Srilankamirror – රයිගම් ටෙලීස් සමාමාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත්රවූ සිරස නාලිකාව විකාශය කරන ලද ‘සුළඟට එන්න කියන්න’ ටෙලියට හිමි තැගිමුදල ගැනීමට ගිය එහි අධ්යක්ෂ අරුණ ජයවර්ධනට අපූරු අකරතැබ්බයකට මුහුණදීමට සිදුවී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ. රයිගම් ටෙලීස් සංවිධායකයින් අදාල ඒකාංගික ටෙලිය සඳහා හිමි රුපියල් 15,000 ක මුදල් ත්‍යාගය ලබා ගැනීමට පැමිණෙන ලෙස අරුණට කරන ලද දැන්වීමකට අනුව ඔහු එය ලබා ගැනීමට රයිගම් ආයතනයට ගොස් තිබේ.
කෙසේවුවද අරුණ අදාල කාරණාව එහි සිටි නිලධාරියෙකුට දන්වා ඇති අතර ඔහු ‘අනේ අරුණ මහත්තය..මේ තෑගි මුදල ඔයාට දෙන්න එපා කියල ලියුමක් එවල තියෙනවා..ඒ නිසා ඒක දෙන්න විදියක් නැහැ’ යැයි අරුණට පවසා ඇත.
පසුව අරුණ තමාට තෑග්ග නොදෙන්නැයි පවසා ඇත්තේ කවුදැයි ඔහුගෙන් විමසා තිබේ.
සිරස තමයි කියල තියෙන්නේ යනුවෙන් එම නිලධාරියා ඔහුට පෙරළා ඇත.
එම ලිපිය අනුව අදාල ටෙලියේ නිෂ්පාදකයා සිරස නාලිකාව බවත්, එබැවින් එම ඒකාංගික ටෙලිය හොඳම ටෙලිය ලෙස සම්මාන ලැබීමේ ත්‍යාග මුදල හිමිවිය යුත්තේ සිරසට බවත් දක්වා තිබී ඇත.
සිරස මෙසේ එම මුදල අරුණටයාම වලක්වා ඇත්තේ අරුණ සිරස හැර හිරු ටීවී නාලිකාවට සම්බන්ධවීම නිසා බවද පැවසේ.