සිරියාවේ මොකද වෙන්නේ-4

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-4

    UFVdQ1R.jpg

    චෙච්නියානු ජනරජයේ හමුදා පොලිසියේ සාමාජිකයින් 100කට වැඩි ගණනක් සිරියාවේ මෙහෙයුම් සඳහා අනියුක්ත කිරීමේ සූදානමක් ගැන තොරතුරු ආධුනික කැමරා ශිල්පියෙක් විසින් සමාජ ජාල වෙබ් අඩවියකට නිකුත් කර තිබේ(දෙසැම්බර් මස 7දා).වීඩියෝ පටයේ දැක්වෙන්නේ සිරියාවට පිටත් කර හරින්නට පෙර චෙච්නියානු ජනරජයේ ග්‍රෝස්නි අගනුවර ආසන්න හැන්කලා හමුදා කඳවුරේ සිය අවසන් සූදානම්වීම්වල නිරත වන අයුරුය.


    රුසියානු මාධ්‍යවල වාර්තා වලට අනුව චෙච්නියානු සෙබලුන් සිරියාවේ තීරණාත්මක යටිතල ව්‍යුහයන්,සිවිල් සහ හමුදා මර්මස්ථාන වල ආරක්ෂාව සඳහා යොදවනු ඇත.රුසියානු විශේෂඥයින් ඉදිරිපත් කරන අදහස වන්නේ මෙම සෙබලුන්ගෙන් පිරිසක් ඇලැපෝ නගරයට යැවෙනු ඇති බවයි.ඇලැපෝ නගරය නුදුරේදීම මුදාගැනෙනු ඇත.ඉන්පසු එහි මානුෂීය සහ ආරක්ෂක කටයුතු සඳහා සිරියානු රජයට පිටතින් සහායක් අවශ්‍ය වේවි.වීඩියෝ පටයේ දැක්වෙන සෙබලුන්ගේ නිල ඇඳුමේ අත්වල රුසියානු හමුදා පොලිසියේ ලාංඡනය ඇතුලත් වේ.

    6Xi7Pe2.jpg


    රුසියාවේ විශේෂ බලකා ඒකක සමග චෙච්නියානු ඒකක කිහිපයක්ද සිරියාවේ මෙහෙයුම්වල යෙදී සිටින බව චෙච්නියානු ජනරජයේ ප්‍රධානී රම්සන් කාඩිරොව් විසින් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.






    සිරියාවේ රුසියානු විශේෂ බලකා මෙහෙයුම්

    9r0Hq6h.jpg

    යුද විශේෂඥයින්ට සහ විශ්ලේෂකයින්ට අනුව රුසියානු විශේෂ බලකා ඒකක සිරියාවේ යුද මෙහෙයුම් සඳහා සක්‍රීයව සහභාගී වෙමින් සිටියි.ඔවුන් සිය දායකත්වය සපයන්නේ කැරලිකාර කණ්ඩායම් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් වල නායකයින් සටන් බිමෙන් ඉවත් කරදැමීමටය.කැරලිකාර කණ්ඩායම්වල වඩාත් ප්‍රකටව පෙනෙන නායකයින් මෙලෙස ඝාතනය කරන බව මේවන විට තහවුරු වී තිබෙන බව සඳහන්ය.නායකයින් ඝාතනය වීම හමුවේ සිරියානු ජිහාඩ් සටන්කාමීන් දැඩි ලෙස වික්ෂිප්ත වී සිටියි.

    සිරියානු අරාබි හමුදාවේ ඇලැපෝ ආක්‍රමණය ඇරඹීමට පෙර සිරියානු විරුද්ධ පක්ෂයේ සමාජ ජාල ගිණුම් ඔස්සේ වාර්තා කර තිබුනේ ඔවුන්ගේ සංග්‍රාමික අණදෙන නිලධාරීන් දසදෙනෙක් මරාදමා ඇති බවයි.ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මරා දමා තිබුණේ දිගු දුර ප්‍රහාරක ස්නයිපර් රයිපල් ප්‍රහාරවලිනි.අනෙකුන් ජංගම හෝ චන්ද්‍රිකා දුරකතන වලින් ඇමතුම් ගනිමින් සිටියදී රුසියානු ගුවන් යානා එල්ල කල මිසයිල ප්‍රහාරවලින් මරණයට පත්ව තිබේ.එම ප්‍රහාර සඳහා මිල අධික නිරවද්‍ය-මාර්ගෝපදේශනයක් සහිත මිසයිල/බෝම්බ භාවිතා කරන්නට ඇති.

    කෙසේවෙතත් නැගෙනහිරදිග ඇලැපෝ දිස්ත්‍රික්ක වල සටන් ආරම්භ වීම තෙක් මෙම ප්‍රවණතාවය දිගටම පැවතුණි.පසුගිය දින 10ක කාලය තුල මියගිය කැරලිකාර සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වල නායකයින් පහත දක්වා තිබේ.

    1.අබ්දුල් හමිඩ් හජි අහමඩ් - නිදහස් සිරියානු හමුදාවේ එක් නායකයෙක්.

    2.සයීඩ් ෂහාබි සහ හසීමා අල්-මූසා - ජබාත් අල් ෂාමියාහ් කණ්ඩායමේ අණදෙන්නන්

    3.ඔමාර් මුහම්මඩ් අල්-හජි - හරාකට් නූර් අල්-ඩින් අල්-සෙන්කි කණ්ඩායමේ නායකයෙක්

    4.අබු අල්-හරිස් - හරාකට් අරාර් අල්-ෂාම් කණ්ඩායමේ ඇලැපෝ ශාඛාවේ නායකයා

    5.අබු අල්-මුගීරාහ් අල්-ෂිෂානි - ජබාත් ෆටෙහ් අල්-ෂාම්(කාලයක් අල් නුස්රා පෙරමුණ ලෙස හැඳින්විය)

    රුසියානු මාධ්‍යවලට අනුව රුසියානු විශේෂ බලකා හමුදාවල ඵලදායි ප්‍රරම්භක කටයුතු වලින් ඇලැපෝ හි සිරියානු හමුදාවේ මෙහෙයුම්වල සාර්ථකත්වය සුරක්ෂිත කෙරුණු බව කියවේ.යුද විශේඥයින්ට අනුව විරුද්ධ පක්ෂයේ නායකයින්ගේ ඝාතන විශේෂ මෙහෙයුම් බලකායන් විසින්ම සිදුකල ඒවා බවයි.ඊට අමතරව විශ්ලේෂකයන්ගේ අවධානය දිනාගත් තවත් සිද්ධියක් වන්නේ රුසියානු ගුවන් හමුදාව එල්ල කරන අතිශය නිරවද්‍ය ගුවන් ප්‍රහාරයි.ඔවුන්ට අනුව එතරම් සාර්ථක ප්‍රහාර එල්ල කරන්නට හැකියාව තිබෙන්නේ ඉලක්ක ආසන්නයේ රැදී සිටින පාබල හමුදා කුඩා කණ්ඩායම්වල මඟ පෙන්වීම මත බවයි.නමුත් එවැනි කාර්යයක් කිරීමට තරම් හොඳින් පුහුණුව ලැබූ සෙබලුන් සිරියානු හමුදාව සතුව නොමැති බව විශේෂඥ මතයයි.

    රුසියානු විශේෂ බලකා සිරියාව තුල සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ විසින් තහවුරු කරන ලදි.කෙසේවෙතත් අමාත්‍යාංශ කියා සිටින්නේ රුසියානු සෙබලුන් සිය අත්දැකීම් හුවමාරු කරගැනීම සහ හමුදා උපදේශකයින් ලෙස කටයුතු කිරීම පමණක් සිදුකරන බවයි.

    "අපගේ විශේෂ මෙහෙයුම් බලකායන් සිරියාවේ මෙහෙයුම් සිදුකරනවා.ඔවුන් රුසියානු ගුවන් හමුදාව වෙනුවෙන් දුර බැහැර ප්‍රදේශවල ඉලක්ක සම්බන්ධව විමර්ශන මෙහෙයුම් සිදුකරයි" -සිරියානු හමුදා කණ්ඩායමේ අණදෙන්නා,කර්නල්-ජෙනරල් ඇලෙක්සැන්ඩර් ඩ්වොර්නිකොව්.​

    OYwcItT.jpg
    ෆෙඩොර් සොව්රොව්ලෙව්​

    කෙසේවෙතත් ,රුසියානු විශේෂ බලකා ඒකක සිරියාවේ විශේෂ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වන බව පැල්මයිරා මුදාගැනීමේ සටනේදී ත්‍රස්තවාදීන්ගේ වටලෑමට හසුව මිය ගිය රුසියානු නිලධාරී ඇලෙසැන්ඩර් ප්‍රොකොරෙන්කො නිසා හෙළිවිය.ඔහු ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඉලක්ක ආසන්නයේ සිට ගුවන් හමුදාවට තොරතුරු ලබාදුන් සෙබලෙකි(air controller).නිලධාරී ෆෙඩොර් සොව්රොව්ලෙව්ද ඒ හා සමාන අවස්ථාවකට ගොදුරුව සිරියාවේදී මරණයට පත්වූ රුසියානු විශේෂ බලකා සෙබලෙකි(2015 වර්ෂයේදී).





    රුසියාවට සිරියාවෙන් ස්ථිර නාවික කඳවුරක්

    7oBtWeo.jpg
    ටාර්ටස් වරාය​

    මෙම වසරේ ඔක්තෝම්බර් මස මුලදී රුසියානු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නිකොලායි පැන්කොව් කියා සිටියේ සිරියාවේ ටාර්ටස් වරාය ආශ්‍රිතව ස්ථිර නාවික කඳවුරක් ඉදිකිරීමේ සැලැස්මක් රුසියානු රජයට තිබෙන බවයි.දැනට එම වරායේ රුසියානු නෞකාවලට සැපයුම් ලබාදීමේ මධ්‍යස්ථානයක් පමණ පිහිටුවා තිබේ.ඊට අමතරව රුසියානු ගුවන් ප්‍රහාරක කණ්ඩායමක් ලැටකියා පළාතේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුර භාවිතා කරයි.ටාර්ටස් වරායේ ස්ථිර නාවික කඳවුරක් ඉදිකිරීමේ ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාදාමයේ අවසන් අදියර මේවන විට ක්‍රියාත්මක බව වාර්තා වේ.

    aru5Ykf.jpg

    සිරියාවේ රුසියානු යුද මෙහෙයුම්වලට සහාය වීම සඳහා මධ්‍යධරණී මුහුදට කැඳවූ රුසියානු නෞකා සමූහය මේවන විට සිරියාවේ ටාර්ටස් වරායට ඇතුල්වී තිබෙන බව සමාජ ජාල වෙබ් අඩවියකට එක් කර තිබෙන ඡායාරූපවලින් පෙනෙන්නට තිබේ.මෙම නෞකා සමූහයේ නායකත්වය දරන්නේ අද්මිරාල් කුෂ්නෙට්සොව් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ පියෝටර් වෙලිකි නම් න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක බැටල්කෲසර් වර්ගයේ යුද නෞකාවයි.මෙම නෞකා දෙකම වරාය ආශ්‍රිත ප්‍රදේශයට ඇතුල් වෙනවා දෙසැම්බර් මස 8 උදෑසන පළකල ඡායාරූපවලින් පෙනෙන්නට තිබේ.මින් වඩා වැදගත් කරුණ වන්නේ වරායට පියෝටර් වෙලිකි යුද නෞකාව ඇතුලුවීමයි.

    gZALgzY.jpg
    පියෝටර් වෙලිකි යුද නෞකාව වරායට ඇතුලු වෙමින්​

    ටාර්ටස් වරායේ නාවුක පහසුකම ස්ථිර නාවුක කඳවුරක් දක්වා පුලුල් කරන බව රුසියාව ප්‍රකාශ කර තිබිණි.එහි අරුත නම් ගුවන් යානා ප්‍රවාහන නෞකා,න්‍යෂ්ඨික සබ්මැරීන සහ අනෙකුත් පළමු පන්තියේ යුද නෞකා එනම් විශාල ප්‍රමාණයේ නෞකාවලට වරායට ඇතුල් විය හැකි අයුරින් එය පුලුල් කිරීමයි.

    අද උදෑසන ටාර්ටස් වරායට ඇතුලු වූ පියෝටර් වෙලිකි නෞකාව ලෝකයේ තිබෙන විශාලතම සහ අතිශය සන්නද්ධ යුද නෞකාවකි.ඉන් පැහැදිලිවන්නේ ටාර්ටස් වරායට විශාල ප්‍රමාණයේ නෞකා හැසිරවීමේ හැකියාව තිබෙන බවයි.එනම් දැනටමත් වරායේ නාවුක පහසුකම් පුලුල් කර තිබෙන බවයි.එය රුසියානු නාවුක සැලැස්මයි.

    AG5NUgr.jpg
    පියෝටර් වෙලිකි යුද නෞකාව​

    මෙම කරුණු කාරණා අනුව රුසියාව ඉතාම නුදුරේදී සිරියාවේ ස්ථිර නාවුක කඳවුරකට හිමිකම් කියාවි.

    yaOdEm0.jpg
    අද්මිරාල් කුෂ්නෙට්සොව් නෞකාව වරායට ඇතුලු වෙමින්​

    gqYWm5n.jpg
    අද්මිරාල් කුෂ්නෙට්සොව් නෞකාව වරායට ඇතුලු වෙමින්​

    6omFHHm.jpg
    පියෝටර් වෙලිකි යුද නෞකාව වරායට ඇතුලු වෙමින්​

    yVfM3jv.jpg
    නෞකා පෙළ ටාර්ටස් වරාය ආසන්නයේ​




    පැල්මයිරා නගරයට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ දැවැන්ත ප්‍රහාරයක්

    සිරියානු හමුදාව රටේ උතුරු ප්‍රදේශයේ සුවිශේෂී ජයග්‍රහණයක් අභියස සිටියදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දෙසැම්බර් 8 වෙනිදා පැල්මයිරා පුරාණ නගරයේ සිටින සිරියානු හමුදා ඉලක්ක කරගෙන මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කර තිබෙන බව වාර්තා වේ.ත්‍රස්තවාදීන් දිශා දෙකකින් ඉදිරියට ඇදෙමින් සිටින බව වාර්තා වේ.ත්‍රස්තවාදීන්ගේ මාධ්‍ය වාර්තාවලට අනුව ඔවුන්ගේ ප්‍රහාරවලින් රජයේ හමුදා සාමාජිකයින් 60කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර මුරපොලවල් 8ක් අහිමිව ගොස් තිබේ.නමුත් රජයේ මූලාශ්‍රවලට අනුව ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සිරියානු හමුදාවට හැකිව තිබේ.ත්‍රස්තවාදීන්ගේ තාක්ෂණික රථ 8ක්ද ප්‍රහාරවලින් විනාශ වී තිබේ.දේශීය මූලාශ්‍රවලට අනුව තවමත් ප්‍රදේශය තුල දරුණු ගැටුම් සිදුවන බව කියවේ.පසුගිය මාස කිහිපය තුල පැල්මයිරා ආසන්න ප්‍රදේශයට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ විශාලතම ආක්‍රමණය මෙය බවයි සැලකෙන්නේ.

    djg7Ket.jpg




    Source:southfront.org

    -HarshaLulzSec-
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට... උඹේ ත්‍රෙඩ් හින්ද තමා බන් මොනවහරි දැනගන්නෙ මේව ගැන. :yes: