සිරියාවේ මොකද වෙන්නේ-5
සිරියානු හමුදාව ඇලැපෝ නගරය මුදාගත් බව 2016 දෙසැම්බර් මස 12 දා නිල නොවන වාර්තා ඔස්සේ ප්‍රකාශයට පත්විය.මෙම ජයග්‍රහණය අද දින එනම් 13 දා සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිවේදනය කරාවි.හිස්බුල්ලා සංවිධානය,ලිවා අල් කුඩ්ස්,ඩෙසර්ට් හැවොක් සේනාංකය,හරාකට් හිස්බුල්ලා අල් නුජාබා සහ අනෙකුත් සිරියානු රජයට මිත්‍ර පාර්ශ්ව ඇලැපෝ සටනේදී ඉහළ දායකත්වයක් සැපයූබව සඳහන් වේ.ඔවුන්ට රුසියානු ගුවන් හමුදාවේ සහ රුසියානු විශේෂ කාර්යය බලකායන්ගේ සහාය ලැබුණු බවද අමතක නොකල යුතුය.
පසුගිය 12 වෙනිදා සිරියානු හමුදාව සහ අනෙකුත් මිත්‍ර සටන්කාමීන් ඉතා සාර්ථකව ඉතිරිව තිබූ රාජ්‍ය විරෝධී සටන්කරුවන්ගේ ප්‍රදේශ අල්ලාගන්නා ලදි,ඊයේ රාත්‍රියේ ඔවුන් සිය අවසන් ප්‍රහාරය එල්ල කලේ නගරයේ ගිනිකොන දිග ප්‍රදේශයේ ඉතිරිව තිබූ රාජ්‍යවිරෝධී සටන්කාමීන්ගේ ප්‍රදේශ අල්ලා ගැනීමටය.නගරයේ කොටුවී සිටි ජයිස් අල්-ෆටාහ් සහ ෆටාහ් හලාබ් යන සටන්කාමීන් කණ්ඩායම් ඔවුන්ට ඉතිරිව තිබූ ප්‍රදේශවලින් ඉවත්ව යෑමට මගක් සලස්වා දෙන්නට ඇමෙරිකාව අවසන් මොහොතේදී රුසියාව සමග සාකච්ඡා කලද එය අසාර්ථක වූ බව වාර්තා විය.
ඇලැපෝ සටන 2012 ජූලි 19දා ඇරඹුණු අතර සටන මේවන විට වසර 4කට වැඩි කාලයක් පැවත තිබේ.බොහෝ විශේෂඥයින්ට අනුව ඇලැපෝ නගරය මුදා ගැනීම සිරියානු යුද්ධයේදී බෂාර් අල් අෂාඩ් ලැබූ විශාලතම ජයග්‍රහණයයි.කෙසේ වෙතත් මෙම යුද්ධය තවමත් එහි අවසානයෙන් බොහෝ ඈතය.මෙම ජයග්‍රහණය අතරතුර වාර්තාවන නරක ආරංචිය වන්නේ පැල්මයිරා නගරය යළි ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ යටතට පත්වීමයි.පැල්මයිරා නගරය රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව මුදාගත්තේ මෙම වසරේ මැද භාගයේදීය.
Source:southfront.org
-HarshaLulzSec-

ඇලැපෝ නගරය මුදාගැනීම සමරන ජනතාව
සිරියානු හමුදාවට යටත් වූ රාජ්‍ය විරෝධී සටන්කාමීන්