සින්දුවක තේරුම
මේක අපේ නැසීගිය අසහයක ගායකයෙන් වන මිල්ටන් මල්ලවාරච්චි කිව්ව ලස්සන සින්දුවක්. බැලු බැල්මට ඕන කෙනෙක්ට තේරෙනවා මේක තව කොල්ලෙක් නිසා ඉල්ලන් එහෙන් පිටින්ම සපත්තුවක් කෑව සිද්දියක් කියලා. මම ඕකට වෙනම තේරුමක් දැම්මා. ඔයගොල්ලෝ බලලා කියන්න කොච්චර දුරට මම සාර්ථකද කියලා.
ඔන්න දවසක් කොල්ලෙක් දවසක යාලුවෙක් එක්ක අමතපදන් වෙන්න සෙට් වෙනවා. හැබැයි ඒ ඔෆිස් තව හොඳ යාළුවෙක්ව හලලා. මොකද දෙන්න ගාවම වැඩි සල්ලියක් නැති නිසා. දැන් ඔන්න දෙන්නත් එක්ක ගන්නවා බාගයක් . මෙන්න ඊට පස්සේ සිද්දිය.
” මට මෙන් ඔහුටද කඳුල ඔබයි..
කඳුල ඔබයි හසරැල්ල ඔබයි.. “
ඒ කිව්වේ අපේ මිනිස්සුන්ට දුක සතුට කියලා වෙනසක් නෑ. මල ගෙදර දුකට බොනවා, මගුල් ගෙදර සතුටට බොනවා. ඉතින් කොල්ල බාගේ බෝතලේට කියනවා මට වගේම යාලුවටත් කඳුලත් ඔබයි සතුටත් ඔබයි කියලා.
” තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක් වී
ආදර ගඟුලක් පෙරට ඇදෙයි…”
ඕකෙන් කියන්නේ එක යාලුවෙක් හලලා ආව නිසා තුන් දෙනාගෙන් දෙන්නෙක් බාගේ බෝතලේට වග කියන්න සෙට් උනා කියලා. “ආදර ගඟුල” කියන්නේ බිව්වම දැනෙන ආතල් එකට.
” කාටද ඔබේ අත හිමි වන්නේ
මා වගේම ඔහු විමසන්නේ.. “
දැන් මුල්ම ෂොට් ඒක කව්ද දා ගන්නේ කියලා පොඩි ප්රශ්නයක් . ඉතින් ඒක නිසා කොල්ලා යාළුවාට කියනවා ඕක කඩලා උබ මුලින්ම ෂොට් එකක් දා ගනින් කියලා. එත් යාළුවා කියනවා නෑ නෑ උබ දා ගනින් කිසි අවුලක් නෑ කියලා ( බොන කස්ටිය දන්නවා මුල්ම ෂොට් එක දා ගන්න තියෙන අමාරුව. )
ඔන්න ඉතින් මුන් දෙන්න බාගේ බෝතලේට රණ්ඩු වෙලා කොහොමින් හරි බාගෙන් පොඩ්ඩක් ඉතුරු වෙන්න වග කියනවා. කොල්ලගේ කරුමෙට ගෑණිගෙන් දුරකථන ඇමතුමක් එනවා. ඇයි පරක්කු ? මම මේ ලැස්ති වෙලා බලන් ඉන්නේ කියලා. එතකොටයි කොල්ලට මතක් වෙන්නේ අද හවසට ගෑණිව ෆිල්ම් එකක් බලන්න එක්කන් යනවා කියලා පොරොන්දු වෙලයි උදේ ගෙදරින් ආවේ කියලා . මෙන්න ඊට පස්සේ සිද්දිය.
” කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි..”
ගෑණි කෝල් කරලම මතක් කරපු නිසාත් , ෆිල්ම් ඒක බලන්න යන්න බලන් ඉන්න නිසාත් කොල්ලට ටිකක් අප්සට් වගේ . ගෑණිව ෆිල්ම් ඒක බලන්න එක්කන් යන්න ගෙදර යන්න ඕනේ නිසා ඉතින් කොල්ලා බාගේ බෝතලේට සමුදෙනවා.
” ඔබටද ඔහුටද සුබ පතමි
ඔබටද ඔහුටද සුබ පතමි…”
දැන් ඉතින් මොනවා කරන්නද. යාලුවට සිද්දිය කියනවා. මචන් මෙන්න මෙහෙම සිද්දියක්, ගෑණි බර බරේ. උබ ඉතුරු ටික ගහපන් මම ගිහින් එන්නම් කියලා.
ඔහොමයි ඉතින් සිද්දිය.

Maxxxaaah oiii sirahvata 