සියමේ සුනන්දාගේ ශෝකාන්තය [1880]

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සියමේ සුනන්දාගේ ශෝකාන්තය [1880]

    තායිලන්තේ සංචාරයකට ප්‍රසිද්ධ තැනක් බැන්ග් පා-ඉන් පැලස් එක.
    අපේ අතීත කතාව පටන් ගන්න කලින් පැලස් එකේ වර්තමාන පින්තූර ටිකක් බලා ඉමු.


    sOLfblW.jpg

    IB2jvMC.jpg

    oaaVMHQ.jpg

    මෙතනට යන්න උතුරු බැංකොක් වල සිට පැය 2 ක් එහෙම නැත්නම් දකුණු අයුත්තයා වල සිට විනාඩි විස්සක් වැයවෙන්නේ. තායිලන්තේ සංචාරයක් නම් යන්න වටිනම ස්තානයක් මෙතන


    කියවමු අතීත කතාව......................


    ඒ, 1880 වර්ෂයේ මැයි 31 වැනිදා.
    වර්තමාන තායිලන්තය, සියම කියා හැඳින්වූ කාලයක්.
    ඒ කාලයේ සියම පාලනය කලේ රජවරු. මේ කියන දවස්වල රජකම් කලේ, පස්වන රාමා, නොහොත් චුලාලොන්ග්කොන්, නමැති බලගතු රජතුමෙක්.
    Chulalongkorn (Rama V the Great)


    800px-Chulalongkorn_LoC.jpg

    මෙතුමාට බිසෝවරු තුන්දෙනෙක් සිටියා.
    එයින් පළවෙනි බිසවගේ නම , සුනන්දා කුමාරිරත්න (Sunandha Kumariratana), වයස අවුරුදු 19 යි.




    454eee_79584062dd764587949c935950d6f4f3~mv2.webp










    454eee_98559a9ffae94d3b8ca08906ff4732f9~mv2.webp




    ඇය රජුගේ ප්‍රියතම රැජිනයි. ඒ වෙනකොටත්, ඇය රජුට දාව, දූ කුමරියක් බිහි කර තිබූ අතර තවත් දරුවකු බිහිකිරීමට සූදානම්ව සිටියා.
    දූ කුමරියගේ නම, කර්නභෝන් බෙජ්රාරත්න (Karnabhorn Bejraratana) . ඒ වනවිට ඇය දෙහැවිරිදි වියට ආසන්නවෙමින් සිට්යා.
    ගිම්හාන කාලයේදි, විවේකගැනීම සඳහා, බැංකොක් නගරයෙන් පිටතවූ, බැන්ග් පාඉන් (Bang Pa-In) නම්වූ , මන්දිරය කරා යාම සිරිතක්.
    ඒ මන්දිරය කරා යාමට , තායිලන්තයේ විශාලතම ගඟවූ චාඕ ප්‍රයා (Chao Phraya) හරහා යාමට සිදුවෙනවා.
    රැජින හා ඇයගේ දූ කුමරිය , වෙනම කුඩා බෝට්ටුවක නංවා, වෙනත් විශාල බෝට්ටුවකින්, ඇදගෙන යාම චාරිත්‍රයයි.


    454eee_38f712fa62de4aaa9c392df59e786da3~mv2.webp



    ඒ විශාල බෝට්ටුවේ, පෞද්ගලික ආරක්ෂකයින් සහ අනෙත් පිරිවර ගමන් කළා.
    එදාත් , වෙනදා වගේම , මේ ගමන සිදුවෙමින් පැවතුනා.
    ගඟ මැදදී , බලගතු දියවැලකට අසුවුනු , රැජින හා කුඩා කුමරිය ගමන් ගත් කුඩා බෝට්ටුව, නොසිතූ අයුරින් පෙරලුනා.
    ගං වතුරට වැටුණු, රැජින හා කුඩා කුමරිය ගං දිය සමග පොර බදන්න ගත්තා.

    මේ ඛේදවාචකය, සියැසින් දකිමින් අනෙත් ලොකු බෝට්ටුවේ සිටි ආරක්ෂකයින් ඇතුළු සියළුදෙනාම, අසරණව , දුක්මුසුව, දෑස් කඳුලෙන් පුරවාගෙන , නිසොල්මනේ බලා සිටියා.
    පුදුම උනත් , ඒ ඇත්තක්. ඒකට හේතුව වී තිබුනේ, සාමාන්‍ය ජනයාට, රාජකීයයන් ස්පර්ශ කිරීම, රාජ නීතියකින් තහනම් කිරීමයි. එය කඩකිරීමට දඬුවම,මරණය ලෙස තීරණය වී තිබුණා.
    ඒ හේතුව නිසාම, සියළු දෙනාගේම දෑස් ඉදිරිපිට, රැජිනත්, ඇයගේ කුඩා කුමරියත්, ගඟේ රැළ සමග පොරබදා අවසානයේ, ගඟටම, බිළිවී ගියා.
    තමන්ගේ ප්‍රියතම බිරියගේ, දෝණියගේ හා නූපන් දරුවාගේද , මේ ඛේදජනක , අකල් මරණ වලින් , රජතුමා දැඩිසේ ශෝකයට හා කෝපයට පත්වුනා.
    කෝපය නිසාම , බේරාගෑනීමට ආඥාවක් නිකුත් නොකල , ප්‍රධාන පරිවරකයාව සිරගත කළ බැව කියවෙනවා.


    කෙසේ හෝ තම ප්‍රියාදරියන්ගේ අවමංගල උත්සවය, සියම් ඉතිහාසයේ නොවු විරූ අන්දමට , විශාල වියදමක් සිදුකිරීමට රජතුමා පියවර ගත්තා.






    >>>>>>>>>>>The king waited for a full seven months before he could bear to have Sunandha’s body cremated; during this time, he had new buildings constructed for the cremation ceremonies. The ceremony lasted for twelve days; even after it was over, the king did not lay her ashes to rest for nearly another year. He also completed the summer palace which the queen and her daughter had been traveling to when the fateful accident occurred. Marble monuments were constructed to honor her. Today, it still stands as a legacy to the queen and the law that ultimately cost her and her children their lives.
    Fortunately, after that fateful day, the law that forbade anyone from touching a Siamese royal was repealed.<<<<<<<<<<<<<<<


    ඒ සමගම, Bang pa-in මාලිගාව, අසල රැජිනගේ පිළිරුවක් , ස්ථාන ගත කලා

    q4MvBxS.jpg




    My previous threads

    1. ලාංකේය ගුවන්සේවා පුරාවෘත්තය
    2. මර්ඩර්ද සුයිසයිඩ්ද කියවන්නකෝ
    3. මාලදිවයින යටත්කරගැනීමේ මෙහෙයුම [1988]
    4. දැකපු පින්තූර එකතුකරමි
    5. ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය
    6. පරණ ෆොටෝ එකතුව
    7. රූපවාහිනිය ලංකාවට එන්න කලින් කාටූන් ශිල්පියෙක් ඇඳපු කාටුනය


     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සාමාන්‍ය ජනයාට, රාජකීයයන් ස්පර්ශ කිරීම, රාජ නීතියකින් තහනම් කිරීමයි. එය කඩකිරීමට දඬුවම,මරණය ලෙස තීරණය වී තිබුණා.
    ඒ හේතුව නිසාම, සියළු දෙනාගේම දෑස් ඉදිරිපිට, රැජිනත්, ඇයගේ කුඩා කුමරියත්, ගඟේ රැළ සමග පොරබදා අවසානයේ, ගඟටම, බිළිවී ගියා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇයි තායි ගෑනුන්ට ලංකාවෙ ගෑනුන්ගෙ නම් දාල තියෙන්නෙ?
     
    • Like
    Reactions: euler