සීගිරිය

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,225
    3,052
    113
    click here
    තවත් මම දන්න කරුණක් කියන්නද........ මෙ තොරතුර මට හම්බ වුනේ සිතුමිණ කියන අපේ පරණ පුවත්පතකින් (1950 වගේ ).....ඔය සීගිරිය රාවණා රජතුමා පාලනය කරන කාලේ මුදුනේ විශාල මාලිගා සංකීර්ණයක් තිබුනාය කියන එක...... ඒ කාලේ ඔය පර්වතය සුදු පාටින් වලාකුලු ආකාරයට වර්න ගන්වලා තිබුනලු ......එතකොට ඇතින් බලනකොට සීගිරිය පෙනුනේ අහසේ පාවෙන මාලිගාවක් වගේය කියලා ඒ පත්තරේ තිබනා.(ඇස් දෙක පියාගෙන මවාගන්න බලන්න.).... ඒ වගේම ඔය පර්වතය තුල උමං රැසකුත් තිබුනා කියල කියවෙනවා..... මෙ ගැන හරියටම නොදන්න කාශ්‍යප රජුගේ සේවකයන්ගේ ප්‍රතිසංස්කරණ වැඩපිළවෙල නිසා ඒවා බොහොමයක් වැහිලා ගියා කියලත් සඳහන්.......
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මම නැති වෙනකං ඉඳල Thread එක දුවනවා!! :(
    :lol:

    මට තව ගැටළුවක් තිබ්බා සීගිරි ගිහිපු පලවෙනි දවසෙම. රජ කෙනෙක් මෙහෙම ගල උඩට බඩගාගෙන යයිද කියන එක. ඒත් දැන් සෝපානයෙ කතාව එක්ක ඒක ටිකක් සමනය උණත්, කවුරු හරි කියනවද ගල උඩට යන්න ගල වටේ පඩි හරි වෙන පාරක් හරි තිබුණ කියල කොහේ හරි කියවෙනවද?

    නැත්තං එහෙම එකක් පේන්න තියනවද?
    මාලිගාව තියෙන්නෙ ගල ඇතුලෙ කියනව නේද? ...... උඩ තිබිල තියෙන්නෙ උද්‍යානයක් විතරයි කියලත් තියෙනවා. මං කලිනුත් කීවා වගේ H.C.P. බෙල් ගෙ කාලෙ තමයි සිංහකටෙන් ඇතුලට යන එක අවහිර කරන්නෙ. ඊට කලින් ඔතනින් ඇතුලට ගිහිං මාලිගය දැකබලාගත්තු මිනිස්සු කියපු කතා අදටත් ඒ පලාතෙ ඉන්න අය කියනවා.

    රාවන රජ්ජුරුවො, වෛශ්‍රවණ එහෙමනම් කෙලින්ම විමානෙකින් ඇවිත් ගල මුදුනෙ ලෑන්ඩ් කරන්න ඇති.:cool: කාශ්‍යප රජ්ජුරුවො ගැන තමා හොයාගන්න වෙන්නෙ ....... කොහොමත් ඉස්සර කපපු ගල් පඩි පෙලකුත් තියෙනවනෙ

    Sigiriya532.jpg

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තවත් මම දන්න කරුණක් කියන්නද........ මෙ තොරතුර මට හම්බ වුනේ සිතුමිණ කියන අපේ පරණ පුවත්පතකින් (1950 වගේ ).....ඔය සීගිරිය රාවණා රජතුමා පාලනය කරන කාලේ මුදුනේ විශාල මාලිගා සංකීර්ණයක් තිබුනාය කියන එක...... ඒ කාලේ ඔය පර්වතය සුදු පාටින් වලාකුලු ආකාරයට වර්න ගන්වලා තිබුනලු ......එතකොට ඇතින් බලනකොට සීගිරිය පෙනුනේ අහසේ පාවෙන මාලිගාවක් වගේය කියලා ඒ පත්තරේ තිබනා.(ඇස් දෙක පියාගෙන මවාගන්න බලන්න.).... ඒ වගේම ඔය පර්වතය තුල උමං රැසකුත් තිබුනා කියල කියවෙනවා..... මෙ ගැන හරියටම නොදන්න කාශ්‍යප රජුගේ සේවකයන්ගේ ප්‍රතිසංස්කරණ වැඩපිළවෙල නිසා ඒවා බොහොමයක් වැහිලා ගියා කියලත් සඳහන්.......

    සීගිරි ගලේ සුදුහුණු ගාලා තිබුණයි කියන කතාව මමත් අහලා තියෙනවා. උමං මාර්ග ගැන නම් පුදුම වෙන්නෙ නෑ ...... ඉස්සර කාලෙ ගොඩක් ගමන් කලේ උමං මාර්ග වල නිසා. විශේෂයෙන්ම කඳුකරයෙ ඉඳලා රටේ හැම ප්‍රධාන නගරයකටම උමං තිබුණා. ඒ වගේම දළදා වහන්සෙ වැඩ සිටින පන්සලටත් උමං මාර්ගයක් අනිවාර්‍යයෙන් තිබුණා සතුරු ආක්‍රමනයකදි දළදාව විහාරයෙන් පිටතට වැඩමවන්න. සීගිරිය රටේ වැදගත් ස්ථානයක් විදිහට කාලයක් භාවිතා වුණ නිසා අවට නගර වලට යන්න දියුණු උමං පද්ධතියක් තියෙන්නම ඕනෙ.

    බොහොම ස්තුතියි විස්තර වලට.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    බොහොම ස්තූතියි අමා මේ වටින කරුණු හැමෝම අතරේ බෙදාගන්නවට....
    ඒ වගේම මේ ත්‍රෙඩ් එකට දායක වෙන හැමෝටමත් ගොඩක් ස්තූතියි....
    :yes::)
    ++ බෑලු :(
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    36
    Katunayake
    :lol::lol::lol::lol::lol:Dan Rupawahini news wala qwe chitra walata haani karapu kathawa boru kiyala.......babaru elewwe Rajaye un hinda un rajaye redi hodanawa:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මුල ඉඳලම බලාගෙන එන්නේ
    ගොඩක් ස්තුතියි
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,225
    3,052
    113
    click here

    සීගිරි ගලේ සුදුහුණු ගාලා තිබුණයි කියන කතාව මමත් අහලා තියෙනවා. උමං මාර්ග ගැන නම් පුදුම වෙන්නෙ නෑ ...... ඉස්සර කාලෙ ගොඩක් ගමන් කලේ උමං මාර්ග වල නිසා. විශේෂයෙන්ම කඳුකරයෙ ඉඳලා රටේ හැම ප්‍රධාන නගරයකටම උමං තිබුණා. ඒ වගේම දළදා වහන්සෙ වැඩ සිටින පන්සලටත් උමං මාර්ගයක් අනිවාර්‍යයෙන් තිබුණා සතුරු ආක්‍රමනයකදි දළදාව විහාරයෙන් පිටතට වැඩමවන්න. සීගිරිය රටේ වැදගත් ස්ථානයක් විදිහට කාලයක් භාවිතා වුණ නිසා අවට නගර වලට යන්න දියුණු උමං පද්ධතියක් තියෙන්නම ඕනෙ.

    බොහොම ස්තුතියි විස්තර වලට.

    :yes::yes::yes:
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    39
    Mattegoda
    :lol:


    මාලිගාව තියෙන්නෙ ගල ඇතුලෙ කියනව නේද? ...... උඩ තිබිල තියෙන්නෙ උද්‍යානයක් විතරයි කියලත් තියෙනවා. මං කලිනුත් කීවා වගේ H.C.P. බෙල් ගෙ කාලෙ තමයි සිංහකටෙන් ඇතුලට යන එක අවහිර කරන්නෙ. ඊට කලින් ඔතනින් ඇතුලට ගිහිං මාලිගය දැකබලාගත්තු මිනිස්සු කියපු කතා අදටත් ඒ පලාතෙ ඉන්න අය කියනවා.

    රාවන රජ්ජුරුවො, වෛශ්‍රවණ එහෙමනම් කෙලින්ම විමානෙකින් ඇවිත් ගල මුදුනෙ ලෑන්ඩ් කරන්න ඇති.:cool: කාශ්‍යප රජ්ජුරුවො ගැන තමා හොයාගන්න වෙන්නෙ ....... කොහොමත් ඉස්සර කපපු ගල් පඩි පෙලකුත් තියෙනවනෙ

    Sigiriya532.jpg


    නංගි මේ පඩිපෙළ පාවිච්චි කලේ රජ කෙනෙක් කියල මට නං හිතෙන්නෙම නෑ. සමහර විට මම වැරදි ඇති!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නංගි මේ පඩිපෙළ පාවිච්චි කලේ රජ කෙනෙක් කියල මට නං හිතෙන්නෙම නෑ. සමහර විට මම වැරදි ඇති!
    මමත් කාල වකවානු හරියටම දන්නෑ අයියෙ
    ඒත් සීගිරි ගල පුරාම තැනින් තැන ඔය වගේ පඩි පෙලවල් දකින්න පුළුවන්, හැම පැත්තටම. ඒවා කොහෙන් මතු වෙනවද, කොහාට යන්න කපපු පඩිද කියලා හිතාගන්න බෑ වෙලාවකට.
    රජ කෙනෙක් නොගියත් ආරක්ෂකයො, සේවකයො වගේ අයවත් භාවිතා කරන්න ඇති මේ මාර්ග. කොහොමත් මෑතකදි කරපුව නොවෙන බව නම් පැහැදිලියි. අනික ගලින් වැඩ ගත්තෙ වැඩිහරියක්ම යක්කුයි කියනවනෙ.
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    39
    Mattegoda
    මමත් කාල වකවානු හරියටම දන්නෑ අයියෙ
    ඒත් සීගිරි ගල පුරාම තැනින් තැන ඔය වගේ පඩි පෙලවල් දකින්න පුළුවන්, හැම පැත්තටම. ඒවා කොහෙන් මතු වෙනවද, කොහාට යන්න කපපු පඩිද කියලා හිතාගන්න බෑ වෙලාවකට.
    රජ කෙනෙක් නොගියත් ආරක්ෂකයො, සේවකයො වගේ අයවත් භාවිතා කරන්න ඇති මේ මාර්ග. කොහොමත් මෑතකදි කරපුව නොවෙන බව නම් පැහැදිලියි. අනික ගලින් වැඩ ගත්තෙ වැඩිහරියක්ම යක්කුයි කියනවනෙ.

    ඔව් ඒක වෙන්න පුළුවන්.
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    272
    0
    in a dark cell
    සීගිරි බිතු සිතුවම්​


    අති රමණීය සෞන්දර්යාත්මක වටිනාකමින් පිරි සීගිරිය ලාංකිකයා සතු දායාදයක් ලෙස පෙන්වා දිය හැකිය.
    බු.ව. 5 වන සියවසදී පළමුවන කාශ්‍යප රජතුමා විසින් මෙහි බලකොටුවක් ඉදිකරමින් පර්වතය මුදුනේ මාලිගාවක්ද ඉදිකරවීය.මාලිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව සිංහ මුඛයක් තුලින් වූ බැවින් සීගිරියට සීගිරිය යන නාමය තබන ලදී. තවද කලා ලැදි කාශ්‍යප රජතුමා සීගිරිය පාමුල ජල උද්‍යාන, දියමල්, පොකුණු, රාජසභා මණ්ඩපය, මහල් උයන්, දිය අගල් සහ ආරක්ෂක පවුරුද සීගිරි පර්වතයේ බටහිර පැත්ත බිතුසිතුවම් වලින්ද සරසන ලදී.

    සීගිරි අප්සරා රූප ගණනින් 500 කට අධිකව තිබූ බව එහි කැටපත් පවුරේ ලියවුන ගීයකින් පෙන්නා දෙයි. එහෙත් අද ඇත්තේ බිතුසිතුවම් පමණි. ක්‍රි.ව. 8-9 වන සියවස් තුළ ලියවුන කුරුටු ගී වලින් සීගිරි ලඳුන් ගැන අදහස් සහ වර්ණනා ගෙන එයි.


    සීගිරි සිතුවම් පිලිබඳ අදහස්​

    සීගිරි සිතුවම් වලට තේමාවී තිබෙන්නේ වළාකුළු අතරින් මතුවී එන ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිරි සුරූපී ලලනාවනේ උඩුකය රූපය.

    lion_rock_cave_paintings.jpg


    01. සීගිරි සිතුවම් පිළිබඳව ආචාර්ය එම්.සී.පී බෙල් මහතාගේ මතය වූයේ මෙම කාන්තාවන් සීගිරියට නුදුරින් ඇති පිදුරංගල විහාරයට බුදුන් වැඳීම පිණිස මල් ඇතැතිව ගමන් කරන බවය.

    02. එහෙත් ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වූයේ දිව්‍ය අප්සරාවන් ඔවුන්ගේ සේවිකාවන් සමඟ සීගිරියට පැමිණ මල් වැසි වස්සන බවය.

    03. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඉහත සඳහන් මතවලට වඩා වෙනස් අරුතක් දෙමින්, මෙහි රන්වන් ලඳුන් විජ්ජු කුමාරි හෙවත් විදුලියද, තද පැහැති ලඳුන් මේඝලතා හෙවත් වළාකුළු වශයෙන්ද පෙන්නා දෙන ලදී.



    සිතුවම් ඇඳීම​

    සිතුවම් ඇඳීමේ පළමු පියවර ලෙන් බිත්ති තලය ඔප මට්ටම්ව සකස්කර ගැනීමය. මේ සඳහා දහයියා, වැලි, මැටි, හුණු සහ දිවුල් මැලියම් මිශ්‍රණයක් යොදාගෙන ඇත. මිශ්‍රණයෙන් කපලාරුව කරගත් බිත්ති තලය මත සුදු මකුල් මැටි ආලේපනයක් තවරා ගන්නා ලදී. එසේ සුදු පාටින් පිළියෙල කරගත් තලය මත අවශ්‍ය රූප අඳින ලදී . පළමුව රේඛාවෙන් සලකුණු කරගත් රූප පසුව වර්ණයෙන් සරසන ලදී.

    ඇතැමෙකුගේ මතය වන්නේ චිත්‍ර තෙත බිත්ති මත අඳින ලද බවයි. චිත්‍ර බොහෝ කාලයක් වර්ණ නෙවෙනස්ව පැවතීමත්, වැරදුන රේඛා එසේ පැවතීමත් ඉහත සඳහන් අදහසට හේතුව විය හැකිය.
    " ප්‍රෙස්කෝ බුවනෝ" නමින් හඳුන්වන්නේ එවැනි සිතුවම්ය. සුදු කහ රතු කොළ සහ කළු යන වර්ණවල ප්‍රභේද යොදාගනිමින් සීගිරි සිත්තරා තම සිතුවම් ත්‍රිමාණ ලක්ෂණ මතුවන සේ නිරූපණය කිරීමට සමත් වූ බව පෙනේ.

    තවද විද්වතුන්ගේ අදහස් වලට අනුව අනුරාධපුර යුගයට අයත් සීගිරි බිතුසිතුවම් වල ශෙලිය හා වර්ණ ඉන්දියාවේ අජන්තා සිතුවම් වලට සමානය. අජන්තාවේ අංක 01 දරණ ගුහාවේ ඇඳ ඇති
    " පද්මපාණි බෝධිසත්වයෝ " සිතුවම් කලා ලක්ෂණ සීගිරි සිතුවම් වලට ඉතාම සමීප බව පෙන්වා දිය හැකිය.

    දේශීය චිත්‍ර කලාව ගැන විමසන විටද සීගිරි සිතුවම් හා පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි සිතුවම් බොහෝ දුරට සමානකම් දක්වයි.

    තවද මෑත කාලයේදී පළමුවරට සීගිරි සිතුවම් පිටපත් කරන ලද්දේ ප්‍රසිද්ධ වැඩ දෙපර්තමේන්තුවේ ඉන්ජිනේරුවකුව සිටි "මරේ " නම් මහතා විසිනි. තවද, කලකට ඉහතදී අවාසනාවන්ත අන්දමින් විනාශයට පත්වූ සීගිරි සිතුවම් යථා තත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික " ලුසියානෝ මරන්සි" මහතා විසිනි.



    සීගිරි සිතුවම් ( කලා ලක්ෂණ )


    "දිමුත් වරලසේ නිල්දුල්වන්
    මල් ගවසමින පැහැබර තමා සිනවින් රන්වන්
    අවන් සිත්ගත්"



    " රන්වන් තැනැත්තිය දීප්තිමත් නිල් කෙස් වැටියෙන් බබළන පැහැ ඇති මල් ගවසමින් තමාගේ පැහැබර සිනහවෙන් පැමිණියවුන් සිත් ගත්තාය "


    මෙහි කුමාරිකාවන් රන්වන් පැහැයෙන්ද; සේවිකාවන් තරමක් අඳුරු පැහැයෙන්ද යුක්තය. තවද කුමාරිකාවන් උඩුකය දුහුල් සැට්ටයකින් සරසා ඇත. එහෙත් සේවිකාවන්ගේ උඩුකය තන පටියකින් යුක්තය. දෙපිරිසම යටිකය වසාගෙන සිටින්නේ කහ, රතු, කොළ පාට වැටුන වස්ත්‍ර වලිනි.

    sigiri_fresco.jpg


    තවද, සේවිකාවන් මල් කූඩා අතැතිව තම කුමාරිකාවන් පසුපස ගමන් කරන අතර එක් කුමාරියක් මල් පොපියවන්නා සේද, තවත් කුමාරියක් මල් ගෙන ඒවා වළාකුළු අතර රඳවන්නට යන්නාසේද නිරූපණය කරයි. මේ අතර සන්ගීත භාණ්ඩයක් වැනි යමක් අතින් ගෙන සිටින අප්සරාවක්ද වෙයි.

    sigiriya_frescoes.jpg



    සීගිරි අප්සරාවන් ස්ත්‍රී ලාලිත්‍යයෙන් යුක්තය. ඔවුන්ගේ දිගටි නෙත්- මද සිනහව-සුන්දර බැල්ම-පුන් පියයුරු-සිහිනිඟ-පුළුල් උකුල-ශෝභන අත්පා මෙයට සාධකයන්ය. තවද ස්ත්‍රීන්ගේ හිස සරසන ආභරණ-තෝඩු-මාල සහ මල් ගවසා ගත් වරලසද ස්ත්‍රීන්ගේ සුන්දරත්වයට හේතු වී ඇත.


    sigiriya_fresco.jpg



    තවද සීගිරි චිත්‍ර ශිල්පියා මහා රසවින්දනයකින් සහ ශිල්පීය දක්ෂතාවයකින්ද පිරිපුන් අයෙකි. ඔහුගේ රේඛා ශෙලීය ජීවයෙන් පිරී ඇත. චිත්‍රයේ රේඛා හසුරුවා තිබෙන්නේ ත්‍රිමාණ ලක්ෂණ මතු කෙරෙන පිළිවෙලටය. මෙහි හැඟීම් ප්‍රකාශනය රසවත්ය. වර්ණයන්ගේ අඩුවැඩි භාවයත් ජීවමාන රේඛාවත් නිසා රූපවල ත්‍රිමාණ ලක්ෂණ වඩාත් හොඳින් මතු වී පෙනෙයි. එය ශිල්පීය දක්ෂතාවයකි.





    උපුටා ගැනීම

    " චිත්‍ර කලාව සඳහා කලා ඉතිහාසය " කෘතිය
    ලාල් පෙරේරා



    සිතුවම් ගත්තේ මෙතැනින්

     
    • Like
    Reactions: Amalka101

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සීගිරි බිතු සිතුවම්​



    අති රමණීය සෞන්දර්යාත්මක වටිනාකමින් පිරි සීගිරිය ලාංකිකයා සතු දායාදයක් ලෙස පෙන්වා දිය හැකිය.
    බු.ව. 5 වන සියවසදී පළමුවන කාශ්‍යප රජතුමා විසින් මෙහි බලකොටුවක් ඉදිකරමින් පර්වතය මුදුනේ මාලිගාවක්ද ඉදිකරවීය.මාලිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව සිංහ මුඛයක් තුලින් වූ බැවින් සීගිරියට සීගිරිය යන නාමය තබන ලදී. තවද කලා ලැදි කාශ්‍යප රජතුමා සීගිරිය පාමුල ජල උද්‍යාන, දියමල්, පොකුණු, රාජසභා මණ්ඩපය, මහල් උයන්, දිය අගල් සහ ආරක්ෂක පවුරුද සීගිරි පර්වතයේ බටහිර පැත්ත බිතුසිතුවම් වලින්ද සරසන ලදී.

    සීගිරි අප්සරා රූප ගණනින් 500 කට අධිකව තිබූ බව එහි කැටපත් පවුරේ ලියවුන ගීයකින් පෙන්නා දෙයි. එහෙත් අද ඇත්තේ බිතුසිතුවම් පමණි. ක්‍රි.ව. 8-9 වන සියවස් තුළ ලියවුන කුරුටු ගී වලින් සීගිරි ලඳුන් ගැන අදහස් සහ වර්ණනා ගෙන එයි.


    හරිම වටින විස්තරයක් සූරි, බොහොම ස්තුතියි
     
    • Like
    Reactions: ZurieL