සිහලුනේ වයරින් බඩු අඩුවට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    වයරින් කිරිල්ල එක පාරයි ගොඩක් දුරට ගෙදරක. ඒක හොඳම එකෙන් දාලා හොඳටම කරගනින්, බාල, fake ඒවා දාලා අමාරුවෙ නොවැටි

    කැලනි හොඳයි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මාතරින් ගත්තෙ
    මම දැකලා තියනවා ෆේස්බුක් එහෙම ඇඩ් දාලත් තියනවා 650ට වගේ තියනවා කියලා
    කෙවිල්ටන්
    අඩෝ මාතර කොහෙද? ප්ලේස් එක කියපන්. වැලිගමත් අඩුයි කියනව නේද?
     
    • Like
    Reactions: N.H Shadow

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අඩෝ මාතර කොහෙද? ප්ලේස් එක කියපන්. වැලිගමත් අඩුයි කියනව නේද?
    පරණ තංගල්ල පාරෙ ටිකක් දුර යනකොට පාරෙ දකුනු පැත්තට ආයෙ හැරිලා පොඩ්ඩක් ගියාම තිබුනු පොඩි කඩේකින් ගත්තෙ බිල හොයාගන්න ඕන කඩේ නම බලාගන්න

    ඔවු මචන් වැලිගම මාතරට වඩා ගනන් අඩුයි,

    ස්ටේශන් රෝඩ් එකේ(film hall එක තියන පාරෙ) මුස්ලිම් කඩ සෙට් එකක් තියනවා ඒවයෙ ගනන් ගොඩක්ම අඩුවට සෙට් වෙලා තියනවා
    ලංකා ඉලෙක්ට්‍රිකල් කියලා එකක් තියනවා ඒකෙ සමහර දේවල් ගනන් අඩුයි. අර මුස්ලිම් කඩ සෙට් එකට වඩා සාමාන්‍යෙන් ගනන් වැඩියි
     
    • Like
    Reactions: pathaleiretta

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Ebay එකෙන් ගන්න
    එක එක ස්විච් එක වගේ ගේනවා නං හරි. දෙක තුනක් ගෙනාපු ගමන් කස්ටම් එකෙන් ටැක්ස් ගහනවා එතකොට පාඩුයි
    අලි එකේ තියනවා ඕන නං ස්විච් වලට නම් ප්‍රින්ට් කරලා පවා ගෙන්න ගන්න පුලුවන් එවුන් කස්ටම් විදියට. ස්විච් දෙක තුනක් ගත්තත් එහෙම ගන්න පුලුවන්. එහෙම සෙට් එකක් ගෙනත් කස්ටම් එකෙන් බඩු වලට ගියපු ගානම වගේ ටැක්ස් වැදුනා එතකොට පට්ට පාඩුයි
    එක දෙක ගේනවා නං අවුලක් නැහැ හැබැයි එක දෙක ඕඩර් කරත් සමහර වෙලාවට එකම සප්ලයර්ගෙන් ගත්තම සේරම ටික එකට ශිප් කරනවා. එතකොටත් කේස් පොඩ්ඩක්
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    එක එක ස්විච් එක වගේ ගේනවා නං හරි දෙක තුනක් ගෙනාපු ගමන් කස්ටම් එකෙන් ටැක්ස් ගහනවා එතකොට පාඩුයි
    අලි එකේ තියනවා ඕන නං ස්විච් වලට නම් ප්‍රින්ට් කරලා පවා ගෙන්න ගන්න පුලුවන් එවුන් කස්ටම් විදියට. ස්විච් දෙක තුනක් ගත්තත් එහෙම ගන්න පුලුවන් එහෙම සෙට් එකක් ගෙනත් කස්ටම් එකෙන් බඩු වලට ගියපු ගානම වගේ ටැක්ස් වැදුනා එතකොට පට්ට පාඩුයි
    එක දෙක ගේනවා නං අවුලක් නැහැ හැබැයි එක දෙක ඕඩර් කරත් සමහර වෙලාවට එකම සප්ලයර්ගෙන් ගත්තම සේරම ටික එකට ශිප් කරනවා එතකොටත් කේස් පොඩ්ඩක්
    Joke bro
     
    • Haha
    Reactions: jdchathuranga

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Legrand, ABB, Schneider වගේ ඒවා තමයි හොඳම. හැබැයි ඉතිං ලංකාවේ අඩුවට ගන්න තියෙනවද කියන එක තමයි ප්‍රශ්නෙ...🤔
     
    • Like
    Reactions: pathaleiretta

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වයරින් බඩු ගොඩක්ම ගනන් ගිහින් තිබ්බා හැබැයි දැන් ආයෙත් ටිකක් අඩු වෙලා. කලින් තිබුනා වගේ අඩු නැහැ. 13A ප්ලග් බේස් එකක් ඉස්සර තිබුනෙ 375ට වගේ. මේව ගනන් ගිහින් තිබුනා 1100ට විතර. දැන් 600-700 අතර වගේ තියෙන්නෙ
    වයරින් වයර් 100m රෝලක් කලින් තිබුනෙ 2200ට වගේ ඒක ගනන් ගියා 7500ට වගේ දැන් මම හිතන්නෙ දැන් හාරදාස් ගානකට වගේ අඩු වෙලා තියනවා

    අනික දැන් ගොඩක් අඩු කොලිටි වයර් තියනවා ගනන් අඩුවට ඒව නං දාන්න එපා. යකඩ හරි ඇලුමිනියම් හරි කම්බි තියන වයර් තියනවා කොපර් ප්ලේටඩ් ඒවයෙ ගාන අඩුයි. ඒව ගන්න එපා

    ස්විච් සහ ප්ලග් එහෙම පරන ස්ටයිල් ඒව නං Orange/ACL/Kevlton එහෙම තියනවා තුනටම ලයිෆ්ටයිම් වොරන්ටි තියනවා. මේ තුනෙන් කෙවිල්ටන් ගාන ටිකක් අඩුයි. කොලිටියෙත් ලොකු වෙනසක් පේන්න නැහැ. මේ තුනම වැඩ කරන්නෙ නැති උනොත් ගලවලා ගිහින් දුන්නම එවලෙම අලුත් එකක් දෙනවා. සමහර තැන් වල බිල බලනවා සමහර තැන් වල බිල බලන්නෙත් නැහැ
    මොඩියුලර් ටයිප් ඔය අලුත් ස්විච් සහ ප්ලග් නං ගොඩක් ගනන්.

    ඔරේන්ජ් එකේ දන්න එකෙක් ඉන්නවා ඌ කිවුවෙ වයර් එහෙම තව ටිකක් අඩු වෙයි හැබැයි මාස 4-5ක් වගේ යයි කියලා. වයරින් වයර් රෝලක් උපරිම 3700ට වගේ අඩුවෙයි කියලා කිවුවා. මගෙත් ඉස්සරහට බඩු ගොඩක් ගන්න ඉන්නවා දැන්ම ගන්නද කියලා තමයි මම ගනන් හෙවුවෙ

    agent matat badu ganna ona

    thanak kiyanna

    අඩෝ මාතර කොහෙද? ප්ලේස් එක කියපන්. වැලිගමත් අඩුයි කියනව නේද?
    weligama ta wada colombo epay ban ganan adu wenna
    ------ Post added on Sep 4, 2023 at 10:19 AM
     
    • Like
    Reactions: pathaleiretta

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo


    weligama ta wada colombo epay ban ganan adu wenna
    ------ Post added on Sep 4, 2023 at 10:19 AM
    එහෙම කියන්න බැහැ

    අපේ පැත්තෙ හාඩ්වෙයා එකක් තිබුනා සිමෙන්ති අඩුවට දෙන.
    මූ මෙහෙම ගේමක් ගහනවා කියලා තමයි කියන්නෙ
    සිමෙන්ති වලට උන් ෆැක්ටරියට ගෙවන්නෙ ට්‍රාන්ස්පෝට් වලට ගෙවන ගාන අඩු කරලා, එතකොට ගොඩක් දුර තැනකට ගෙනියන සිමෙන්ති වලට ෆැක්ටරියට අඩු ගානක් ගෙවලා ගන්නෙ ට්‍රාන්ස්පෝට් ගානත් එකතු උනාම නෝමල් ගාන හැදෙනවා
    මූට ලංකාවෙ කොහෙ හරි දුර පලාතක තව හාඩ්වෙයා එකක් තියනවා මූ ඒකෙන් සිමෙන්ති ඕඩර් කරලා මගින් බාගන්නවා, එතකොට මූට ට්‍රාන්ස්පෝට් එක නිසා අඩුවෙන් හම්බුනු සිමෙන්ති අඩුවට දෙනවා
    ලංකාව කොහේ සිමෙන්ති මොන ගනන් වලට දුන්නත් මුගේ ඒ හැම තැනටම වඩා රුපියල් 50ක් විතර අඩුයි

    ඔය වගේ අනෙක් ඒවටත් එක එක ගේම් දීල අඩුවට විකුනන තැන් තියෙන්න පුලුවන් සමහරවිට කොළඹ මේ වගේ ගේම් දෙන්න අමාරුත් ඇති

    තව මේ ගොඩක් අය කියලා තියනවා ඒජන්ට්ගෙන් සහ ෆැක්ටරි වලින් අඩුවට ගන්න බලන්න කියලා ඒක එහෙම නෙමයි. ඒජන්ට් සහ ෆැක්ටරි වල රීටේල් බිස්නස් නෙමෙයි කරන්නෙ එතකොට උන් ගොඩක් වෙලාවට ගහලා තියන ගානටම වගේ තමයි සෙල් කරන්නෙ
    හැබැයි රීටේල් සෙලර්ස්ලා උන්ගෙ ලාබෙ අඩු කරගෙන ඒජන්ට් ට වඩා අඩුවට දෙනවා
    ඕනම ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් බඩුවක් මෙහෙමයි ඒජන්ට් ට වඩා රීටේල් සෙල් කරන එකාගෙ ගනන් අඩුවට ගන්න පුලුවන්
     
    • Like
    Reactions: pathaleiretta