සුන්දර ගීයක ඇරබුම,..

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    කියන්න දේවල් ගොඩක් තියනව.. සස්ලිට් සහෝදරය.. අපේ දෝස්තර මහත්ය( දත් කිබුල සහෝදරයා) සහ මෙහි පෝස්ටදාන කියවන සියලුව සහෝදර සහෝදරියනි.. මම මේ නූල ආරන්බයේ පටන්ම ඉන්නව.. මේකෙ අද වෙනකම් පලවුන හෑම අකුරක්ම මමකියවල තියනව.. ඒත් මිත්ත්‍රර වරුනි... අපි නිසා සසිලිට් සහෝ සහ දෝස්තර මහත්තය මුහුන දෙන ප්‍රශ්න දිහා බලකොට හිතට කොච්චර දුකක් දෑනුනත් මේනූල අහවර කරමු කියා ඉල්ලා සිටිනව

    එකපාරක් රෑඉරපාන අරන් ගෑන කියාගෙන ආපු සහෝදරයෙක් සසිලිට් සහෝදරයාට චෝදනා කලා.. ඉන්පසුන.. ඔහුගේම නිදාන කතා හොරකම් කරල ලොවෙත් නෑ පේජ් එකේ දාල සහ එලකිරියෙම වෙනත් නූලක් අරබල... ඒ කරල චෝදනා කරනව මේක රිද්ම පත්‍රයෙන් ගත්ත එකක් කියල..
    ඔක්කෝටම වඩා හපන්.. දෑන් එකෙක් ඈවිත් බොන පාර්ට්ගෙ යාලුවෙක් කියල සසිලිට් සහෝ දරයට සාප කරනව.. ලංකාවෙ මේ වගේ මන්දබුද්දික යො නොහිටින්න අද ලංකාව ලෝකෙ තියන උසස්ම රට වෙලා..

    එක්වරක් මෙමෙ නූල නෑවෙත්තුවහම මම එලකිරීකෙන් ගියා.. සසිලිට් සහෝදරය මට දුරකතනයෙන් කතා කරල නෑවත මෙය පටන් ගත්ත කියල කිවුවහම වෙලාව රෑ 01.30.. මෙහෙම මිනිස්සුන්ටයි උබල ඔය චෝදනා කරන්න්නෙ..

    මම රෑ ඉරපාන ප්‍රශ්නයේදින් කිව්වා මේ වෙන්න යන්නෙ මේ නූලෙ තියන විචාර හොරාගෑනීමක් කියල. අද ඒ දේ සිද්දවෙලා..
    අපිවෙනුවෙන් රෑනිදි වරාගෙන,, ඈගිලි රිදෙනකම් ටයිප් කරල මෙහි විචාර පල කරන ඔබලා... ඒ නිසාම ලබා ගත් නින්දා අපවාද ඈති.. ඕනෙවටත් වඩා ඈති
    මට දුකයි යාලු කොහෙදවත් යන පඩත්තර සොකඩ සෙවලයො උබලට ආර්තමාර්තකාමි කියනවට, උබල විචර කෙහෙන් හෝ උස්සපුවයි කියල බොරු චෝදනා කරනවට උබලට චෝදනා කරනවට.. උබලගෙ මහන්සිය කිසිම හිරිකිතයක් නෑතුව කොපි පේස්ට් කාරල යම් යම් ලාබ ලබනවට.

    උබල කෑමති තීරනයක් ගනින්.. උබල මොන තීරනයක් ගත්තත් මම නම් උබල සමගම ඉන්න බව සිහියේ තියාගනින්..

    උබල හෑමෝටම බුදුසරනයි.. ජේසුපිහිටයි

    කියල වැඩක් නෑ මචං.දාහක් වැඩ අස්සේ අපි ඇවිල්ල යමක් ඉගෙන ගන්න තැන..කාලෙන් කාලෙට මොකෙක් හරි එනවනේ බන් මේක කන්න..:angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sasliit;12479884[B said:
    [/B]
    (සමාවෙන්න, මට සුන්දර මිනිසුන් සිටින නූලෙහි මෙම ගීතය පල කරන්න අවැසි නිසයි මේ කතාව දැම්මේ... මෙම කතාවෙන් ඔබේ රසවින්දනයට බාධාවක් සිදුවුණි නම් කියන්න... මම මෙය ඉවත් කරගන්නම්...)

    owa kiyala wadak naa ban munta... umbala umbalage wade karagena palayalla.... :rolleyes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113

    අඩෝ සොමි කරුමේ..
    නිකන් සුම්මට අකාගන්නේ නැතුව මෙතිනන් පල , අපිට පාඩුවේ අපේ ආතල් එක ගන්න දීලා..
    :angry::angry::angry::angry::angry::growl::growl::growl::growl::growl::growl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113
    හිතවත් සස්ලිට්,
    ඔය මේ කතාව මෙහෙම රස කරලා කීවට දන්නා උදවිය දන්නවා ඇත්ත කතාව මොකද්ද කියල.

    ඇත්ත කතාව කියන්න මොකටද බන් මේ හදිස්සියෙ අලුත් එකකින් ආවෙ.....?
    :rofl::rofl::rofl::rofl:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ප්‍රශ්ණ අමතක කරන්න යාළුවනේ විචාරයකදී හොද නරක දෙකම ලැබෙන්න ඕන... දැන් මට මේ නූල නිසා අහපු බැනුම් කන්දරාවත්, ලැබුනු වර්ණනා කන්දරාවත් නිසා දෙකම ගානක් නෑ... අපිට දැනෙන හැගෙන දේ අපි ලියමු... කෙහෙදිවත් අපි නම් පාවිච්චි කරන්නෙ නෑ මඩ ගහන්න... මේ සියල්ලම අමතක කරන්න.. දැන් මේ විචාරය කියවන්න..

    ආදරණීය පියවරුනට මෙය උපහාරයක්ම වේවා...!!!

    අද ඔබට මම ගෙන ආ මේ ගීතය ගායනා කරන්නේ කාන්තාවක් (සුජාතා අත්තනායක)... මේ ගීතය මට මතක ඇති කාලෙකදි මම අහුවෙ දෙතුන් සැරයයි... ඒත් පද හොදටම මට හුරුයි.. හොදට පාඩම්.. ඊටත් වඩා මේ ගීතය අහද්දි මට දැනෙන්නෙ පිරිමි කෙනෙක් කියනවා වගේ... හරිම පුදුමයි... මටම හිතා ගන්න බෑ ඒ ගැන... මේ ගීතය අහන සෑම විටම මට සුජාතා අත්තනායකට එහා ගියපු කට හඩක් ඇහෙනවා... හරියට මනස ඇතුලේ දෝංකාර දෙනව වගේ.. මීට වසර කිහිපයකට කලින් ඊට හේතුව මට වැටහුනා.. මේ එම හේතුව මා දැනගත් මොහොතේ කාතාවයි..

    දවසක් මම මේ ගීතය ටිකක් සද්දෙට දාගෙන රසවින්දනය කරමින් ඉන්න විටදි මට පේනවා අපේ අම්මා මිදුල අතුගාමින් හෙමීට මේ ගීතය ගයනවා.. ඇය හරි ආසාවෙන් සතුටින් ගීතය ගායනා කරනවා.. මිදුල අතුගාන්නෙත් ගීතයේ තාලයට... හරිම ලස්සනයි.... ඇයගේ දැහැනට බාධා නොකර මම බලාගෙන හිටියා..
    ටික වෙලාවකින් ගීතය අවසන් උනා.. ඇය දැහැනෙන් මිදී, ඇගේ පාඩුවෙ යළිත් මිදුල අතුගානවා.... මට ඒ සුන්දර දසුන තවත් විදින්න ඕනමයි... මම ආයෙත් ගිහින් මේ ගීතයම දැම්මා.... හෙමීට මිදුලට පැත්තට සේන්දු වෙන්න හදකොටම මෙන්න අම්ම ඇවිත් මගේ ලග...

    ඔයා ඔය ගීතයට ගොඩාක් ආසද...?

    ඔව් අම්මෙ ඇයි...?

    පුතේ පුතා ඉපදුනාට පස්සෙ පුතා ගොඩාක් අසනීප උනා... පුතාගෙ පපුවෙ සෙම... ඔයාට අවුරුද්දක් වෙනකල් ඔයා නිතරම හිටියෙ ඉස්පිරිතාලෙ... ඉස්පිරිතාලෙන් ගෙදර ආවම ඔයා කොයිවෙලේත් අඩන එක තමා කරන්නෙ... නිදා ගන්නෙම නෑ... මට නම් වෙලාවකට තරහත් එනව... අඩනව අඩනව ඉවරයක් නෑ... මට බෑ ඔයාව නලවගන්න... ඒ වෙලාවට පුතේ තාත්ත පුතාව අරගෙන සින්දුවක් කිය කිය ගේ වටේ ඇවිදිනවා... ඔන්න ඉතින් පුතා නිදි... ඉතින් මෙහෙම ඇවිදල ඇවිදල තාත්ත හෙමීට ගෙනත් ඔයාව මගේ ලගින් තියනවා... කොහෙද ඔයා අයෙ බෙරිහන් දෙනවා... තාත්ත ආයෙ ඔයාව අරගෙන ඇවිදිනවා... සමහර දවස්වලට මට නින්ද ගිහින්... ඒත් පුතේ තාත්ත ඔයාව වඩාගෙන සාලෙන් කුස්සියටයි, කුස්සියෙන් සාලෙටයි සින්දු කිය කිය ඇවිදිනවා....

    අපි කොහොම හරි පුතාව බේරගත්තා... ඔන්න ඔයාට අවුරුදු දෙකක් තුනක් විතර වෙනකොට උදේ පාන්දරම නැගිටිනවා... කෑ ගහල අඩනවා... තාත්ත කරන්නෙ ඔයාව අරගෙන එයාගෙ බඩ උඩින් තියාගෙන ආයෙ ඔයා නිදා ගන්නකල් සින්දු කියනවා.... ඔයා රෑට නිදි කරවන්න අපි කාටවත් බෑ... මටනම් කොහොමටවත් බෑ... තාත්ත කීයට හරි ගෙදර එනකල් ඔයා අවදියෙන්.. ගෙදර එකම යුද්ධයයි... තාත්ත ගෙට එන්නෙම කෝ මගේ පුතා කියල සින්දුව කියාගෙන, ඇවිත් ඔයාව බඩ උඩ තියාගෙන සින්දු කියනකොට තමා ඔයා නිදියන්නෙ... අපි කන්නෙ බොන්නෙ ඊට පස්සෙ.. වෙලාවකට අපිට හරි ආස හිතෙනවා ඔයා තාත්ත සින්දු කියනකොට ඒ තාලෙට කෙදිරි ගගා තමා නිදියන්නෙ... මම වෙලාවකට කියනව මෙයා ගියආත්මෙ ගායකයෙක් ද කොහෙදො කියලත්....

    ගොඩාක් දවස් වලට පාන්දර 2ට 3ට විතර ඔයා අවදි වෙනවා... අවදිවෙලා යටිගිරියෙන් කෑ ගහල අඩනවා... තාත්ත මහන්සි වෙලානේ ගෙදර එන්නෙ. ඉතින් එයා පව් කියල හිතල මම ඔයාව අරගෙන අනිත් කාමරයට යනවා... කොහෙද කිරිටික බොනකල් ඔයා ඉන්නවා.. ඊට පස්සෙ ඔයා අඩනවා... ඔන්න තාත්තට ඇහුනගමන් දුවගෙන එනවා... මටත් තාත්තගෙ අම්මටත් (ආච්චි) හොදටම බනිනවා... උඹල කොල්ල අඩවනවා කියල. අපෙන් ඔයාව අරගෙන ගිහින් ආයෙ එයාගෙ බඩ උඩ තියාගෙන සින්දු කියනවා... ඔයත් ඒ තාලෙටම ටික වෙලාවක් කෙදිරි ගානවා... බෙරිහන් දීදී අඩපු ඔයා මෙන්න නිදි....

    මට මතකයි එක දවසක් තාත්ත කොළඹ ගියා වැඩ වගයකට. එදා ඔයා අඩපු තරමක්... හුස්ම ගන්නෙවත් නැතිව අඩනවා... අපි බැරිම තැන ඔයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා... ඩොක්ටර් කියනවා මෙය ලෙඩක් නෙමෙයි කියලා... කොහොම හරි එහෙදි බෙහෙත් දීල නිදි කරවලා ඔයාව එක්කරගෙන ආවා... ගෙදර ගෙනත් පැයක් නිදන්න ඇති ඔයා ආයෙ අවදි වෙලා අඩනවා... මම දන්න විදියට සින්දු කිව්වට ඔයාට හරියන්නෙ නෑ... කොහොම හරි වෙලාවට තාත්ත ආවා... අනේ කොළඹ ඉදල ආපු මහන්සියවත් බලන්නෙ නැතිව ඔයාව බඩ උඩ තියාගෙන තාත්ත සින්දු කිව්වා ඔයා නිදියනකල්... මෙච්චර වෙලා අඩපු ඔයා මෙන්න කෙදිරි ගානව... පස්සෙ අපි බලනකොට තාත්තයි ඔයයි දෙන්නම නිදි... තාත්තටත් නින්ද ගිහින් මහන්සියට.... වෙලාවකට මට හරි ලෝබ හිතෙනවා ඔයා තාත්තගෙ පපුව උඩ නිදාගෙන ඉන්නව දැක්කම... ඔයාගෙ ආච්චි හැම තිස්සෙම කරන්නෙ ඒක බල බල සතුටට අඩන එක...

    පස්සෙ ඔයා ටික ටික ලොකුවෙනකොට අපි පුතා සින්දුවක් කියන්න කියල ඔයාට කීවම, ඔයා කට උල් කරගෙන කියන්නෙ අර තාත්ත ඔයාව නිදි කරවන්න කියපු සින්දුව...

    ඔයා ඔය දැන් අහපු ගීතය තමා ඔය හැම වෙලාවෙදිම තාත්ත ඔයාව නිදි කරවන්න කිව්වෙ... කොච්චර ඇහුවත් ඔයාට මදි... ඉතින් තාත්තත් ඔයා අඩන අඩන වාරයක් ගානෙම, ඔයාට නින්ද යනකල් ඔය සින්දුවම කියනවා... ලක්ෂවාරයකට වඩා ඔයා වෙනුවෙන් තාත්ත ඔය ගීතය කියන්න ඇති.....

    මෙන්න ගීතය....

    නව සංගීතයෙන්

    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    මං පොඩි කාලේ හඳ මාමා කිව්
    කතාව මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා
    ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා
    හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
    ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
    ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා

    අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
    චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා
    කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
    සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
    හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
    පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා
    ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ

    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    අපිව මේ තත්ත්වෙට ගේන්න අපි නොදන්නවට, අපිට මතක නැති උනාට සෑම පියතුමෙකුම.. කොතරම් නම් සුන්දර දුක් විදින්න ඇත්ද...? මගේ පියාණන්ට වගේම සියළුම පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා...!!!

    (සමාවෙන්න, මට සුන්දර මිනිසුන් සිටින නූලෙහි මෙම ගීතය පල කරන්න අවැසි නිසයි මේ කතාව දැම්මේ... මෙම කතාවෙන් ඔබේ රසවින්දනයට බාධාවක් සිදුවුණි නම් කියන්න... මම මෙය ඉවත් කරගන්නම්...)

    math podi kaale ohoma tamai lu. man nisa amma/thaththa ispirithale wala nidi marapu dawas ananthai ... :(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝ අපේ යාළුවෝ, කෝ පින්ක පැන්තර්,දත් කිඹුලා, යුසර්52, ගෝරා, විකියා, ධනුෂ්ක, තොමියන්, hrm, chamal89
    , IveyStyle අතුළු අනෙක් සියළු දෙනාම... මෙන්න අපේ විචාර ලෝකෙ වටේම ප්‍රසිද්ධ වෙලා... ඒ ඔබලා නිසයි... ඔබේ උනන්දුව හා මග පෙන්වීම නිසයි... ස්තූතියි සහෝදර සහෝදරියනි.. අපි වාද බේද අමතක කරමු... තවත් විචාරයක් දමා ඇති අදහස් දෙන්න අපිට දිරිමත් වීම සදහා ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කියන්න දේවල් ගොඩක් තියනව.. සස්ලිට් සහෝදරය.. අපේ දෝස්තර මහත්ය( දත් කිබුල සහෝදරයා) සහ මෙහි පෝස්ටදාන කියවන සියලුව සහෝදර සහෝදරියනි.. මම මේ නූල ආරන්බයේ පටන්ම ඉන්නව.. මේකෙ අද වෙනකම් පලවුන හෑම අකුරක්ම මමකියවල තියනව.. ඒත් මිත්ත්‍රර වරුනි... අපි නිසා සසිලිට් සහෝ සහ දෝස්තර මහත්තය මුහුන දෙන ප්‍රශ්න දිහා බලකොට හිතට කොච්චර දුකක් දෑනුනත් මේනූල අහවර කරමු කියා ඉල්ලා සිටිනව

    එකපාරක් රෑඉරපාන අරන් ගෑන කියාගෙන ආපු සහෝදරයෙක් සසිලිට් සහෝදරයාට චෝදනා කලා.. ඉන්පසුන.. ඔහුගේම නිදාන කතා හොරකම් කරල ලොවෙත් නෑ පේජ් එකේ දාල සහ එලකිරියෙම වෙනත් නූලක් අරබල... ඒ කරල චෝදනා කරනව මේක රිද්ම පත්‍රයෙන් ගත්ත එකක් කියල..
    ඔක්කෝටම වඩා හපන්.. දෑන් එකෙක් ඈවිත් බොන පාර්ට්ගෙ යාලුවෙක් කියල සසිලිට් සහෝ දරයට සාප කරනව.. ලංකාවෙ මේ වගේ මන්දබුද්දික යො නොහිටින්න අද ලංකාව ලෝකෙ තියන උසස්ම රට වෙලා..

    එක්වරක් මෙමෙ නූල නෑවෙත්තුවහම මම එලකිරීකෙන් ගියා.. සසිලිට් සහෝදරය මට දුරකතනයෙන් කතා කරල නෑවත මෙය පටන් ගත්ත කියල කිවුවහම වෙලාව රෑ 01.30.. මෙහෙම මිනිස්සුන්ටයි උබල ඔය චෝදනා කරන්න්නෙ..

    මම රෑ ඉරපාන ප්‍රශ්නයේදින් කිව්වා මේ වෙන්න යන්නෙ මේ නූලෙ තියන විචාර හොරාගෑනීමක් කියල. අද ඒ දේ සිද්දවෙලා..
    අපිවෙනුවෙන් රෑනිදි වරාගෙන,, ඈගිලි රිදෙනකම් ටයිප් කරල මෙහි විචාර පල කරන ඔබලා... ඒ නිසාම ලබා ගත් නින්දා අපවාද ඈති.. ඕනෙවටත් වඩා ඈති
    මට දුකයි යාලු කොහෙදවත් යන පඩත්තර සොකඩ සෙවලයො උබලට ආර්තමාර්තකාමි කියනවට, උබල විචර කෙහෙන් හෝ උස්සපුවයි කියල බොරු චෝදනා කරනවට උබලට චෝදනා කරනවට.. උබලගෙ මහන්සිය කිසිම හිරිකිතයක් නෑතුව කොපි පේස්ට් කාරල යම් යම් ලාබ ලබනවට.

    උබල කෑමති තීරනයක් ගනින්.. උබල මොන තීරනයක් ගත්තත් මම නම් උබල සමගම ඉන්න බව සිහියේ තියාගනින්..

    උබල හෑමෝටම බුදුසරනයි.. ජේසුපිහිටයි

    ලොවෙත් නෑ යනු දිනේශ් නම් අයෙකු විසින් අරගෙන යන පේජ් එකකි
    කිසිම නිර්මාණ ශීලී දෙයක් නොකරන ඔහු අනුන්ගේ බ්ලොග් වලින් අනුන්ගේ ත්‍රෙඩ් වලින් ලිපි උස්සමින් චා වැඩ කරමින් සිටී
    ඔහු එලකිරි තුලද ෆේක් එකවුන්ට් හදාගෙන ඇවිත් මාට්ටු වූ බව අමතක නොකරන්න එදා සිට එම අයිඩී දැක්කේ නැත

    කූල් ඩී එක් ෆේක් එකකි
    බ්‍රවෝ තව එකකි

    මොහු ගැන කවුරුත් දනිති

    http://www.elakiri.com/forum/showthread.php?t=1314685
    http://www.elakiri.com/forum/showthread.php?t=1313247
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කෝ අපේ යාළුවෝ, කෝ පින්ක පැන්තර්,දත් කිඹුලා, යුසර්52, ගෝරා, විකියා, ධනුෂ්ක, තොමියන්, hrm, chamal89
    , IveyStyle අතුළු අනෙක් සියළු දෙනාම... මෙන්න අපේ විචාර ලෝකෙ වටේම ප්‍රසිද්ධ වෙලා... ඒ ඔබලා නිසයි... ඔබේ උනන්දුව හා මග පෙන්වීම නිසයි... ස්තූතියි සහෝදර සහෝදරියනි.. අපි වාද බේද අමතක කරමු... තවත් විචාරයක් දමා ඇති අදහස් දෙන්න අපිට දිරිමත් වීම සදහා ....

    සෑම දාකම මෙන් චාමල්89 නම් ඉන්න්ව ඕනම දේකට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ප්‍රශ්ණ අමතක කරන්න යාළුවනේ විචාරයකදී හොද නරක දෙකම ලැබෙන්න ඕන... දැන් මට මේ නූල නිසා අහපු බැනුම් කන්දරාවත්, ලැබුනු වර්ණනා කන්දරාවත් නිසා දෙකම ගානක් නෑ... අපිට දැනෙන හැගෙන දේ අපි ලියමු... කෙහෙදිවත් අපි නම් පාවිච්චි කරන්නෙ නෑ මඩ ගහන්න... මේ සියල්ලම අමතක කරන්න.. දැන් මේ විචාරය කියවන්න..

    ආදරණීය පියවරුනට මෙය උපහාරයක්ම වේවා...!!!

    අද ඔබට මම ගෙන ආ මේ ගීතය ගායනා කරන්නේ කාන්තාවක් (සුජාතා අත්තනායක)... මේ ගීතය මට මතක ඇති කාලෙකදි මම අහුවෙ දෙතුන් සැරයයි... ඒත් පද හොදටම මට හුරුයි.. හොදට පාඩම්.. ඊටත් වඩා මේ ගීතය අහද්දි මට දැනෙන්නෙ පිරිමි කෙනෙක් කියනවා වගේ... හරිම පුදුමයි... මටම හිතා ගන්න බෑ ඒ ගැන... මේ ගීතය අහන සෑම විටම මට සුජාතා අත්තනායකට එහා ගියපු කට හඩක් ඇහෙනවා... හරියට මනස ඇතුලේ දෝංකාර දෙනව වගේ.. මීට වසර කිහිපයකට කලින් ඊට හේතුව මට වැටහුනා.. මේ එම හේතුව මා දැනගත් මොහොතේ කාතාවයි..

    දවසක් මම මේ ගීතය ටිකක් සද්දෙට දාගෙන රසවින්දනය කරමින් ඉන්න විටදි මට පේනවා අපේ අම්මා මිදුල අතුගාමින් හෙමීට මේ ගීතය ගයනවා.. ඇය හරි ආසාවෙන් සතුටින් ගීතය ගායනා කරනවා.. මිදුල අතුගාන්නෙත් ගීතයේ තාලයට... හරිම ලස්සනයි.... ඇයගේ දැහැනට බාධා නොකර මම බලාගෙන හිටියා..
    ටික වෙලාවකින් ගීතය අවසන් උනා.. ඇය දැහැනෙන් මිදී, ඇගේ පාඩුවෙ යළිත් මිදුල අතුගානවා.... මට ඒ සුන්දර දසුන තවත් විදින්න ඕනමයි... මම ආයෙත් ගිහින් මේ ගීතයම දැම්මා.... හෙමීට මිදුලට පැත්තට සේන්දු වෙන්න හදකොටම මෙන්න අම්ම ඇවිත් මගේ ලග...

    ඔයා ඔය ගීතයට ගොඩාක් ආසද...?

    ඔව් අම්මෙ ඇයි...?

    පුතේ පුතා ඉපදුනාට පස්සෙ පුතා ගොඩාක් අසනීප උනා... පුතාගෙ පපුවෙ සෙම... ඔයාට අවුරුද්දක් වෙනකල් ඔයා නිතරම හිටියෙ ඉස්පිරිතාලෙ... ඉස්පිරිතාලෙන් ගෙදර ආවම ඔයා කොයිවෙලේත් අඩන එක තමා කරන්නෙ... නිදා ගන්නෙම නෑ... මට නම් වෙලාවකට තරහත් එනව... අඩනව අඩනව ඉවරයක් නෑ... මට බෑ ඔයාව නලවගන්න... ඒ වෙලාවට පුතේ තාත්ත පුතාව අරගෙන සින්දුවක් කිය කිය ගේ වටේ ඇවිදිනවා... ඔන්න ඉතින් පුතා නිදි... ඉතින් මෙහෙම ඇවිදල ඇවිදල තාත්ත හෙමීට ගෙනත් ඔයාව මගේ ලගින් තියනවා... කොහෙද ඔයා අයෙ බෙරිහන් දෙනවා... තාත්ත ආයෙ ඔයාව අරගෙන ඇවිදිනවා... සමහර දවස්වලට මට නින්ද ගිහින්... ඒත් පුතේ තාත්ත ඔයාව වඩාගෙන සාලෙන් කුස්සියටයි, කුස්සියෙන් සාලෙටයි සින්දු කිය කිය ඇවිදිනවා....

    අපි කොහොම හරි පුතාව බේරගත්තා... ඔන්න ඔයාට අවුරුදු දෙකක් තුනක් විතර වෙනකොට උදේ පාන්දරම නැගිටිනවා... කෑ ගහල අඩනවා... තාත්ත කරන්නෙ ඔයාව අරගෙන එයාගෙ බඩ උඩින් තියාගෙන ආයෙ ඔයා නිදා ගන්නකල් සින්දු කියනවා.... ඔයා රෑට නිදි කරවන්න අපි කාටවත් බෑ... මටනම් කොහොමටවත් බෑ... තාත්ත කීයට හරි ගෙදර එනකල් ඔයා අවදියෙන්.. ගෙදර එකම යුද්ධයයි... තාත්ත ගෙට එන්නෙම කෝ මගේ පුතා කියල සින්දුව කියාගෙන, ඇවිත් ඔයාව බඩ උඩ තියාගෙන සින්දු කියනකොට තමා ඔයා නිදියන්නෙ... අපි කන්නෙ බොන්නෙ ඊට පස්සෙ.. වෙලාවකට අපිට හරි ආස හිතෙනවා ඔයා තාත්ත සින්දු කියනකොට ඒ තාලෙට කෙදිරි ගගා තමා නිදියන්නෙ... මම වෙලාවකට කියනව මෙයා ගියආත්මෙ ගායකයෙක් ද කොහෙදො කියලත්....

    ගොඩාක් දවස් වලට පාන්දර 2ට 3ට විතර ඔයා අවදි වෙනවා... අවදිවෙලා යටිගිරියෙන් කෑ ගහල අඩනවා... තාත්ත මහන්සි වෙලානේ ගෙදර එන්නෙ. ඉතින් එයා පව් කියල හිතල මම ඔයාව අරගෙන අනිත් කාමරයට යනවා... කොහෙද කිරිටික බොනකල් ඔයා ඉන්නවා.. ඊට පස්සෙ ඔයා අඩනවා... ඔන්න තාත්තට ඇහුනගමන් දුවගෙන එනවා... මටත් තාත්තගෙ අම්මටත් (ආච්චි) හොදටම බනිනවා... උඹල කොල්ල අඩවනවා කියල. අපෙන් ඔයාව අරගෙන ගිහින් ආයෙ එයාගෙ බඩ උඩ තියාගෙන සින්දු කියනවා... ඔයත් ඒ තාලෙටම ටික වෙලාවක් කෙදිරි ගානවා... බෙරිහන් දීදී අඩපු ඔයා මෙන්න නිදි....

    මට මතකයි එක දවසක් තාත්ත කොළඹ ගියා වැඩ වගයකට. එදා ඔයා අඩපු තරමක්... හුස්ම ගන්නෙවත් නැතිව අඩනවා... අපි බැරිම තැන ඔයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා... ඩොක්ටර් කියනවා මෙය ලෙඩක් නෙමෙයි කියලා... කොහොම හරි එහෙදි බෙහෙත් දීල නිදි කරවලා ඔයාව එක්කරගෙන ආවා... ගෙදර ගෙනත් පැයක් නිදන්න ඇති ඔයා ආයෙ අවදි වෙලා අඩනවා... මම දන්න විදියට සින්දු කිව්වට ඔයාට හරියන්නෙ නෑ... කොහොම හරි වෙලාවට තාත්ත ආවා... අනේ කොළඹ ඉදල ආපු මහන්සියවත් බලන්නෙ නැතිව ඔයාව බඩ උඩ තියාගෙන තාත්ත සින්දු කිව්වා ඔයා නිදියනකල්... මෙච්චර වෙලා අඩපු ඔයා මෙන්න කෙදිරි ගානව... පස්සෙ අපි බලනකොට තාත්තයි ඔයයි දෙන්නම නිදි... තාත්තටත් නින්ද ගිහින් මහන්සියට.... වෙලාවකට මට හරි ලෝබ හිතෙනවා ඔයා තාත්තගෙ පපුව උඩ නිදාගෙන ඉන්නව දැක්කම... ඔයාගෙ ආච්චි හැම තිස්සෙම කරන්නෙ ඒක බල බල සතුටට අඩන එක...

    පස්සෙ ඔයා ටික ටික ලොකුවෙනකොට අපි පුතා සින්දුවක් කියන්න කියල ඔයාට කීවම, ඔයා කට උල් කරගෙන කියන්නෙ අර තාත්ත ඔයාව නිදි කරවන්න කියපු සින්දුව...

    ඔයා ඔය දැන් අහපු ගීතය තමා ඔය හැම වෙලාවෙදිම තාත්ත ඔයාව නිදි කරවන්න කිව්වෙ... කොච්චර ඇහුවත් ඔයාට මදි... ඉතින් තාත්තත් ඔයා අඩන අඩන වාරයක් ගානෙම, ඔයාට නින්ද යනකල් ඔය සින්දුවම කියනවා... ලක්ෂවාරයකට වඩා ඔයා වෙනුවෙන් තාත්ත ඔය ගීතය කියන්න ඇති.....

    මෙන්න ගීතය....

    නව සංගීතයෙන්

    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    මං පොඩි කාලේ හඳ මාමා කිව්
    කතාව මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා
    ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා
    හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
    ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
    ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා

    අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
    චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා
    කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
    සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
    හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
    පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා
    ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ

    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    අපිව මේ තත්ත්වෙට ගේන්න අපි නොදන්නවට, අපිට මතක නැති උනාට සෑම පියතුමෙකුම.. කොතරම් නම් සුන්දර දුක් විදින්න ඇත්ද...? මගේ පියාණන්ට වගේම සියළුම පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා...!!!

    (සමාවෙන්න, මට සුන්දර මිනිසුන් සිටින නූලෙහි මෙම ගීතය පල කරන්න අවැසි නිසයි මේ කතාව දැම්මේ... මෙම කතාවෙන් ඔබේ රසවින්දනයට බාධාවක් සිදුවුණි නම් කියන්න... මම මෙය ඉවත් කරගන්නම්...)

    මගෙ තාත්ත.. ඈත්තටම වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම හොද තාත්ත කෙනෙක් වෙලා හිටිය.. මට තිබුන ලොකුම ශක්තිය මගෙ තාත්ත.. මෝටස්යිකලෙන් ජීවිතය පටන් අරන් තියන මගෙ තාත්ත... අද ගොඩක් ලොකු තෑනක ඉන්න්ව.. ඒත් .. මුදල් එද්දි.. ඒත් එක්කම පිරිහීම කියන දෙයත් ඈවිල.. එදා මේ මගෙ තාත්ත කියල ආඩම්බරෙන් මම කිවුව.. ඒත් අද????...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගෙ තාත්ත.. ඈත්තටම වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම හොද තාත්ත කෙනෙක් වෙලා හිටිය.. මට තිබුන ලොකුම ශක්තිය මගෙ තාත්ත.. මෝටස්යිකලෙන් ජීවිතය පටන් අරන් තියන මගෙ තාත්ත... අද ගොඩක් ලොකු තෑනක ඉන්න්ව.. ඒත් .. මුදල් එද්දි.. ඒත් එක්කම පිරිහීම කියන දෙයත් ඈවිල.. එදා මේ මගෙ තාත්ත කියල ආඩම්බරෙන් මම කිවුව.. ඒත් අද????...

    මට කියයන්න තියෙන්නනෙත් සහෝ ඔයදෙයමයි... අරක්කු මගේ තාත්තගේ පෙර තිබූ හැගීම් දැනීම් නැති කරලා...........:(:(:(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට කියයන්න තියෙන්නනෙත් සහෝ ඔයදෙයමයි... අරක්කු මගේ තාත්තගේ පෙර තිබූ හැගීම් දැනීම් නැති කරලා...........:(:(:(

    ඔවු යාලු.. මගෙ තාත්තගෙත් ප්‍රශ්නය ඕකම තමා මම ගොඩක් මානසිකව විදවනව ඔය කාරනය නිසා.. මගෙ වයස තාම 23යි ඒත් මුලු පවුලෙම බර නිකන්ම මගෙ කරට වෑටිල.. මට ගොඩක් අමාරුයි ඒක දරාගන්න.. ස්තුතී සහෝ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔවු යාලු.. මගෙ තාත්තගෙත් ප්‍රශ්නය ඕකම තමා මම ගොඩක් මානසිකව විදවනව ඔය කාරනය නිසා.. මගෙ වයස තාම 23යි ඒත් මුලු පවුලෙම බර නිකන්ම මගෙ කරට වෑටිල.. මට ගොඩක් අමාරුයි ඒක දරාගන්න.. ස්තුතී සහෝ

    ඒ විදපු දුක හොදටම ඇති... තවත් බලා පොරොත්තු වෙන්න එපා... මොනව නැතත් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් හිගා කන්න හරි දෑත දෙපා ඔවුන් අපිට හදල දුන්නනේ.. ඔබේ වයසත් එක්ක කිසිම ප්‍රශ්ණයක් නෑ... මට ඔබව දැනෙන නිසා කියන්නේ... විදපන් කාපන් පුතේ ඔය කට්ට.. උඹ රජෙක් වෙලා නවතී... ලෝ දහම බොරු කරන්නෙ නෑ... අපේ ජේසු තුමා, මරිය මව්තුමිය, බුදු සාදු බොරු නෑ... සත්තයි උඹ රජෙක් වෙනව.. විදපන් ඔය දුක... අත් දැකීමෙන් උඹට වඩා දුක් විදපු නිසා කියන්නෙ, අවුරද්දට පාර අයිනේ රතිඥ්ඥා විකුණපු, කඩවල් වලට බත් පැකට් කරලා විකුණපු එකෙක් මේ කියන්නෙ... උඹට වරදින්නෙ නෑ මල්ලියේ.... උඹ රජෙක් වෙයි... ගෙදරට සලකන්න තියෙන කාලෙ සලකපන්... වරදින්නෑ... කිසි දෙයක් බලා පොරොත්තු වෙන්නත් එපා... ඕනෙ නෑ... දෙවියො ඇවිත් අපේ ලග අපිට දන ගහල වැදල දෙනවා... අද නෙමෙයි හෙට නෙමෙයි මැරෙන්න මොහොතකට කලින් හරි ඒ දේ වෙනව කොල්ලෝ.... පලයන් ඉදිරියටම....
     
    Last edited:

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    කෝ අපේ යාළුවෝ, කෝ පින්ක පැන්තර්,දත් කිඹුලා, යුසර්52, ගෝරා, විකියා, ධනුෂ්ක, තොමියන්, hrm, chamal89
    , IveyStyle අතුළු අනෙක් සියළු දෙනාම... මෙන්න අපේ විචාර ලෝකෙ වටේම ප්‍රසිද්ධ වෙලා... ඒ ඔබලා නිසයි... ඔබේ උනන්දුව හා මග පෙන්වීම නිසයි... ස්තූතියි සහෝදර සහෝදරියනි.. අපි වාද බේද අමතක කරමු... තවත් විචාරයක් දමා ඇති අදහස් දෙන්න අපිට දිරිමත් වීම සදහා ....

    සෑම දාකම මෙන් චාමල්89 නම් ඉන්න්ව ඕනම දේකට

    මමත් ඉන්නව සහෝ..... පුලුවන් හැම වෙලාවෙම එනවා......... මේ කාලේ හැටි නිසා ටිකක් වැඩ වැඩී.....
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මට කියයන්න තියෙන්නනෙත් සහෝ ඔයදෙයමයි... අරක්කු මගේ තාත්තගේ පෙර තිබූ හැගීම් දැනීම් නැති කරලා...........:(:(:(

    ඔවු යාලු.. මගෙ තාත්තගෙත් ප්‍රශ්නය ඕකම තමා මම ගොඩක් මානසිකව විදවනව ඔය කාරනය නිසා.. මගෙ වයස තාම 23යි ඒත් මුලු පවුලෙම බර නිකන්ම මගෙ කරට වෑටිල.. මට ගොඩක් අමාරුයි ඒක දරාගන්න.. ස්තුතී සහෝ

    මගේ යාළුවේ බලන්න මම කරපු විචාරය දිහා පියවරු ඒ විදපු දුක හොදටම ඇති... තවත් බලා පොරොත්තු වෙන්න එපා... මොනව නැතත් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් හිගා කන්න හරි දෑත දෙපා ඔවුන් අපිට හදල දුන්නනේ.. ඔබේ වයසත් එක්ක කිසිම ප්‍රශ්ණයක් නෑ... මට ඔබව දැනෙන නිසා කියන්නේ... විදපන් කාපන් පුතේ ඔය කට්ට.. උඹ රජෙක් වෙලා නවතී... ලෝ දහම බොරු කරන්නෙ නෑ... අපේ ජේසු තුමා, මරිය මව්තුමිය, බුදු සාදු බොරු නෑ... සත්තයි උඹ රජෙක් වෙනව.. විදපන් ඔය දුක... අත් දැකීමෙන් උඹට වඩා දුක් විදපු නිසා කියන්නෙ, අවුරද්දට පාර අයිනේ රතිඥ්ඥා විකුණපු, කඩවල් වලට බත් පැකට්

    මගෙ අම්මේ... මේ අත්දැකීම් කියව්වාම තවත් විචාරයක් කියෙව්ව වගේ.......
    මචංලා..... කතාවක් තියනවා "දුප්පතෙක් ලෙස ඉපදීම ඔබේ වරදක් නොවූවත් දුප්පතෙක් ලෙස මියදීම ඔබේ වරදකි" කියල. ඒ නිසා ජීවිතේ අනාගතය වෙනුවෙන් කට්ටක් කන්න වෙනවා.
    හැබැයි අනාගතය වෙනුවෙන් කියල වර්තමානය සම්පුර්නයෙන්ම උකස් තියන්න එපා. හොදට කල්පනා කරල වර්තමානය විදින ගමන් අනාගත සැලසුම් හදන්න. එතකොට ඔය කියන දෙකම ලස්සන වෙයි.
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0

    අපිව මේ තත්ත්වෙට ගේන්න අපි නොදන්නවට, අපිට මතක නැති උනාට සෑම පියතුමෙකුම.. කොතරම් නම් සුන්දර දුක් විදින්න ඇත්ද...? මගේ පියාණන්ට වගේම සියළුම පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා...!!!

    (සමාවෙන්න, මට සුන්දර මිනිසුන් සිටින නූලෙහි මෙම ගීතය පල කරන්න අවැසි නිසයි මේ කතාව දැම්මේ... මෙම කතාවෙන් ඔබේ රසවින්දනයට බාධාවක් සිදුවුණි නම් කියන්න... මම මෙය ඉවත් කරගන්නම්...)
    [/B][/COLOR]

    නියමයි සහෝ....... කියවන කෙනාව කියවීම තුල ජීවත් කරන්න උබට තියන හැකියාව නම් නියමයි.......
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0

    තරු අත් අකුරින් ලියා එවමි
    ඔබට පෙම්පත...
    ඔබේ සෙවණ පමනි මිහිපිට
    ඇති එකම සම්පත...

    වෙනස් විදිහක උත්සාහයක්......... ගොඩක් සාර්ථකයි කියල හිතෙනවා. ගීතය දැනෙනවා......
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0

    කාලයකට පසු පැමිණියත් ඔබෙන් ලද රසය උපරිමයි...!!!

    අයියෝ............ මගේ මහන්සිය වෙනුවෙන් තියන එකම සටහන. උබට ස්තූතියි මචන්.
    මේ මගේ යාලුවෙක්ගෙ ඇත්ත අත්දැකීමක්. මොනව උනත් මම එක හරියට ලියල නැතුව ඇති.
     
    • Like
    Reactions: sasliit

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    stuti sahoo... palugei walan bidinna beee.... wicharayak damudaaa...:frown::frown::frown:

    බලමු සහෝ......... වෙලාවකට හිතෙනව නිදිවරන්නේ අපරදෙ කියල.......
    බලමු නිදහස් වෙලාවක දාන්නම්.....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයියෝ............ මගේ මහන්සිය වෙනුවෙන් තියන එකම සටහන. උබට ස්තූතියි මචන්.
    මේ මගේ යාලුවෙක්ගෙ ඇත්ත අත්දැකීමක්. මොනව උනත් මම එක හරියට ලියල නැතුව ඇති.

    lebena de gena hitanna epaaa sahoooo. denna puluwande puluwan kalak dila apiyamu... gal ho mal hoyanna epaaa... sasliit haa dathkibula obe pitupasa hemadaama....