සිසේරියන් දරු උපත්: මිනිස් පරිණාමයට බලපෑ&#3512

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිසේරියන් දරු උපත්: මිනිස් පරිණාමයට බලපෑ&#3512

    දරු උපත් වල දී නිරන්තරයෙන් සිසේරියන් සැත්කම භාවිත කිරීම තුළින් මිනිස් පරිණාමනයට විශාල බලපෑමක් එල්ල කෙරෙන බව විද්‍යාඥයෝ කණ්ඩායමක් පවසයි.
    ඉතා පටු උකුල් ප්‍රදේශයක් සහිතවීම නිසා වර්තමානයේ බොහෝ මව්වරුන් දරුවන් ලැබීමේ දී සිසේරියන් සැත්කමට භාජනය කළ යුතු බව සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.
    ඒ අනුව දරු උපතක දී ඉතා පටු උකුල් ප්‍රදේශයක් සහිතවීම මෙන්ම ගර්භාෂයේ පටන් ප්‍රසූතිය නිම කිරීම දක්වා මාර්ගය පටුවීම නිසා 1960 දී මව්වරුන් දහසකට 30 දෙනකු සිසේරියන් සැත්කමට භාජනය කිරීමට සිදු වූ නමුත් වර්තමානයවන විට මව්වරුන් දහසකට 36 දෙනකු ප්‍රසූතියක දී සැත්කමට භාජනය කිරීමට සිදුවන බව විද්‍යාඥයෝ පවසති.
    විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ස්වාභාවික දරු ප්‍රසූතියක් සඳහා කාන්තාවකට හිමි විය යුතු ශාරීරික සූදානම පරම්පරාවෙන් පරම්පරාවට ජාන හරහා ලැබිය යුතු අතර නිරන්තර සිසේරියන් සැත්කම් සිදු කිරීම එම ස්වාභාවික චක්‍රයට බලපෑම් කරන බවය.
    ඇතැම් අවස්ථාවල වෛද්‍ය උපදෙස් මත මවක් දරු ප්‍රසූතියක දී සිසේරියන් සැත්කමකට භාජනය කිරීම අනුමත කළ හැකි නමුත් ස්වාභාවික දරු ප්‍රසූතියක් වෙනුවෙන් කාන්තාවකට ඇති හැකියාව තුරන්වන මට්ටමට සැත්කම් භාවිතය තුළින් මිනිස් පරිණාමයට හානිදායක බලපෑම් එල්ල විය හැකි බව සමීක්ෂණයේ සාරාංශය ලෙස ඔවුහු ප්‍රකාශ කළහ.
    කෙසේ වෙතත් වර්තමානයේ කාන්තාවන්ට උපතින්ම ඉතා පටු උකුල් ප්‍රදේශයක් හිමිවීමට බලපාන හේතු සාධක සියල්ල අනාවරණයකර ගැනීම ඉතා ඈතට විහිදුනු විෂය පථයක් බව විද්‍යාඥයන්ගේ මතයයි.




    රියසක වන් පුලුලුකුල අඩුයි තමා දැන් ඉන්න කෙල්ලන්ගෙ :(:(:(
     
    • Like
    Reactions: DAM40

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකට හැමෝම වගකියන්න ඕනේ.
    මේ ප්‍රශ්ණේ තියෙන්නේ ප්‍රයිවෙට් ඩිලිවරීස්වලට යන අයට තමා. රජයේ රෝහල් වල නම් මොන සෙල්ලම හරි දාලා නෝර්මල් බබාව ගන්න තමා ට්‍රයි කරන්නේ. හදිසි අවස්ථාවකදී ඇරෙන්න නෝර්මල්ම තමා අරගන්නේ දරුවව.
    ප්‍රයිවෙට් ඩිලිවරීස් වලට යන අය ගත්තම,
    සමහර ගෑණු ඉන්නවා ප්‍රසව වේදනාව දරාගන්න බැරි නිසා කලින්ම ඩොක්ටර්ට කියනවා සීසර් කරලා දරුවා ගමු කියල.
    තවත් සමහර ගෑණු ඉන්නවා සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරන්න බයවෙලා ඒ කියන්නේ දරුවට හානියක් වේවි කියලා සීසේරියන් සැත්කම් කරමුයි කියන අය.
    තවත් සමහර දොස්තරලා ඉන්නවා සීසේරියන් සැත්කම් වලට තමන්ට එන මව්වරුන්ව පොළඹවන. එහෙම කරන්නේ දොස්තරලට වෙලාව මදිකම නිසා සහ ලාභය ගැන හිතලා. එහෙම කරන දොස්තරලා මම ඕනි තරම් දැකලා තියෙනවා.
    ඒ වගේමතමා සමහර ගවර්න්මන්ට් හොස්පිටල් වලත් සීසර් කරලා ගන්න ඕනි දරුවන් නොර්මල් ගන්නවා. එහෙම උනාම ප්‍රශ්ණේ වෙන්නේ දරුවට. මගේ යාළුවෙකුගේ දරුපැටියෙක් (කෙල්ල) එලියට එන්නේ නැතුව අඬු දාලා ඇදලා තිබුනා. කෙල්ලගේ අත අඬුවට අහුවෙලා තිබුනේ. අත සම්පුර්නයෙක් දිග අරින්න බෑ. හිතපල්ල රෝසමල වගේ අපි හදන දරුපැටියව අඬුවකින් අල්ලලා අදිනකොට කොහොමද කියලා.
    මගේ දරුවෙකුට කලා නම් ඇදපු එකාගේ හෝ එකීගේ අද මම කඩනවා...
    ඔන්නෝකයි මම ගවර්මන්ට් හොස්පිටල් වලට යවන්නේ නැත්තේ මගේ උන්ව.
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    සිරිසේනත් සිසේරියන් එකකින් ආපු එකෙක්. :growl:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    femmebodytypes.jpg


    Pear :love::love::love:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    සිරිසේනත් සිසේරියන් එකකින් ආපු එකෙක්. :growl:

    ඔව් ඒක නං ඇත්ත වෙන්න ඇති
    ඕකගේ ඔලුව තමා අඩුව දාල ඇදල අරගෙන තියෙන්නෙ, එකනේ ඔච්චර සුපිරි බුලට් එකක් වෙලා තියෙන්නෙ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකත් හොඳයි එක අතකිං හැමෝම සිසේරියන් කලාම මාතෘ මරණ වත් අඩුවෙනවනෙ :yes: :yes:
    කොහොමත් ලමයි ඉපදෙන විදිහ ගත්තාම මිනිස්සු ඒ අංශෙන් පරිණාමය වෙලා මදි :sorry: :sorry:
    අනික හක්කෙ කොනේ දත :angry: :angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලිපිය පරිවර්තනය කරපු එකා වරද්දල ලියල තියෙන්නෙ.

    ගෑනියෙක්ගෙ සිසේරියන් කලාම එයාගෙ දරුව ගැනු ලමයික් නම් ඒකිගෙ පුක පොඩිවෙනවා වගේ අදහසක් මේ ලිපියෙන් එන්නෙ. එහෙම එකක් නෑ. පරිනාමයට බලපෑමක් වෙනව තමයි. ඒත් එක නවත්තන්න ගෑනිව සිසේරියන් නොකර මැරෙන්න අරින්න වෙනවා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සැත්කමක් කරල ගන්න ලමයින්ගේ අම්මලට කිරි අඩුවෙන් එරෙන්නේ නැද්ද, අපි සාමන්ය විදියට ඉපදුනේ අයියයි මමයි, ඒ හින්දා අම්මට අතිවෙන්න කිරි තිබ්බ, ඒත් අපේ පුන්චිලා දෙන්නටයි නැන්දලා දෙන්නටයි බබාලට දෙන්න කිරි නැති වුනා, මේ ලගදි ඉපදුන නැන්දගේ බබාට දෙන්න කිරි නැන්දට ඇත්තේම නෑ ඒ හින්දා හැම වෙලාවෙම කිරි පිටි දෙන්නේ ඒ හින්දා වෙන්න ඇති එයාලගේ ඔක්ක්කෝම ලමයින්ට පොඩ්ඩ ඇත්නම් ලෙඩ හැදෙනවා ප්‍රතිශක්තියක් නැතිහින්දා වෙන්න ඇති, උන්ට පොඩ්ඩ ඇත්නම් හෙම්බිරිස්සාවයි උනයි මමනම් අපේ පවුලේ හැටියටනාම් මම හිතන්නේ ගොඩක් වෙලාවට සාමන්ය විදියට ඉපදෙන එක හොද ඇති කියල, අපේ පුන්චිගේ බබව කලින් ඔපරේශන් කරල ගත්තා දොස්තරට රට යන්න තියෙනවා කියලා
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැත්කමක් කරල ගන්න ලමයින්ගේ අම්මලට කිරි අඩුවෙන් එරෙන්නේ නැද්ද, අපි සාමන්ය විදියට ඉපදුනේ අයියයි මමයි, ඒ හින්දා අම්මට අතිවෙන්න කිරි තිබ්බ, ඒත් අපේ පුන්චිලා දෙන්නටයි නැන්දලා දෙන්නටයි බබාලට දෙන්න කිරි නැති වුනා, මේ ලගදි ඉපදුන නැන්දගේ බබාට දෙන්න කිරි නැන්දට ඇත්තේම නෑ ඒ හින්දා හැම වෙලාවෙම කිරි පිටි දෙන්නේ ඒ හින්දා වෙන්න ඇති එයාලගේ ඔක්ක්කෝම ලමයින්ට පොඩ්ඩ ඇත්නම් ලෙඩ හැදෙනවා ප්‍රතිශක්තියක් නැතිහින්දා වෙන්න ඇති, උන්ට පොඩ්ඩ ඇත්නම් හෙම්බිරිස්සාවයි උනයි මමනම් අපේ පවුලේ හැටියටනාම් මම හිතන්නේ ගොඩක් වෙලාවට සාමන්ය විදියට ඉපදෙන එක හොද ඇති කියල, අපේ පුන්චිගේ බබව කලින් ඔපරේශන් කරල ගත්තා දොස්තරට රට යන්න තියෙනවා කියලා

    හැම අම්මටම කිරි එරෙන්නෙ නෑ.