සිහිනයකි ජීවිතේ (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    දහතුන්වන පරිච්ඡේදය
    වාහනය වේගයෙන් ඉදිරියට ඇදේ .ඉරේෂා කවුලුවෙන් පිටත බලා සිටියා විනා කාත් සමගවත් කතාවට නොගියාය.අම්මා හා අප්පච්චි පසුපස අසුනේ හිඳ මොනවාදෝ මුමුණන හඬ ඇසුනත් ඈ නෑසුනා සේ සිටියාය.ඉන්දික උදව්වට ආවේ හිතේ තව අරමුණක් ද ඇතිවය.පෙරදා අප්පච්චි බේරා ගැනීමට ඔහුට කතා කිරීමෙන් කරගත්තේ මෝඩකමකි.එදා ඇතිවූ භය නිසා ඒ තීරණය ගත්තද ඉරේෂා අද ඒගැන දහස් වර පසුතැවුනාය .දුකට කාරනාව නම් අම්මාත් දැන් ඉන්දිකගේ පැත්ත ගැනීමය.දරුවකු ජාතක කරන්නට පින් නැති තමා දීගයක දීමට නොලැබෙතැයි ඈ දුක් වනවා ඇත.වැලේ ගෙඩි වැලට බර නැතැයි කීවද දැන් තමා පවුලට බරකි.කඳුළු ආවේ එලෙස සිතුණු නිසාවෙනි.
    ඉන්දික ට ඉරේෂා ළඟින් වාඩි වී යාමට උවමනා වුවත් මාමා සිටි නිසා මදක් පසුබැස්සේය.දිනක් වෙන එකියක සමඟ සිටියදී මාමාගේ අතට අසුවූවා මතකය.බෝතලයක් හෝ ගෙනවිත් දී ඔහුද දිනාගත යුතුය.
    “කොහොමද නංගි අමාරුවක් නෑ නේද”
    ඉරේෂා කිසිත් නොකියා නෑසුනා සේ උන්නාය.අම්මා පසු පස සිට ඇඟිල්ලෙන් ඇන්නේ ඈ සිතාමතා ඔහු මගහරින්නට වෙරදරන වග දන්නා නිසාය.අප්පච්චි මේ කාරනාව ට කැමති කරවාගන්නා හැටි තමා දන්නේය.හරි හමන් හේතුවක් නැතිව ඉන්දික ප්‍රතික්ෂේප කරන්නට ඉඩදිය යුතු නැත.
    “අර ඉන්දික පුතා මොනවද අහනව?”
    “ඉතිං අහගන්න කියන්න..අම්මාගෙත් විකාර වැඩ”
    ඉරේෂා ඉන්දික ට නෑසෙන සේ පසුපස බලා කීවේ හිතේ කේන්තිය උත්සන්න වූ නිසාය.
    “ලොක්කි උඹ ගානට වැඩියි..මෙච්චර උදව් කරන මනුස්සයා එක්ක වචනයක් කතා කලා කියල ඇගෙන් ඇටයක් යන් නෑනෙ.අනික ඔය හිතේ තියන ඒවම කෙරෙයි කියල හිතන්න එපා”
    අම්මා මේ ලෙසින් කතාකරතැයි ඈ නොසිතුවාය.අප්පච්චි ට දුක හිතුනේ ඉරේෂා ඉකිලන විටය.
    “මේ කෙල්ලට පාඩුවෙ ඉන්න දෙනව ..ලෙඩා දුකා වෙච්චි එකීට වද දෙන්න හදනව”
    අප්පච්චි අම්මාට කිව්වේ ඇස් රවා ගෙනය.
    “ඇයි නැන්දෙ මොකද ප්‍රශ්නෙ”
    ඉරේෂා හඬා වැටෙනු දුටු ඉන්දික ඇසුවේය .
    “නෑ මේ දුවගෙ බඩ පොඩ්ඩක් රිදෙන්න අරන්”
    “වාහනෙ නවත්තන්න ද?”
    “නෑ නෑ මට අමාරුවක් නෑ යමු ඔහොම”
    ඉරේෂා කියවාගෙන ගියාය.
    කවීශ අපහසුවකින් තොරවම තම ඉදිරිපත් කිරීම කල අතර කලින් සූදානම් නොවූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.මදාරා දිගින් දිගටම පසුවූයේ සිතේ කුහුලෙනි.කවුද මේ ඉරේෂා ..මාණ්ඩලික රැස්වීම සාර්ථක ව අවසන් වූ පසු කවීශ ට මදාරා ගෙන් කැඳවීමක් ලැබිණි .
    “වෙල් ඩන් කවීශ .. දැට් වොස් අ ග්‍රේට් ප්‍රසන්ටේෂන් ,අන්ප්‍රිපෙයාඩ් බවක් නම් තිබ්බෙ නෑ..”
    “තෑන්ක්ස් මැඩම් ..මම කලින් ඉදන්ම මේකට රෙඩි වෙලා හිටියෙ ඒත් සොෆ්ට් කොපි එකයි හරිම ස්ටැටික්ටික්ස් නෑ කියල දැක්කම එක්සයිට් උනා “
    “එහෙමද නැත්තම් අර කෝල් එකෙන් පස්සෙ මොනව හරි උනා ද..”
    “හිතේ ප්‍රශ්නයක් තිබුණා ඒක විසදුනා “
    “කවුද යාලුවෙක් බලන්න හොස්පිටල් ගියා කියල මිස්ට.වීරසිංහ කිව්වා එයාට හොඳද දැන්..සොරි මම නිකමට ඇහුවෙ පර්සනල් දෙයක්නම් මට කියන්න එපා”
    “ඉට්ස් ඕකේ මැඩම් .. ගර්ල්ව හොස්පිටල් නතර කරල හිටියා දැන් හොඳයි “
    එම වදන් දෙසවන විදගෙන හදවතට ඇතුලුවුවා සේ මදාරා ට දැනුණි ..ගර්ල් ..කලින් නොසිටි ග්‍රර්ල් කෙනෙක් මතුවූයේ කොහෙන්ද..උගුර සිරවී යනවා සේ දැනේ මීළගට එන්නේ කඳුළු ය .කවීශ ට ඒ බවක් නොපෙන්වා සිටීමට ඈ වෙර දැරුවාය.
    “ඕකේ යූ කැන් ලීව්”
    මදාරා ගේ වෙනස කවීශ හඳුනාගත්තත් කිසිත් නොකියාම ඔහු නැගිට ආවේය.ඈ තමා කෙරේ හැඟීමක් දරා සිටි බව නොරහසකි .එහෙත් තමාගේ සිත තුළ කිසිදා එවන් අදහසක් පහළ වී නොමැත.දැන්වත් ඈ තමා කෙරේ බලාපොරොත්තු තබා නොගනීවි.හැමදේම වෙන්නේ හොඳටය.

    ඉරේෂා කිසිත් නොකාම නින්දට වැටුනේ ගතේ තෙහෙට්ටුවත් හිතේ වේදනාවත් නිසාවෙනි .කවීශ මල්ලී ට කෙටි පණිවිඩයක් තැබුවේ නිවසට ආ බව පවසමිනි.අම්මා අප්පච්චි සහ ඉන්දික සාලයේ කතාබස් කරමින් සිටිනු ඇසේ.තිදෙනා එක්ව මගේ ආදරය බිඳින්න කුමන්ත්‍රණ කරනව ඇති.ජීවිතේ මේ යැයි කියා සතුටක් ලැබුණේ කවීශ මල්ලීගේ ආදරය නිසාවෙනි .ඔහුගේ උණුසුම් පිරිමි හිත ළඟ මියෙනා තුරු හිඳින්නට පැතුමක් ඇත.ඔහු සමීපයේ ඉන්නා විට හිතට දැනෙන්නේ තමා ආරක්ෂිත බවකි.ගැහැනියක ට ජීවිතේ අවශ්‍ය ආදරයත් ආරක්ෂාවත් නොවේද.
    “ඉන්දික පුතා තාමත් අපේ දුව ගැන හිතාගෙන ඉන්නව ද?”
    අම්මා අසන්නෙ ඉන්දික ට තේ කෝප්පයක් පිළිගන්වන ගමන්‍ ය.
    “ඒකේ වෙනසක් නෑ නැන්දෙ නංගි කැමතිනම් මම හෙට උනත් කැමතියි කැන්දන් යන්න”
    අප්පච්චි කතාවට සවන් යොමාගෙන සාලයේ උලුවස්සට හේත්තු වී ඈත බලා සිටියේය.විවාහය යනු හොඳින් සිතා බලා ගත යුතු තීරණයකි.බටහිර රටවල මෙන් නොව ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික රාමුව තුළ විවාහය යනු ගැහැනියකගේ අනාගත ජීවිතය ම තීරණය කරන සාධක යකි.බැන්දායින් පසුව පිරිමි හදාගන්නවා යැයි සිතීම විහිලුව කි.සුරාවත් ,වෛශ්‍යාවත් ,සූදුවත් පිරිහීමේ දොරටුය.මේ කෙසේ වෙතත් කවා පොවා උස් මහත් කල පලියට දරුවන්ගේ ජීවිත අරභයා තීරණ ගැනීමට දෙමාපියනට තනි අයිතියක් පවරා නැත.
    “මේ කලබලේ ඕවට ඉක්මන් වෙන්න ඕනෙ නෑ ලොකූ සනීප වෙනකල් පොඩ්ඩක් ඉම්මු අපි”
    අප්පච්චි හඬ අවදිකලේ බොහෝ වේලා කල්පනා කිරීමෙන් පසුවය.තමා හා සාඛච්ඡා නොකරම තම බිරිඳ තීන්දු තීරණ ගැනීමත් වැරදිය.
    “එහෙම හදිස්සියක් නෑ මාමෙ..කලින් වතාවෙත් ඉතිං නංගිගෙ අකමැත්ත නෙ තිබුණේ “
    “අපි බලමුකො “
    අම්මාගේ දෑසේ ඇත්තේ බලාපොරොත්තුවකි .
    මදාරා නියමිත වේලාවටත් කලින් කාර්‍යාල යෙන් පිටව ආවේ තවත් එතැන රැඳෙන්නට තරම් මානසිකත්වයකින් නොසිටි නිසාය.අම්මා බලන්නට ගිය දවසෙ කිව්වේ පෙම්වතියක් නැතැයි කියාය..එච්චර ඉක්මනට කවුරුත් හොයාගත්තෙ කොහොමද ..හිතේ පිරෙන්නේ නම නොදත් ඈ පිළිබඳව ඊර්ෂ්‍යාවකි.නිවසට ගියේ නිදාගන්නට සිතා වුවත් නිදිමතක් අහලකවත් නැත.ඩැඩීලාත් නිවසේ නැති නිසා මුලු නිවසම පාලුවට ගොසිනි.ඈ පියාගේ පෞද්ගලික රටබීම එකතුවෙන් බෝතලයක් ගෙන තම කාමරය වෙත ගියාය.
    කවීශ වැඩ නිමවී නිවසට ආවේ හවස් යාමයේය .අතපසු වූ රාජකාරි කීපයක්ම තිබුණු නිසා ඒවා එකලාසයක් කර එන්නට සිදුවිය.ඉරේෂා අක්කා ගෙදර ගොස් ඇතත් ඈව ඇමතීමට නොහැකි වග කියා ඇති නිසා කෙටි පණිවුඩයකින්ම ඈට පිළිතුරු තැබුවේය.ඊට පිළිතුරු නොලද නිසා ඈ නින්දේ ඇතැයි කවීශ සිතුවේය .ඇඳට වැටි මොහොතේම නින්ද ගියේ ගතේ වෙහෙස නිසාමය.
    දුරකථනය නාද වූ නිසා නින්දෙන් අවදි වූයේ ඉරේෂා අක්කා යැයි සිතාගෙනය .වේලාව මධ්‍යම රාත්‍රීය ඉක්මවා ඇත.
    “හෙලෝ කවීශ ..”
    මදාරා ගේ හඬ කවීශ හඳුනාගත්තත් එහි වෙනසක් ඇත.
    “යෙස් මෑම්..”
    “අයෑම් සොරි කවීශ ..අයෑම් රියලි වෙරි සොරි අයි කාන්ට් හෙල්ප් මයි සෙල්ෆ්..”
    “වට්ස් රොන්ග් ආ යූ ඩ්‍ර්න්ක්”
    “අයි හැඩ් අ ලිට්ල් ඊස් ඉට් ටෘ දැට් යූ ආ ඉන් අ රිලේෂ්න්ශිප්..යූ හැව් අ ගර්ල් ෆ්‍රෙන්ඩ් “
    “යෙස් අයි ඈම්..”
    “වයි ආයූ ඩුඉන්ග් දිස් ටු මී කවීශ ..”
    මදාරා හඬාවැටෙන හඬ කවීශ ට ඇසුනත් කුමක් කියන්නදැයි සිතාගත නොහොකිව මදක් සිටියේ ය.
    “අයි ලව් යූ කවීශ ..අයි ලව් යූ අ ලොට්..ඩෝන් යූ එවර් ලව් මී ..ප්ලීස් ටෙල් යෙස් ..මට ආදරෙයි නේද “
    “මැඩම් මම කවදාවත් ඔයාට ආදරේ කලේ නෑ ඉස්සරහට ත් එහෙමයි අයිම් සොරි ඔයා කොහොමත් මොකුත් කතා කරන්න පුලුවන් තත්වෙක නෙවෙයි ඉන්නෙ දැන් නිදාගන්න අපි හෙට කතා කරමු”
    “ප්ලීස් ඩෝන්ට් මිස් අන්ඩස්ටෑන්ඩ් කවීශ සොරි ඔයාට ඩිස්ට්‍ර්බ් කරානම්”
    ඈ නැවතත් හඬාවැටුනාය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඉරේෂා අවදි වූයේ හිසේ කැක්කුමක් ද සමගිනි .අවදි වූ සැනින් සිහියට ආවේ ඉන්දික නිසා ඇතිවන්නට යන ප්‍රශ්න ය.දිගටම නිදා ගන්නට තිබුණා නම් මේ විකාර මතක් වන්නේ නැත.අම්මාට මුහුණ දීමට අපහසු ගතියක් හිතට ආවේ ඊයේ ඈට කතා කල විලාශය නිසාය.ඈ කුස්සියට යන විට අම්මා තේ පිළියෙල කරමින් උන්නාය.
    “ආ ලොක්කි නැගිට්ටද මම තේ හදලම කතා කරන්න හිටියෙ”
    “ඔලුව රිදෙනව අම්මා “
    “මේ තේ එක බීල උදේ බේත් ටික බොමු ඊයේ රෑ පාන් තියේ කන්න ඒකත්”
    “හ්ම්ම්..”
    අම්මා තරහ වී නැති එක ගැන ඈ සතුටු වුවාය.අම්මෙක්ට දරුවෙකු හා තරහ වන්නට පුලුවන් ද?.
    ඉරේෂා සෙමින් මිදුලේ ඇවිද්දේ යටි බඩේ වේදනාව යන්තමින් ඇතත් එකතැනකටම වී නොසිටින ලෙස අවවාද කල නිසාය.පිණි වැටුණු පොලොව තාමත් තෙතය.කවීශ මල්ලීට ඇමතුමක් ගත්තේ රහසිගතව ය.
    “ගුඩ් මෝර්නිං පැටියො වැඩකරන තැනට ආවද”
    “මේ යන ගමන් අක්කියො..ඔයාට කොහොමද අමාරුවක් නෑ නේද?”
    “නෑ නෑ අමාරුවක් නම් නෑ බඩ පොඩ්ඩක් රිදෙනවා “
    “මම ඔයාව බලන්න එන්නම් වීකෙන්ඩ් එකේ”
    “මෙහෙ එන්න එපා රත්තරං ..ගෙදර තත්ත්වෙ එච්චර හොඳ නෑ..අම්මලාට ඕන මාව ඉන්දික ට බන්දන්න”
    “ඉතිං මම ඇවිත් කතා කරන්නම් “
    “එපා මල්ලියෝ මම එයාලට තේරුම් කරන්න බලන්නම්..ඊට පස්සෙ ගෙදර ට කියමු..ඔයාලගෙ අම්මල මේ වඳ ගෑනිට කැමති වෙයිද?”
    “මොකක්ද කිව්වෙ..ඔයා බඳිනේ අම්මව නෙවෙයි මාවනෙ..ආයෙ ඔය කතාව කීවොත් මම කතා කරන්නෙ නෑ”
    “සමාවෙන්න ඒත් ඔය ගැන නොහිත ඉන්න බෑ මට”
    “හිත හිත ඉන්න එහෙනම් මම තියනව”
    “අම්මෝ සැර තරම් ..මට තමයි ඕව “
    “ඔයාට නැතුව වෙන කාටද වස්තුවේ ..තවම පැකින්ග් වත් කඩල නෑ”
    “ඔන්න කිව්ව ඉතිං ..දෙනව දෙකක් දන්නවද “
    “තව කතාවක් ආව කටට නොකිය ඉන්නම් ඒත්”
    “අනේ මේ පිස්සෝ..පරිස්සමෙන් වැඩ ටික කරගන්න මම තියනව”
    මේ ඇසුර සොඳුරු ය.හිත සතුට තවරන ආදරය ක් ඇත්නම් ඉන් එහාට මොනවා පතන්නද.අම්මා සමඟ කතා බස් කොට මේ අර්බුදය විසඳාගත යුතුය.ඉන්දික සමඟ ජීවත් වීමේ ආසාවක් මට නැත.
    මදාරා දවල් වී අවදි වූයේ බඩේ දැවිල්ලත් හිසේ කැක්කුමක් ද සමඟිනි.ඊයේ රාත්‍රියේ කවීශ ට කතා කල බව මතක ඇත.හෙට කතා කරමු කිව්වා..කෙසේවෙතත් ඔහුට පෙම්වතියක් ඇතිවග තහවුරු වී හමාරය.කවීශ ට කතා කිරීමටත් මුහුණ දීමටත් නොසිතෙන්නේ ලැජ්ජාව නිසාය.ආදරය ත් වෛරයත් අතර පරතරය සියුම් වග දැනෙමින් තිබේ.තරහ ඇත්තේ අර කෙල්ල සමගිනි .මගේ කරගන්න සිටි කවීශ ව රහසේම සොරාගත් හැටි.මදාරා රැකියාවට නොගොස් නිවසට වී උන්නාය.ඔහු දකින්නට යෑමෙන් සිත පෑරෙනවා පමණි.
    දවස පුරා අන්තර්ජාලයේ සරමින් විරහ ගී අසමින් ඈ කල් යැව්වාය.කීපවරක්ම කවීශ ගේ ෆේස් බුක් ගිණුමට ගොස් ඔහුගේ ඡායාරූප පිරික්සුවේ ඉරේෂා සොයා ගැනීමටය .සමාධි ගේ නම සටහන්ව තිබුණේ මංගල ඡායාරූප වලයි ..කවීශ ගෙ නෑනා.තමා කරන දේ හරි වැරැද්ද විමසා සිටීමට මදාරා ලතවූයේ නැත.

    මදාරා කියවාගෙන ගිය වදන් වරින් වර සිත මතට ආවද කවීශ ඒ සිතුවිලි මගහැර සිටියේ ඒ වෙනුවෙන් කරන්නට දෙයක් නැති නිසාවෙනි.පෙර සිතූ පරිදිම ඈ තමා කෙරේ ආලයෙන් සිට ඇත.ඉරේෂා අක්කාට මේ කතාව කියන්නේ දැයි කවීශ කීපවරක්ම කල්පනා කලේ ය.තමා වරදක් කර නොමැත එනමුත් ගැහැණු සිත් වහා බිඳෙන සුලුය.
    මදාරා සේවයට නොපැමිණීම නිසා දෙවැනි දිනයේ කවීශ සිත මදක් ගැස්සී ගියේ ඈ වැරදි තීරණය ක් වත් ගත්තාදැයි සිතුණ නිසාවෙනි .ආදරය හමුවේ පරාජිත බොහෝ තරුණ ජීවිත ගණනාවක් මෑත ඉතිහාසයේ රටට අහිමිවූවා මතකයේ ඇත.මදාරා ත් එවැනි තීරණය ක් ගතහොත් තමාටද ගැලවීමක් නැත මන්ද ඒ කතාවේ තැනෙක කවීශ නමද සටහන්ව ඇති නිසවෙනි.
    “අම්මා පොඩ්ඩක් එන්නකෝ කතාවක් තියෙනව”
    ඉරේෂා අම්මාත අප්පච්චීත් දෙදෙනාම නිවසේ උන් වෙලාවක කතාව ඇරඹුවාය.
    “ඉන්දික අයියා මොනව හිතේ තියාගෙන හිටියත් මට එයාට කැමති වෙන්න බෑ..බලෙන් මිනිහෙකට ළං වෙන්න බෑනෙ අම්මා..මාව තේරුම් ගන්න”
    “හරි මට කියන්න ඒ කොල්ලට අකමැති වෙන්න හේතුවක්..ඔය ගමේ එකාල එක එක් වල් පල් කිව්ව පලියට අහක දාන්න ඕන දරුවෙක් නෙවෙයි ඉන්දික ..ඒ නැතත් සර්ව සම්පූර්ණ මිනිස්සු ඉන්නවද මේ ලෝකෙ”
    “වල් පල් නෙවෙයි මගෙ අතටම අහු වෙලා තියෙනව..ලොක්කි ගෙ අකමැත්තෙන් මොකුත් කෙරෙන්න උවමනා නෑ”
    අප්පච්චි කීවේ අම්මා දෙසට හැරෙමිනි.
    “ඔය මොකක්වත් නෙවේ මෙයා තව එකක් ලෑස්ති කරගෙන ඉන්නේ කොහෙන් කෙලවර වෙයිද දන් නෑ ඕව”
    අම්මා කියන්නේ අමනාපයෙනි.
    “එහෙම දෙයක් තියෙනව නම් ඒ ගෙවල් එක්ක කතාබස් කරල කටයුතු කරල දෙමු ලොක්කි කියන්නෙ මෝඩියෙක් නෙවෙයිනෙ”
    අප්පච්චි තමාගේ පැත්තට සිටීම හිතට සවියකි .
    “එහෙම දෙයක් තිබුණත් නැතත් මම ඉන්දික අයියාව නම් බඳින්නෙ නෑ”
    “අනෙ මන්ද අප්පල දූල ඕන දෙයක් කරගන්න උදව් ඔක්කොම අරන් අර කොල්ලට බැ ගාන්නෙ කොහොමද ..ඔයාම කියන්න ඉන්දික ට”
    “අම්මානෙ කාගෙන්වත් අහන්නෙ නැතිව එයාගෙන් උදව් ගත්තෙ එයා උදව් කරේ මාව හිලව්වට තියාගෙන නම් ඒ උදව් වලින් වැඩක් නෑනෙ”
    “අන්තිමට අම්මා තමා වැරදි”
    අම්මා නැගිට ගියේ කඳුළු පිසලමිනි.
    “මම කැමති නෑ අප්පච්චි “
    “ඒකට කමක් නෑ ලොකූ මම අම්මට කතා කරන්න්ම්”
    කවීශ ගේ මව සිතමින් සිටියේ පෙර දිනයේ මදාරා පැවසූ කරුණ ගැනය.රාජකාරී වැඩකට යනවා කියා දින දෙකක්ම ගතකර නිවසට ආ හැටි මතක ය.හරියට මුහුණ නොදී කතා කලේ එදා බලන්නට ගිය ලෙඩා ඉරේෂා ද.සමාධි දුවගෙන් හරියටම විස්තරයක් දැනගත හැකි වුවත් ඔවුන්ගෙන් දුරකථන ඇමතුමක්වත් නොලද නිසා අම්මා ලතැවෙමින් උන්නාය.ලොකූ කතාකලේ හරිම වෙලාවටය.
    ටික වේලාවක් ආගිය තොරතුරු කතා කල අම්මා සමාධි අක්කාට කතා කලාය.
    “සමාධි දුව ඔයාගෙ යාලුව ළඟදි අසනීප වෙලා එහෙම හිටියද?”
    “මොන යාලුවද අම්මා”
    “අර ඉරේෂා කියල දෙවෙනිට හිටපු කෙල්ල”
    “ඔව්නෙ අම්මා මේ ළඟකදි ඔපරේෂන් එකක් කරන කතාවක් කිව්වා ඇයි හදිස්සියේ එයා මතක් උනේ”
    “නෑ මට පොඩි ආරංචියක් ආව එහෙම ඒකයි”
    හරියටම කරුණු කාරනා නොදැන පොඩීට දොස් පැවරිය නොහැක.කෙසේ වෙතත් පොඩීගේ නුවර ගමනත් ඉරේෂා ගේ රෝහල් ගතවීමත් අතර සම්බන්දයක් ඇතැයි සැක කිරීමට මේ සාක්ෂි ප්‍රමාණවත් ය.විශ්වවිද්‍යාලයයේ සිටි කාලයේ වත් පොඩී ට ප්‍රේම සම්බන්දයක් තිබුණේ නැත.අනෙක් හැමදේම දුවගෙන විත් අම්මාට කියන පොඩී මේ කාරණයේදී නිහඬ ය.දෙමාපියන් ට දරුවන් කියන්නේ වගකීම්‍ ය.ඔවුන් වැරැදි මග යන්නේ නම් නිවරදි කිරීමට අයිතියක් ඇත.
    මදාරා ට උවමනා වී ඇත්තේ කවීශ ගේ පෙම්වතිය ඉරේෂාමදැයි සපථ කර ගැනීම පමණි .අනෙකුත් සියලු කාරනා ඈ පහසුවෙන්ම සොයා ගත්තාය .ඒ ඉරේෂා නම් ඒ ගැන කරන්නට කටයුතු ඇත.හිතේ ඇති ලැජ්ජාව නිසා කවීශ ට කතා නොකලත් එය යටපත් කරගෙන ආ ඊර්ෂ්‍යාව ඈ දිරිමත් කලාය.
    “හෙලෝ කවීශ “
    “ඔව් මැඩම්”
    “මම දෙවෙනි පාරටත් ඔයාට උන පොරොන්දු කඩ කලා නේද ..මම මොනව කීවද කියල මටම හිතා ගන්න බෑ ..මට ඔයාගෙ මූණ බලන්නත් ලැජ්ජයි වගේ..වැඩට එන්න හිතෙන්නෙත් නෑ”
    “වැරදි වෙනව හැමෝම අතින් ඒත් එකම වැරැද්ද ආයෙ ආයෙ කරනව නම් ඒක සාධාරණීකරණය කරන්න බෑ..වැඩට නෑවිත් හිටිය කියල කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ නේද”
    “මන්ද කවීශ මට මුලින්ම ඔයා ගැන ඊරිසියාවක් තිබුණේ අපේ ඩැඩී ඔයාව ඇඩ්මයර් කරපු විදියට..ඒත් මොන හේතුවකට ද මන්ද ඒක ආදරය ක් උනා..මම වැරදි ඇති ඒත් ඒ වැරදි ඔක්කොම කලේ ඔයාට තියෙන ආදරේට”
    “ඒත් මගේ ජීවිතේ තියෙන්නෙ වෙන කෙනෙක් ළඟ”
    “මාව ඈත් කරන්න එපා කවීශ ..කතා බහ කරල විතරක් ඉම්මු ලයික් ගුඩ් ෆ්‍රෙන්ඩ්ස් “
    “අනේ මන්ද එහෙම මේ ලෝකෙ ගුඩ් ෆ්‍රෙන්ඩ්ස් ල ඉන්නවද කියල..සීමාවක් ඇතුලෙ මිතුරුකම් පවත්ත්වනව කියන එක බොරු කතාවක්..මන් කැමති නෑ අපි දෙන්නගෙන් කාටවත් ප්‍රශ්න ඇති වෙනවට..මට ඔයාගෙ සේවකයෙක් ඔයා මගෙ බොස් අපි ඒ සීමාවෙ ඉමු..”
    “ඇට් ලීස්ට් මට ඔයාගෙ ගර්ල්ගෙ නම වත් කියන්නෙ නැද්ද?”
    “එයා ඉරේෂා සෙව්වන්දි ..ටීච කෙනෙක් ..ඔයාට මට වඩා ගොඩක් හොඳ කෙනෙක් ලැබෙයි මැඩම්..ගුඩ් බායි!”
    “තෑන්ක්ස් මාත් එක්ක කතා කලාට..අයි මිස් යූ කවීශ “

    දාහතර වන පරිච්ඡේදය
    අම්මා ඉන්දික ට ඇමතුමක් ගත්තේ ගැහෙන සිතිනි.ඉන්දික කියන්නේ කල කෝහල වලට බර පුද්ගලයකු බව කලින්ම දන්නා කරුණකි .ඉරේෂා විවාහය ට අකමැති බව ප්‍රකාශ කල විට ඔහුගේ ප්‍රතිචාරය කෙබඳු වේදැයි සිතාගත නොහැකිය .ඒත් ලොක්කී ගේ අකැමැත්තෙන් මේ කාරනාව කිරීමට ද බැරි නිසා ඉන්දික තවදුරටත් බලාපොරොත්තු රඳවා ගන්නට පෙරාතුව මෙය ඉවරයක් කල යුතුය.නැතිනම් අන්තිමේ ඔහුගෙන් දොස් අසන්නට වන්නේත් තමන්ටය.
    “ඉන්දික පුතා වැඩකද ඉන්නෙ”
    “නෑ නැන්දෙ මොකද හදිස්සියේ “
    “අනෙ නෑ පුතා අපි අර කාරනාව ගැන දූත් එක්ක කතා කලා එයාගෙ තීරණේ වෙනසක් නෑයි කියනව ..අපිට ඉතින් බලෙන් කැමති කරවන්න බෑනෙ ..අහිතක් හිතන්න එපා පුතේ”
    “අර හොස්පිටල් එකට ආපු එකා නිසා වෙන්න ඇති..බලමුකො එක හීනෙන්ම එලි වෙන් නෑනෙ”
    ඉන්දික කෝපයෙන් කතා කරන හැටි ඇසුනු විට අම්මාට ඇතිවූයේ බියකි.ඉන්දික තරහා කර ගැනීමට හොඳ මිනිහෙකු නොවේ.