සිරගත වුනෙමි

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
mechara diga thread mama jeewithera kiyawanne na yako, meeka nikan movie ekak wage. tho poth kiyawanawada ammbaneka? nawathanna hithune na kiyawana eka


මං මෙහෙම කතාවක් දිගට ලියපු පළවෙනි පාර මචෝ....පොත් කියවන්න වෙලාවක් නෑ බං දැන්...

අනිත් අය ලියල තියන ත්‍රෙඩ් බලල ඒව ඔලුවෙ තියන විදියට තමයි ලියන්නෙ
;)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:( hire inna aya gana duka hituna :/

ඒ උනාට ඇතුලෙ ඉන්න සමහර උන්ට ගානක් වත් නෑ මචෝ....

අවුරුදු 24ක් ඇතුලෙ ඉන්න එකෙක්ගෙන් මං ඇහුව එපා වෙනව නේද අයියේ මෙහෙම ඉන්න ගියාම කියල...ඌ මොකක්ද දන්නවද කිව්වෙ....

"සල්ලි හම්ම්බ කරන්න මහන්න්සි වෙන්න, රස්සාවක් කරන්න දෙයක් නෑ.....යුතුකම් වගකීම් මොකුත් නෑ..මේහේ අවුලක්ම නෑ මල්ලි ගෙදර මතක් වෙන්නෙ නැත්නම් විතරක්" කිව්ව
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
man hituwe hire yana eka lesiyen wena deak newei kiyala
dan tamai therenne api one kenekuta oni welawaka hire watenna chance ekak tiyenawa kiyala :(

ඒ විදියටම තමයි මාත් හිතන් හිටියෙ.....මේ සිද්දිය වෙනකන් ම
 

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28

    මගඇරල යන්න හිත දුන්නෙ නෑ මචෝ..කවුද හිතුවෙ තිරිසන් වැඩක් කරයි කියල උන්....:no:

    නීතිය ගැන නම් කතා කරල වැඩක් නෑ....ශෝචනීයයි.....
    :(


    මග ඇරල යනව නෙමෙයිනෙ බන්. උබ ඌව hospital දැම්මනේ. පස්සෙ වෙන එකෙක්ව දාල හොයල බැලුවනම් හරි ඌගෙ තත්වේ. උබ මනුස්සකම් උපරිම කරන්න ගිහින්නේ ඉල්ලන් කාල තියෙන්නේ. උබ කිව්ව විදියට ඌ සතියකින් ට්‍රිප් එකකුත් ගියානම් ඌට මොකුත් අවුලක් නෑනෙ.

    උබ හිතනවනම් උබේ අතින් වෙච්ච වැරැද්දට උබට ගැලපෙන දඬුවම ලැබුනා කියල එහෙනම් කිසි අවුලක් නෑ. මට හිතෙන දේ තමයි උබට සෑහෙන දරුණු දඩුවමක් ලැබිලා කියන එක. ඒ පැත්ත ගැන බලන්න කවුරුවත් නෑ නේද?

    සැකකාරයෙක්ව රිමන්ඩ් කරන එක පට්ට අසාධාරණයි. වරද කාරයෙක්ව හිරේ යවන එක වෙනයි. ඒත් සැකකාරයෙක් කියන්නෙ වරදකාරයෙක් නෙමෙයි. ඒත් උසාවියෙන්ම දඩුවම් දීල තීන්දුව දෙන්නත් කලින්ම. ගොබ්බ නීති.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මග ඇරල යනව නෙමෙයිනෙ බන්. උබ ඌව hospital දැම්මනේ. පස්සෙ වෙන එකෙක්ව දාල හොයල බැලුවනම් හරි ඌගෙ තත්වේ. උබ මනුස්සකම් උපරිම කරන්න ගිහින්නේ ඉල්ලන් කාල තියෙන්නේ. උබ කිව්ව විදියට ඌ සතියකින් ට්‍රිප් එකකුත් ගියානම් ඌට මොකුත් අවුලක් නෑනෙ.

    උබ හිතනවනම් උබේ අතින් වෙච්ච වැරැද්දට උබට ගැලපෙන දඬුවම ලැබුනා කියල එහෙනම් කිසි අවුලක් නෑ. මට හිතෙන දේ තමයි උබට සෑහෙන දරුණු දඩුවමක් ලැබිලා කියන එක. ඒ පැත්ත ගැන බලන්න කවුරුවත් නෑ නේද?

    සැකකාරයෙක්ව රිමන්ඩ් කරන එක පට්ට අසාධාරණයි. වරද කාරයෙක්ව හිරේ යවන එක වෙනයි. ඒත් සැකකාරයෙක් කියන්නෙ වරදකාරයෙක් නෙමෙයි. ඒත් උසාවියෙන්ම දඩුවම් දීල තීන්දුව දෙන්නත් කලින්ම. ගොබ්බ නීති.


    ඕව් මචෝ....සහතික ඇත්ත උඹ කියන කතාව....
    :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    කවදාවත් හොර බොරු කරල මිනිස්සු රවට්ටල නෑ බං....මලාට එහෙම කරන්නෙත් නෑ.... :no:

    ඒ උනාට තිබුනු බයටයි, ඒ පරිසරේට තිබුනු පිළිකුලටයි ඔටෝම එහෙම කෙරුන කියහංකො..:lol:

    බැරි වෙලාවත් ඒක බොරු කියල මාට්ටු උනා නම් ඉස්සෙල්ලම කන්න වෙන්නෙ ජේලර්ලගෙන්....පස්සෙ හිරකාරයින්ගෙන්..තඩි පොලු අතෙ තියන් ඉන්නෙ....එකක් කෑවෝ සුවර් බිම...

    එකෙක්ට ගැහුව අපි බලං ඉද්දිම දවසක්..ආයෙ මුකුත් නෑ බල්ලොන්ට වගේ ගහන්නෙ..අතින් ගහන්නෙම නෑ..පයින්, පොලු වලින් විතරමයි....ඒ කතාව තව ඉස්සරහට දාන්නම්...
    උඹ බය නොවී තියේද බං.. කතාව කියවලා මට නිකං මඤ්ඤං වෙලා ගියා..:dull:
    REP 29+
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,866
    113
    canada
    නියමෙට කතාව ලියල තියෙනව ... බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට

    නරකද නිකන් ඉන්න එකේ හිරේ පැත්තේ ගියොත්. අලුත් අද්දැකීමක් ලබන්න. අර කුරුටුගාමී අයත් සෙට් කරගත්තනම් කතා ටිකකුත් අහගෙන ඉන්න තිබ්බ. :P;)


     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නරකද නිකන් ඉන්න එකේ හිරේ පැත්තේ ගියොත්. අලුත් අද්දැකීමක් ලබන්න. අර කුරුටුගාමී අයත් සෙට් කරගත්තනම් කතා ටිකකුත් අහගෙන ඉන්න තිබ්බ. :P;)



    ඕවට ෆ්‍රී ටයිම් එකක් නෑ සහෝ :frown:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ලියන්නෙ සිරගතවීමේදී ලැබුනු තවත් අත්දැකීමක්....

    මුල් කතාවෙදි මං කිවුවනෙ දවස් තුනකට මාව රක්ෂිත බන්ධනාගාර ගත කරාට පස්සෙ නැවත තිබුන නඩුවෙදි ඇප ලබා නොදී ආයෙත් දවස් හතරකට මට රක්ෂිත බන්ධනාගාර ගතවෙන්න සිද්ධවෙනව කියල.....ඔන්න ඒ දින කිහිපයේදි දකින්න උන සිදුවීමක් තමයි මේ කියන්න යන්නෙ.....:)

    දෙවනි වතාවට මාව ඇතුලට දානකොට මට කෙලින්ම බන්ධනාගාර රෝහලට යන්න බැරිවෙලා එදා රාත්‍රිය සාමාන්‍ය සැකකරුවන් ඉන්න වාට්ටුවේ ඉන්න සිදු උන බව කිව්ව මතක ඇති නේ....ඉතින් පහුවදා උදේ මාව නැවත බන්ධනාගාර රෝහලට අරන් යනවනේ...ටිකට් එක කපල නෑ කියල දැනගෙන:)

    ඔන්න ඉතින් ඒ දවසෙ දිවා කාලය සාමාන්‍ය ලෙස ගෙවිල යනව..... හවස පෝලිම් කරල වාට්ටුවෙ ඉන්න සිර කරුවන් සහ සැක කරුවන් වෙනම ගණන් කරල ඉවර උනාට පස්සෙ රාත්‍රී ආහාරය එහෙම අරගෙන අපි නිදාගන්න සූදානම් උනා.....

    එතකොටම ඔන්න ඈතින් කවුරු හරි විලාප තියන සද්දයක් ඇහෙන්න ගත්ත:shocked:මුලින් මුලින් හරියට පැහැදිලි නැති උනාට ටික වෙලාවක් යනකොට ඒ විලාපෙ එන්න එන්න ළඟට එන බවක් තේරුන නිසා අපි හිතාගත්ත මේ එන්නෙ පී එච් එකට එහෙමත් නැත්නම් බන්ධනාගාර රෝහලට කියල......

    "අනේ ..මට ඉන්න බෑ......අම්ම්ම්ම්මේ........රිදෙනවා..අනේ අම්ම්මේ"

    මේ විලාපෙ එක දිගට ඇහෙනව.....ඔන්න විනාඩියක් විතර යනකොට ජේලර් මහත්තුරු තුන්දෙනෙකුයි සෝමාලියානු මුහුදු කොල්ලකාරයෙක් වගේ;) පෙනුම තියන පට්ට කළු, කොන්ඩෙ කුඩු කට් එක කපාපු අවුරුදු 20ක විතර කෙට්ටු උස කොල්ලෙකුයි වාට්ටුවෙ දොර ගාවින් මතු උනා.....

    අරූව මරන්න ගෙනියනව වගේ වට කරගෙන හිටියෙ ජේලර්ල තුන්දෙනා....කොල්ලත් මොකක් හරි අමාරුවක් පෙන්නගෙන හිටියෙ.. බඩ අල්ලගෙන, දෙකට නැමිල...ඒ මූනෙන්ම පේනව හෙන තෙහෙට්ටු ගතියකුයි, ඇඟේ ලොකු වේදනාවකුයි දරාගෙන ඉන්න බවක්.....

    කොහ්ම හරි නම , සිර අංකය ලියාගෙන කොල්ලව ඇතුලට භාර දීල ජේලර්ල පිට උනා.....ඒත් මූ නවත්තන්නෙම නැතුව විලාප තියනව...

    "මට ඉන්න බෑ....අම්ම්මේ......මගෙ බඩ රිදෙනව..අයියෝ....කැක්කුමයි"

    හෙන විකාරයයි.....වාට්ටුවෙ කාමර පාටියි, බන්ධනාගාර රොහලේ සියළුම වාට්ටු බලාගන්න කාමර පාටියි අනිත් ලොකු ලොකු අයයි නිදාගෙන හිටපු තැන් වලින් ඇවිත් මුගෙ විස්තරේ ඇහුව......

    ඒ කොල්ලට කතා කරගන්නවත් බෑ...කෙඳිරි ගගා බඩ අල්ලගෙන බිම ඉඳගෙන හිටියෙ.....කට්ටිය වට වෙලා අහනකොට මූ අමාරුවෙන් වචන පටල පටල විස්තරේ කිව්ව.....

    මූව හොරකමකට අහු වෙලා තමයි ඇතුලට දාල තියෙන්නෙ..ඒ අස්සෙ මූට ඔපරේශන් එකක් කරල තිබිල ඊට දවස් දෙකකට කලින්:shocked:...

    හොරකමකට අහුවෙලා මූව ගෙනාපු නිසා පොලිසියෙදි අම්බානක නෙලල මූට.....ඊට අමතරව බන්ධනාගාරෙ ඇතුලෙදිත් ජේලර්ල හොඳට සළකල....බඩේ ඔපරේශන් එකක් කරල තියෙද්දිත් ගැහුව කිව්වාම මුළු වාට්ටුවෙම හිටපු අළුත ආපු සේරමලගෙ ඇස් උඩ ගියා...... :sorry:

    අනික මූ ඇඳන් හිටපු ටීෂර්ට් එක ගලවල තුවාලෙ පෙන්නුව..ඇත්තටම එතනින් ලේ එලියට පැනල තිබුන මැහුම් අතරින්:(....ඒක දැකපු ගමන් මටත් නොදැනීම වගේ මගේ බඩ අතගෑවුනා....උට දැනෙන වේදනාවම වගේ එකක් මටත් දැනෙනව වගේ තේරුනා තුවාලෙන් ලේ එනව දැක්කාම.......

    අළුතින් ආපු හිරකාරයෝ මහා අනුකම්පාවකින් බලාගෙන හිටියත් ටිකක් පරණ කට්ටියට නම් ඒක එච්චර ගානක් නෑ වගේ:growl:....එදා රෑ එළි වෙනකන් කාටවත් හරියට නින්දක් නෑ වාට්ටුවෙ.....අර කොල්ලගෙ විලාපෙ රෑ පුරාම

    "මට ඉන්න බෑ අම්ම්ම්මේ.....මාව අරන් පලයල්ල ඉස්පිරිතාලේට.....මාව මැරෙයි අම්ම්ම්මේ.......අනේ අම්මේ"....

    ඕකම තමයි රෑ එළි වෙනකන්......ඇත්තටම ඒ විලාපෙ ඇහෙද්දි හිතට අනුකම්පාවක් දැනුනත් අපිට කියල කරන්න පුළුවන් දෙයක් නෑ....කුඩුකාරයෙක් , හොරෙක් මොකෙක් උනත් ඔපරේශන් එකක් කරල තියෙද්දි ඒ තුවාලෙ පෑරිල මැහුම් අතරින් ලේ එන්න ගුටි කාල වේදනාවෙන් විලාප තියද්දි ඒක අහගෙන නිදාගන්න නම් හිත හදා ගන්න බෑ:no:........

    කොහොම උනත් කාමර පාටි ඇතුලු අනිත් දිගුකාලීන සිරකරුවො කලේ මේ කොල්ල කෑගහන කෑගහන ගානෙට පට්ට කුණුහරපෙන් බැනපු එකයි:growl:..අරූ "අම්මේ ඉන්න බෑ" කියල කෑගහනකොට

    "තොගෙ අම්ම එන්නෙ නෑ හු** තෝව ඇරන් යන්න...කට වගගෙන බුදියපිය මේකෙ ඉන්න අනිත් ලෙඩ්ඩුන්ට නිදාගන්න කනක් ඇහිල":(

    ඔන්න ඔහොමයි රෑ එළිවෙනකන්......මට හිතාගන්න බැරි උනා ඇයි මේ ඇහැට පේන්නම තුවාල වෙලා , ඔපරෙශන් කරපු තැනින් ලේ එනකොටත් මේ මිනිස්සු මූට බනින්නෙ කියල:no:......උගෙ ඩයල් අවුට් උනාට තුවාලෙ ඇත්ත එකක් නෙ...ඒත් කිසිම අනුකම්පාවක් නැතුව කුණුහරප විදිනව අරූ විලාප තියනකොට...

    ඒ වෙනසට හේතුව පැහැදිලි උනේ මං එළියට එන්න කලින් දවසෙ රෑ:yes:....මේ කොල්ලගෙ තුවාලෙ අමාරුව ඇත්තටම තිබුනත් මූට ඕන වෙලා තිබිල තියෙන්නෙ අමාරුව පිටින් දාල එළියෙ හොස්පිට්ල් එකකට අරන් ගියොත් ඒ අතරෙ එහෙන් පැනල යන්න :yes: ....

    අපිට ඕක තේරුම් ගන්න බැරි උනාට එතන හිටපු පරණ හිරකාරයන්ට ඕක හොඳට තේරිල තිබුන..ඒකයි මූට කිසිම බුරුලක් දීල නැත්තෙ....කොහොම හරි අන්තිම දවසෙ උදේ ඩොක්ටර් ඇවිත් මූව බලල කිව්ව වැඩිය අවුලක් නෑ ඕනෙ නම් ටිකට් කපන්න පුළුවන් කියල....කොන්ඩෙ කපල තියන ස්ටයිල් එක, මූනෙ තියන පෙනුම සහ ඇස් දිහා බලල ඒ මිනිස්සුන්ට තීරනය කරන්න පුළුවන් මිනිහෙක්ගෙ තරම....ඒ නිසා ඌට කිසිම අනුකම්පාවක් ලැබුනෙ නෑ කාගෙන්වත් හිරගෙදර රෝහලේදි...,..

    කොහොම හරි එදා දවල් ඒ කොල්ලට සිද්ධවුනා සාමාන්‍ය හිරකරුවො ඉන්න වාට්ටුවට යන්න..ඉතින් මූ දවල්ම බොහොම කැමැත්තෙන් බන්ධනාගාර රෝහලෙන් පිට වෙලා ගියා....අපිත් දවසෙ ඉතුරු කාලෙ සුපුරුදු පරිදි ගෙවා දාල හවස වෙනද වගේම පොලිම් කරල ගණන් කරාට පස්සෙ වාට්ටුව ඇතුලට වෙලා හිටිය..එතකොට වෙලාව රෑ 7 ට විතර ඇති.....

    මෙන්න ආයෙ පාරක් ජේලර්ල තුන්දෙනෙක් ඇවිත් දෙවනිපාරටත් පොලිම් කරල ඉන්න සිර කරුවන් සහ සැකකරුවන් ගණන් කරගෙන ගියා:shocked:....සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ ගණන් කරද්දි උදේ හිටපු ගාන සහ දැන් ගණන් කරද්දි හිටපු ගාන වෙනස් උනාම..ඒ කිව්වෙ සිරකරුවන් ගාන අඩු හෝ වැඩි උනාම........

    මෙන්න ආයෙ විනාඩි විස්සකින් විතර ආයෙත් පේලර්ල සෙට් එකක් ඇවිත් පෝලිම් ගස්සල ගණන් කෙරෙව්ව:nerd:...ඒ කියන්නෙ ගණන් කරපු හැම සැරේකම වෙනසක් වෙලා තියනව සිරකරුවන්ගෙ.....

    දැන් කට්ටියම හොල්මන්...කාමර පාටි දෙතුන් පාරක තනියම ගණන් කරලත් බැලුව..මොකද වරද්දල ගාණ කියල තිබුනොත් ගුටි කන්න වෙන්න කාමර පාටිට:)........තවත් පැය භාගෙකින් විතර චීෆ් ජේලර්ම ආව හතර පස් දෙනෙක් එක්ක:shocked:.....එහෙම එන්නෙ නම් මොනා හරි ලොකු කේස් එකක් උනාම....දැන් මේ හතර පාරම මේ කට්ටිය මුළු හිට ගෙදරම ඉන්න හිරකාරයො ටික ගණන් කරල...හැම වාට්ටුවක් වාට්ටුවක් ගානෙම ගිහින්...ඒත් තාම උදේ වාර්තාවුනු හිරකාරයන්ගෙ ගානට වෙනස් ගානක් තමයි දැන් ගණන් කරද්දි ලැබිල ඇත්තෙ,,ඒකයි මේ කට්ටිය පණ දාගෙන හොයන්නෙ...:eek:

    වාට්ටුවෙ දොර ගාවට ආපු ජේලර් කෙනෙක්ගෙන් කාමර පාටි ශේප් එකේ විස්තරේ ඇහුව...බලද්දි අර විලාප තිය තිය කෑගහපු කොල්ල මිසින් වෙලා:yes:

    ඌ බන්ධනාගාර රෝහලෙන් ටික
    ට් කපල සාමාන්‍ය වට්ටුවට මාරු කරල තිබ්බට රෝහලෙන් පිට උනා කියල විතරයි සඳහන් වෙන්නේ....ඒ කියන්නේ මූ මෙතනින් ගිහින් බන්ධනාගාරෙ ඇතුලෙ කොහෙ හරි හැංඟිල....රෑ වෙලා කළුවර වැටුනාම තාප්පෙන් පනින්න ප්ලෑනක් ගහල:shocked:...

    දැන් ජේලර්ල පනහක් හැටක් පිස්සු බල්ලො වගේ බන්ධනාගාරෙ පුරා දුවනව අරූව හොයන්න....නිකන් නෙවෙයි...උදළුමිටි වගේ දිග පොළු අරන් යන්නෙ..හැම එකා අතේම මොකක් හරි පොල්ලක් තියනව:growl:.....හරියට පුංචි යුද්ධයක් වගේ.....

    අපිත් බිරාන්ත වෙලා බලන් ඉන්නව මොකද වෙන්නෙ කියල....මේ හිටපු දවස් කීපයට මෙහෙම කලබලයක් දැකල නෑ නෙ.....හරියට කෝල් ඔෆ් ඩියුටි වගේ:lol:....එහෙන් දුවනව, මෙහෙන් දුවනව, ටෝච් ගහනව.....එක විකාරයයි.....

    මෙන්න එක පාරම ජේලර් කෙනෙක් කෑගහනව

    "ඒ... ඒ....මේ මේකා වහලෙ ඉන්නෙ..මෙහෙන් වරෙන් මෙහෙ මෙහේ"

    කියල අනිත් ජේලර්ලටත් අඬගහනව...බලද්දි අරූ බන්ධනාගාර රෝහලේම වහලෙ උඩට නැගල හැංඟිල ඉඳල තියෙන්නෙ:)......හතර වටේ දුව දුව හිටපු ජේලර්ල ඔක්කොම එක මොහොතින් අපි හිටපු වාට්ටුවෙ වටේට රොක් උනා.....දැන් අරූට අමතනව හොඳම එකෙන්.....

    "බැහැපිය පර බල්ලො බිමට.....බැහැල වරෙන් හු ගේ පුතා ..තොට කරන දේ බලා ගන්න....තෝ හිතුවද මේකෙන් ලේසියෙන් පැනල යන්න පූළුවන් කියල ප** ":growl:

    කෙලින්ම කුණුහරප වැහි වහින්නෙ....මොනා කිව්වත් අරූව වහලෙන් බස්සගන්න හෙන ගේමක් දෙන්න උනා..ඌත් වහලෙ උඩ ඉඳගෙන වැඳවැටෙනව...

    "අනේ ගහන්න එපා බුදු මහත්තයෝ.....පැනල යන්න හැදුවෙ නෑ......ගහන්න එපා මාව ඔපරේශන් කරල තියෙන්නේ....මට ගොඩක් අමාරුයි"

    වැල්බයිල ගොඩයි.....කොහොමත් ඌට සෑහෙන්න අමාරු වෙන්න ඇති වහලෙන් බහින්න හිත හදාගන්න....මොකද බැහැපු ගමන් හිතාගන්න බැරි වෙන්න කෑමක් සෙට් වෙනව කියල ඌ දන්නව...බහින්න කියද්දිත් තව තව අනං මනං කිය කිය මූ හිටපු එකෙන් උනේ ජේලර්ලගෙ මල ඉහටත් උඩින් පැනපු එකයි..

    අන්තිමට ජෙලර්ල දෙන්නෙක් දෙපැත්තෙන් වහලෙට නැගල මේකව ඇදගෙන වගේ ඇවිත් බිමට බැස්සුව....උඹලට මතක ඇතිනෙ ඉස්කෝලෙ යන කාලෙ බත් මුලක් ලිහපුවාම ඒකට වට වෙන්නෙ කොහොමද කියල..අන්න එහෙම එකක් එතන උනේ..

    අර පොළු අරන් හිටපු ඔක්කොම එක පොදියට අරූව වට කර ගත්ත.....ලොවෙත් හිතන්න බැරි සුපිරි පොළු පාරවල් දෙක තුනක් වැදුන අරූට.....නමුත් චීෆ් ජේලර් මැදට පැනල කිව්ව..

    "ගහන්න එපා..කවුරුත් ගහන්න එපා...ඔහොම්ම ශෙල් එකට අරන් යන්න මේකව" කියල.....

    ඉතින් මරන්න ගෙනියනව වගේ අරූ අඬද්දිම තුවාලෙ ගැන වත් තැකීමක් නොකර බිම දිගේ වගේ අරූව ඇදගෙන ගියෙ...ඌ ආපහු එන්න වෙර දාල මෙහෙට ඇදෙනකොට අත් දෙකින් දෙපැත්තෙන් අල්ලගෙන බලෙන්ම වගේ අරන් ගියා:(.......ඒ යන අතරෙත් ඌ කෑ ගැහුවෙ

    "අනේ අම්ම්මේ රිදෙනවා....මට ගහනව අම්ම්මෙ" කියල....

    ඇත්තට හෝ බොරුවට ඒ කෑ ගහපු විදිය නම් ජීවිතේ ඇති තුරා අමතක වෙන්න නෑ.....ශෙල් එකට අරන් ගියාට පස්සෙ නම් මොකද උනේ කියල දැනගන්න ලැබුනෙ නෑ..මොකද මං පහුවෙනිද නඩුවට ඇවිත් ඇප ලැබිල ගෙදර ආපු නිසා.......මරන්න ගෙනියන හරකෙක් දැක්කත් මට මතක් වෙන්නෙ ඌව...:(
     
    • Like
    Reactions: KungaK and HSW

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මස්සිනේ.....
    ඇතුලෙ තියන වලි ගැනත් ලියපං දන්නව නම්.....
    ඔය තැටි උල් වලින්, හැනල් වලින් කැපිලි ගැන......
    බන්කර් ගහල ඇතුලට බඩු පන්නන විදිය ගැන.....
    බීඩි දෙකක් දුන්නම වැඩියෙන් කෑම ලැබෙන විදිය ගැන.
    ඇතුලෙ කුඩු සංසරණය වෙන විදිය ගැන.

    හිරේ තව තව රස කතා බොහොමයි.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මස්සිනේ.....
    ඇතුලෙ තියන වලි ගැනත් ලියපං දන්නව නම්.....
    ඔය තැටි උල් වලින්, හැනල් වලින් කැපිලි ගැන......
    බන්කර් ගහල ඇතුලට බඩු පන්නන විදිය ගැන.....
    බීඩි දෙකක් දුන්නම වැඩියෙන් කෑම ලැබෙන විදිය ගැන.
    ඇතුලෙ කුඩු සංසරණය වෙන විදිය ගැන.

    හිරේ තව තව රස කතා බොහොමයි.

    ලියල පුරුදු නෑ ලොකු අයියෙ මේ වගේ දිගට..මේකත් ලිව්වෙ පුළුවන් තරම් කෙටි කරල..ඒකටත් අද උදේ ඉඳන් දඟලල ලිව්වෙ:lol:...

    තැටි උල් සීන් එකයි, හැනල් සීන් එකයි නම් දන්නෙ නෑ මං..සතියනෙ හිටියෙ...:no:

    කුඩු සීන් එකයි, ජරාව දෙන සීන් එකයි නම් ලියන්නම්..

    බංකර් ගහන හැටියි, බංකරේ මාට්ටු වෙලා පී එච් එක ළඟට ගෙනල්ල බාවන හැටියි නම් ඇස් දෙකෙන්ම දැක්ක....:)

    හිරේ තව රස කතා බොහොමයි
    :yes:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එක හුස්මට කියවන් ගියා.තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදා ගත්තට උබෙ අත්දැකිම්:) +8
     
    • Like
    Reactions: RIDER89

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එක හුස්මට කියවන් ගියා.තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදා ගත්තට උබෙ අත්දැකිම්
     
    • Like
    Reactions: RIDER89