සිසු විරුවෝ

Bl00dH0UnD

Junior member
  • Aug 4, 2021
    69
    59
    18
    1649857507278.png

    මේවාගේ posts ගොඩක් දැක්කා මේ දවස් වල ... මේ characters ඇත්තටම හොද අයද ?
    නැත්තම් මේ අයත් 88,89 violence වලට සම්බන්දද ?
     
    • Love
    Reactions: narihashan

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ත්‍රීමා නම් හොදයි කියල දන්නව.. ත්‍රීමා medical faculty කොල්ලෙක්. මැරුවෙ රත්නපුරේදි ඒ ගොඩනැගිල්ල තාමත් town එක ලග අතෑරලදාල තියනව.. ඔලුව දෙපැත්තට අගල් 8 යකඩ ඇන ගහල 2 ක් ගහල, ඇහැකුත් ගලවල තමයි මරල තිබුනෙ..

    මරපු එකා UNP and නිදහස් පක්ශ වලට මාරු වෙවී පාර්ලිමේන්තු ඉන්නව. මරපු එකා දැන් රත්නපුරෙන් නැතුව පිට දිස්ත්‍රික්යක තමයි දේශපාලනේ කරන්නෙ.
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උදේ ඉදන් හවස් වෙනකන් ට්‍රාන්ස්ෆොමර් පුපුර පුපුර මහජන දේපල විනාස කරලා බත් මුට්ටි උස්සපු උන්ට මොන දිව්යලෝකෙද. හිගන්නු වෙලා ඇති මුඩුක්කුවක
     
    • Dislike
    Reactions: chinmak

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ...... UNP and නිදහස් පක්ශ වලට මාරු වෙවී පාර්ලිමේන්තු ඉන්නව......දැන් රත්නපුරෙන් නැතුව පිට දිස්ත්‍රික්යක තමයි දේශපාලනේ කරන්නෙ.
    ඉතුරු ටික නම් දන්නේ නෑ ...
    මේ කියලතියෙන්නෙ නම් පුංචි නිලමේ ගැන නේ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ත්‍රීමා නම් හොදයි කියල දන්නව.. ත්‍රීමා medical faculty කොල්ලෙක්. මැරුවෙ රත්නපුරේදි ඒ ගොඩනැගිල්ල තාමත් town එක ලග අතෑරලදාල තියනව.. ඔලුව දෙපැත්තට අගල් 8 යකඩ ඇන ගහල 2 ක් ගහල, ඇහැකුත් ගලවල තමයි මරල තිබුනෙ..

    මරපු එකා UNP and නිදහස් පක්ශ වලට මාරු වෙවී පාර්ලිමේන්තු ඉන්නව. මරපු එකා දැන් රත්නපුරෙන් නැතුව පිට දිස්ත්‍රික්යක තමයි දේශපාලනේ කරන්නෙ.

    සුසන්ත පුන්චිනිලමෙය නේද
    ඒ කොල්ල අරන් ගියෙ මූලු, නඩුවෙන් නන් නිදහස් උනා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    View attachment 167035
    මේවාගේ posts ගොඩක් දැක්කා මේ දවස් වල ... මේ characters ඇත්තටම හොද අයද ?
    නැත්තම් මේ අයත් 88,89 violence වලට සම්බන්දද ?
    මෙයාලා රාගම පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්දව උද්ඝෝෂණ මෙහෙයවපු අය. ත්‍රිමා, වෙනුර ඇතුලු තවත් කිහිප දෙනෙක්ම කොළඹ medical. වෙනුර island 1st ද කොහෙද. බාලේ මොරටුව engineering. ඔක්කොමව එකා එකා උස්සල දසවධ දීලා මරල දැම්ම. එකෙක් මැරෙනකොට තව එකෙක් එනව. ඌවත් මරනව. ඔහොම ඔහොම උනේ. ඒ කාලෙ මිනිස්සු උද්ඝෝෂණ කරේ එහෙමයි. දැන් ඉන්න සමහරුන්ට පොඩ්ඩක් වැස්සත් යන්න බෑ ගානව.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ත්‍රීමා නම් හොදයි කියල දන්නව.. ත්‍රීමා medical faculty කොල්ලෙක්. මැරුවෙ රත්නපුරේදි ඒ ගොඩනැගිල්ල තාමත් town එක ලග අතෑරලදාල තියනව.. ඔලුව දෙපැත්තට අගල් 8 යකඩ ඇන ගහල 2 ක් ගහල, ඇහැකුත් ගලවල තමයි මරල තිබුනෙ..

    මරපු එකා UNP and නිදහස් පක්ශ වලට මාරු වෙවී පාර්ලිමේන්තු ඉන්නව. මරපු එකා දැන් රත්නපුරෙන් නැතුව පිට දිස්ත්‍රික්යක තමයි දේශපාලනේ කරන්නෙ.
    නැගෙනහිර පලාතේ මහ ඇමති.බිල්ඩින් එක කැඩුව කොරොනා කාලේ....
     

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    277794986_469577238241415_3629366504926696715_n.jpg

    කතාවක්
    ❤️

    වෙනුර එදිරිසිංහ සහෝදරයාගේ 50 වන උපන්දිනය නිමිත්තෙනි!
    එකමත් එක කලෙක නමින් වෙනුර එදිරිසිංහ නම් වූ ළමයෙක් ආණමඩුවට නුදුරු ඉතා දුශ්කර ගම්මානයක ජීවත් විය. ඔහුගේ පියා සිංහල වෙද මහතෙකු වූ අතර මව ගෘහණියක වූවාය. වෙනුරගේ පියා දුප්පත් මිනිසුන්ට බේත් හේත් කළේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරවය. ඔවුහූ ජීවිතය ගැට ගසා ගත්තේ ගොයම්, මුං , මෑ, මඤ්ඤොක්කා, බතල යනාදිය වගා කිරීමෙන් ලබා ගත් සොච්චම් මුදලින්ය. ඉතා දුරස්ථ ගම්මානයක් වූ අතර විදුලිය, මහා මාර්ග, ප්‍රවාහනය, වෙළඳ පොළවල්, රෝහල්, පාසල් යනාදී පහසුකම්වලින් තොර විය. එනිසා ඔවුනට ගත කිරීමට සිදු වූයේ ඉතා කටුක ජීවිතයකි.
    කෙසේ වූවත් කුඩා වෙනුරට හා ඔහුගේ මිතුරන්ට මේ ගැටළු පිළිබඳව එතරම් අවබෝධයක් තිබුනේ ඇත. ඔවුහූ ඔවුනගේ ළමා කාලය ඉතා විනෝදයෙන් ගත කළහ. ඔවුහූ ඔවුනගේ ගමේ තිබූ අඩුපාඩු ගණන් ගත්තේ නැත. පාසල වෙත යාම සඳහා ඔවුනට කිලෝමීටර 6 දුරක් පයින් යාමට සිදු විය. වෙනුර සහ ඔහුගේ යහළුවෝ අඩි පාරවල්, ලඳු කැලෑ පසු කරමින් පාසල් ගිය අතර ආපසු නිවස කරා පැමිණෙන විටදී කැලෑවේ සෙල්ලම් කිරීමටද අමතක නොකළහ. ඔවුන් ගමන් කළ මං මාවත් වසරේ ඕනෑම කාලයකදී විවිධ වර්ගයේ පළතුරුවලින් ගහණ විය. අඹ,කජු, පේර, දං, වරකා, සියඹලා, දොඩම් වැනි පළතුරුවල රස විඳීමට ඔවුනට හැකි විය. ඔවුනට වනයේදී වල් අලින්ගෙන් , වල් ඌරන්ගෙන්, සර්පයින්ගෙන් ඇති වන අනතුරු ගැන කිසිදු බියක් තිබුණේ නැත. සැමදා වෙනුර සහ ඔහුගේ යහළුවෝ ඉතා සතුටින් කාලය ගත කළහ.
    වෙනුර පාසලේ ඉතා දක්ශ සිසුවෙකු විය. පාසලේ සිටියේ එක් ගුරුවරයෙකු පමණක් වූ අතර පාසලට පැමිණියේ සුළු ශිෂ්‍ය සංඛ්‍යාවක් නිසා තිබුණේ සීමිත පන්ති සංඛ්‍යාවකි. වෙනුර පාසලේ 3 වසරේ සිටින කාලයදී පාසලේ ගුරුවරයා වෙනුරව ශිෂ්‍යත්ව විභාගයට වාඩි කළ යුතු යැයි තීරණය කළේය. ගුරුවරයා වෙනුරගේ දෙමාපියන් හමුවී කියා සිටියේ වෙනුරව මීට වඩා හොඳ පාසලකට ඇතුළත් කළ යුතු බවයි. අභාග්‍යයක මහත! දුප්පත් දෙමාපියන්ට ඔහුට වඩා හොඳ පාසලක් ලබා දීමට අපොහොසත් විය, වෙනුර ද ඔහු වඩාත් ආදරය කළ ගම, පාසල හා ඔහුගේ මිතුරන් හැරදා යමට අකමැති විය. කොතරම් දුශ්කර වූවත් ඔහු ඔහුගේ ගමට සහ එහි ගැමියන්ට බෙහෙවින් ආලය කළේය.
    දිනක් සැන්දෑවක ඔහුගේ මවට හදිසියේම අසාධ්‍ය පපුවේ අමාරුවක් ඇති විය.වෙනුරගේ පියා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා ඈත ගමකට ගොස් සිටියේය. අසරණ වෙනුරට කර කියා ගත නොහැකි දෙයක් නොමැති විය. ඔහු මහ හඬින් අඬමින් උදව් ඉල්ලා කෑ ගැසුවේය. මිනිත්තු කිහිපයකින් ඔහුගේ ගේ අසළට පැමිණි අසල්වාසීන් කිහිප දෙනෙක් තත්වය බලා වෙනුරගේ මවව ආණමඩුව ඉස්පිරිතාලයට ගෙන යාමට තීරණය කළහ. කිලෝමීටර 20 ක් පමණ ඈතින් පිහිටි රෝහලට කරත්තයකින් මවව රැගෙන යාමට ඔවුනට සිදු විය. වෙනුරද හඬමින් කරත්තය පිටුපසින් පයින් ගමන් කළේය. ඔවුනට ගමන් කිරීමට සිදු වූයේ ඉතා දුශ්කර පාරවල් හරහාය. අවසානයේ ආණමඩුව රෝහලට කෙසේ හෝ පැමිණියද ඒ වන විට වෛද්‍යවරයෙකු රෝහලේ සිටියේ නැත. සිටි එකම වෛද්‍යවරයාද දිගු කාර්ය වේලාවකින් පසු වැඩ අවසන් කර ගොස්ය. හෙදියෝ වෙනුරගේ මවව වාට්ටුවට ඇතුළත් කර ඇයට වේදනා නාශක පෙති ලබා දුන්හ. පසුදින රෝහලට පැමිණ ඇය පරීක්ශා කර බැලූ වෛද්‍යවරයා ඇය වහාම වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙතට මාරු කිරීමට තීරණය කළේය. මවගේ තත්ත්වය එන්න එන්නම බරපතල විය. ඇය දැඩි වේදනාවෙන් පසුවනු දුටු වෙනුර ඉතා භීතියට පත් විය. තමා වෛද්‍යවරයෙකු වී සිටියා නම් ඇයව කෙසේ හෝ සුවපත් කරන බව ඔහුට ඒ වේලාවේ සිතුණි. වෙනුර තමන්ගේ පියාණන්ට ද මේ බව වටහා දුන්නද ඔහුගේ පියාට කළ හැකි දෙයක් තිබුණේ නැත.
    බොහෝ ගැටළුවලට මුහුණ දීමෙන් අනතුරුව වෙනුරගේ මව මීගමුව රෝහල වෙත කැඳවා එනු ලැබිණ. කුඩා වෙනුර මවගේ ඇඳ අසළින් කිසි විටකත් ඉවත් වූයේ නැත. වෙනුරගේ පියාට මීගමුවේ සිටින ඔවුන්ගේ නෑදෑයෙකුගෙන් සහය ලබා ගැනීමට හැකි විය. මේ අතරතුරේදී වෙනුරගේ ගුරුවරයා වෙනුරගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳව මීගමුවේ විදුහල්පතිවරයෙකු සමඟ සාකච්ජා කරමින් සිටියේය. නොබෝ කලකින් හැම දෙයක්ම හොඳ අතට හැරිණි. මවගේ අසනීප තත්වය පහව ගියේය. වෙනුර මීගමුවේ පාසලකට ගියේය. ඔහුගේ දෙමාපියෝ සෑම විටම ඔහුට ඉගෙන ගැනීම සඳහා දිරිමත් කළේය. කෙසේ වූවත් සෑම අමිහිරි වේදනාවක්ම නපුරු සිහිනයක් මෙන් ඔහුගේ මතකයේ රැඳුණි. මාස කීපයකට පසු වෙනුර දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේය.
    විභාගය ඉහළින් සමත් වූ වෙනුර මාදම්පේ මධ්‍ය විද්‍යාලයට වැඩිපුර අධ්‍යාපනය සඳහා යාමට සුදුසුකම් ලැබීය. එලෙසම කල් යත්ම අපොස සා.පෙළ. විභාගයේදී දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලාභීයා වීමට වෙනුර සමත් විය. ඉන්පසු කොළඹ රාජකීය විද්‍යාලය යාමට තරුණ වෙනුරට අවස්ථාව ලැබිණ. වෙනුරගේ ජීවිතයේ නව පිටුවක් පෙරලීමට කොළඹ රාජකීය විද්‍යාලයට හැකි විය. කෙටි කලකින් මිතුරන්ගේ හා ගුරුවරුන්ගේ ආකර්ශණය දිනා ගැනීමට ඔහුට හැකි විය. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයෙදී නාගරික පාසලක හා ගම්බද පාසලක ඇති වෙනස්කම් තරුණ වෙනුරට තදින්ම දැනුණි. වෙනුර සිය කුඩා කලදී විඳි දුක් කම්කටොළු ඔහුගේ මිතුරු රාජකීයයන් සමඟ බෙදා ගැනීමට ඔහු අමතක කළේ නැත. ඔහුගේ ජීවිතයේ වැදගත්ම මොහොත පැමිණියේ ඉන්පසුවය. ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථමයා වෙමින් රාජකීය විද්‍යාලයේ හොඳම ප්‍රතිඵලය බිහි කිරීමට වෙනුර සමත් විය. මා දන්නා තරමින් වෙනුර තැබූ වාර්තා තවම බිඳ දමා නොමැත. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඔහු ඇතුලත් වුනේ රාජකීය විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයා ලෙසයි.
    1984 වසරේ විද්‍යාලයීය ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ දී
    ඇල්ෆ‍්‍රඞ් ඇන්ඩිස් අනුස්මරණ ත්‍යාගය - (උද්භිද විද්‍යාව සඳහා)
    පී සී ඩබ් පීරිස් අනුස්මරණ ත්‍යාගය - (සත්ත්ව විද්‍යාව සඳහා)
    එෆ් ඊ වීරසූරිය අනුස්මරණ ත්‍යාගය - (ජීව විද්‍යා අංශයේ හොඳම ත්‍යාගය)
    තිස්ස වික‍්‍රමසිංහ අනුස්මරණ ත්‍යාගය - (උද්භිද හා සත්ව විද්‍යාව සඳහා හොඳම ශිෂ්‍යයා)
    අ පො ස (උ/පෙළ) විභාගයේ හොඳම සිසුවාට හිමි ත්‍යාගය එම් ගුණරත්නම් අනුස්මරණ ත්‍යාගය දිනා ගැනීමට වෙනුරට හැකි විය.
    එමෙන්ම ඔහු පාසලේ දක්ශ ක්‍රීඩකයෙකු මෙන්ම කලාකරුවෙකුද වූවා. කොළඹ විශ්ව විද්‍යාලයේ තම කණ්ඩායමේ ඉහළතම ලකුණුලාභියා වූ වෙනුර පසුකාලීනව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පැවති අරගලයට ත්‍රීමා විතාන හා එක් විය. ත්‍රීමා විතානගේ සමීපතම සගයා වූයේ වෙනුරයි. ත්‍රීමා විතාන වෙනුරගේ ජේශ්ඨ කාමර සගයෙකු විය. එනිසාම දෙදෙනා තුළම හොඳ අවබෝධයක් තිබුණි. දෙදෙනාම සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඔවුනගේ වෛද්‍ය සිහිනය පූජා කළේය. ඔවුන් ජීවතුන් අතර සිටියේ නම් මේ වන ශ්‍රී ලංකාවේ සිටින දක්ශතම විශේෂඥ වෛද්‍යවරුන් වීමට ඉඩ තිබුණි. එහෙත් කුරිරු දේශපාලනය රටේ අනාගතය පොඩි තලා පෙලා සුණු විසුණු කර දැමුවේය.බාලේ ගේ (නිමල් බාලසූරිය) මරාදැමුන දවසේ මහා හඬින් මානව හිතවාදී සංවේදී සහෘදයෙකු ඔහු හඬා වැටුණු හැටි ඔහුගේ සමකාලීනයෝ තවමත් මතක් කරති. ඒ වගේම පුංචි කාලෙ ඔහුගේ යාලූවා මියගිය විට ඒ දුක දරාගත නොහැකිව දින ගණනාවක් නොකා නොබී සිටි මේ සංවේදී දරුවා මේ සා දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයකට නායකත්වය දුන්නා යැයි ඔහුගේ මව පවා පිළිගන්නේ පසුවයි. බාලේ ගෙන් පසු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය ගන්නේ වෙනුර එදිරිසිංහයි. 1989 කොල්ලූපිටියේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන තුරු ලංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වයදුන්නේය. වෙනුර 1989 සැප්තැම්බර් 21 දින ඝාතනයට ලක්වුනා. අත්අඩංගුවේදී රඳවා වද දීමේදී ඔහුගේ ඇඟිලි කිහිපයක් කපා දමා තිබුනා. සිය ඇඟිලි වලින් වැගිරෙන ලේවලින් ඔහු වදකාගාරයේ බිත්තියේ මෙසේ ලියා තිබිණි.‘‘මතු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා’’.....
    උපුටා ගැන්මකි...
    fb eke tibbe

    trima gena meke tyenwa


    mekath blpn



     
    Last edited: