ඕනෑම ආගමික මධ්‍යස්ථානයකට එන්නන් හට අහවල් ඇඳුමම ඇඳගෙන පැමිණෙන්නැයි නියෝග කිරීමට ඕනෑම ආගමකට අයිතියක් ඇත.. එසේ නොවන්නන්ට ඇතුල් වීමට ඉඩ නොදීමටද අයිතියක් ඇත.. නමුත් පාරේ ඇඳන් යායුත්තේ, පාසලට ඇඳන් යා යුත්තේ මොනවාදැයි නීති පැනවීමට කිසිම අයිතියක් ආගම් වලට නැත.. පාසලක් තුල ක්‍රියාත්මක විය යුත්තේ එම පාසලෙහි විනය නීතිය.. පාසල් රෝහල් ඇතුළු සියළූම රජයේ ආයතන වලට සිදුවන ආගමික මැදිහත් වීම් වැලැක්වීම සඳහා නීති සම්පාදනය කල යුතුයි.. ආගම යනු තවත් එක් දේශපාලන පක්ෂයක් වශයෙන් සළකා නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආගම නොසළකා හැර නීතිය ක්‍රියාත්මක කල යුතුයි..