මම හැම අවුරුද්දෙම නුවර ඉඳන් සිරිපාදෙ යනව.ගිය සතියෙත් ගියා.මෙන්න හොඳම ක්‍රමය.
නුවරින් හවස 5ට තියෙන හැටන් කොච්චියෙ නගින්න. රෑ 8.30ට හැටන් වලට යනව.
කෝච්චියෙන් බැහැල ස්ටේශන් එකෙන් එලියට යනකොටම CTB බස් එකක් නවත්තල තියෙනව නල්ලතන්නියට යන. (ඉක්මනට කෝච්චියෙන් බැහැල එන්න.නැත්නම් හිටගෙන තමයි.) පැයයි විනාඩි 45න් බස් එක නල්ලතන්නියට යනව. ආ රෑට කෑම අරන් යන්න. බස් එකෙන් බැහැල ඒ ලඟපාත කොහෙට හරි වෙලා කෑම ටික කාලා ගමන පටන් ගන්න. මම නම් කන්නෙ ටික දුරක් සිරීපාද පාරෙම ගියාම තියෙන විශ්‍රාම ශාලාවක තමයි. නෝමල් වේගෙන් නැග්ගොත් පැය 4න් උඩට යන්න පුලුවන්.ඒත් ටිකක් හෙමින් යන්න.පාන්දර 4ට වගෙ උඩට ගියාම ඇති.ගිහින් වැඳලඑහෙම විශ්‍රාම ශාලාවට වෙලා ටිකක් ඉන්න.6ට වගේ සෙට් වෙන්න ඉර සේවය බලන්න.බලපු ගමන් 6.30ට බහින්න පටන්ගන්න. බහින එකත් පුළුවන් උපරිම හෙමින් බහින එක හොඳයි. මොකද නැත්නම් පල්ලෙහට එනකොට ඇවිදගන්න බැරි වෙනව.පල්ලෙහාට එනකොට ආයෙත් හැටන් බස් තියෙනව. 9ට කලින් පහලට ආවොත් නම් CTB එකක් තියෙනව ඒක ස්ටේශන් එකටම යනව.ඒ වෙලාවට නුවරට එන්න කෝච්චියකුත් තියෙනව.ඒක සෙට් උනොත් නම් 12.45 වෙනකොට නුවර.ඒත් හදිස්සියෙන් බහින්න එපා.හැටන් වලින් නුවර බස් ඕනි තරම් තියෙනව.ආහ් නගින ගමන් මග කඩ වලින් කන එකනම් මම අනුමත කරන්නෙ නෑ.ඕවගෙ තියෙන කෑම සතියක් විතර පරනයි. මග දිගට හාමුදුරු වරු පවා නූල් ගැට ගහල,පන්සිල් දීල සල්ලි ගන්න බලයි.අහු වෙන්න එපා.සීත ගඟුලේ තියෙන සමන් දේවාලෙට පඬුරු දැම්මම හොඳටම ඇති. (පටන් ගන්න තැන ඉඳන් සීත ගඟුලට පැය එක හමාරක් වත් යනව.එතකන් මග සල්ලි ගරන තැන් ගොඩයි.අහු වෙන්න එපා)

ගිහින් සෙරෙප්පු පරිස්සම් කරගන්ඩ. මගේ සෙරෙප්පු දෙක උස්සල මම සීතගගුල ලගට එනකම් පයින් ඇවිත් එතන කඩේකින් ගත්තේ

උබට අවුලක් නැත්තන් ලයිසන් තියේනන් කාර් එකක් දවස් 2ට රෙන්ට් 1ට අරන් පලයන් වෙන්ඩ වයිෆ් එක්ක යන නිසා. කොල්ලො අපිට වගේ නෙමේ බන් කෙල්ලන්ට හරි අමරුයි. කකුල් රිදෙනව ඒක මේක ගානව වාහනේක ගියත් බන්![]()