පළවෙනියෙන්ම වෙන්න ඕනේ.
මගේ පෞද්ගලික මතය ,ඕක මචං අපි කට්ටියක් එකතු වෙලා කණ්ඩායමක් හැටියට කුණු එකතු කරන එක, ආදර්ශමත් වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන එක තේරුමක් නෑ. මම එහෙම කියන්නේ ඔය වගේ ප්රොජෙක්ට් ගොඩක් මම කරලා තියෙනවා, සහභාගී වෙලා තියෙනවා.මිනිස්සුන්ට ඔව්ව සංදර්ශන විතරයි. කරන අපිටත් ඒ මොහොතේ චූන් එක විතරයි. සමහරු මගෙත් එක්ක එකඟ වෙන එකක් නෑ.
මම පොඩි උදාහරණයක් කියන්නම්, උඹ කට්ටියක් එක්ක පාරේ කුණු ගොඩක් අස් කරපන්. මිනිස්සු උඹලට ප්රසංසා කරයි, හොඳයි කියයි, හැබැයි මිනිස්සු ඒ දිහා බලල ආපහු යයි. එහෙමමත් එකෙක් උඹලට තේ එකක් හදල දෙයි. ඒක එතනින් ඉවරයි.
හැබැයි උඹ තනියම ඒ කුණු ගොඩ අස් කරපන්. මුලින් උඹ දිහා පිස්සෙක් වගේ බලයි. අමුතුවෙන් දෙපාරක් හැරිලා බලයි.උඹ දිගටම කරනවා කියල දැක්කම මිනිස්සු අනුකම්පා කරයි, ඊටත් පස්සේ ඒ දිහා බලාගෙන ඉන්න බැරි එකෙක් දෙන්නෙක් උඹට එකතු වෙයි. අන්න එතකොට අනිත් හැමෝගෙම හිතේ වරදකාරී හැඟීමක් ජනිත වෙනවා. ඒක හරි ප්රබලයි. අන්තිමට ඔක්කොම වගේ උඹට එකතු වෙයි.
ඕක වෙන්න ඕනේ අර ගෙවතුවල තණකොළ හිටවන්නේ, අන්න ඒ වගේ.
අපි තණකොළ තැන් තැන් වල එකක් දෙකක් හිටවනවා. වැස්සත් එක්ක ඒවා ඒ තැනින් වටේට පැතිරෙනවා.
කාලයත් එක්ක පිට්ටනිය ඔක්කොම වගේ තණකොළ වැවෙනවා.
අපි මචන් ඒකක වශයෙන් තවත් එක්කෙනෙක්, දෙන්නෙක් ඔය තැනට ගන්න ඕනේ, ඊට පස්සේ ඒ මිනිස්සු තව එක්කෙනෙක් දෙන්නෙක් ඒ මගට ගන්න ඕනේ.ඔය පිළිවෙලට තමා මම විශ්වාස කරන්නේ.
අපි පෞද්ගලිකව අපේ ගමේ කොල්ලෝ කෙල්ලෝ ටික ඔය තැනට වෙනකම් ගෙනත් තියෙනවා.
බිම කුණු දාන එක මනුස්සයෙක් වෙනස් කරපන්. ඊට පස්සේ ඒ කෙනාට තවත් කෙනෙක් නිවැරදි මගට ගන්න උනන්දු කරපන්. මේක තමා මම විශ්වාස කරන ධර්මතාවය.
මම කතා කරන දෙවැනි තැන.
අපි දැන් කුණු නොදැමීම, තියෙන කුණු එකතු කිරීම විතරක් නෙමේ අපි නොදැනුවත්ව සංචාරය කරද්දී අපේ අතින් පරිසර පද්ධතියට වෙන හානි ගැන ගොඩක් තැන් වලින් ඉගෙන ගන්නවා.ඒ ගැන අවධානය යොමු කරනවා.
නිවැරදිව ගිනිමැල ගහන විදිහ, අපි සද්ද කලයුතු සහ නොකළ යුතු විදිහ,
සත්තු ගැන සහ උන්ගේ හැසිරීම් රටා,
කැලෑවේ අඩිය තිබිය යුතු නොයුතු තැන්,
ඔය වගේ දේවල් වලින් උනත් පරිසරයට හානි වෙනවා මචන් අපි නොදැනුවත්වම.
සංචාරකයෙක් හිතට එකඟ නම් ඌ කුණු බිම නොදාන්න පුරුදු වුනාට පස්සේ මම මේ කියපු දෙවෙනි තැනට ඉබේම තල්ලු වෙනවා.
math owa taniyama karanna bari nisa bn qwwe .anthimata kiyala thiyenne.ane manda.puluwan widihata apiwath parissam karamu




