ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 13 ක්; මැතිවරණ කොමිසමේ මහාචාර්ය හූල්ගෙනුත් පෙත්සමක්..!
(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.12, ප.ව.3.25) ව්‍යවස්ථාව බලු ගුදයේ ලමින් පාර්ලිමේන්තුව නියමිත දිනයට නොකැඳවා විසිරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතික පෙරමුණට අයත් සියළුම පක්ෂ, ජවිපෙ, ටීඑන්ඒ, සිවිල් සංවිධාන පමණක් නොව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රාජන් හූල්ද පෙත්සම් ඉදිරිපත්කිරීම කැපී පෙනෙන්නකි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ ලිස්සා යන කොන්ද පණ නැති ප්‍රතිපත්තියේ නොසිට මහාචාර්ය හූල් අධිකරණයට යෑම විශේෂිතය.
පෙත්සම් වල වගඋත්තරකාර නීතිපතිවරයා අධිකරණයට පැමිණෙන තුරු පෙත්සම් විභාගය සවස 2 දක්වා කල් දැමූ නමුත් මේ වන විට පෙත්සම් විභාගය ආරම්භ වී තිබේ.
---------------------------