සීගිරිය

ZurieL

Member
Feb 8, 2010
2,053
272
0
in a dark cell
[/CENTER]
හරිම වටින විස්තරයක් සූරි, බොහොම ස්තුතියි

ඒක සුළු දෙයක් අමා,
පුලුවන් විදියට ලැබෙන විස්තර දාන්නම් , අපේ ඉතිහාසය අපි දැනගන්න එක ලොකුම දෙයක්නේ. මොකද අද කාලෙ අපෙ ඉතිහාසය, අපෙ උරුමය බල්ලන්ට ගිහින්නේ.

ස්තුතියි ඔයාට මේ වාගෙ දෙයක් පටන් ගත්තට.
ඔය මේක පටන් ගත්ත දවසෙමයි මම හිතුවෙ මොනවහරි වැදගත් දෙයක් කරන්න ඕන කියලා.
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0

සීගිරි බඹරු දඹුලු එති

රන්ගිරි දඹුල්ල උයන්වත්ත රජ මහා විහාරයේ ස්වර්ණවර්ණ බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අතක ද විහාර මන්දිරයේ ද බඹර වද හතරක් බැඳ ඇත.

සීගිරි පර්වතයේ බඹර වද විනාශ කිරීමෙන් පසුව බඹරුන් අවට ආරක්‍ෂක ස්ථාන කරා යන බව මින් පෙනෙතියි වැඩිහිටියෝ කියති.


:D
 

tdevinda

Member
Nov 16, 2006
858
19
0
39
Mattegoda
මේක හරියට දැක්කම තමා සිද්දිය තේරෙන්නෙ! හොඳට බලන්න මෙතන සිංහ පාද දෙක අතර තියන බිත්තිය කොහෙත්ම ගැලපෙන්නෙ නෑ! අමල්කා නංගිට මම කියපු චාටර් පඩි පටන් ගන්නෙ මෙතනින්! මේ වෙනකන් උඩට යන්න තියෙන්නේ ඕනම තරාතිරමක රජෙක්ට ගැලපෙන පාරක්. හැබැයි මීට පස්සෙ තියන පඩි වල යන්න අමාරුයි!

sigiriya_lionsplatform.jpg


හරි සෝපානයක් තිබුණ නම් ඒක උඩට මතු වෙන්නෙ කොහෙන්ද? ගලේ මෙතනට අනුපාත වෙන ගල උඩ ඡායාරූපයක් තියනද කා ගාව හරි?

මේක දිහා ටිකක් වෙලා බලන් ඉන්නකොම මට මතක් උණේ ඊජිප්තුවෙ තියන ස්පින්ක්ස් රූපෙ! ඒකෙත් කකුල් ටිකක් මේකට සමානයි! (බැබිලෝනියාව හැදුවෙ අහසින් පැමිණි සිංහ මිනිස්සු උපදෙස් දීපු විදියට කියනවනෙ! ඒකත් ඇඳල දුන්නද දන්නෙ නෑ ආ ඕං ලස්සනට වහල්ලු දාල හදා ගනිං කියල!)

Sphinx ගෙ ඇතුලව යන්න පුළුවන් ද? එහෙම පුළුවන් නම් කොතනින්ද?? ගියපු අය ඉන්නවද???

අම්මප මේ ගල් බැම්ම ගලවන්න ඇත්තං! අර පින්තූර වල තාර ගාපු එකා මම දැනන් හිටියනං මම යවනවා, "මචං, අර ගල් බැම්ම ගැලෙව්වොත් ගොඩක් හානි වෙනව" කියල හොඳ ලණුවක් කවල..
 

tdevinda

Member
Nov 16, 2006
858
19
0
39
Mattegoda
හරි.! මගේ ප්‍රශ්ණ 2ට මම ම උත්තර කියල හිතෙන 2ක් හොයා ගත්තා!

Sphinx ගෙ ඇතුළට යන්න බෑ ලු!

අර පඩිපෙලට සමපාත වෙන්නෙ උඩ මාළිඟාවෙ තියන උසටම ඉතුරු වෙලා තියන කෑල්ල! google map එකේ චුට්ටක් පේනවා. photo තියනවනං එළකිරි.කොම් තමා!
 
  • Like
Reactions: Zeus

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,014
    2,644
    113
    Paraguay
    සීගිරි ගී

    සීගිරි ගී

    ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
    පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී ‍‍බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.
    මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.



    1.
    එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
    බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
    (බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

    2. ස්වස්ති-
    පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
    බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ
    මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.

    3.
    සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
    යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
    (දෙ‍කෙ)ස ලුනෙත්.

    4. ගීය
    නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්
    විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි
    අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.

    5. ගීය
    සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො
    මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)
    සෙන් බොදෙවල ලයු ගී.

    56. ගීය
    ස්වස්ති
    තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්)
    නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම්
    තොප සුර බව.

    64. ගීය
    ස්වස්ති
    අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද
    නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි.
    103. ගීය
    කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
    එ බොන්ද මියුර් යහ බැ සී
    එ කපල් දල වන් දිගැ සී
    මන ජල්(ව)යි (සිත්) නොමු සී

    106. ගීය
    ……….ල සමන ගී
    සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත්
    මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන්

    190. ගීය
    යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී
    ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය
    සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප
    අත්මය් වුයු

    334. ගීය
    ස්වස්නනනති අග්බොය්මි ලීමි
    නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය්
    සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන්

    492. ලීය
    මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ
    කවෙක් හින්දෙ ලී
    (මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත
    දක්නා සෙ ගෙති

    86. ගීය
    නො(ව)න්නොද පුලුදු හුණබජ් නො වරග්න(හ්)
    නොසිටිය වෙ දී හැද සමුන්ද කළ පුන්සන්ද උදෙස

    306. ගීය
    (‍ෙ)මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා
    කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා
    නැඟි ඇති බලනට -බැලැමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි -බලන රිසිව බෙයන්ද්
     
    • Like
    Reactions: Amalka101

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,014
    2,644
    113
    Paraguay
    සීගිරිය හැදුවෙ කාශ්‍යප , එත් එක හොයාගත්තෙ කවුද ?

    මේජර් ජොනතන් ෆොර්බෙස් කියන ඒංගලන්ත ජාතිකයා 1831 දී.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,014
    2,644
    113
    Paraguay
    ජොනතන් ෆොර්බෙස් හොයගත්ත සිගිරිය මුලින්ම පරීක්ශනය කලෙ H.C.P Bel 1890.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සීගිරිය හැදුවෙ කාශ්‍යප , එත් එක හොයාගත්තෙ කවුද ?

    මේජර් ජොනතන් ෆොර්බෙස් කියන ඒංගලන්ත ජාතිකයා 1831 දී.
    :) ස්තුතියි යාළුවා දායකත්වයට ..... මේ ගැනත් අපි ඉස්සරහට කතා කරමු.
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මේ ෆොන්ට් එක පේනවද දන්නෙ නෑ හැබැයි.

    නැත්තං මේ ලින්ක් එකට යන්න. http://www.lankatruth.com/sin/index...-11-41&catid=35:2008-10-13-08-30-14&Itemid=63

    ලෝක උරුමයක් වන සීගිරියේ සිංහපාදය අසල වැසිකිළි පෙළක් ඉදිකිරීම අරඹා ඇති අතර, ප‍්‍රදේශවාසීහු මෙයට දැඩි විරෝධය පළ කර ඇත. ප්‍රදේශවාසීහු විමසා සිටිය්යේ සීගිරි පර්වතයේ මෙවැනි ඉදිකිරීමකට ඇති අයිතිය කුමක් ද යන්නයි. මෙම වැසිකිලි පෙළ මධ්‍යම සංස්කෘතික අරමුදල හා ජපානයේ ආයතනයක් එක්ස සිදු කරන අතර, මෙහි විමර්ශන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී.

    මෙම වැසිකිලි පෙළ ඉදිකිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම පළාත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඩි.ඩි.විජේපාල මහතා පවසා ඇත්තේ මෙම වැසිකිලි පෙළ ඉදිකිරීම සම්බන්ධයෙන් තීන්දුව ගනු ලැබුවේ 2007 වසරේදී බවත්, එයට මුදල් වෙන්වීමෙන් පසු මෙලෙස වැඩ ඇරඹු බවත්ය.

    කෙසේ වෙතත් මෙම ඉදිරිකිරීම සම්බන්ධයෙන් මතුවන විරෝධය නොතකා සිදු කරමින් පවතින අතර, මෙම ඉදිකිරීම මගින් ලෝක උරුමයේ සංස්කෘතික වටිනාකම අහිමි වී යන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ ආකාරයෙන්ම මීට පෙර සීගිරි ගලේ සිටි බඹරුන් විනාශ කිරීමේ අමනෝඥ තීරණයක් රජය විසින් ගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන්ද ප්‍රදේශවාසීහු සිය විරෝධය දැක්වූ නමුත් එය කිසිදු සැලකිල්ලකට නොගෙන බඹර වද ඉවත් කළ බවත්, එහි අනිටු විපාක මාස තුනක් ඉක්ම යාමට ප්‍රථමයෙන් දැකගන්නට ලැබී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් පවසන්නේ ‍සීගිරි පරිවතය සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ පරම්පරාගත අත්දැකීම් බවත්, එම අත්දැකීම් මත තමන් නගන විරෝධය නොතකා රජය සිදු කරන අමනෝඥ ක්‍රියාකාරකම්වල ප්‍රතිපලය වන්නේ මෙම ලෝක උරුමය අනාගතයට අහිමි වීම පමණක් බවයි.

    කෙසේ වෙතත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත සිදු කරන මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් සංස්කෘතික ඇමැතිනී ප්‍රවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය හෝ සංස්කෘතික අමාත්‍යංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම අවාසනාවට කරුණකි

    Toilet01.jpg

    Toilet02.jpg
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ ෆොන්ට් එක පේනවද දන්නෙ නෑ හැබැයි.

    නැත්තං මේ ලින්ක් එකට යන්න. http://www.lankatruth.com/sin/index...-11-41&catid=35:2008-10-13-08-30-14&Itemid=63

    ලෝක උරුමයක් වන සීගිරියේ සිංහපාදය අසල වැසිකිළි පෙළක් ඉදිකිරීම අරඹා ඇති අතර, ප‍්‍රදේශවාසීහු මෙයට දැඩි විරෝධය පළ කර ඇත. ප්‍රදේශවාසීහු විමසා සිටිය්යේ සීගිරි පර්වතයේ මෙවැනි ඉදිකිරීමකට ඇති අයිතිය කුමක් ද යන්නයි.

    හරිම අමාරුවෙන් කටට එන ඒවා මෙතන ටයිප් නොකර ඉන්නෙ. :baffled:
    අනෙ අම්මප මුංගෙ ලෝකෙ හිනස්සන වැඩ ...... ඕකට පොකුණෙන් වතුර ගත්තත් ඒත් මම නම් පුදුම වෙන්නෑ ...... මෙහෙමත් කෝළම් :frown: :rofl:
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    හරිම අමාරුවෙන් කටට එන ඒවා මෙතන ටයිප් නොකර ඉන්නෙ. :baffled:
    අනෙ අම්මප මුංගෙ ලෝකෙ හිනස්සන වැඩ ...... ඕකට පොකුණෙන් වතුර ගත්තත් ඒත් මම නම් පුදුම වෙන්නෑ ...... මෙහෙමත් කෝළම් :frown: :rofl:
    සිරාවට.
    අපි මේ සීගිරි බලන්න යන්නෙ දුර කතර ගෙවාගෙන බර හෑල්ලු කරගන්නනෙ :shocked::baffled:
    අනික ඔය වැඩේ සිංහ පාද ලග කරාම මාර අමුතු ගැම්මක් එනවැති ඇගට. අනෙ මගෙ කට.
    මුන්ගෙ ඔලු ගෙඩි ටික ඔබන්න ඕන ඔය වැසිකිලි වල හැදුවට පස්සෙ.