බනින්ඩ හරි නොබයින්ඩ හරි අඩුම ගානෙ කියන එකක් තේරෙන්ඩ හරි ලියපන්, මම තුන් හතර පාරක් කියවල තේරුම් ගන්ඩ බැලුව හරියන්නෙම නැ...
මේකට කාලතරනය කරන්ඩ වෙනව, ඕක මනුස්සයට ගෝචර දෙයක් නෙමේ..

මේව කියන්න ගිහිං මාව අංගොඩින් ඇවිල්ල උස්සං යයිද දන්නෑ

මාත් හරියටම 100% නිවැරදිව දන්නෑ
දන්න තරමිං කසුනලගෙ ආගමේ චින්තනේ මුලිං තිබ්බෙ සියල්ලට ඉහලිං ඉන්නෙ දෙවියන් වහන්සෙ, angels ල වගේ අයව අතෑරියොත් ඊලඟට මිනිස්සු, ඊලඟට සත්තු ගස් වැල් ඇතුලු ලෝකෙ 
මුල් කාලෙ ලෝකය තේරුම් ගන්න හේතු දැක්කෙ සියල්ල මිනිසා වෙනුවෙන් වෙනව කියල
ගස් වැල් සත්තු ඇල දොල ගංගා මේවට තියෙන්නෙ ආරම්භක හේතුවක් නෙමේ අරමුණක්. මිනිසාට සේවය කිරීම. එතකොට මිනිසාට තියෙන්නෙත් ආරම්භක හේතුවක් නෙමේ අරමුණක් දෙවියන් වහන්සෙට සේවය කිරිම. එතකොට ඒ චින්තනේ දෙයක් ඇතිවුනේ කොහොමද කියල අහන ප්‍රශ්නෙට වඩා වැඩි වැදගත්කමක් තිබ්බෙ ඒ දේ එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට 
ඊට පස්සෙ චින්තනේ වෙනස් වෙන්න ගත්ත(ලු). අරමුණක් වෙනුවෙන් සේවය කිරීමට තියෙන වැදගත්කම ටික ටික අයිං වෙලා මුල් හේතුවට දෙන ප්‍රමුඛතාවය වැඩි වෙලා
දෙවියන් වහන්සෙ සියල්ලේ නිර්මාථෘ. එතනිං එහාට දෙවියන් වහන්සෙම මවපු නියමයන්ට අනුව සේරම වෙනව කිසිම දේකට අරමුණක් කියල දෙයක් නෑ. හේතුවක් තියෙනව. ඒ හේතුව නිසා පස්සෙ වෙන දේවල් වෙනව. ඒ චින්තනේ දෙයක් වෙන්නෙ ඇයි කියල අහන ප්‍රශ්නෙට ලොකු වැදගත් කමක් නෑ. දෙයක් වෙන්නෙ කොහොමද කියල අහල තමා හැම දේම තේරුම් ගන්නෙ
අද හැම දේම අපිට තේරුම් කරන්නෙ අරක නිසා තමා මේක වුනේ කියල.
හේතුව මුල ප්‍රතිඵලේ අග
ඒ චින්තනේම පුරුදු කරල අපි හැම ප්‍රශ්නෙයක් දිහාම බලල තේරුම් ගන්න යන්නෙ මොකක් හින්දද මෙහෙම වුනේ කියල
ඊට වඩා තේරුම් ගන්න ප්‍රශ්නයක් දිහා බලන්න පුලුවන් තව විදි තියෙනව කියල අපිට නොදැනීම මඟෑරෙනව 
