අත දෙන්න කෙනෙක් නැද්ද?
හරි කතාවට එමුකෝ. දැන් ඔහොම අපේ ඔලුවට ගලාගෙන එන ලොන්තපෝල් අදහස් අතරේ තියෙනවා වටින මැණික් කැට වගේ අදහස් එහෙමත්. ඒ කියන්නේ අනිවා ක්‍රියාත්මක කළොත් සෑහෙන අනාගතයක් තියෙන, ජාත්‍යන්තරේට වුනත් යන්න පුලුවන් අදහස්. හැබැයි පුරස්නේ මේකයි. ඔය කජු කිරි කොල්ලෙක්ට අදහසක් ආවට ඒවා ක්‍රියාත්මක කරන්න සල්ලි බාගෙත් නෑ, ඒවට අත දෙන්න එවුනුත් නෑ. නැත්තං ලංකාවේ කොයි තරම් ඉන්නවද නව නිර්මාණ කරලා, ඒකට පේටන්ට් එකත් අරගෙන ගෙදර තියාගෙන ඉන්න කොල්ලො කෙල්ලෝ. හැබැයි අන්තර්ජාලය කියන එක අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ටත් විවෘත තැනක් වුනාට පස්සේ, මේ උඩ ඇවිත් කාගෙවත් උදවුවක් නැතුව යට යන අදහස් වලට හොඳ තැනක් ලැබෙන ක්‍රම ඇතිවෙන්න පටන් ගත්තා. ඒකෙන් එකක් තමයි Crowdfunding කියන්නේ. මේ කතා කරන්න යන්නේ ආන්න ඒ ක්‍රමේට කොහොමද අපේ අදහසට වටිනාකමක් ලබාගන්නේ, අපේ අදහසක් ව්‍යාපාරයක් දක්වා දියුණු කරන්න මේ ක්‍රමේ උපයෝගී කරගන්නේ කියන එක ගැන තමයි.
1. මොකක්ද මේ Crowdfunding සීන් එක?
සරලවම කිව්වොත් මෙහෙමයි. ඔන්න මට හිතෙනවා ස්මාට්ෆෝන් වලට එහෙම පාවිච්චි කරන්න පුලුවන් අලුත්ම තාලේ කී බෝඩ් එකක් හදන්න. හැබැයි ඕක කෑලි අටවලා හැදුවට වැඩක් නෑ, වාණිජ මට්ටමින් වැඩේට අතගහන්න මට සල්ලි නෑ. දැන් මේකට ලොකු කොම්පැණියක් එක්ක කතා කරලා පොඩි සපෝට් එකක් ගන්න ගියත්, ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් දේ තමයි ලොකු කොම්පැණියක් මගේ පුංචි වැඩේ පයිසෙකට ගණන් ගන්නේ නැති එක. දැන් එතකොට මට තියෙන්නේ වැඩේ අමතක කරලා වෙන අතක් බලාගන්නද?
නෑ. ඒකට තව ක්‍රමයක් තමයි කියන්නේ. අපි කියමු වෙබ් සයිට් එකක් හරහා අපි මේ අදහස ගැන ලෝකෙට කියනවා කියලා. දැන් එතකොට වෙනස් විදියේ කී බෝඩ් එකක් තමන්ගේ ස්මාට්ෆෝන් එකට අමතර උපාංගයක් විදියට පාවිච්චි කරන්න කැමති කට්ටිය මේ වැඩේට ආධාර කරයි. අපි කියමු ආධාර කරන්න පුලුවන් මුදල රුපියල් දහ දාහක් කියලා. හැබැයි කොන්දේසිය තමයි, මේ මුදලින් ආධාර කරන අයට කීබෝඩ් එක වාණිජ මට්ටමින් නිෂ්පාදනය කරන්න පටන් ගත්තහම එක ගාණේ දෙනවා කියන එක. හැබැයි තව කෙනෙක්ට පුලුවන් කීබෝඩ් එකක් ඉල්ලන්නෙ නැතුව, දියුණු වෙන කොල්ලෙක්නේ කියලා රුපියල් සීයකින් වුනත් ආධාර කරන්න. දැන් එතකොට මේ කීබෝඩ් එක අපි හිතන තරමටම වෙනස් අදහසක් නං, හිතනවටත් වඩා කලින් අපිට වැඩේ ගොඩදාන්න ඕන කරන ටාගට් මුදල එකතු වෙනවා.
2. මොන වගේ අදහස් වලට/ප්‍රොජෙක්ට් වලටද මෙහෙම ෆන්ඩ් හොයන්න පුලුවන්?
තමන්ට එන ඕනෑම විශිෂ්ට අදහසක් කෙනෙක්ට පුලුවන් Crowdfunding වලින් සපෝට් එකක් දීලා ගොඩදාගන්න. ඒ කියන්නේ අපි හිතමු පොතක් ලියන කෙනෙක්ට පොත පබ්ලිෂ් කරගන්න ඕනය කියලා. එහෙම නැතිනම් මොකක් හරි නව නිර්මාණයක් හරි නව වැඩිදියුණු කිරීමක් හරි කරන කෙනෙක්ට, වැඩ ලේසි කරගන්න පුලුවන් ගැජට් එකක් හදන කෙනෙක්ට මේක වාණිජ මට්ටමින් නිෂ්පාදනය කරන්න ඕන කියලා. සිංදු නිර්මාණය කරන කෙනෙක්ට සිංදුවක් එලියට දාන්න ඕන කියලා. ඩ්‍රාමා එකක් කරන කෙනෙක්ට තමන්ගේ ඩ්‍රාමා එක එලිදක්වන්න ඕන කියලා. අලුත් ෆැෂන් එකක් මාකට් එකට ගේන්න ඕන කරන කෙනෙක්ට, තමන්ගේ ෆොටෝග්‍රැෆි නිර්මාණ ඇතුළත් කරලා කොෆී ටේබල් බුක් එකක් ගහන්න ඕන කෙනෙක්ට… මේ වගේ ඕනෑම අදහසක් අපිට යතාර්ථයට ගේන්න පුලුවන් Crowdfunding හරහා. අවශ්‍ය කරන එකම දේ වෙන්නේ මේ අදහස ඇත්තටම ඇත්ත ලෝකේ වැඩ කරන, මිනිහෙක්ට ඒකට ෆන්ඩ් කරන්න විශ්වාසයක් ඇති වෙන වැඩක් වීම විතරයි.
3. ඔය කියන තරමට වැඩේ සරලද?
මේකට උත්තරේ ඔව් සහ නෑ. වැඩේ තේරුම් ගන්න අමාරු තරම් අති සංකීර්ණ ක්‍රියාවලියක් නෙවෙයි. හැබැයි ඕන පිස්සු හුටං කෙනෙක්ට ගිහින් ඇඩ් එකක් දාලා “අනේ මට ඉබේ පොල් ගෑවෙන හිරමණයක් හදන්න කීයක් හරි දෙන්නකෝ” කියන්න බෑ.
එක්සත් ජනපදේ තියෙනවා UK Crowdfunding Association (CFA) කියලා එකක්. මේ අය කියන විදියට නිල වශයෙන් ගත්තහම Crowdfunding ආකාර තුනක් තියෙනවා. ඒ තමයි ආධාර, ණය සහ කොටස් කියන ඒවා.
ආධාර: මෙතනදී වැඩිපුර වෙන්නේ දියුණු වෙන අදහසකට අත හිත දීම ගැන විශ්වාස කරන මිනිස්සු, ඒ විශ්වාසය වෙනුවෙන් සුළු සුළුවෙන් හෝ ආධාර කිරීම. ඇත්තටම නියම කියන්නේ මේ අදහස තමයි.
ණය: මෙතනදී සිද්ධ වෙන්නේ පොළියක් ඇතුව හෝ නැතුව යම් අදහසක් වාණිජ මට්ටමින් දියුණු කරන්න හදන කෙනෙක්ට ඒකට අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරලා දීම. ගොඩක් වෙලාවට ඔය සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබෙන මයික්‍රෝෆිනෑන්ස් ණය එහෙමත් මේ කන්සෙප්ට් එකටම තමයි යන්නේ.
කොටස්: මෙතනදී සිද්ධ වෙන්නේ දියුණු වෙයි කියලා විශ්වාසයක් තියෙන අදහසක්, ව්‍යාපාරයක් බවට පත් කරන්න මිනිස්සු ආයෝජනය කරන එක. දැන් එහෙම ප්‍රාග්ධනයක් හදන්න මුදලින් කරන ආයෝජනයට ප්‍රතිලාභ විදියට ලැබෙන්නේ ඒ ව්‍යාපාරයේ කොටස්. එතකොට ව්‍යාපාරය සුපිරියටම ගොඩ යනවා කියන්නේ අදහසේ අයිතිකාරයයි, ආයෝජනය කරපු සෙට් එකයි ඔක්කොම ගොඩ යන එක කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
හැබැයි මේ මූලික ක්‍රම වුනාට, මේවා එහෙන් මෙහෙන් මික්ස් කරලා හදාගත්තු ක්‍රම, එහෙම නැතිනම් අර අපි උඩින් කිව්ව විදියට වැඩේට සපෝට් එක දුන්නොත් හදපු එකෙන් එකක් දෙනවා වගේ ක්‍රම එහෙමත් තියෙනවා.
4. මෙහෙම ප්‍රොජෙක්ට් එකකට සල්ලි හොයන එකේ තියෙන වාසි අවාසි මොනවද?
Crowdfunding ප්‍රධානතම වාසිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අත හිත දෙන්න කෙනෙක් නැතුව මැරිලා යන සුපිරි අදහසක් හෙට දවස වෙනකොට ලෝකේ ප්‍රධානතම පෙළේ සමාගමක් බවට පත් කරන්න මේකෙන් හම්බුවෙන කික්ස්ටාට් එකම මදිද. ඒ විතරක් නෙවෙයි, තමන් අවංකව සුපිරියට වැඩේ ගොඩදානවා නං Crowdfunding වලින් සෑහෙන්න සම්බන්ධකම් එහෙමත් හැදෙනවා. එතකොට තමන්ටම කියලා බිස්නස් ප්‍රොෆයිල් එකක් වුනත් ඔටෝම හැදිලා ඉවරයි වැඩේ ගොඩයනකොට.
අවාසි ගැන කිව්වොත් මෙහෙමයි. වැඩේ කෙළවුනොත් ආයෙ මොකාවත් තමන්ව විශ්වාස කරන්නෙ නෑ. ඒ හින්දා ඔලුවෙ තියාගන්න ඕන එන එන හැම මොංගල් අදහසම Crowdfunding වෙබ්සයිට් එකක දාන්නේ නැතුව, තමන් කරන වැඩේ ගැන හොඳට හිතලා මතලා, කිරලා මැනලා, ගොඩයනවා කියලා සෑහෙන්න ප්‍රතිශතයකින් ෂුවර් කරන්න පුලුවන් වැඩක්ම ගොඩදාගන්න.
5. ෆන්ඩ් කරන අයට මේකේ තියෙන අවදානම සහ ප්‍රතිලාභ මොනවද?
ආයෝජනය කරන අයටත් මේකෙන් වාසි වගේම අවාසිත් තියෙනවා. ප්‍රධානතම වාසිය තමයි මේ ක්‍රමේදී තමන්ට සාමාන්‍ය ක්‍රමේට නිෂ්පාදනයක් වෙනුවෙන් ගෙවන්න වෙන ගාණ සෑහෙන්න අඩු වෙන එක. ඒ කියන්නේ කික්ස්ටාටර් වගේ වෙබ් සයිට් එකක Crowdfunding කැම්පේන් එකකින් වැඩේ ගොඩදාගන්නකොට ගොඩක් වෙලාවට රුපියල් විසිදාහකට මාකට් එකට දාන්න හිතාගෙන ඉන්න බඩුව, ඒකට කලින් දහදාහ ගාණේ ආධාර කරපු අයට එක එක ලැබෙනවා. එතනම ලාබයි. ඊට අමතරව හොඳ අදහසක් ගොඩදාගන්න ආයෝජනයක් කරන එක දීර්ඝ කාලීනව ලාබයක් තියෙනවා. සමහර විට තමන් නොහිතපු විදියට ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා ඒක ගොඩදාගන්නත් මේ ක්‍රමේට හැකියාව ලැබෙනවා.
අවාසි ගැන කියනකොට ඉතින් මුලින්ම එන්නේ හොරුන්ට අහුවුනොත් කියන එක තමයි. ඇත්තටම ගොඩක් දෙනෙක් Crowdfunding වගේ වැඩකට ආධාරයක්නේ කියලා කීයක් හරි දුන්නත්, ඉන් එහා ගියපු ආයෝජනයක් කරන්න බය වෙන්නේ “ඕවා කවදා කෙරෙයිද”, “සල්ලි අරන් මාරු වෙයිද” වගේ දේවල් ගැන හිතලා තමයි. ලෝකේ ඉස්සරහින් තියෙන Crowdfunding වෙබ්සයිට් වලින් නම් මේ වගේ හොර වැඩ කරන්න බැරි විදියට වැට බැඳලා තියෙන්නේ. හැබැයි ඉතින් ඕනම ආයෝජනයක රිස්ක් එකක් නැත්තේ නැහැනේ!
6. දැන් මොනවද ඔය වෙබ්සයිට්?
මෙච්චර වෙලා තොරණේ විස්තරේ කියාගෙන ආවේ මෙන්න මේ කොටස ගැන කියන්න තමයි. ලෝකේ තියෙනවා ප්‍රමුඛ පෙළේ Crowdfunding වෙබ්සයිට් කීපයක්ම. ඒ කියන්නේ ඉන්වෙස්ට් කරන ඩයල් එකකටත් බය නැතුව වැඩකට අත ගහන්න පුලුවන්, එතකොට අදහස් තියෙන බුවෙක්ටත් තමන්ගේ වැඩේ අවුලක් නැතුව පටන් ගන්න පුලුවන් තැන්.
පටන් ගැන්මෙන්ම කියන්න තියෙන්නේ kickstarter.com ගැන තමයි. මොකද Crowdfunding ගැන කියනකොට ජනප්‍රියම තැන මේක නිසා. හැබැයි ඔය සමාජ සේවා, දාන මාන පුණ්‍යකර්ම, අසරණයන්ට ගෙවල් හැදිලි වගේ සීන් වලට kickstarter උදවු කරන්නෙ නෑ. ගොඩ යන ඕනම ප්‍රොජෙක්ට් එකකින් එකතු වුණු ගාණෙන් 5% ක් තමන්ගේ කට් එක විදියට මේ අය චාජ් කරනවා.
ඊලඟට තවත් ජනප්‍රිය තැනක් තමයි Indiegogo කියන්නේ. පෙනුමෙන් kickstarter එකට ටිකක් සමාන වුනත්, මේකේදී ප්‍රොජෙක්ට් වලට kickstarter එකේදී වගේ සීමාවන් නෑ. ඒ කියන්නේ චැරිටි වැඩක් වුනත් මේ හරහා කරන්න පුලුවන්. හැබැයි මෙතනත් බොරු කිරිලි බෑ. ඒ වගේම ප්‍රොජෙක්ට් එක ෆේල් වුනත් ෆන්ඩින්ග් ලබාගන්න ක්‍රමේකුත් මේකේ තියෙනවා. මේ අය චාජ් කරනවා 4% ක්.
මේ ඇරෙන්න තවත් ජනප්‍රිය Crowdfunding වෙබ්සයිට් තියෙනවා. Crowdrise, Appbackr, Crowdfunder, GoFundMe, RocketHub කියන්නේ ඒවායින් කීපයක්.
7. කික්ස්ටාට් එකකින් වැඩේ ගොඩදාගන්න තැනින් පටන් ගමුද?
kickstarter තමන්ගේ විස්වාසේ රැකගන්න කරන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න මනුස්සයෙක්ට හරි ලේසියෙන්ම මෙතනින් වැඩේ පටන් ගන්න ඉඩ ලබාදීම. ඒ කියන්නේ එකවුන්ට් එකක් අරින එක විතරයි තියෙන්නේ. හැබැයි ඕන ඊමේල් එඩ්‍රස් එකක් දීලා බොරු නමක් දීලා එකවුන්ට් අරින්න බෑ. එතකොට තමන්ගේ ප්‍රොජෙක්ට් එක ගැන සම්පූර්ණ ඩීටේල්ස් මෙතනට දෙන්න ඕන. ඒ අහලා තියෙන විස්තර වලට උත්තර බඳින්න නම් බොරු කරන්නේ නැතුව ඇත්තටම වැදගත්කමක් තියෙන ප්‍රොජෙක්ට් එකක් අරගෙන එන්න ඕන. අන්න එතනින්ම බොරුකාරයෝ හැලෙනවා. දැන් මෙහෙම කලත් ප්‍රොජෙක්ට් එකට ඇපෘවල් එන්න ඕන. ඉතින් ලෝකෙට ඉදිරිපත් කරන්න තරම් වැදගත්කමක් තියෙන, ඒ වගේම ඇත්තටම කරන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක් නං තමයි කික්ස්ටාටර් එකේ අනුමැතියෙන් ගොඩයන්නේ.
මේ ඇරෙන්න කික්ස්ටාටර් නීති රීති ගැන දැනගන්න පුලුවන් ඒ අයගේ නිතර අහන ප්‍රශ්න දිහා බලලා.
අන්තිමට කියන්න තියෙන්නේ මේකයි. අලුත් ලෝකේත් එක්ක ඉස්සරහට යන්න තියෙන මේ වගේ අවස්ථාවන් විවෘත වෙනවා වගේම තමයි, තමන් ඇස් ඇරගෙන සිහිකල්පනාවෙන් දෙයක් කරන්න ඕන කියන කාරණේ තියෙන වලංගු භාවයත් වැඩි වෙනවා. ඒ නිසා තමන් සිහිබුද්ධියෙන් වැඩ කරනවා නං, Crowdfunding කියන්නේ අත අරින්න හොඳ නැති තරම් වටිනා අවස්ථාවක්. විශේෂයෙන්ම ඔය “හැකියාව තියෙනවා අපිට අත දෙන්න කෙනෙක් නෑ” කියන කට්ටියට මෙන්න අත දෙන්න අය හොයාගන්න අවස්ථාවක්!
අදහස් තිබ්බට අත දෙන්න කෙනෙක් නැද්ද? එහෙමනම් Crowdfunding ගැන මේ විස්තර ටික කියවලා එන්න
අපි කාටත් ලොකු ලොකු බිස්නස් අයිඩියාස් එහෙම එනවනේ හිතට. ඔව් ගොඩක් අයට ශරීර කෘත්‍යය කරන්න ගිහින් වාඩි වෙලා ඉන්නකොට එහෙම මේම මේම අදහස් ගලාගෙන එන්නේ. ඒවා ක්‍රියාත්මක කරන්න තල්ලුවක් දෙන්න අය හිටිය නං මෙලහකට ෆේස්බුක් හදන්නේ ලංකාවේ, මුලින්ම හඳට යන්නේ ලංකාවේ ඩයල් එකක්, වෙන එකක් තියා අභ්‍යවකාශෙට යවන්නෙත් ලයිකා බැල්ල නෙවෙයි, අපේ ගෙදර ඉන්න දඩෝරියා!හරි කතාවට එමුකෝ. දැන් ඔහොම අපේ ඔලුවට ගලාගෙන එන ලොන්තපෝල් අදහස් අතරේ තියෙනවා වටින මැණික් කැට වගේ අදහස් එහෙමත්. ඒ කියන්නේ අනිවා ක්‍රියාත්මක කළොත් සෑහෙන අනාගතයක් තියෙන, ජාත්‍යන්තරේට වුනත් යන්න පුලුවන් අදහස්. හැබැයි පුරස්නේ මේකයි. ඔය කජු කිරි කොල්ලෙක්ට අදහසක් ආවට ඒවා ක්‍රියාත්මක කරන්න සල්ලි බාගෙත් නෑ, ඒවට අත දෙන්න එවුනුත් නෑ. නැත්තං ලංකාවේ කොයි තරම් ඉන්නවද නව නිර්මාණ කරලා, ඒකට පේටන්ට් එකත් අරගෙන ගෙදර තියාගෙන ඉන්න කොල්ලො කෙල්ලෝ. හැබැයි අන්තර්ජාලය කියන එක අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ටත් විවෘත තැනක් වුනාට පස්සේ, මේ උඩ ඇවිත් කාගෙවත් උදවුවක් නැතුව යට යන අදහස් වලට හොඳ තැනක් ලැබෙන ක්‍රම ඇතිවෙන්න පටන් ගත්තා. ඒකෙන් එකක් තමයි Crowdfunding කියන්නේ. මේ කතා කරන්න යන්නේ ආන්න ඒ ක්‍රමේට කොහොමද අපේ අදහසට වටිනාකමක් ලබාගන්නේ, අපේ අදහසක් ව්‍යාපාරයක් දක්වා දියුණු කරන්න මේ ක්‍රමේ උපයෝගී කරගන්නේ කියන එක ගැන තමයි.