සිරිපාදෙ ටුවරිස්ට්ලට මාකට් කරන්නේ පට්ට ලස්සන සොබාවික වුන්දරත්වයෙන් පිරුන තැනක් විදියට. හැබැයි ඇත්ත තත්වේ සෙනග පිරිච්ච, පෝලිම්වල පැය ගණන් ඉන්න වෙන, හැම තැනම කඩ දාපු, ලවුඩ්ස්පීකර් වලින් බන යන, තැනින් තැන ඉවක් බවක් නැතුව කුණු දාපු තැනක්. නිස්කලංක බවක් නං ඇත්තෙම නැහැ. ඉතින් උන් ගිහින් නෙගටිව් විදියට කතා කරන්නේ. මේක මාකට් කරන විදියේ අවුලක්. අන්තිමට බලාපොරොත්තු වෙන එක්ස්පීරියන්ස් එක නෙමෙයි හම්බෙන්නේ උන්ට.