පිස්සුද හරකෝ.
අපි මේ දවස් වල WFH.
උදේ නැගිටලා mail එහෙම බලලා පොඩි නින්දක් දාල දැන් පැයක තුනකට කලින් වගේ ආයෙත් ඇහැරුනේ.
දැනුත් ඔෆිස් ලැප් එක side එකේ තියාගෙන මගේ ලැප් එකෙන් එලකිරියට ඇවිල්ලා ඉන්නෙ.
සින්ග්ගප්පුරුවේ තියෙන කොම්පැනි අමුතු ජාතියේ ඒවා නෙවෙයි යකෝ. එහෙම තියෙන්නෙ ලංකාව වගේ රටවල් වල.
මෙහෙ ගොඩක් තියෙන්නෙ international කොම්පැනි.
තියෙන වැඩ ප්‍රමාණය කොම්පැනි එකෙන් කොම්පැනි එකට වෙනස් වෙනවා.
උදාහරණයක් විදියට, මම ලඟදි යන්න ඉන්නෙ UK based කොම්පැනි group එකක සිංගප්පුරුවේ තියෙන කොම්පැනි එකකට. මේ group එකට අයිති ප්‍රසිද්ද සොට්ටේයා කොම්පැනි එකක් තියෙනවා ලංකාවෙත්. මම ලංකාවේදී කලින් වැඩ කරේ ඕකේ තමයි. මගේ role එකේ හැටියට report කරන්න තියෙන්නෙත් UK/USA ඉන්න දෙන්නෙක්ට. group එකේ හැම කොම්පැනි එකකම HR වැඩ ඔක්කොම handle කරන්නේ UK වල තියෙන main කොම්පැනි එකේ HR එකෙන්.
ගොඩක් කැම්පස් වල හැම batch එකකින්ම වගේ සැලකියයුතු ප්‍රමාණයක් මිනිස්සු මෙහෙ ජොබ් කරලා සෑහෙන්න decent විදියට ඉන්නවා.
මම දන්න ගොඩක් අය ඉන්නවා condo අරගෙන wife සහ ළමයිත් එක්ක ඉන්න. wife/ළමයින්ට dependent pass දෙනවා මෙහෙ ඇවිල්ලා ඉන්න.
ඊට අමතරව අම්මලා තාත්තලා එහෙමත් නිතර visit කරන්න ගෙන්නගන්නවා ගොඩක් අය. තමන්ගේ ළමයි මෙහෙ ඉන්නෙ කිව්වම on arrival visa කේස් වෙන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි. මේ chance තියෙන්නෙ මෙහෙ work කරන කෙනාගේ visa එක අනුව තමයි. EP තියනවා නම් අවුලක් ඇත්තෙම නැහැ.
ඕක ඉතිං අහන කෙනා අනුව තමයි උත්තරේ ලැබෙන්නේ. 2ඔසාම වගේ කඩේක වැඩ කරන එකෙක් මෙහෙ ආවොත් උපරිම ගොඩ දාගන්න පුළුවන් construction work permit වගේ එකක් තමයි. එහෙම එකෙක්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් ලැබෙන්නෙ වෙනස් උත්තරයක්. එහෙම එවුන් දන්නෙත් ඒ වගේ එවුන්ම තමයි. උඹ ගිය කැම්පස් එකේ batch එකේ එවුන් එහෙම මෙහෙ ඉන්නවනම් call එකක් දීලා විස්තර අහගනින්.