ඉස්සර තිබ්බ අලි දෙන්නෙක් ඉන්න ලී ගිණි කූරු..ඔය වැක්ස් කරපු ගිණි කූරු ලංකාවට පුරුදු කරේ ඉන්දියාව..
අලියා ගිනි පෙට්ටිය අපේ රටේ 1970 දශකය දක්වා එක ම ආරක්ෂිත ගිනි පෙට්ටිය( safty matches ) ලෙස වැජඹුනා.
ඒවා දැවවලින් සාදා තිබූ නිසා දැල්වීමේදී නැවී යාමට ලක් වූයේ නැහැ. ගිනි පෙට්ටියේ මහුනතේ එකිනෙකාට මූන ලා සිටින අලි දෙදෙනා.ඊට යට්න් two elephants කියා සඳහන් වෙනවා.ඊටත් යටින් ceylon match company limited. Colombo කියා සඳහන්. පුංචි කාලේ දුමේ ගහල තිබුණු ගිනි පෙට්ටිය අරගෙන විනෝදෙට හොරෙන් ගිනකූරු පත්තු කරල අම්මගෙන් බැණුම් අහපු වාර අනන්තයි.කුඩා ළමයෙකුට වුවත් පත්තු කළ හැකි තරමට වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඒවා safety matches වුනා.දිගු කලක් පුරා හොඳ ම හා එක ම ගිනිපෙට්ටිය ලෙස එය වැජඹුනා.ඉන් පසු 60 දශකය අවසන් කාලයේ තවත් ගිනි පෙට්ටියක් ආවා ලංකා ලයිට් කියල.ඒකෙත් safty matches කියා ගහල තිබුනට ළමයෙකුට තබා වැඩිහිටියෙකුටවත් පත්තු කිරීමට තරම් අනතුරු දායක වුනා.පත්තු කළ විට නිලාවක් පත්තු කළා සේ ගිනි මල් දස අතට විසි වෙනවා.කුඩා ළමුන් මෙන් ම වැඩිහිටි නැන්දලා අම්මලා ඇඳුම් සහ ඇඟිලි පුලුස්සා ගත් වාර අපමණයි.අලියා ගිනි පෙට්ටිය අහළකින්වත් තියන්න බැරි වුනාට ඒ අවදියේ අලියා ගිනි පෙට්ටිය සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ නිසා මිනිසුන් මේ නිලා ගිනිපෙට්ටිත් පාවිච්චි කරන්න පෙළඹුනා.77 විවෘත ආර්ථිකයේ "පිටරට දේ සිරි සැප දේ " කියන්නා සේ විදේශීය ගිනි පෙට්ටි වෙළඳ පොළට එන්න ගත්තා.ප්‍රතිඵලය වුනේ අනෙක් දේශිය කර්මාන්තවලට සේ ම ගිනි පෙට්ටි කර්මාන්තයටත් කණ කොකා හැඬීමයි.එයට දේශපාලන සාමාජික හා ආර්ථික හේතු බලපෑවා.(ඒ ගැන නොකියමි).කෙසේ හෝ අපේ රටේ අපේ ම විශිෂ්ට ගිනි පෙට්ටිය ඉතිහාසයට එකතු වුනා.අලියා පෙරට ආවත් අලියා ගිනි පෙට්ටිය මියැදුනා.