සිහිනයකි ජීවිතේ (නවකථාව )

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩෝ කෝ බං ??? මානසිකව වැටිල දණහිස් දෙක තුවාල වෙලා ඉන්නේ දැන් නම්
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කවීශ උදෑසනින් ම සූදානම් ව ආවේ ඉරේෂා අක්කා දැක ගැනීමේ බලවත් ආශාවෙනි .අදත් කාර්‍යාල යට යන්න ලැබෙන්නේ නැත.ඒත් කරන්නට දෙයක් නැත.මේ මොහොතේ ඈ අසල සිටිය යුතුමය.කවීශ දැඩි සත්කාර ඒකකය වෙත යන විට අම්මා දොර අසල සිටියාඅ.අම්මා මෙතන නම් ඉරේෂා අක්කා ළඟ කවුද .අම්මා සමඟ සිනාසුනද ඇගේ එතරම් සුහද බවක් නැතැයි කවීශ සිතුවේය .
    “අම්මා ගියාද ඇතුලට”
    “ඔව් මම ගිහින් ආවෙ අපේ නෑදෑ කෙනෙක් ගියා දූව බලන්න”
    අම්මා තමා කෙරේ මොනවා හෝ හිතේ තියාගෙන ඉන්නා බව කවීශ දනී.ඒත් ඒ ගැන විමසා සිත අවුල් කරගන්නවාට වඩා මේ විදිය හොඳය.විනාඩි පහලොවකටත් වඩා බලා සිටියත් ඇතුලට ගිය් කෙනා එන පාටක් නැත.කීප වරක් කර ඔසවා බැලුවද අඳුරු කර ඇති කණ්නාඩියෙන් තම මුහුණ ට වඩා යමක් පෙනෙන්නේ නැත.මොන ලබ්බක් කරනවද ලෙඩා බැලුව්නම් එන්නෙ නැතුව.කවීශ සිතින් බනිමින් සිටියේ නෑයාටය.
    “අඩෝ මොකද මෙතන ලෙඩා බැලුවේ නැද්ද”
    සපුමල් ආවේ වෙලාවටය.
    “පාස් එකයිනෙ බං “
    “අනේ මගුල මට කතා කරන්න එපෑ..මෙන්න මෙහෙ වරෙන්”
    කවීශ සපුමල් පසුපසින් කුටියට ඇතුළු විය. කවීශ ඉරේෂා අක්කාගේ ඇඳ සොයා පියමැන්නේ බලාපොරොත්තු සහගතවය .දුටු දසුනින් සිත ගැස්සී ගියේ ය.නිළ ඇඳුමින් සැරසුනු අයෙක් ඇගේ හිස අතගාමින් ඈ අසල ඇත.හදේ ගැස්ම වැඩිවී ගියේ ඉබේටමය .මේ ඉන්නේ ඉන්දික නැමැත්තා විය යුතුය.
    අම්මා නවාතැනට ගිය මොහොතේ පටන් කල්පනා කලේ දහවල් සිදුවූ සිදුවීම ගැනය.කවීශ සහ ලොක්කී අතර ආදර සම්බන්ධ යක් ඇතුවාට සැක නැත.බන්දුල රණ්ඩු ඇතිකර ගන්නට ඇත්තේත් මේ අරභයා වන්නට පිලිවන .එසේ නොවන්නට මේ තරම් ඉක්මනින් සම්බන්දයක් ඇතිවිය හැකිද.නොගැලපෙන උන් ලං කරගෙන දුක් විඳි අතීත පාඩම් ඇත.කවීශ ගෙන් උදව් ගත්තා කියා මේ කටයුත්තට ඉඩ දිය නොහැක.පිහිය රත්තරං කියා බෙල්ල කපා ගැනීමේ සිරිතක් නැත.විසදුම ලොක්කී කවීශ ගේ සිතින් ඉවත් කිරීමය.
    නැන්දා කියූ ලෙසට ඉන්දික උදේ ලෙඩුන් බලන වෙලාවටම මහනුවරට ආවේය.නිළ ඇඳුමින් ආ නිසා රෝහලට ඇතුළු වීමට කරදරයක් නැත.නැන්දා ගොස් ආවාට පසු ඉන්දික ඉරේෂා වෙතට ආවේ ය.වෙනදාට මෙන් නොව ඉරේෂා මලානිකව ගොසිනි.
    උදරයේ කැපුම් තුවාල වල වේදනාව වරින් වර දැනේ .කවීශ මල්ලී එන්නේ කොයි වෙලාවේදැයි බලා සිටියේ පාන්දර සිටන්‍ ය.දුරකථන භාවිතය තහනම් නිසා ඔහු ඇමතීමටද ඉඩක් නැත.ඊයේ ඒ උණුසුම් සුරත මත නින්දට වැටුනා සිහිනයෙන් මෙන් මතකය.අම්මා හයටම ආවත් කවීශ මල්ලි නැත.අම්මාගෙන් ඔහු ගැන අහන්නට යෑමත් නුවණ ට හුරු නැත.
    “දන්න කෙනෙක් එයි ඔයා බලන්න “ අම්මා කියාගෙන ගියාය .
    කවීශ මල්ලි වෙන්න ඇති.ඒත් එහෙම කියන්න ඕනෙ නෑනෙ.ඉරේෂා කල්පනා කරමින් සිටින අතරේ ඈතින් එන රුව හඳුනාගැනීම අපහසු වූයේ නැත.මේ යකාට කීවෙ කවුද .දෙයියනේ කවීශ මල්ලි ආවොත් මොනවා හිතයි ද.
    “ආ ලොක්කි කොහොමද දැන් “
    ඈ සිනා නොවී බැරි කමට සිනා සුනාය.
    “දැන් නම් හොඳයි තුවාල ටිකක් රිදෙනවා “
    “බලන්න අයි සී යූ දාල නෙ නතර උනේ මේ හොස්පිටල් වල හැටි මම දන් නැද්ද “
    ඉන්දික කියූ විට අවට සිටිය හෙද නිළධාරීන් කීප දෙනෙක්ම ඔහු දෙස බලනවා ඉරේෂා දුටුවාය.හිතට කේන්ති ආවත් ඈ ඉවසා සිටියා ය.වාට්ටුවට ඇතුළු වූ මොහොතේ පටන් තමාට සැලකූ හැටි ඈට මතකය.දැඩි සත්කාරයට දමන්නට උනේ වෛද්‍යවරුන් ගේ වරදක් නිසා නොවේ.ඉන්දික කතා කරන්නේ කිසිත් නොදැනය.
    “එහෙම එකක් නෑ මෙහෙ සර්විස් එක හොඳයි “
    යන්නෙ නැද්ද අප්පා..ඈ නොකීවාය
    “ආයෙ මොනව හරි උනොත් පොලිස් හොස්පිටල් යමු මම එක්ක යන්නම්”
    දිව්‍යලෝකයටවත් ඔයා එක්ක නම් එන්නෙ නෑ..ඉරේෂා සිතුවාය .
    “ආ හරි අයියෙ”
    “දැං කවද්ද ඩිස්චාජ් කරන්නෙ”
    “ඒකනම් දන්නෙ නෑ”
    ඉරේෂා ට උවමනා මේ කතා ව ඉවර කිරීමට උවත් ඉන්දික නික්මයන බවක් නැත.
    “මම දවල්ට එන්නම් එහෙනම් “
    “අනේ කරදර වෙන්න එපා අයියෙ”
    “මොන කරදරයක් ද පැටියො”
    මම තමුසෙගේ පැටියා උනේ කවද්ද .
    “මොකක්ද කිව්වෙ”
    ඉරේෂා ගෙ වෙනස ඉන්දික හඳුනා ගත්තේ ය.
    “හරි හරි මම් ගිහින් එන්නම් “
    යන්නට හැරී ඉන්දික ඉරේෂා ගේ හිස මත අත තැබුවේ ය.ඈ ගස්සා ඉවත බලා ගත්තේ මෙය ප්‍රශ්න ඇතිකර ගැනීමට සුදුසු ස්ථානයක් නොවන නිසාය .මේ හැමදේම කරන්නේ අම්මා ය.කලින් කියා ගිය විදියට ඉන්දික ගෙන්වා ගන්නට ඇත්තේ අම්මා විසිනි.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ආපහු ජොබ් කරන තැනට යන ගමන් ෆ්‍රෙන්ඩ්ස් බස් එකෙ.එල්ලිලා හිටියට තෑන්ක්ස් .දැං කොටන්න මාන්සියි බං .හෙට තව කොටහක් දාන්නම්.
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    ආපහු ජොබ් කරන තැනට යන ගමන් ෆ්‍රෙන්ඩ්ස් බස් එකෙ.එල්ලිලා හිටියට තෑන්ක්ස් .දැං කොටන්න මාන්සියි බං .හෙට තව කොටහක් දාන්නම්.
    :yes::yes::yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ආපහු ජොබ් කරන තැනට යන ගමන් ෆ්‍රෙන්ඩ්ස් බස් එකෙ.එල්ලිලා හිටියට තෑන්ක්ස් .දැං කොටන්න මාන්සියි බං .හෙට තව කොටහක් දාන්නම්.

    11.gif
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සපුමල් කවීශ දෙසට හැරුනේ මේ මොකාද කියා මූණේ ලියාගෙනය.කවීශ ත් වික්ශිප්තව සිටිනු දුටු විට සපුමල් සිද්ධිය තේරුම් ගත්තේය.
    “මිස් මේ විසිටර්ස්ල පොඩ්ඩක් අයින් කරමුද ?”
    “ආ හරි ඩොක්ට”
    “මිස්ට පොඩ්ඩක් එලියට යනවද?”
    “මිස් පොඩ්ඩක් ඉන්නකො මට ඩොක්ටර් එක්ක කතා කරන්න ඕන”
    ඉන්දික සිටි තැනින් ඉවතට නොයා සපුමල් දෙසට හැරුනේය.
    “ලෙඩාගෙ කන්ඩිෂන් එක මොකක් ද ඩොක්ටර් ඩිස්චාජ් කරන්න ප්ලෑන් එකක් තියෙනවද ?”
    යකෝ මුගෙ පණ්ඩිතකම කවීශ සිතුවේය .
    “සර් බලල තමයි ඩිසයිඩ් කරන්නෙ දැනට නම් පේෂ්න්ට් ස්ටේබල්”
    “ඕකේ නෑ මොනවත් ප්‍රොබ්ලම් එකක් තියේ නම් ප්‍රයිවට් එක්ක යන්න බැලුවෙ”
    ඉරේෂා ට කේන්ති ගියේ ඉන්දික ගේ හැසිරීම නිසාවෙනි.ඩොක්ට සපුමල් ගේ මුහුණ වෙනස් වනු ඉරේෂා හොඳ හැටි දුටුවාය.
    “ඒක ඔයාලගෙ ඩිසිෂන් එකක් අපි නම් තවම ඩිස්චාජ් කරන්න ප්ලෑන් කරල නෑ ..වුඩ් යූ එක්ස් කියුස් මී “
    “ඕකේ තෑන්ක්ස් “
    “ලොකූ මම ගිහින් එන්නම්” කියා ඉන්දික යන්නට ගියේය.
    “ඉරේෂටත් පුදුම නෑයොනෙ ඉන්නෙ අපි බලාගත්ත හොඳ මදිද?”
    “අනේ සොරි ඩොක්ටර් බොරු කයිවාරු කාරයෙක් එයා”
    ඉරේෂා බැගෑපත්ව කීවාය.
    “ඉට්ස් ඕකේ ..එහෙනම් උඹල කතා කරපල්ල මම තව ලෙඩෙක් බලල එන්නම් “කියා කවීශ ට කියු සපුමල් යන්නට හැරුනේය .
    කවීශ මල්ලීගේ මුහුණ අඳුරු ව ගොසිනි.අර ඉන්දික කල දේ ඔහු දකින්නට ඇත.ඉන්දික සිතාමතා ම එසේ කලා වන්නට පුලුවන .අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වූ හැටි.
    “තරහ ගිහින් නේද?” ඉරේෂා කවීශ මල්ලි ගේ මුහුණ ට එබුනාය .
    “නෑ...”
    කවීශ ඉවත බලාගෙන කීවේය.හිතේ ඇත්තටම ඇත්තේ ඊර්ෂ්‍යාව කි.ඇගේ හිස අතගා සනසන්නට ඔහුට ඇති අයිතිය කුමක් ද.
    “කවුද ඒ පණ්ඩිතයා ?”
    “ඒ අර ඉන්දික කියන බූරුවා..අනවශ්‍ය මිනිස්සුන් ගෙන් උදව් ගත්තාම ඔහොම වෙනව “
    “දැං කොහොමද අමාරු..වෙන කෙනෙක් ඔයාට ළං වෙනකොට ඉවසන් ඉන්න බෑ”
    “මම දන්නව පැටියො”
    ඉරේෂා කවීශ ගේ අත මෘදුව අල්ලා ගත්තාය.
    මදාරා කාර්‍යාල යට ගියේ කවීශ පැමිණ ඇත්දැයි සිතේ දෙගිඩියාවෙනි.ඊයේ කතා කල හැටියට හිත පෑරී ගියේය.මේ වෙනස් වීම පසුපස ඉන්නේ කෙල්ලෙක්ම විය යුතුය.දෙවන වරටත් තමා පරාද වී ඇති සෙයකි.හිතේ ආදරය තියාගෙන සිටියාට වඩා කෙලින්ම කීවානම් ඉවරය.දැන් හිත හදාගන්නට අමාරු වෙනකෙක් තමාට කලින් ඔහු දිනාගෙන ඇතැයි සිතන විටය.හෙට මාණ්ඩලික රැස්වීමට ඔහු අනිවාර්යයෙන් සහබාගී විය යුතුය.හෙට අල්ලගන්නම් කියා මදාරා තමාටම කියා ගත්තාය.
    “මිස්ට වීරසිංහ පොඩ්ඩක් මිස්ට කවීශ ට කෝල කරල බලන්න දැං අදත් ඇබ්සන්ට් මොනව වෙලාද කියල හෙට ප්‍රෝග්‍රස් රිපෝට් එකක් ඕන කියන්න එයාගෙ ප්‍රොජෙක්ට් එකේ”
    ආයේ කරදර කරන්නේ නෑ කියූ නිසා තමාට ඔහු ඇමතිය නොහැක.ඒත් ඉන්නේ කොහෙද කරන්නේ මොනවාදැයි කියා දැන ගන්නේ නැතිව ඉවසා සිටිය නොහැකිය .
    වීරසිංහ මදාරා ඉදිරියේ දීම කවීශ ඇමතුවේ ය.ඔහුට නොදැනෙන්නට මදාරා දුරකථන සංවාදය ට සවන් දුන්නාය.
    “හෙලෝ මිස්ට කවීශ “
    “යෙස් ස්පීකිං..කියන්න වීරසිංහ මහත්තයා ..”
    “කොහෙද ඉන්නෙ ..මැඩම් කීව හෙට බෝඩ් මීටින් එකට ප්‍රොග්‍රස් රීපෝට් එකක් දෙන්න කියල හෙට එනව නේද “
    “ඔව් හෙට එනව මම මේ ලෙඩෙක් බලන්න ඇවිත් ඉන්නෙ .තෑන්ක්ස් වීරසිංහ මම ලෑස්ති වෙලා එන්නම්”
    හෙට දිනයේ හෝ කවීශ හමුවන බව සිතා මදාරා හිත හදාගත්තාය.ලෙඩෙකු බලන්නට ගිය කතාවක් කීවද එය හරියට ඇසුනෙ නැත.
    දුරකථනය නාද වූ නිසා ඉරේෂා අක්කාගේ අත එක් අතකින් දරාගෙන කවීශ දුරකථනය ට පිළිතුරු දුන්නේය.ඒ දුක්බර පුවත අසා සිටි ඉරේෂා ට දුක සිතුනි.
    “හෙට එන්නෙ නැද්ද මාව බලන්න “
    ඔහු දුරකථනය තැබූ පසු ඉරේෂා විමසා සිටියේ තෙත දෑස් වලින් කවීශ දෙස බලමිනි.
    “හෙට යන්න වෙනව රත්තරං ..බෝඩ් මීටින් එක “
    “හම්ම් ..”
    “මම වැඩ ඇරිල එනව අක්කි බබාව බලන්න”
    කතාව නිම කරන්නට නොලැබුණේ විශේසඥවෛද්‍යවරයා පැමිණි නිසාවෙනි .
    “කොහොමද පුතා “
    “හොඳයි සර්”
    “මේ ෆැමිලි එකේ කෙනෙක්ද “
    “ඔව් සර් මම මැරි කරන්න ඉන්න කෙනා “
    කවීශ අසුනින් නැගිට කීවේය.
    “වී ට්‍ර්යිඩ් අවර් ලෙවල් බෙස්ට් ටු සේව් හර් වූම්බ් බට් වී හැඩ් ටු ටේක් ඉට් අවුට්”
    වෛද්‍යවරයා කවීශ ගේ පිටට තට්ටුවක් දැම්මේ ඔහු අස්වැසීමට මෙනි.
    “තෑන්ක් යූ සර් තෑන්ක්ස් අ ලොට්”
    “ක්ලිනිකලි ස්ටේබල් නේද සපුමල් ..අද හවසට වෝඩ් එකට දාල හෙට ඩිස්චාජ් කරන්න බලමු”
    වෛද්‍යවරයා කීවේ සපුමල් දෙසට හැරෙමිනි.
    හෙට ටිකට් කපනවා නම් ඈව නිවසට ඇරලවන්නට උවමනාය එහෙත් රාජකාරිය ට නොයා සිටීමටද නොහැකිය.කවීශ මැදි වූයේ උභතෝකෝටිකයකටය.
    “එහෙම උනොත් අක්කා ගෙදර යන්නෙ කොහොමද “
    “මම මොනව හරි ඇරේන්ජ් කරගන්නම් ජොබ් එකේ ප්‍රශ්න ඇති කරගන්න එපා මල්ලියො
    මේ තියෙන කරදර ඇතිනෙ අපට”
    “බලමු අක්කා මොනව හරි කරගන්න “
    කවීශ ඉරේෂා ට සමුදී පිටතට ආවේ හිතේ දුකිනි ඈව නිවසට ඇරලවන්නට යන්නට සැලසුම් කලේ පසුගිය දවසේමය.හෙටම ඇයව රෝහලින් නිදහස් කරාවි යැයි බලාපොරොත්තු වූයේ නැත.කල හැක්කේ යන්නට වාහනයක්වත් සූදානම් කරදීම පමණි .ඉරේෂා ගේ අම්මාත් ඉන්දික ත් කොරිඩෝවේ කතා කරමින් සිටිනු කවීශ ඈත සිටම දුටුවේය.ඉන්දික දකින විට හිතට එන්නේ කේන්තියකි .එනමුත් ඔහු හා පැටලීම ඉරේෂා අක්කාට හොඳ නැත.
    “කවුද නැන්දෙ අර කොල්ලෙක් හිටියෙ “
    “ඒ ලොකුගෙ යාලුවෙක් කියල තමා කිව්වෙ ඒත් මිනිහ ටිකක් ගානට වැඩි අපේ එකිත් දැනගන්න ඕන මිනිස්සුන්ව අතේ දුරින් ආස්සර කරන්න තේරුමක් නෑ ඕන එකෙක්ට රැවටෙනව”
    “මටත් තේරුනා ...මම කතා කරන්නම්කො මෑන්ස්ට”
    “ප්‍රශ්න ඇතිකරගන්න නම් එපා පුතා”
    කවීශ ඔවුන් අසල නතර වූයේ පණිවුඩය දීම යුතුකමෙකැයි සිතූ නිසාවෙනි.
    “හෙට අක්කව ඩිස්චාජ් කරනව කිව්ව හවසට වෝඩ් එකට දායි”
    කවීශ කීවේ අම්මා දෙස බලා ඉන්දික ගණනකට් නොගනිමිනි.
    “මම එස් අයි ඉන්දික මේ මිස්ට ..”
    “මම කවීශ බණ්ඩාර “
    “තෑන්ක්ස් අ ලොට් කරපු උදව් වලට ආයේ කරදර වෙන්න උවමනා නෑ නංගිව අපි බලාගන්නම්”
    “ඔව් බොහොම පිං කල උදව් වලට “
    “අක්කව එක්ක යන්න මම වාහනයක් ලෑස්ති කරල දෙන්නම් “
    “මම කීවනෙ මිස්ට කවීශ මගෙ වාහනේ තියෙනව අනික ඉරේෂා කියන්නෙ මගෙ අනාගත වයිෆ් ඔයා කරදර වෙන්න උවමනා නෑ වැඩත් ඇතිනෙ යන්න එහෙනම්”
    ඉන්දික ගේ කතාවට කවීශ ට තදින්ම කේන්ති ආවද කවීශ ආවේගය මැඩගෙන කතා කලේය.
    “හරි ප්‍රශ්න යක් නෑ “
    එතැනින් නික්ම ආවේ ඉන්දික ගේ මුහුණ සමතලා වෙන්නට පහරක් හිතින් එල්ල කරමිනි.ඉරේෂා අක්කා මගෙ තෝ වගේ ගෙවලයෙකුට එයාට ළං වෙන්නවත් මම තියන් නෑ බලා ගනින්.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    දහවල් වනතුරු නුවර නගරයේ එහෙ මෙහේ ඇවිද්දේ හිතේ කරදර ගතිය නිසාවෙනි .ඉරේෂා අක්කාගේ ජංගම දුරකථනය ඇත්තේ අම්මා අතේ නිසා එය ඇමතීමෙන් පලක් නැත.කෙටි පණිවුඩය ක් තැබුවත් එය ඉන්දික දුටුවහොත් ඉරේෂා අක්කාට ප්‍රශ්න ඇතිවිය හැකිය.ඉන්දික ගේ වදන් තවමත් දෙසවනේ ඇතුවා සේය.හිතේඇත්තේ පුපුරු ගසන වෛරයකි.බැරිම් තැන කවීශ පයින්ම ශ්‍රී දළදා මාලිගාවට ගියේය.පිවිසුම් මාර්ගයේ ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන වෙළඳ සලින් අවශ්‍ය කලමනා ගෙන කවීශ ඉහළ මාලයට පිය මැන්නේය.දළද සමිදු වන්දනා කොට කොතරම් වේලාවක් නිසොල්මනේ සිටියා දැයි දන්නේ නැත.හිතේ ඇති එකම පැතුම ඉරේෂා අක්කාගේ සුවපත් වීම පමණි .

    දොලොස් වන පරිච්ඡේදය
    කවීශ නිවසට ළඟා වූයේ රාත්‍රී යාමයේය.
    “කොහෙද කොල්ලො ගියේ ..”
    අම්මා ඇසූයේ ගෙට ගෙවදින විටමය.පොඩි පුතා මෙලෙසින් සිටිනවා කවරදාකවත් දැක නැත.මුහුණේ ඇත්තේ මලානික ගතියකි.
    “මොකුත් ප්‍රශ්නයක් ද පොඩී”
    කවීශ කිසිත් කීමට පෙරාතුව ම අම්මාගෙන් තවත් පැනයකි.
    “නෑ ඇඟට මහන්සියි අම්මා ඊයේ ගියපු පාරනෙ”
    අම්මා තවත් යමක් කීමට පෙර කවීශ කාමරයට ගියේය.අම්මාට මෙය පැවසිය නොහැකිය .ගැහැනියකගේ දුක් වේදනාවන් දන්නේ තවත් ගැහැනියක ම පමණි .ඇතැම් විට ඉරේෂා අක්කා පත්ව ඇති තත්ත්වය දැනගතහොත් අම්මා මහත් සේ කම්පා වනු ඇත.තමාත් අයියාවත් ආදරෙන් ලොකු මහත් කල අම්මාට දරුවකුගේ වටිනාකම ගැනත් මාතෘත්වය ගැනත් අමුතුවෙන් මතක් කර දීම අනවශ්‍ය ය.එහෙත් මේ ඒ සඳහා වෙලාව නොවෙතැයි කවීශ සිතුවේය .පාන්දර ජාමය වනතුරු ඇහැරගෙන සිටියත් ප්‍රගති සමාලෝචනය නිම කරගන්න්ට ලැබුණේ නැත.දහවල් රෝහලින් පිටව ආවායින් පසුව ඉරේෂා අක්කාගෙන් තොරතුරක් නැත සවස ගත් දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නේ ඇගේ මවය ඒ වන විට වාට්ටුවට මාරු කළබව කීවත් ඈ ඉරේෂා ට කතා කරන්නට අවස්ථාව ක් දුන්නේ නැත.
    පසුවදා අවදි වූයේ ගතේ මෙන්ම සිතේද වෙහෙස දරාගෙනය.සිතුවාට වඩා ප්‍රමාද වූ නිසා කඩිමුඩියේ සූදානම් වූ කවීශ කාර්‍යාල ය බලා රිය පැදවූයේ කලබලයෙනි.කිසිම දාක ප්‍රමාද වී සේවයට නොගිය කවීශ එදා කාර්‍යාලයට යනවිට නියමිත වෙලාව පැය භාගයකින් ප්‍රමාද වීය.
    මදාරා අලුතින් ම ගත් හෑන්ඩ්ලූම් සාරිය හැඳ හැඩබැලුවාය.අම්මා පළඳින පරිදි නව හවඩියක්ද මිලට ගත්තේ ඇඳුමේ වටිනාකම වැඩි කර ගැනීමටය.මේ ඇඳුම මුලින්ම ඇන්දේ කවීශ නිසාය.පැරණි සිදුවීම් පෙල සිනමාවක් සේ සිතේ ඇඳී ගියේ නිතැතිනි .මුලින් තිබුණේ වෛරයක් වුවත් පසුව එය ආදරය කට පෙරලුනේ ඔහුගේ සිත උදුරාගන්නට සමත් පෞරුෂයත් ගති පැවතුම් නිසාය .ඒ ආදරය හිතේම මියදෙන්නට ඉඩදී බලා සිටිය යුතු නැත.කවීශ කැමති විදියට යාන්තමින් මේකප් එකක් දමාගත් මදාරා පිටත්ව ආවේ කවීශ දැක ගැනීමේ නොතිත් ආශාවෙනි .
    කාර්‍යාල යට විත් පැය භාගයක් ඉක්ම වූවත් ඔහු එන ලකුණක් නැත.අදත් එන් නැද්ද එතකොට.කලබලයෙන් දිවඑන කවීශ දුටුවේ එවිටය.දෑස් ඉදිමී මුහුණ කලුතලා වී ගොසිනි.වරදකාරී බවක් ඒ දෑස තුළ පෙනේ.වෙනදා ඉතා පිළිවෙලට අඳින පළඳින ඔහු අද කමිසය වත් හරි හැටි මැද නැත.අතරින් පතර වැවුනු රැවුල නිසා මුහුණේ ආලෝකයක් නැත.මේ හැම දෙයක්ම සාක්ෂි දරන්නේ ඔහු මොනවා හෝ ප්‍රශ්නයකට මැදිව ඇතිවගට බව මදාරා තනිව සිතුවාය .
    මාණ්ඩලික රැස්වීමට තව පැයක පමණ කාලයක් ඇති නිසා කවීශ තම වාර්තාවේ ඉතිරි කොට්ස සම්පූර්ණ කිරීමට සිතා තම පෙන් ඩ්‍රයිව් එක කාර්‍යාල කම්පුටරයට සම්බන්ධ කලේය.දෙලොව රත් වූයේ එය සම්පූර්ණයෙන් ම හිස්බව දැකගත් විටය.උදේ කලබලය නිසා කොපි කරගන්න බැරි වෙලා.මේ මාණ්ඩලික රැස්වීමට තම ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරන්නට පෙරුම් පිරුවේ සති ගනණාවක සිටන්‍ ය.කරන්නට යන හැම කටයුත්තක්ම අසාර්ථක වන්නේ කුමන කරුණක් නිසාදැයි ඔහු තමාගෙන්ම ඇසුවේය.දැන් වෙනත් විසඳුමක් නැත.කවීශ අසුනින් නැගිට්ටේ හිතේ සැලසුමක් ඇතිවය.
    දහවල් වන්නට ගතේ සවිය සෙමෙන් ලැබුණත් හිතට නම් නිදහසක් නැති වග ඉරේෂා සිතුවාය .කවීශ මල්ලී පිටත්ව ගියේ දහවලට එන බව පවසා උනත් සවස් යාමයේ වත් ඔහු ආවේ නැත.මේවා හිතේ තියන් ඉන්නවාට වඩා විමසා බලා නිරාවරණය කර ගැනීම වඩා වටිනේය.
    “කෝ අම්මා කවීශ මල්ලි දවල් ආවෙත් නෑ අඳ එන්ව කියල කීවත් එක්ක”
    “ආ ඒ ළමය වැඩ තියේ කියලා යනවයි කිව්ව”
    පැවසුවේ මුසාවක් වුවත් ඒ ලොක්කී ගේම හොඳටය.
    අම්මා කී දෙය එක එල්ලේ පිළිගැනීමට නොහැකිය.මට බොරු කියා යන්නට හේතුවක් නැත.
    “කෝ මගේ ෆෝන් එක දෙන්න “
    “ආ ඇයි ඒකෙ බැට්‍රි බැහැල කියල චාජ් කරන්න කීවෙ මම ඒක දාල ආව”
    තමා හිතා මතා එසේ කල බව ලොක්කී නොසිතනු ඇත.
    “අයියෝ මොනවද අම්මා “
    “ඇයි ඒ බඩකඩුත්තුව නැතුව නින්ද යන් නැද්ද ?”
    “මට උවමනා කෝල් එකක් ගන්න වත් විදියක් නෑ”
    “උවමනා කෝල් එක මම දන්නව.මේ ලොක්කි මෝඩ වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා.කලිනුත් තමං හොයාගත්තු එකක් නිසා විඳෙව්වනෙ දැං අපි කියන දේත් අහනව පොඩ්ඩක් අපට ගින්දර දෙන්නෙ නැතිව”
    ඉරේෂා ගේ හදවත පිච්චී ගියේ අම්මාගේ ගර්ජනාවටය.අම්මලාට කරදර පැමිණවීමේ උවමනාවක් නැත.මෙලොව කොතෙකුත් සිටින්නේ දරුවන් නමින් දුක් විඳින දෙමාපියන්‍ ය.දෑස නැගි කඳුලට ඈ ඔහේ ගලායන්නට ඉඩ හැරියා ය.
    කවීශ කෙලින්ම ගියේ මදාරා ගේ කුටියට ය.මදාරා ඔහු නැගිට එනු දුටුවත් නොදුටුවා සේ තම කාර්‍යයේ නියුතුව සිටියාය .
    “ගුඩ් මෝර්නිං මැඩම්”
    “ගුඩ් මෝර්නිං කවීශ ටේක් අ සිට්”
    “පොඩි ප්‍රශ්න යක් තියෙනව මැඩම්..මට ප්‍රසන්ටේෂන් එක කොපි කරගෙන එන්න බැරි වෙලා”
    “ඒ උනාට ඔයාට ප්‍රසන්ට් කරන්න පුලුවන්නෙ කවීශ “
    කවීශ මෙලෙසින් අසරණව සිටිනු කවදාවත් දැක නැත.
    “අයෑම් නොට් වෙල් ප්‍රිපෙයාඩ් මෑම්”
    කවීශ කීවේ බෑ කියන්න බැරි කමටය.විධායක ශ්‍රේණි නිළධාරීන් ඉදිරියේ මොනවා හෝ කියා අතැර දැමිය නොහැකිය .පරාජිත හැඟීම් යටපත් කරගන්නට බැරිව කවීශ ලතැවුණේය.
    “ඉට්ස් ඕකේ කවීශ ..අයි හෑව් නෙවෙර් සීන් යූ ලයික් දිස් වට්ස් රෝන්ග් විත් යූ..මට කියන්න බැරි දෙයක්ද ?”
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    තෑන්ක්ස් මැඩම් ඇහුවට මගෙ පෞද්ගලික ප්‍රශ්න යක්..ඒක..”
    දුරකථනය නාද වූ නිසා කවීශ කතාව නවතා එය සාක්කුවෙන් එලියට ගෙන බැලුවේය .
    “එක්ස් කියුස් මී මැඩම් අයි හෑව් ටු ටේක් දිස්”
    රැය පහන් වූයේ හිත පිරුණු දුකිනි.කවීශ මල්ලීට පණිවුඩයක් දී ගැනීමට මගක් නැත.අම්මා ළඟ නතර වූ නිසා වෙන කෙනෙකුගේ උදව්වක් ගැනීමට වත් තිබූ අවස්තාව මග හැරී ගියේය.අම්මාත් ඉන්නේ උරණ වූ සිතිනි.කෙස්නෙකුට ආදරයක් බලෙන් ඇතිකල නොහැක.එයද හිතේ ජනිතව හිතේ මියෙන හැඟීමක් පමණි .ඉන්දික ට අකැමැති වූයේ හේතු සහිතවය.ඔහුගේ සල්ලාල ජීවිතය ටත් රලු පරලු ගතියටත් මුල සිටම තිබුණේ නොකැමැත්තකි.එහෙව් මිනිසාට ළං වෙන්නට කියා බල කිරීම කෙතරම් අසාධාරණයක් ද.උදෑසන විශේසඥවෛද්‍යවරයා සඳහන් කලේ හවස් වරුවේ ගැටලුවක් නැත්නම් ටිකට් කැපිය හැකි බවකි.අද දවසේ වැඩ ගොඩක් ඇති වග කවීශ මල්ලී කීවා මතකය.අම්මා වාට්ටුවෙන් පිටතට ගිය ඇසිල්ලේ ඈ කවීශ මල්ලි ඇමතීමට මගක් සෙව්වාය.අම්මාගේ අත්බෑගය ඇවිස්සුවේ ඇගේ ජංගම දුරකථනය සොයා ගැනීමටය .අම්මාගේ බෑගය තුළ තිබී ඈට ඇගේ දුරකථනය ද හමුවූ විට හිතට ඇතිවූයේ කලකිරීමකි.රැය පුරාම ලතැවෙමින් සිටියේ සන්නිවේදන මගක් නොවූ නිසාවෙනි .අම්මා තමාට බොරු කියා දුරකථනය සඟවාගෙන සිටියේ තමාව කාගෙන් බේරාගන්නට ද.වයස දහ අට ඉක්මවූ පසු ශ්‍රීලංකාවේ නීතිය ට අනුව තම ජීවිතය පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය අදාල පුද්ගලයාට ලැබුනත් සංස්කෘතික රාමූන් තුළ මිනිසාගේ නිදහස සීමාවීම වළකාලිය නොහැක .
    කවීශ මල්ලීගේ දුරකථනය නාද වුවත් ඔහු පිළිතුරු දෙන්නට ප්‍රමාද වනවිට ඇගේ සිත බිඳී ගියාය.
    කවීශ මදාරා ගේ කුටියෙන් පිටතට ආවේ අඩියට දෙකටය.
    “අනේ මල්ලි පැටියෝ”
    ඈට හැඬුම නවතා ගන්නට බැරි වූවාය.
    “කොහොමද අක්කා ඔයාට වාට්ටුවට දැම්ම ද?”
    “ඔව් මල්ලියො මම ඔයා එයි කියල බලන් හිටියා වැඩ කියල ගියා කියල අම්මා කීව “
    “නෑ අක්කා අම්මල මාව ඔතනින් කට් කරන්න ගහපු ප්ලෑන් එකක් අර ඉන්දික කියන එකා අම්ම ඉස්සරහම කිව්ව ඔයාව බඳින්න ඉන්නෙ මට කරදර වෙන්න එපා කියල”
    “අනේ දෙයියනේ අපේ අම්මට මොන පිස්සුවක් වැහිලද දන්නෙ නෑ මල්ලියො..මගෙ තුන් හිතකවත් ඒ මිනිහ ගැන හැඟීමක් නෑ”
    “මම දන්නව බයේ හිටියෙ ඊයෙ ඉඳන් තොරතුරක් නැතුවම ගත්ත කෝල්ස් අම්මා තමා ආන්සර් කලේ මට හිතුන ඔයා ළඟ ඉඳගනම මට කතා කරන්න දෙන්නෙ නෑ කියල”
    “අනේ සොරි රත්තරනේ අම්මා ඔය වගේ දේවල් කරයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ..අම්මා දන්නෙ නෑ ඉන්දික ගැන ඒකයි ඔය..මේ කෝල් කලෙත් අම්මා එලියට ගිය වෙලාවෙ..හවසට ඩිස්චාජ් කරනව කිව්ව මාව සර් ආව උදේ”
    “ඔයාව ගෙදර ඇරලවන්න එන්න විදියක් නෑ නෙ ෂික්..මාත් මොන මනුස්සයෙක් ද මන්ද “
    “අනේ එහෙම කියන්න එපා ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම මනුස්සයා..මම මෙහෙන් වාහනයක් අරන් යන්නම් ..ඔෆිස් එකේ වැඩ මොකෝ”
    “මෙච්චර වෙලා නම් අවුල් වෙලා තිබ්බෙ දැන් හරියයි ..ප්‍රසන්ටේෂන් එකක් තියේ පෙන් එක දාල ඇවිත් කලබලේට “
    “අනේ මගෙ පිස්සො..හොඳට කරන්න වැඩ ටික මම පුලුවන් වෙලාවට ගන්නම් අම්මා එනව ඇති ..බුදු සරණයි !”
    “අරවා එකක්..”
    “මෙතන බෑනෙ “ ඈ ලැජ්ජාවෙන් රහසින් මෙන් කීවාය.
    දුරකථනය තැබූ පසු හාදු පිරවූ කෙටි පණිවිඩයක් ඔහු වෙනුවෙන් තැබුවාය.
    හිතට ගතට නව පණක් ලද්දා සේ දැනේ.හිත් දවා හලු කරන ආදරය ම හිත් පිනවා පහන් කරන හැටි පුදුමාකාරය .කවීශ නැවතත් මදාරා සොයා ගියේ ය.
    “මම ප්‍රසන්ටේෂන් එක කරන්නම් මැඩම්”
    “නව් යූ කැන් “
    මදාරා ඇසුවේ සිනාවෙමිනි.
    කවීශ සිනාවකින්ම ඈට පිළිතුරු දී පිට ව ආවේය.
    මොහොතකට පෙර පරාජිතයකු සේ මලානිකව සිටි කෙනා දැන් ඉන්නේ සතුටින් ඉපිලෙමිනි .ඔහු සිනාවෙන් සිටීම හොඳ දෙයක් වුවත් ඒ සිනාව පිටුපස ඇති කරුණ නම් බොහෝවිට තමාගෙ නරකට සිටිනු ඇත.ඒ කවුදැයි කෙසේ හෝ සොයා ගත යුතුමය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මදාරා කවීශ ගේ නිවසට දුරකථන ඇමතුමක් ගත්තේ අරමුණක් ඇතුවය.
    “හෙලෝ අම්මා මම මදාරා මතකද දන්නෙ නෑ”
    “මොකද අමතක දරුවො කොහොමද ඉතිං”
    “හොඳින් ඉන්නව අම්මා ..ම්ම්ම් මම මේ ගත්තේ කවීශ ගැන විස්තරයක් අහන්න “
    වැඩ කරන තැන ප්‍රශ්නයක් වෙන්න ඇති .මම හිතුවා බිල්ලා වගේ කරබාගෙන ඉන්න කොට අම්මා සිතුවාය.
    “කියන්න දුව පුතා මොනව හරි ප්‍රශ්නයක් දාගෙනද “
    “අනේ මෙහේ නම් ප්‍රශ්න නෑ අම්මා ඒත් කවීශ මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නව වගේ පේන නිසා කතා කරේ.වැඩත් අවුල් කරගෙන මේ ටිකේ.මට මේව අදාලත් නෑ ඒත් හොඳ ට හිටිය කෙනාට මොකද උනේ කියල බැලුවෙ”
    එහෙත් නැති මෙහෙත් නැති ප්‍රශ්න මොනවද එයාට .අම්මා සිතුවාය.
    “දැනුවත්ව නම් එයාට ප්‍රශ්නයක් නෑ දරුවො..අනේ මන්දා මොකුත් ඇහුවට කියන්නෙත් නෑ”
    “එයාගෙ යාලුවෙක් අසනීප වෙලා කිව්වා ඒ නිසාද දන් නෑ..කවුද ඉෂාරා වගේ නමක්”
    මදාරා තුරුම්පුව ඇද බැලුවාය.කවීශ ට දුරකථන ඇමතුම ආවෙලේ තිරය මත සටහන් වූ නම දුටුවේ යන්තමිනි.ඒත් සියුම් හෝඩුවාවක් හෝ මගහැර යා යුතුනැත.
    “ඉෂාරා කියල කෙනෙක් නම්..ම්ම්ම් ..මෙයාගෙ නෑනගෙ යාලුවෙක් නම් හිටිය ඔය වගේ නමක් තියෙන..ඉරේෂා මම හිතන්නෙ ඒ ලමයට මොනව වෙලාද..”
    “හරි හරි අම්මා අපි දන්නෙ නැති කෙනෙක් වෙන්න ඇති.මමත් විස්තරයක් දන්නෙ නෑ.අර හොරාට කියන්න එපා මම කතා කලා කියල අපි හොයාගමුකො අම්මා.මම තියන්නම් එහෙනම්.බුදු සරණයි !”
    අම්මා දුරකථනය තැබුවේ හිතේ ප්‍රශ්න ගොන්නක් දරාගෙනය.මදාරා කතා බස් කරන ආකාරයෙන් පෙනෙන්නේ ඈ පොඩි කෙරේ උනන්දු බවකි.මේ හදිස්සියේ තම සේවකයකු ගැන සොයා බැලීමට ආයතන ප්‍රධානියෙකුට විශේෂ හේතුවක් තිබිය යුතුය.ඈ තමා රැවටීමට හැදුවත් එසේ කරන්නේ පුතා කෙරේ ඇති හැඟීම නිසාවෙනි .මදාරා නිකම්ම පොඩී ගැන සිතනවා විය නොහැක අපේ එකත් බලාපොරොත්තු දෙන්න ඇති.
    “මොකද ඒයි අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නෙ”
    අප්පච්චිගේ වදනින් අම්මා තිගැස්සී ගියා ය.
    “නෑ මේ අර මදාරා කතා කලා “
    “මොන මදාරෙක්ද “
    “අර පොඩීගෙ බොස් ..මෙහෙ ආවෙ හෙම”
    “ඉතිං”
    “මට හිතෙන්නෙ එය අපේ එක්කෙනා ගැන හිතාගෙන ඉන්නවද කොහෙද .කොල්ල ප්‍රශ්නෙකින් වගේ ඉන්නෙ මොකද අහනව”
    “ඔයාටත් පිස්සු ඔය ඉද්දමල්ගොඩලා උපතින්ම සල්ලි කාරයෝ එහෙව් මිනිස්සු මේ මැද පංතියේ මිනිස්සු එක්ක පෑහෙන්නෙ නෑ..කොල්ලගෙ ඔලුවට හෙම දානව නෙවේ ඔය විකාර..මොකෙක් හරි කමක් නෑ පොලොවෙ පයගහල ඉන්න එකියක් ගෙනාවොත් ඇති”
    “සල්ලිකාරයො කියල වෙනසක් නෑ අර අපූරුව්‍ට මේ ගෙදර ඇවිත් කතා බහ කරල ගියෙ මට අම්මෙ කියල කතාකරන්නෙ නිහතමානීකමට”
    “අපොයි ..මට නම් අංකල් කියන්නෙ”
    “ආ ඒකනෙ මෙයාට රිදිල තියෙන්නෙ”
    එතරම් අපහසුවක් සවස් වන විට නොදැනුණු නිසා ඉරේෂා ව වාට්ටුවෙන් නිදහස් කරන ලැබුවත් අවශ්‍ය බේත් ආදිය ලබාගෙන අවසන් වනවිට සවස හය පසුවී ගොසිනි.කවීශ මල්ලීගෙ මාමාට මුදල් ගෙවා එතැනට ගෙන්වාගත් වාහනයකින් නිවස බලා යන්නට ඉරේෂා සැලසුම් කලාය.මොනවා කරන්නටත් අතේ ඇත්තේ සුලු මුදලක් නිසා පරිස්සමෙන් වියදම් කිරීමට ඉරේෂා උත්සුක වූවාය.අප්පච්චිත් පැමිණ සිටීම හිතට සවියකි.රෑ වුවද වාහනයක් සොයා ගැනීමට අපහසු වන්නේ නැත.ඉරේෂා වාට්ටුවේ සිට රෝද පුටුවෙන් ආ ඉරේෂා සෙමෙන් පා තබා පිටවුම් දොරටුව දෙසට ආවේ අම්මාගේ වාරුවෙනි.
    “අප්පච්චි අපි වාහනයක් කතා කරගමුද”
    “එහෙම කරමු ලොක්කි මම බලල එන්නම් ළඟ වෑන් කාරයෙක් හිටියා මම දැක්ක”
    “මොන එහෙකට ඔය පිට වාහන වල යනවද අර පුතා දැං එනව ඇති”
    “මොන පුතාද?”
    අප්පච්චි ඇසුවේ ඉරේෂා ගේත් අම්මාගේත් මුහුණ මාරුවෙන් මාරුවට බලමිනි.අම්මා කිසිත් පවසන්නට පෙර වේගයෙන් ආ වෑන් රතයක් ඔවුන් අසල නතර විය.
    “මම පරක්කු උනාද නැන්දෙ “
    “මොන පරක්කුවක්ද අපි මේ එළියට බැස්සා විතරයි”
    වෑන් රතයේ ඉදිරිපස අසුනේ ඉන්දික සිටියේය.අම්මා කිසි දෙයක් අහන්නෙ බලන්නේ නැතිව කරන දේ නිසා අපහසුතාවයට පත් වන්නේ තමන්‍ ය.හිතේ නලියන කෝපය ඈ පිටතට නොපෙන්වා සිටින්නට වෙර දැරුවාය.ඉන්දික ගේ වාහනයේ ගෙදර යන බව කවීශ මල්ලීට පැවසිය නොහැක .කල හැක්කක් නොමැති නිසා ඉරේෂා වෑන් රතයේ අසුන් ගත්තාය .