සිරිසේන_ඉල්ලා_අස්වෙයි.
විපක්ෂයේ පොදු අපේක්ෂකයාට මුහුණ දීමට ආණ්ඩුව විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් සිටී. එවන් එක් කි‍්‍රයාමාර්ගයක් වන්නේ මෛත්‍රීපාල සිරිසෙන නමට සමාන නමකින් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමය. ඔහු නමින් ආර්.ඒ. සිරිසේනය. පෞද්ගලික රූපවාහිනී ආයතනයක් මගින් විකාශය කළ ‘ඇන්ඩ් කොම්පැනි’ නම් දේශපාලන හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍යයේ නළුවෙක් ලෙස රංගනයෙන් දායකවූ ආර්.ඒ සිරිසේන ජනාධිපති අපේක්ෂකයෙකු වීමට වාසනාවන්ත වූයේද මෛත්‍රීපාල සිරිසේනගේ ආගමනය නිසාවෙනි. ඔහු රංගනයෙන් දායක වූයේ ‘බම්බු අයියා’ නමිනි. ඒ, එවකට කැබිනට් ඇමතිවරයෙකුව සිටි මෛත්‍රීපාල සිරිසේන උපුටා දැක්වීමටය. කෙසේ වෙතත් ආණ්ඩුවේ මීළඟ සැලසුම වී තිබෙන්නේ ආර්.ඒ. සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ජනාධිපතිවරණය ඡුන්ද දිනයට ආසන්න දිනයකදී ඉල්ලා අස්වීමට සැලැස්වීමය. අනතුරුව ආණ්ඩුවේ මාධ්‍ය යොදාගෙන ”ජනාධිපති අපේක්ෂක සිරිසේන ඉල්ලා අස්වෙයි” යන ප්‍රධාන සිරස්තලය ප්‍රවෘත්තියක් ලෙස විකාශය කිරීමට මේ වනවිටත් ආණ්ඩුවේ සැලසුම වී තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුව විසින් ඔහු මෛත්‍රීපාල සිරිසේන සේ ඇඳුමින් සරසවා පොදු අපේක්ෂකයාට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කරවීමට කටයුතු කරමින් සිටී.

aramuna pahadili ne