු රතු හමුදාව ක්‍රමයෙන් නූතන අවි වලින් සන්නද්ධ වෙද්දී ටැචන්කා අවි පද්ධතිය ඔවුන්ගේ අවි ලැයිස්තුවෙන් අතුරුදහන්ව ගියේය.කෙසේවෙතත් දශක ගණනාවකට පසුව එය "ටෙක්නිකල්" හෙවත් මැෂින් තුවක්කුවක්,ස්වයංක්‍රීය කාලතුවක්කුවක් හෝ බැරල් කිහිපයක් සහිත රොකට් විදිනයක් සවි කල රෝද හතරම බල ගැන්වූ පික් අප් රථයක් ලෙස නැවතත් සංග්‍රාම භූමියට ප්‍රවිෂ්ඨ වූයේ රුසියානු සිවිල් යුද්ධයට සමාන තත්ත්වයන් සහිත අප්‍රිකාවේ අවම තීව්‍රතා සංග්‍රාම සඳහා භාවිතා කිරීමත් සමගයි.
මැදපෙරදිග පුරාවට ආණ්ඩු පෙරළීමේ රැල්ල සීඝ්‍රයෙන් පැතිර යද්දී,ඇති වූ යුද්ධවල "ටෙක්නිකල්" රථ අනිවාර්ය අංගයක් විය.එහිදී සංග්‍රාම භූමියට උචිත අයුරින් වෙනස් කරන ලද නවතම ටොයෝටා හීලික්ස් පික් අප් ට්‍රක් රථ ඇණිවලින් සන්නද්ධ වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු ඉරාකය සහ සිරියාව පුරා සිය බලය ව්‍යාප්ත කරන්නට වූහ.
ජංගම මෙහෙයුම් සඳහා සුදුසු භූවිෂමතාවයත්,අවම පිරිස් බල ඝනත්වයත් හේතුවෙන් ටෙක්නිකල් අවි පද්ධති සිරියාව සහ ඉරාකය යන රටවල සංග්‍රාම සඳහා ප්‍රයෝජනවත් විය.කාන්තාරවල ආධිපත්‍ය දරන මෙම සැහැල්ලු ප්‍රහාරක රථවලට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඵලදායී උපක්‍රමයක්ද නොවීය.2016 වර්ෂයේදී සිරියාවේ පැල්මයිරා නගරය අල්ලා ගැනීම,මෙම විධික්‍රමයේ සංග්‍රාමයන්හිදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය කෙළ පැමිණ ඇති බවට ප්‍රධානතම සාක්ෂියකි.එහිදී ත්‍රස්තවාදීහු දිශා කිහිපයකින් සහ ස්ථාන ගණනාවකින් ප්‍රහාර එල්ල කරමින් සිය බල ප්‍රදේශය ඉදිරියට ගෙන ආ අතර ඒ නිසාවෙන් සිරියානු රජයේ හමුදාහි ඉදිරි ආරක්ෂක වළලු බිද වැටිණි.දුර්වල සන්නිවේදන මාර්ග සහිත ශක්තිමත් යාන්ත්‍රික හමුදාවලට පහර දීමෙන් ආක්‍රමණික මෙහෙයුමකට බාධා පමුණ වන්නේ කෙසේද යන්න,සැහැල්ලු ට්‍රක් රථවලින් සමන්විත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම් සාධනීය ලෙස ඔප්පු කර තිබේ.
කාලයත් සමග කෙසේහෝ සිරියානු අරාබි හමුදාව සහ එහි රුසියානු උදේශක හමුදා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ උපායන්වලට එරෙහිව ඵලදායි ක්‍රියාමාර්ග සංවර්ධනය කල අතර ත්‍රස්තවාදීන්ගේ උපායන්ගෙන්ම ඔවුන්ට පිළිතුරු දුන්හ.එනම් සිරියානු අරාබි හමුදාවද සැහැල්ලු ට්‍රක් රථ අවිවලින් සන්නද්ධ කර භාවිතා කරන්නට පත් ගත්තේය.රුසියානු හමුදාව ඉන් ඔබ්බට ගොස් ටෙක්නිකල් අවි පද්ධතිවලින් සන්නද්ධ බලකායක් ස්ථාපිත කරන ලදි.රුසියාවේ සමාරා පළාතේ නිර්මාණය කල මධ්‍යම හමුදා දිස්ත්‍රික්කයේ දෙවන ආරක්ෂක හමුදාවට අයත් 30 වන යාන්ත්‍රි රයිෆල් බ්‍රිගේඩය 21 වන සියවසේ ටැචන්කා සංස්කරණය ලෙස භාවිතා කරන්නේ UAZ-3163 පේට්‍රියට් නම් පික් අප් ට්‍රක් රථයයි.
පේට්‍රියට් යනු විස්තීරණය කල කැබ් රථයකි.රෝද හතරටම බලය යෙදූ මෙම සැහැල්ලු රථයේ පිටුපස විවෘත කොටසේ මි.මී.12.7 කෝර්ඩ් මැෂින් තුවක්කු,ස්වයංක්‍රීය බෝම්බ විදින සහ කොර්නට් වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල විදින සවි කල හැකිය.ඊට අමතරව මෙම ටැචන්කා බලකාය මි.මී.82 මෝටාර් අවිවලින්ද සන්නද්ධය.බ්‍රිගේඩයේ ඉතිරිය BTR-82A රථ සහ ටී-72බී3 යුද ටැංකිවලින් සමන්විත අතර,එහි කාලතුවක්කු මි.මී.122 හොවිත්සර්වලට සීමා වීමෙන් පෙනී යන්නේ සම්පුර්ණ බිග්‍රේඩය පුහුණු කර තිබෙන්නේ කාන්තාර සංග්‍රාම මෙහෙයුමවලට බවයි.බ්‍රිගේඩයේ කාලතුවක්කු අභ්‍යාස සිදු කරන්නේ අතිශය ජංගම සැහැල්ලු සතුරු ට්‍රක් රථ හමුදා සමග සටන් වැදීමට හැකි ශිල්ප ක්‍රම උපයෝගී කරන ගෙන බව වාර්තා විය.
සැහැල්ලු ට්‍රක් රථ,රෝද සහිත සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ සහ ඇදගෙන යන මධ්‍යම ප්‍රමාණයේ හොවිත්සර්(කාලතුවක්කු වර්ගයක්)විශ්වාසය තැබීම නිසා අදාල ඒකකවලට මෙහෙයුම් වඩාත් උපායමාර්ගිකව සහ සුනම්‍යතාවයකින් සිදු කල හැකිය.යුද ටැංකි හැර මෙම බ්‍රිගේඩය සතු අනෙකුත් සියලු අවි පද්ධති සීඝ්‍රයෙන් ගුවන් මගින් සංග්‍රාම භූමියට ගෙන යා හැකි අතර ඒවා ගැලපෙන්නේ රුසියානු වාසර බලකාවලටය.කෙසේවෙතත් බ්‍රිගේඩය සතු රෝද සහිත ජංගම ප්ලැට්ෆෝම්ස් වලින් පෙනී යන්නේ 30 වන බ්‍රිගේඩය සංග්‍රාම භූමියේ මෙහෙයුම් සුනම්‍යතාවය සම්බන්ධව සැලකිල්ලක් දක්වන බවයි.
අවශ්‍ය පරිදි වෙනස් කල,නූතන කාන්තාර සහ තණබිම් ආශ්‍රිත සංග්‍රාම සඳහා ස්ථිරව පිහිටුවන ලද බලකායෙන් පෙනී යන්නේ සිරියානු යුද්ධයේදී ලබා ගත් අද්වීතීය අත්දැකීම රුසියානු හමුදාව තමන් හට නැවත වරක් මුහුණ දෙන්නට වන සිදුවීමක් ලෙස නොදකින බවයි.ඉරාකය සහ ලිබියාව යනු තවමත් රුසියානු හමුදාවල බලපෑම එල්ල නොවූ සංග්‍රාම ලෙස දැක්විය හැකිය.ඇෆ්ගනිස්ථානයේ අවිනිශ්චිත අනාගතයත්,කලාපය තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ මතු වීමත් නිසා මධ්‍යම ආසියාවද යුදමය වාතාවරණයකට තල්ලු වීමේ අවදානමක්ද තිබේ.සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධාන තුල සහ අනෙකුත් ඉස්ලාමීය සටන්කාමි කණ්ඩායම්වල මධ්‍යම ආසියානු රටවල පුරවැසියන් සිටිම හරහා මෙම තර්ජනය කොතරම් සැබෑවක්ද යන්න පෙනී යයි.අති සීඝ්‍රයෙන් සහ තීරණාත්මක ලෙස මැදිහත් විය හැකි සුවිශේෂී පරිසර තත්ත්වයකට ගැලපෙන හමුදාවක් සතු වීම හරහා "බස්මාචි කැරැල්ලේ" 21 වන සියවසේ ඕනෑම සංස්කරණයක අංකුරයක් කඩා දැමීමට පුලුවනි.
source:southfront.org
-HarshaLulzSec-

ටැචන්කා අවි පද්ධතියක්

UAZ-3163 පේට්‍රියට් රථ පෙළක්

මෝටාර් අවිය සහිත UAZ-3163 පේට්‍රියට් රථයක්
සිරියාවේ රුසියානු හමුදාව භාවිතා කරන පේට්‍රියට් රථයක්
සැහැල්ලු ට්‍රක් රථ,රෝද සහිත සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ සහ ඇදගෙන යන මධ්‍යම ප්‍රමාණයේ හොවිත්සර්(කාලතුවක්කු වර්ගයක්)විශ්වාසය තැබීම නිසා අදාල ඒකකවලට මෙහෙයුම් වඩාත් උපායමාර්ගිකව සහ සුනම්‍යතාවයකින් සිදු කල හැකිය.යුද ටැංකි හැර මෙම බ්‍රිගේඩය සතු අනෙකුත් සියලු අවි පද්ධති සීඝ්‍රයෙන් ගුවන් මගින් සංග්‍රාම භූමියට ගෙන යා හැකි අතර ඒවා ගැලපෙන්නේ රුසියානු වාසර බලකාවලටය.කෙසේවෙතත් බ්‍රිගේඩය සතු රෝද සහිත ජංගම ප්ලැට්ෆෝම්ස් වලින් පෙනී යන්නේ 30 වන බ්‍රිගේඩය සංග්‍රාම භූමියේ මෙහෙයුම් සුනම්‍යතාවය සම්බන්ධව සැලකිල්ලක් දක්වන බවයි.
සන්නද්ධ UAZ-3163 පේට්‍රියට් රථයක පිටුපස කොටස දිස්වන අයුරු
අවශ්‍ය පරිදි වෙනස් කල,නූතන කාන්තාර සහ තණබිම් ආශ්‍රිත සංග්‍රාම සඳහා ස්ථිරව පිහිටුවන ලද බලකායෙන් පෙනී යන්නේ සිරියානු යුද්ධයේදී ලබා ගත් අද්වීතීය අත්දැකීම රුසියානු හමුදාව තමන් හට නැවත වරක් මුහුණ දෙන්නට වන සිදුවීමක් ලෙස නොදකින බවයි.ඉරාකය සහ ලිබියාව යනු තවමත් රුසියානු හමුදාවල බලපෑම එල්ල නොවූ සංග්‍රාම ලෙස දැක්විය හැකිය.ඇෆ්ගනිස්ථානයේ අවිනිශ්චිත අනාගතයත්,කලාපය තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ මතු වීමත් නිසා මධ්‍යම ආසියාවද යුදමය වාතාවරණයකට තල්ලු වීමේ අවදානමක්ද තිබේ.සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධාන තුල සහ අනෙකුත් ඉස්ලාමීය සටන්කාමි කණ්ඩායම්වල මධ්‍යම ආසියානු රටවල පුරවැසියන් සිටිම හරහා මෙම තර්ජනය කොතරම් සැබෑවක්ද යන්න පෙනී යයි.අති සීඝ්‍රයෙන් සහ තීරණාත්මක ලෙස මැදිහත් විය හැකි සුවිශේෂී පරිසර තත්ත්වයකට ගැලපෙන හමුදාවක් සතු වීම හරහා "බස්මාචි කැරැල්ලේ" 21 වන සියවසේ ඕනෑම සංස්කරණයක අංකුරයක් කඩා දැමීමට පුලුවනි.
බස්මාචි කැරැල්ල:1916-1934 කාල වකවානුවේදී රුසියානු අධිරාජ්‍යයටත්,සෝවියට් සමූහාණ්ඩුවටත් එරෙහිව මධ්‍යම ආසියාවේ මුස්ලිම් ප්‍රජාවගේ නැගි සිටීම.
සංග්‍රාම භූමියේ නවතම තතු සඳහා පිවිසෙන්න
source:southfront.org
-HarshaLulzSec-