සිරියානු යුද්ධයේ අවි-4
සිරියානු රජයේ හමුදා සතුව සාම්ප්‍රදායික කාලතුවක්කු,රොකට් විදින රථ සහ ස්කෲඩ් මිසයිලද තිබේ.මෙම දැවැන්ත වෙඩි බලයට අභියෝග කිරීමට කැරලිකරුවන් සතුව තිබුණේ ඔවුන් විසින්ම නිපදවන ලද හෙල් කැනොන් නම් අවියයි.සිරියානු යුද්ධයේ අවි නම් ලිපි පෙළේ සිව්වැනි කොටසින් අපි විමසා බලන්නේ කාලතුවක්කු අවි සම්බන්ධවයි.
පළමුවරට භාවිතය:2012 පෙබරවාරි මස මුල් සමයේ-සිරියානු කාලතුවක්කු හෝම්ස් නගරය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම ඇරඹිණි.හෝම්ස් යනු විප්ලවයේ අගනුවර මෙන්ම නිදහස් සිරියානු හමුදාවේ බලකොටුවකි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව 2012 පෙබරවාරි 11දා නිකුත් කල ඉහළ දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක දැක්වෙන පරිදි කාලතුවක්කු හෝම්ස් නගරය ආසන්නයේ සහ දකුණුදිග සිරියාවේ ස්ථානගත කර තිබිණි.එහිදී භාවිතා කල කාලතුවක්කු අවි ලෙස හඳුනාගෙන තිබෙන්නේ 2S3 154.2mm self-propelled වර්ගයේ කාලතුවක්කු,M-46 130mm අවි,D-30 122mm කාලතුවක්කු,2S1 122mm self-propelled වර්ගයේ කාලතුවක්කු සහ BM-21 122mm බල්ටි බැරල් රොකට් විදිනය.
එම ප්‍රහාරයකින් සිවිල් වැසියන් 200කට වැඩි ගණනක් මියගිය බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.ඉන් සති දෙකකට පසුව තවත් ප්‍රහාරයක් නගරය ඉලක්ක කරගෙන එල්ල වී තිබේ.එහිදී අවම වශයෙන් උණ්ඩ සහ රොකට් 250ක් වත් භාවිතා කල බව සඳහන් වේ.
මෙහිදි දැක්වෙන්නේ රුසියාවේ නිෂ්පාදිත GRAD නම් රොකට් දියත් කරන අයුරුය - 2015 අවසන් සමයේ
අෂාඩ් පාලන තන්ත්‍රය ස්කෲඩ් මිසයිල භාවිතය:ඔබාමා පාලන තන්ත්‍රයේ බලධාරීන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබෙන පරිදි 2012 ශීත සෘතුවේදී සිරියානු රජයේ හමුදා ස්කෲඩ් රොකට් උතුරු ඩැමැස්කස් හි කඳවුරකින් උතුරු ඇලැපෝ හි කැරලිකරුවන්ගේ ඉලක්කයක් වෙත දියත් කර තිබේ.ස්ථාන දෙක අතර දුර සැතපුම් 220ක් බව සඳහන් විය.
2013 පෙබරවාරියේදී ස්කෲඩ් හා සමාන ප්‍රහාර ගණනාවක් උතුරු ඇලැපෝ ප්‍රදේශයෙන් වාර්තා විය.නමුත් පසුව පරීක්ෂා කිරීමේදී ඒවා Luna-M/Frog-7 බැලස්ටික් මිසයිල බව හෙළිවිය.මේවා දියත් කිරීමෙන් පසුව මාර්ගෝපදේශනයක් රහිතව ගමන් කරයි.
කැරලිකරුන්ගේ ප්‍රතිචාරය:කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන්ට මුල් සමයේ බර අවි නොතිබුණි.නමුත් සිරියානු හමුදාවේ පසුබැසීම් හමුවේ විශාල වශයෙන් යුද ටැංකි,කාලතුවක්කු අවි සතුරු පාර්ශ්වයට නතුවන්නට විය.2014 එනම් යුද්ධයේ තුන්වන වර්ෂයේදී කැරලිකරුවන් ඔවුන් විසින්ම තැනු මෝටාර් හා අවියකින් ප්‍රහාර එල්ල කරන්නට විය.ඔවුන් ගෑස් සිලින්ඩර්,ජලතාපක ආදී පුපුරණ ද්‍රව්‍ය ගබඩා කල හැකි ඕනෑම දෙයක් රජයේ පාලනයට යටත් ප්‍රදේශ ඉලක්ක කරගෙන දියත් කරන ලදි.මේවා අදටත් ඔවුන් භාවිතා කරයි.මෙම අවිය හෙල් කැනොන් නමින් හඳුන්වයි.
සිරියානු යුද්ධයේ භාවිතා වන කාලතුවක්කු සහ මල්ටි බැරල් රොකට් විදින සම්බන්ධ සම්පුර්ණ ලිපියක් : සිරියාව දෙදරවන රුසියානු බර අවි
Source:defenseone.com
-HarshaLulzSec-

BM-21 122mm බල්ටි බැරල් රොකට් විදින
D-30 122mm කාලතුවක්කු
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව 2012 පෙබරවාරි 11දා නිකුත් කල ඉහළ දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක දැක්වෙන පරිදි කාලතුවක්කු හෝම්ස් නගරය ආසන්නයේ සහ දකුණුදිග සිරියාවේ ස්ථානගත කර තිබිණි.එහිදී භාවිතා කල කාලතුවක්කු අවි ලෙස හඳුනාගෙන තිබෙන්නේ 2S3 154.2mm self-propelled වර්ගයේ කාලතුවක්කු,M-46 130mm අවි,D-30 122mm කාලතුවක්කු,2S1 122mm self-propelled වර්ගයේ කාලතුවක්කු සහ BM-21 122mm බල්ටි බැරල් රොකට් විදිනය.
2S3 154.2mm self-propelled වර්ගයේ කාලතුවක්කු
2S1 122mm self-propelled වර්ගයේ කාලතුවක්කු
එම ප්‍රහාරයකින් සිවිල් වැසියන් 200කට වැඩි ගණනක් මියගිය බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.ඉන් සති දෙකකට පසුව තවත් ප්‍රහාරයක් නගරය ඉලක්ක කරගෙන එල්ල වී තිබේ.එහිදී අවම වශයෙන් උණ්ඩ සහ රොකට් 250ක් වත් භාවිතා කල බව සඳහන් වේ.
මෙහිදි දැක්වෙන්නේ රුසියාවේ නිෂ්පාදිත GRAD නම් රොකට් දියත් කරන අයුරුය - 2015 අවසන් සමයේ
GRAD වර්ගයේ රොකට් දියත් කරනයකට තත්ත්පර 20කදී නියාමක නොවන රොකට් 40ක් දියත් කල හැකිය.
අෂාඩ් පාලන තන්ත්‍රය ස්කෲඩ් මිසයිල භාවිතය:ඔබාමා පාලන තන්ත්‍රයේ බලධාරීන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබෙන පරිදි 2012 ශීත සෘතුවේදී සිරියානු රජයේ හමුදා ස්කෲඩ් රොකට් උතුරු ඩැමැස්කස් හි කඳවුරකින් උතුරු ඇලැපෝ හි කැරලිකරුවන්ගේ ඉලක්කයක් වෙත දියත් කර තිබේ.ස්ථාන දෙක අතර දුර සැතපුම් 220ක් බව සඳහන් විය.
Luna-M/Frog-7 බැලස්ටික් මිසයිලයක්
2013 පෙබරවාරියේදී ස්කෲඩ් හා සමාන ප්‍රහාර ගණනාවක් උතුරු ඇලැපෝ ප්‍රදේශයෙන් වාර්තා විය.නමුත් පසුව පරීක්ෂා කිරීමේදී ඒවා Luna-M/Frog-7 බැලස්ටික් මිසයිල බව හෙළිවිය.මේවා දියත් කිරීමෙන් පසුව මාර්ගෝපදේශනයක් රහිතව ගමන් කරයි.
කැරලිකරුන්ගේ ප්‍රතිචාරය:කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන්ට මුල් සමයේ බර අවි නොතිබුණි.නමුත් සිරියානු හමුදාවේ පසුබැසීම් හමුවේ විශාල වශයෙන් යුද ටැංකි,කාලතුවක්කු අවි සතුරු පාර්ශ්වයට නතුවන්නට විය.2014 එනම් යුද්ධයේ තුන්වන වර්ෂයේදී කැරලිකරුවන් ඔවුන් විසින්ම තැනු මෝටාර් හා අවියකින් ප්‍රහාර එල්ල කරන්නට විය.ඔවුන් ගෑස් සිලින්ඩර්,ජලතාපක ආදී පුපුරණ ද්‍රව්‍ය ගබඩා කල හැකි ඕනෑම දෙයක් රජයේ පාලනයට යටත් ප්‍රදේශ ඉලක්ක කරගෙන දියත් කරන ලදි.මේවා අදටත් ඔවුන් භාවිතා කරයි.මෙම අවිය හෙල් කැනොන් නමින් හඳුන්වයි.
Hell Cannon