සීගිරි ළඳකගෙ අම්මෙක් ඉකිබිඳියි!
රජු යනු අන්තිම සල්ලාලයෙකි. ඒ සඳහා නීතියෙන් ද සම්ප්රදායයෙන් ද ඔහුට අවසර තිබේ. මේ අනුව ගම්දනව්වල ගැටිස්සියන් රජුගෙන් බේරා ගැනීම අපහසු ය. එහෙත් නුවණක්කාර අම්මලා එක් උපාය මාර්ගයක් භාවිත කළහ. එනම්; ළාබාල තරුණියන් කිසිවකුට නො පෙන්වා ගෙයි මුල්ලේ සඟවා තැබීම ය.
මගෙ පැදුරෙන් මිදී කෙල්ලට
වාසලට යන්නට වුණා
අනේ ඒකිගෙ කැකුළු ඇඟ කඳ
හැම වෙලාවෙම සිහිවුණා
මාලිගාවෙන් අපේ ගෙපැලට
තෑගි - බෝගත් හිමි වුණා
සිහිල් ජල කෙළි - දුහුල් සළුපිළි
දුවට හිමි බව සැලවුණා
මහා සීගිරි ගලේ මුදුනත
උඹේ රුව සිත්තම් වුණා
එය බලන්නට හොරෙන් හවසක
මාත් එතනට ගොඩ වුණා
කරඬුවක් වගෙ උඹේ උඩුකය
අනෙක් උන් මැද දිලිසුණා
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළුගල සෙලවුණා
පපුව ටික - ටික මෙෙළක් වෙන කොට
එන්න වෙයි මං දන්නවා
උඹේ දූවිලි සුවඳ තැවරුණු
පැදුර තාමත් තියෙනවා
දැනුත් සීගිරි සිංහයා
කට ඇරන් ඉන්නව පේනවා
ඒ ඉසව්වෙන් යද්දි මං
පොඩි කෙල්ල හංගා ගන්නවා
- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
සංකීර්ණ හැඟීම් ගණනාවක් දනවන අපූරු කවි පෙළකි. පළමුව අප සිහියට නැඟෙනුයේ අම්මා ය. පොදුවේ ගත් කල අපේ පෙරදිග මව ය. ඇය තරුණ දියණියක කෙරෙහි දක්වන ආදරය, කරුණාව, බිය, අවිශ්වාසය පමණක් නො ව; ඇය දියණිය කෙරෙහි දල්වන අපේක්ෂා ද මින් ඉස්මතු කෙරේ. දෙවනුව අප සිහියට නැඟෙනුයේ ඒකාධිපති රජෙකි. රජුගේ සල්ලාල ජීවිතය, ලිංගික සූරාකෑම, බලහත්කාරය පමණක් නො ව; ඔහුගේ අශිෂ්ටත්වය ද මින් චිත්රණය කෙරේ. තෙවනුව අප සිහියට නැඟෙනුයේ සීගිරි අප්සරාවන් ය. සීගිරි අප්සරාවන් ගැන විවිධ මත පවතී. ඒ අතර මස්ඉඹුලගේ මතය වෙනස් ය. අලුත් ය. ඔවුන්ගේ සුන්දර වත හා කඳ යටින් දුක්බර කතාවක් තිබෙන්නට හැකි බව මස්ඉඹුල අපට මතක් කර දෙයි.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියකු මෙන් ම නවකතාකරුෙවක් ද වේ. ඔහුගේ “ඇහිපියන් ඇහැරිලා” නම් කාව්‍ය සංග්රහයෙහි මේ කවිය ඇතුළත් ය. එහෙත් මේ ප්‍රබන්ධය පත්තර කවි පිටු ගණනාවක ද පළ වී තිබිණි. එය මා ඇස ගැටුණේ ද පත්තර පිටුවක් ඔස්සේ ය. දුටු මතින් ආකර්ෂණය දිනාගන්නා නිර්මාණයකි. සිරස ලෙස යොදා තිබුණේ “සීගිරි ළඳකගෙ අම්මෙක්” යන්න ය. එම අදහස ම තවත් තීව්ර වන ලෙස “සීගිරි ළඳකගෙ - අම්මෙක් ඉකි බිඳියි!” යනුවෙන් හෙඩිම වෙනස් කළෙමි. මෙබඳු කොලමකට ඒ හෙඩිම වඩාත් ගැළපෙයි.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ නිර්මාණ තුළ අපට පෙනෙන විශේෂතා තුනක් තිබේ.
(I) ඔහු සිදුවීම් නිරීක්ෂණය කරයි. පොදු සමාජය නො දකින දෙයක් ඉස්මතු කරයි.
(II) ඔහු බොහෝ විට අතිශය සංවේදී ය. එලෙස ම හැම විට ම පාහේ කතාන්දරයක් කීමට වෑයම් කරයි.
(III) මස්ඉඹුලගේ භාෂාව හැම විට ම පාහේ ජනවහරට ළං වෙයි.
මේ කවියේ නිමිත්ත සීගිරි අප්සරාවක විය හැකි ය. ඇතැම් විට ළාබාල යෞවනියකගේ විවාහ මංගලෝත්සවයක් විය හැකි ය. ඇතැම් විට තරුණ දියණියක ගැන තැවෙන අම්මා කෙනකු වන්නටත් පුළුවන. තවත් විටෙක ළමා අපහරණයක් වන්නටත් පුළුවන. කුමක් වුව මවක හා තරුණ දියණියක ප්‍රබන්ධයට විෂය වී තිබේ.
සමාජ අත්දැකීම අනුව අපට පෙනී යන එක් සත්‍යයක් වන්නේ දියණිය තම මවගේ ආදරය, කැපවීම හා කරුණාව නො දන්නා බව ය. නූතන සමාජයේ තරුණ දියණියෝ මවට හෙවත් තමන්ගේ අම්මාට කතා කිරීමට පවා නො දනිති. ඔයා, තමුසේ, උඹ, ගෙදර ගෘහමූලික පමණක් නොව “ගෑනි” යනුවෙන් අම්මා අමතන දියණියන් ද අපට හමු වී ඇත. එබඳු අශිෂ්ට හා අකාරුණික දියණියන්ට ද මේ කවි පෙළෙන් හොඳ පණිවිඩයක් ලබා දෙයි.
කවි පෙළෙන් එක්තරා කතාන්දරයක් ඉදිරිපත් කෙරේ. ඒ මෙලෙස ය. රජු වෙස්වළාගෙන ගම්මානයක සංචාරය කරයි. එක්තරා දිය කඩිත්තක් අබියස දී ඔහුට සුරූපී - ළාබාල යෞවනියක් මුණ ගැසේ. ඇයගේ ළපටි රුවට ලොබ බඳින රජු ඇය මාලිගාවට කැඳවාගෙන යයි. ඇයට ඇතොවුර ලලනාවක ලෙස හෙවත් යකඩ දෝලියක ලෙස දිවි ගෙවන්නට සිදු වේ. තරුණියගේ පවුලට තෑගි - බෝග හා වෙනත් දේ ලැබෙයි. එහෙත් මව පසුවන්නේ ශෝකයෙනි. හේතු ගණනාවක් තිබේ. එක; මේ අත්දැකීම කාටත් නුහුරු ය. අනාගතයේ තරුණියට කුමක් සිදුවේ ද යන්න අවිනිශ්චිත ය. දෙක; මේ තරුණිය ළාබාල ය. අත්දැකීම් නැත. රජු ඈ රැගෙන යන්නේ රති කෙළිය සඳහා ය. තුන; රජු සමඟ ජීවිතය දුෂ්කර ය. අන්තරාය දායක ය. සුළු පමාවකින් හිස් ගැසුම් කෑමටත් සිදු වේ.
මේ මව හොර රහසේ තම දියණිය ගැන තොරතුරු සොයයි. ඇගේ සැප - දුක ගැන බලයි. ඇයට දකින්නට ලැබෙන්නේ තම දියණියගේ රුව සීගිරි සිත්තම් අතර ඇති බව ය. ඒ රුව අනෙක් ඇතොවුර කතුන්ගේ රුවට වඩා ආකර්ෂණීය බව ඇයට දැනෙයි. මෙයින් ප්‍රකාශ වන්නේ අම්මා තම දියණිය ගැන දක්වන අසීමිත ආදරය යි.
“කරඬුවක් වගේ උඹේ උඩුකය
අනෙක් උන් මැද දිලිසුණා”
තරුණිය මහේශාක්‍ය ලෙස වැජඹුණත් අම්මාට සැනසීමක් නැත. ඇය දුප්පත් ගැහැනියක වුව රජුගේ පිළිවෙත දනී. ඒ නිසාම බලවත් ශෝකයක් හා අවිනිශ්චිත බවක් ඇයට දැනෙයි. ඇයට රජු කෙරෙහි කෝපයක් ද හටගනී. එහෙත් කළ හැක්කක් නැත.
“පපුව ටික - ටික මෙළෙක් වෙනකොට
එන්න වෙයි මං දන්නවා”
කවියා දීර්ඝ කතාවක් ඉතා ලුහුඬින් දක්වයි. ස්ත්‍රියගේ ශරීරය වැහැරෙන විට රජු ඇය ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය සිරිත ය. ළාබාල තරුණියගේ සාරය රජු විසින් උරා ගන්නා ලද බව ද, ඉනික්බිති ඇය රොඩ්ඩක් සේ ඉවත දමනු ලබන බව ද මෙයින් හැඟේ. තරුණිය රජු සමඟ යන්නේ කැමැත්තෙන් නොවන්නට පුළුවන. ඇය රජු සමඟ යහන්ගත වන්නේ කැමැත්තකින් නො වන්නට පුළුවන. තරුණියට පෙම්වතකු සිටියා වන්නටත් පුළුවන. එහෙත් ඒ සියල්ල රජ අණට යටත් ය. කුමක් වුව ඇය ආපසු එන දිනෙක සතුටින් භාරගන්නට අම්මා සැදී පැහැදී සිටී.
“උඹේ දූවිලි සුවඳ තැවරුණු
පැදුර තාමත් තියෙනවා”
මේ පැදුර දෙස බලමින් අම්මා ඉකි බිඳින්නට ඇත. ඇය කුඩා කල මේ පැදුරේ වක ගැසී නිදන අයුරු අම්මාට සිහි වෙන්නට ඇත. අම්මා රජු දකින්නේ ස්ත්‍රී දූෂකයකු ලෙස ය. එහෙයින් ම ඇය ඊළඟ දෝණිය හෙවත් පුංචි කෙල්ල සල්ලාලයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගනී. අම්මාගේ ආදරය, කරුණාව හා පරිණතභාවය පහත එන පේළි කිහිපයෙන් මනාව ධ්වනිත වේ.
“දැනුත් සීගිරි සිංහයා
කට ඇරන් ඉන්නව පේනවා
ඒ ඉසව්වෙන් යද්දි මං
පොඩි කෙල්ල හංග ගන්නවා”
කවියා අපේ වැඩිහිටි පරම්පරාවට ම අලුත් පණිවිඩයක් ලබා දෙයි. ඒ නුඹලා තමන්ගේ තරුණ ගැටිස්සියන් ආරක්ෂා කර ගත යුතු බවට ය. අතීතයේ නම්; ලොකුම සල්ලාලයා, කාමුකයා රජු පමණි. නූතන සමාජයේ සල්ලාලයෝ ඕනෑතරම් සිටිති. සල්ලිකාරයන්ගෙන් වැඩි දෙනා සල්ලාලයෝ ය. ස්ත්‍රී දූෂකයෝ ය. ඔවූහු විවිධ වෙස්ගෙන තරුණ ගැටිස්සියන් බිලි ගැනීමට එති. ළපටි තරුණිය යනු මේ සල්ලාලයන්ගේ කෙළ හැෙලන අපූරු භාණ්ඩයෙකි. උන් ළඟ ශිෂ්ටත්වය නැති බැවින් ද, මනුෂ්‍යත්වය නැති බැවින් ද උන් සතුන්ට ම උපමා කිරීම යුක්ති සහගත ය. නූතන සමාජය පුරා ම බලු සිංහයෝ සිටිති. උන්ගෙන් යෞවනියන් රැකගත යුතු ය. බලය නැති, ධනය නැති අම්මාට එය කළ හැක්කේ දියණිය සඟවා තැබීමෙන් ය. කෙතරම් අසරණ ද? කෙතරම් භයානක ද?
අතීතයේ රජවරුන්ගේ කාමුක ජීවිතය හා නූතන ධනපතියන්ගේ සල්ලාල ජීවිතය අතර ඒ හැටි වෙනසක් නැත. රජවරු උයන් කෙළි, දිය කෙළි මධුපානෝත්සව පවත්වමින් ස්ත්‍රීන් සමඟ නන්නත්තාරේ හැසිරුෙණා් ය. නූතන ධනපතියන්ට එම කටයුතු කර ගැනීම සඳහා හෝටල් තිබේ. නයිට් ක්ලබ් තිබේ. ළාබාල ස්ත්‍රීන් සපයන ස්ථාන හා ව්‍යාපාර ද තිබේ. ධනපතියා කළ යුත්තේ යහමින් මුදල් වීසි කිරීම පමණි. බොහෝ විට මීට බිලි වන්නේ දුප්පත් - අහිංසක එහෙත් සුරූපී තරුණිෙයා් ය. මේ සමාජ විසමතාව පිළිබඳ ඉඟියක් ද මස්ඉඹුලගේ පැදි පෙළෙන් ඉදිරිපත් කෙරේ.
පැදි පෙළෙන් මතු වන අපූරු යෙදුම් කිහිපයක් ද තිබේ. අනේ ඒකිගෙ කැකුළු ඇඟ - පත, කරඬුවක් වගෙ උඹේ උඩුකය, පපුව ටික - ටික මෙෙළක් වෙන කොට යනු එම යෙදුම් ය. පපුව ටික - ටික මෙෙළක් වෙන කොට යනු මස්ඉඹුලගේ සංයමයට කදිම නිදසුනකි. ඔහු වචන කිහිපයකින් සිදුවීම් ගණනාවක් නිරූපණය කරයි. එකක් නම්; ළාබාල කැකුළු ගැටිස්සිය නාස්ති වී වැහැරී විකෘති වී යෑම ය. තවදුරටත් ඇය නැවුම් නැත. තවදුරටත් ඇය ආකර්ෂණීය නැත යන අරුතක් ඉන් ගම්‍ය වේ. සියල්ලට වගකිව යුත්තේ රජු ය. ලිංගික සූරා කෑම අප සිහියට නැඟේ.
ආසියාවේ හා අප්‍රිකාවේ ගැහැනිය ලිංගික සූරා කෑමට වඩ - වඩාත් ගොදුරු වන බව සත්‍යයෙකි. එක අතෙකින් මේ කලාප දෙකෙහි ම ස්ත්‍රියගේ නිදහස සීමා වී ඇත. තව අතෙකින් අපේ සමාජ යුරෝපය සමඟ සසඳන විට නො දියුණු ය. ඉන්දියාවේ ළමා විවාහ, ඇෆ්ගනිස්ථානයේ වැඩිහිටි පිරිමින් ඉතා ළාබාල දැරියන් ආවාහ කර ගැනීම, මැද පෙරදිග බහු භාර්යා සේවනය, ශ්‍රී ලංකාව වැනි රටවල ස්ත්‍රී දූෂණ ආසියාවේ ලිංගික සූරා කෑමට නිදසුන් ය. අප්‍රිකානු රටවල ගෝත්‍රික චාරිත්‍ර ලිංගික සූරා කෑමට කෙළින් ම සම්බන්ධ ය. ඒ හැරෙන්නට ආගමික කල්ලි හා ත්‍රස්ත කල්ලි ප්‍රසිද්ධියේ ම ස්ත්‍රී දූෂණයෙහි යෙදෙති. මේවා සැලැකිය හැක්කේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ය. මස්ඉඹුලගේ මේ ප්‍රබන්ධය ඔස්සේ අපේ සිතිවිලි බොහෝ ඈතට ගමන් කරයි.
කවියා මේ ප්‍රබන්ධය ඉදිරිපත් කරන්නේ අම්මාගේ දෘෂ්ටියෙන් ය. මෙහි එන අම්මා නූගත ගැමි ගැහැනියෙකි. ඇයගේ දුක්ගැනවිල්ලට උචිත ජන වහර මස්ඉඹුල මැනැවින් ගළපා ගෙන තිබේ. ගොඩ වුණා, සෙලවුණා, දිලිසුණා, සැලවුණා යන ලෙසින් අම්මාගේ හැඟීම් ප්රකාශනය තීව්ර කරගෙන තිබේ.
කාලයකින් කියවන්නට ලැබුණු අපූරු කවියෙකි. මෙහි එන ගැටිස්සියගේ හා රජුගේ සම්බන්ධය ගැන සිතන විට විලියම් බ්ලේක්ගේ ප්‍රකට නිර්මාණයක් වූ “ද සික් රෝස්” නම් කවිය අප සිහියට නැඟේ. එහි එන රෝස මල විනාශ වන්නේ රාත්‍රී - අඳුරේ කඩා වදින උණුසුම් ආදරයක් නිසා ය.
රන්ජන් අමරරත්න
සිළුමිණ

Aththa kathwa bnz 
rep added