සිහින පලා ඵල.........බලමු

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    සිහින පලා ඵල.........බලමු

    සිහින පලා ඵල-සුබ සිහින

    විශ්වාස කරන අය විශ්වාස කරන්න නොකරන අය විශ්වාස කරන්න එපා..මොකද මේවා ගැන මටත් තියෙන්නේ 50% වගේ විශ්වාසයක්..මේ සමහර ඒවා ඇත්ත...මේ සුබ හීන..ටිකක්

    01.නෙලුම් කොලේක කෑම දමාගෙන ආහාරයට ගැනීම,සිහිනයෙන් නෙලුම් මල් කඩාගෙන සිනාසීම,විනෝද වීම,නෙලුම් කොලයේ දමාගෙන යම් දෙයක් පානය කිරීම දු‍ටුවොත්-රටේ ඉහල පෙලේ සැප සම්පත් ,නම්බු නාම,ගරු පිළිගැනීම්,රජ සැප හා සමාන වාසනාවක් ඉතා ඉක්මනින් පෙන්නුම් කරයි..


    02.ශරීරයයි පුරා ලේ ගලාගෙන යනවා දු‍ටුවහොත් -වාසනාවන්ත දරුවකු හෝ මුණුපුරෙකු ලැබී සිතු පැතු සම්පත් අත්වේ...

    03.සිත් ඇදී යන අලන්කාර පක්ෂීන් දු‍ටුවහොත් - විශාල ප්‍රමාණයක් රිදී කාසි දු‍ටුවහොත් ගොවිතැන්,වෙළදාම්,‍රැකියා,ආදිය සරු වී වාසනාව පෙන්නුම් කරයි...

    04.සුදු බත් සහ පහන් සිහිනේන් දු‍ටුවහොත්,ජලයෙහි පිහිනා ගොස් එගොඩ වුව හොත්,සදු දැකීම,ගිනි කදු දැකීම, ගිනි කදු සෙලවීම දැකීම -තමාගේ හෝ තමාට වේදනාව ගෙන දුන් පවුලේ නැයෙකුගේ ලෙඩ රෝග තත්ත්වයක් දුරුවී ඉක්මනින් සුවය ලැබේ...

    05.සුදු නයෙකු විසින් දකුණු අත සපා කා දෂ්ඨ කරනවා දු‍ටුවහොත්-දස දිනක් යාමට මත්තෙන් වාසනාව උදාවේ...

    06.දේවතාවියන් සිහිනෙන් දු‍ටුවහොත්-සිතේ අදහස් සියල්ල වේගයෙන් ඉෂ්ඨ වේ....

    07.මහ මුහුද නිශ්චලව දු‍ටුවහොත්,ඉතා අලන්කාර ලෙස අහස දු‍ටුවහොත්,ඉති ලස්සන ලෙස සද දු‍ටුවහොත්-ප්‍රිති සහගත උත්සව,විනෝදකාමී දේවලට පව සහභාගී වී ,සතුට,සැපත බලාපොරොත්තු ඉ‍ටුවීම් වැනි දේ පෙන්නුම් කරයි...

    08.බුදුවරුන්,දේවතාවුන්,රහතන් වහන්සේලා,සිහිනෙන් දු‍ටුවහොත්,-එලොව ,මෙලොව,යහපත උදෙසා
    ගුණ ධර්ම වලට සහභාගී වීමේ හා පූර්ණ් පුන්‍ය බලවේගයක් ලැබීමේ වාසනාව මතුවේ....


    09.පෙම්වතාගෙන් මුතු ලැබීම,පිරිපුන් දිය නෑම,සුවද දේ ගෑම,උසස් සම්පත් හා පළදනා පැලදීම,නොකැපූ මැණික් දැකීම- යස ඉසුරු සම්පත් ලැබේ...

    10.තම මැනියණ් සතු‍ටු කදුළු හෙළීම,මව ආදරයෙන් කිරි දෙනු දැකීම-සිතු පරිදි ධන සම්පත් ඇති වේ...

    11.මවි පියන්,නෑදෑයන්,හිත්වතුන්,එක්වී ආදර බස්,සතු‍ටු වදන් කීම,උපදෙස් දීම ආදිය දු‍ටුවහොත්-වට
    පිටාවේ සිටින නෑදෑහිතවතුන්ගෙන් අශිර්වාද ලැබේ....


    12.ලිය කියවිලි වල යෙදුන අය දැකීම,සතු‍ටු සිතින් සිටින ඉහළ අය දේකීම,පින් දහම් කරන රජ පවුල ආදිය දැකීම-තමාට යස ඉසුරු ලැබීමක් පෙන්නුම් කරයි...

    13.කිරි එළදෙනුන්,සුදු ගවයන්,සුදු නයින් දැකීම,බොහෝ දිලිසෙන මැණිකක් ආදිය දැකීම-පෙර පිනක බලයෙන් වාසනාව දෙපා මුලටම පැමිනේ...

    14.මත් පැන් බොනවා දැකීම,තව අයට කථා කරනවා දැකීම-පසු දින පහන් වීමට ප්‍රථම ජයක් දියුණෞවක් පෙන්වයි...


    15.පහන් පත්තු කිරීම,කැටපත් සුදින් වස්ත්‍ර දැකීම.-ධන වාසනාවක් අත්වේ...

    16.තමන් සින්හයෙකු පිට නැග යනවා දැකීම,මන්ගල පෝරූ දැකීම,රන් රිදී ආභරණ දැකීම-ධන සම්පත් පෑදීගෙන එන මාර්ග විවෘත වේ...

    17.මදුරුවන් ලේ බොනවා දැකීම,සදුන් ලී දැකීම,පබළු වළලු දැකීම-වාසනාවන්ත අනාගතයකට පෙර නිමිති පෙන්නුම් කරයි...

    18.කූඩැල්ලන් තමාගේ සිරුරේ ලේ බීම,නෙලුම් පතට සමාන කොල වලින් කිරි වැනි දේ බීම,සුදු නයින් පෙනීම,සුදු අසෙකු දැකීම,සුදු නෙලුම් මල් දැකීම,කිරි වර්ග දැකීම,මී වද දැකීම-පතා ආ විලස සියලු දුක් කම් කටොලු නැති වී,මැණිකක් වන් වාසනාවන්ත පිරිමි දරුවකු ලැබී,අදුරෙන් එළියට පැමිණීමට හේතු වේ...

    19.මොනරුන්,කුකුළන්,කොවුලන් දැකීම,ඉගිලෙන පරවියන් දැකීම,කෞතුකාගරයක් දැකීම-වාසනාවන්ත පෙම්වතියක් සමග,කාන්තාවක් නම් පෙම්වතෙක් සමග යුග දිවියක් ගත කිරීම ඉක්මනින්ම සිදුවේ...

    20.පැරණි විහාර,දාගැබ් දැකීම-උසස්වීමක්,ප්‍රසිද්දියට පත්වීමක්,තානාන්තර ලැබීමක් සිදුවේ....

    21.පුරාණ පඩිපෙල් දැකීම,-බලාපොරොත්තු වෙනස්වීමක් සිදුවේ...

    22.පුරාණ ගල් කණු දැකීම-සම්පත් හිමි වීමේ වාසනාවක් අත් වේ....

    23.තුර්‍යය භාණ්ග පරිහරණය කරනවා දු‍ටුවහොත්-රාජ්‍ය උත්සවයකට සහභාගීවීමට හා ගරු සැලකිලි ලැබීම,ප්‍රීති දායක ආරන්චි හා නොසිතු ලාභ ලැබේ...

    24.වෙහෙර විහාර බුදුන් වදිනවා...දු‍ටුවහොත්-දුක් දොම්නස් දුරු වී සැනසිලි දායක තත්ත්වයක් උදාවේ...

    25.මාළු රන්චුවක් දු‍ටුවහොත්-ගෙදර කෙනෙකු ගැන සුබ ආරන්චියක්..

    26.පහන් වැටක් දු‍ටුවහොත්-හිමිවීමට තිබෙන විශාල බූදලයක් පූර්ණ අයිතියට හිමිකම් පෙන්නුම් කරයි...

    27.ඝාණ්ඨාරයක් වාදනය වනවා සිහිනෙන් දු‍ටුවහොත්-ඉතා කෙටි කාලයකින් අනාගත අභිවෘද්ධිය සැලසෙන කරුණු යෙදෙනවා ඇත...

    28.මල් පූජා කරනව දු‍ටුවහොත්-ඉහල් පෙලේ කෙනෙකු සමග එකමුතුවක් හෝ ලෙන්ගතු කමක් හෝ සම්බන්ධයක් පෙන්නුම් කරයි...

    29.විහරස්ථානය්ක් දු‍ටුවහොත්-ජීවිත කාලයෙම සතුටින් සිටීමට හැකි අන්දමට කරුණු සිදුවනු ඇත...

    30.ඔරලෝසු දු‍ටුවහොත්-සැමගේ සහයෝගය ලැබීමෙන් ඔබේ අදහස ඉ‍ටුවනු ඇත..

    31.මුදුවක් තමාම පළදිනවා දු‍ටුවහොත්-තමාට උවමනා කෙනෙකු හා සමග එක්ව සමගියෙන් සහයෝගයෙන් සියලු දේ කර කියා ගැනීමට හැකියාව ලැබෙනවා ඇත..

    32.විශාල ලෙස රිදී කාසි දැකීම,මල් සහිත ගස් දැකීම-වෙළද ව්‍යාපාර දියුණුවක්,බලාපොරොත්තු නොවූ ලාභයක්.

    33.රන්මාලයක් දැකීම-සතු‍ටු දායක ,ප්‍රිතිමත් ආරන්චියක් අසන්නට ලැබේ....

    පොත පත අසුරෙන් තමයි සහෝ මේක ලිව්වේ....හොදයි නම් Rep රේප් දීලා කොමෙන්‍ටුවකුත් කොටලා යන්න...

    අසුභ හීනත් එක්ක පස්සේ හමු වෙමු...... ඔබට තෙරුවන් සරණයි!!!!!
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බොහොම ස්තුතියි මචං..
    උඹ දැන් මැජික් කරන එක නැවැත්තුවද..?
    1.gif
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    එල එල බොහොම ස්තුතියි මචං..
    උඹ දැන් මැජික් කරන එක නැවැත්තුවද..?
    1.gif

    නැහැ නැහැ...මැජික් කරනවා සහෝ...තව මාස 4කින් වගේ එලකිරි වැඩක් කරන්න ඉන්නේ එතකම් ඉතින් ඉමු...:D:D;)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මට දකින හීන මතක හිටින්නේ නෑ බන් :sorry:
    බම්ප් එකක් දෙන්නම් :)