සිරියාවට තවත් ආක්‍රමණයක්?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවට තවත් ආක්‍රමණයක්?

    VRxnyws.jpg

    ගිණිකොනදිග ඩැමැස්කස් ප්‍රදේශයේ දියත් කර තිබෙන මහා පරිමාණ මෙහෙයුම තවදුරටත් කරගෙන යාමට සිරියානු අරාබි හමුදාව ක්‍රියා කර තිබේ.මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ ඩැමැස්කස්-බැග්ඩෑඩ් නගර යා කරන අධිවේගී මාර්ගය ඔස්සේ තිබෙන ජෝර්දානයේ සහාය ලබන නිදහස් සිරියානු හමුදාව හෙවත් සිරියානු රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ගේ ප්‍රදේශ අත්පත් කරගැනීමයි.සිරියානු අරාබි හමුදාවේ පස්වන හමුදාව විසින් මෙම මෙහෙයුමේදී බියාර් අල්-සබා ප්‍රදේශය සහ සාසා යන මුර පොල අත්පත් කරගන්නට සමත්වූයේ ඊයේ උදෑසනයි.

    h9wkSG0.jpg

    හමුදා මූලාශ්‍රවලට අනුව ඔවුන් සබිහියාහ් කඳුකරයේ නිදහස් සිරියානු හමුදාවේ ස්ථානවලට පහරදී තිබේ.ඩැමැස්කස්-බැග්ඩෑඩ් අධිවේගී මාර්ගයේ උතුරු පැත්තේ එම ස්ථාන පිහිටා තිබේ.සිරියානු රජයේ හමුදාවට සබිහියාහ් කඳුකරය අල්ලා ගැනීමට හැකි වුවහොත් ඔවුන්ට මුළු ගිණිකොනදිග ඩැමැස්කස් ප්‍රදේශයේම පාලනය සියතට ගැනීමට අවස්ථාව උදාවේ.


    මෙම මෙහෙයුම දියත් කිරීමෙන් සිරියානු අරාබි හමුදාව ඉෂ්ඨ කරගැනීමට බලාපොරොත්තුවන ප්‍රධාන අරමුණ වන්නේ ඩැමැස්කස් ප්‍රදේශයට ජෝර්දාන-ඇමෙරිකා ඒකාබද්ධ හමුදා ඇතුලුවීමට පෙර හැකි තරම් භූමි ප්‍රමාණයක බලය අත්පත් කරගැනීමයි.

    පසුගිය මාසයක පමණ කාලය තුල ලෝකයාගේ අවදානය උතුරු කොරියාව වෙත යොමුකර තබන්නට ඇමෙරිකා එක්සත් ජනපදය දියත් කල සැලසුම් ඉතා සාර්ථක විය.එම කාලය තුල ඔවුන් සිරියානු ආක්‍රමණයක් සඳහා අවශ්‍ය හමුදාමය ගොඩනැංවීම් ජෝර්දාන-සිරියා දේශසීමාව ආසන්නයේ සිදුකරන ලදි.ජෝර්දාන-ඇමෙරිකා ඒකාබද්ධ හමුදා විසින් සිරියාවේ දකුණු ප්‍රදේශය ආක්‍රමණය කරාවි යැ‍යි සැකයක් කාලයක පටන් තිබූ දෙයකි.එවැන්නකට ඉඩ තිබෙන බව ජනපති බෂාර් අල් අෂාඩ් පවා ප්‍රකාශ කර තිබේ.

    සිරියාවේ දකුණු ප්‍රදේශයේ බලය අල්ලාගෙන සිටින සිරියානු රාජ්‍ය විරෝධී කැරලිකරුවන් ක්‍රමයෙන් පරාජය වීම ඇමෙරිකාව ප්‍රමුඛ රටවල සැලසුම් අසාර්ථක කරන සුලුය.සිරියානු රජයේ හමුදා දියත් කල මහා පරිමාණ මෙහෙයුම හමුවේ තත්ත්වය තවත් උග්‍ර වී තිබේ.මේ නිසා ජෝර්දාන -සිරියා දේශ සීමාවේ සිය බලය වර්ධනය කරන්නට ජෝර්දානය සහ ඇමෙරිකාව පියවර ගෙන තිබෙන බව සිරියානු රජය පවසයි.

    Rw6H0Mu.jpg


    1K4OVt9.jpg


    dULGvla.jpg

    සිරියානු බුද්ධි අංශ විසින් අනාවරණය කල මෙම තොරතුරු සනාථ කරන සාක්ෂි මේවන විට ලැබී තිබේ.ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානයක් මගින් ලබාගත් ඡායාරූපවලට අනුව ඇමෙරිකානු සහ ජෝර්දාන යුද රථ 400ක් පමණ දේශසීමාව ආසන්නයේ පෙල ගස්වා තිබේ.

    අල්-ටන්ෆ් දේශසීමා පැන්නුම ඔස්සේ මෙම ආක්‍රමණික හමුදාව සිරියාවට ඇතුලුවී නිදහස් සිරියානු හමුදාවට අවශ්‍ය සහාය ලබාදේවි යැයි විශ්වාස කෙරේ.2017 වර්ෂයේදී නිදහස් සිරියානු හමුදාව සිරියාවේ ස්වෙයිඩා සහ ඩීර් එසෝර් යන ප්‍රදේශවලට ඇතුලු වූ අතර පැල්මයිරා සහ ඩැමැස්කස් යන රජයේ හමුදාවල පාලනය යටතේ තිබෙන ප්‍රදේශවලට අන්තරායදායි ලෙස ළඟාවෙමින් සිටියි.

    qn8fwsR.png

    පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තුර්කියද සිරියාව ආක්‍රමණය කලේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මර්ධනය කරන බව කියමින්ය.මේ වනවිට ඔවුන් එම කාර්යය පසෙක තබා ඇමෙරිකාවේ සහාය ලබන කුර්දි සටන්කාමීන්ට පහරදෙන්නට පටන් ගෙන තිබේ.ඇමෙරිකාව කලක පටන් කුර්දි ජනවර්ගයේ ස්වයපාලනයක් සඳහා සහාය ලබාදෙන අතර තුර්කිය ඒ සම්බන්ධව පසුවන්නේ අමනාපයෙනි.

    Source:almasdarnews.com

    -HarshaLulzSec-
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැමෝම තමන්ගේ න්‍යාය පත්‍රවල .අයිසිස් තමයි ගොඩ යන්නේ