මමත් ටික කාලයකට කලින් ඔය සිංහ පාදය ගැන ත්‍රේඞ් එකක් දැම්මා දිගට ඒ ත්‍රේඞ් එක ගියේ නැති වුනත් මේකේ තියෙන අදහස් වගේ තර්ක විතර්ක ආවා මමත් පිළිගන්න දෙයක් තමයි මේ ඇඟිලි 3 සිංහ පාදය ගැන අපිට හිතන්න දෙයක් තියෙනවා. අපේ හෙළ කළාකරුවන් විවිධ මන:කල්පිත සතුන් සිතුවමට වගේ කළුගලෙන් නිර්මාණය කරපු අවස්ථා බොහොමයක් තිබෙනවා. නමුත් අපේ කළකරුවා සිංහයා කියන සතා නොදන්න නිර්මාණකරුවෙක් නොවන බව මම විශ්වාස කරනවා. අපේ ඉතිහාසය පුරාම සිංහයා කියන සත්වයාට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ඔය සිංහ පාදයේ ඇඟිල් 3 පිටුපසින් තවත් කුඩා නියපොත්තක් තිබෙනවා ඒවාගේ නියපොතු පිහිටන්නේ කුරුල්ලන්ගේ, සිංහයාගේ කුඩා ඇඟිල්ල පිහිටන්නේ කකුලේ ඇතුල් පැත්තේ