සුන්දර ගීයක ඇරබුම,..

Nohim Ys

Well-known member
  • අවුලක් නෑ මචන් උඹ දන්න එකත් දාපන්.... මොකෝ දැන් ගොඩාක් කලකට කලින් වුන සිද්ධි නිසා අපි මේව දැනගත්තම පොඩි පොඩි වෙනස්කම් වෙනව ඇති.... මම දැනගත්තෙ විශ්ව විද්‍යාලයේ ගීත රසවින්දනය පිළිබදව කරපු පර්යේශණ කෘති වගයකින් මචෝ....



    උඹ එහෙනම් මෙච්චර විස්තර දැන ගත්තේ ඒ පර්යේශණ නේ ??

    :):)
     

    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ

    සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
    ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා
    ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
    හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා

    මම වඩාත්ම කැමති ගායකයාගෙ මම කැමතිම ගීතයක් මේ. සෝමතිලක ජයමහ මහත්මයාගේ හැම ගීතයකම වගේ ගැඹුරු තේරුමක් තියෙනවා.

    ගොඩක් දවසක ඉඳන් මේ thread එක කියවගෙන එන්නෙ, එලකිරියෙ දැකපු වටිනාම thread එක කියලා පැකිලීමකින් තොරව කියන්න පුළුවන්. ඔබලා සැමට තවත් ඉදිරියට මේ වටිනා කර්ථව්යය කරගෙන යන්න ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි හැමදාමත් ඔබලාත් එක්ක ඉන්නවා.
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මා හිස පිරිමැද නැවත නොඑන්නට
    ඔබ වෙන් වි ගියදා
    සටහන් ඇත මැකිලා
    ඒ අභිනික්මන් ගමනේ



    මම පුදුම විදියට ආදරේ කරන ගීතයක් මේක.පුදුම සංවේදි ගිතයක්

    ගායනය කරන්නේ ඉන්දාණි බෝගොඩ මහත්මිය.පද රචනය දයා ද අල්විස් මහත්මිය

    මම හිතන්නේ අපේ සස් මේ ගීතය ගැන හොදින් දන්නවා

    දයා ද අල්විස් හා කුසුම් පිරිස් කියන්නේ මම ආසම පද රචිකාවියන් දෙන්නෙක් අතිශයින්ම උසස් ගනයේ නිර්මාන ශිල්පිනියන් දෙදෙනාට නිසි ඇගයිමක් නැතිවිම හරි දුකයි.
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    සිරාවටම මට මේකට නම් ඇඩුන සහො

    ඔන්න ඉතින් යාළුවනේ මේ ඔයාල හොදට දන්න ගීතයක්.... ඒ වගේමයි මෙහි නිධාන කතාවත් හරිම ජනප්‍රියයි... ඒත් මට හිතුන මේ ගීතය නොදැම්මොත් ලොකු අඩුවක් කියල.... එනිසයි මේ විචාරය කරන්න කලාපනා කලේ....

    තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක්වී පැමිණී
    තනි තරුවේ...

    මහද අරණ ළතැවි ළතැවි
    රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී
    තනි තරුවේ....

    ගී පද - ප්‍රේමකීර්ති අල්විස්
    සංගීතය හා ගායනය – වික්ටර් රත්නායක


    ප්‍රේම කීර්ති මුහුදු වෙරලෙ හාන්සිවෙලා ඉදගෙන ”තනි තරුවේ” කියල කෑ ගැහුවලු. මේක අහගෙන හිටිය වික්ටර් කීවලු ”මචං... ප්‍රේම් අන්න එහෙම සින්දුවක් ලියපං... ” කියල....

    මේකනේ ඉතින් අපි දන්න කතාව.... ඒත් ඇයි ප්‍රේම කීර්ති එහෙම කෑ ගැහුවෙ.... මොකද්ද මේ ගීතයෙන් කෑ ගහල අපිට කියන්න උත්සාහ කරන්න හදන්නෙ කියල අපි ටිකක් අධ්‍යනය කරල බලමු....

    තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා


    අහසෙ තරුවක් තියෙනව... එසේ මෙසේ තරුවක් නෙමෙයි තනිවෙච්චි තරවුක්.... මම මහපොළවෙ.... තරවෙ ඔයා අහසෙ ඉන්න ... මම පොළවෙ මෙතැන ඉන්නම්... ඔයත් තනිවෙලා... මමත් තනිවෙලා.... අපි අපි දෙස බලාගෙන ඉන්නවා... දුරස් වී එකිනෙකා දෙස බලා ඉන්නවා ඇරෙන්න වෙන කුමක් කරන්නද?

    තව දුරටත් මේ ගීතය අපේ හදවත් තුලට දැනෙන්න නම් කවුද මේ තනි තරුව කියන එක අපි දැනගත යුතුමයි ...... මේ තරුව ඔහුගේ ළඟින් ම සිටියා තරුවකි. ඔහුට ආදරය කළ තරුවක්. ජීවන ගමන්මඟ එළිය කළ තරුවක්. තනි නොවී සිටි තරුවක්. එහෙත් දැන් තනි තරුවක්.... වෙනකෙකු නොව ඔහුගේ බිරිදමයි මේ තනි තරුව.......

    මගේ නෙත් ඔයාගෙ නෙත් වල කෙතරම් නම් රැ දෙන්න ඇද්ද.... අපි දෙදෙන කෙතරම් ප්‍රේමයෙන් වෙලෙන්න ඇද්ද.... කෙතරම් ආදරෙන් ඉන්න ඇද්ද.... ජීවිතේ දුක් කරදර ජයගෙන සන්තෝෂය විදගෙන අපි දෙදෙන ආදරෙන් මෙතෙක් දුරක් ඇවිත්.... දෙපැත්තට වෙලා තනිවුනා......

    ”නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක්වී පැමිණි
    තනි තරුවේ.....


    මගේ ලග ඉන්න බෑ කියල දුක්වෙවී ඉදල, ලතවෙවී ඉදල ඇති හොදටෝම ඇති කියල ඔයා යන්න ගියා... යන්න ගියා විතරක් නෙමෙයි ඔයා දැන් සැනසීමකුත් ලබල ඒකෙන්....ඔයා සැනසීම තොසාගෙන ගිය තැන සැනසීම තියෙනවනේ.... ඒ ඇති මට, හොදටෝම ඇති... කොහේ හිටියත් ඔයා සන්තෝසෙන් ඉන්නවනම් මට හොදටම ඇති. මම ප්‍රාර්ථනා කරන්නෙත් එපමණයි...ඉතින් ඔයා එහෙනම් ඔතන ඉන්න.... මම මෙහෙට වෙලා ඉන්නම්.....

    ”මහද අරණෙ ළතැවි ළතැවි
    රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී
    තනි තරුවේ”


    මේ ගීතය පුරාවටම තමා අතහැර ගිය බිරිද දෙස උපේක්ෂාවෙන් බැලීමක් තමා කරන්නෙ.... මගේ ලග ආදරෙන් ඉදල .... මේ ජීවිතේ අපි එකට ගොඩාක් දුර පියමං කරගෙන අපි ආව... ඒත් හදිස්සියෙ ඔයාට මගේ අඩු පාඩු පේන්න ගත්ත... මම හොදනැති උනා... මාව එපා උනා... එපා වුන මගේ ලග ඉන්න බෑ, මගේ ලග ඔබට සැනසීමක් නෑ කියල ඔයා ගියා යන්න සැනසීමක් තියෙන තැනක් හොයාගෙන. ඔයා දැන් එතන ඉන්නව ... අනේ මේ මම තාමත් ඒ හිටපු තැනමයි.... ඔයා හොදින් ඔතැනට වෙලා ඉන්න සොදුරියෙ... මම මට පුළුවන් විදියට මෙහෙට වෙලා ඉන්නම්....

    එදා ප්‍රේම කීර්ති ”තනි තරුවේ” කියල කෑ ගහුවේ... හිතේ තියෙන වේදනාවට තමන්ගෙ බිරිද සිහිවුනාම දරාගන්න බැරි දුකට .... කොච්චර පවුද.... තමන්ගෙ බිරිදගෙ නම කියල කෑ ගහන්න බැරි කමට තනි තරුවේ කියල කෑ ගහනවා.... එවෙලේ ”තනි තරුවේ” කියලා කෑ ගහපු තාලයම තමා මේ ගීතයේ තියෙන්නෙත්..... ආදරේ, විරහව මහ පුදුමාකාරයි.....


    මගේ ජීවිතයටත් සමානකමක් මේකෙ තියනව.....
    sasliit සහොදරයට බොහොම ස්තූතියි මේක ඉස්සරහට අරන් ආවට...
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    මම තවම 126 පිටුවෙ ඉන්නෙ... එලකිරියට ආව දවසෙ ඉදන් දැක්ක එලම ත්රෙඩ් එක. sasliit සහ dath Kimbula සහොදරයන්ට බොහොම ස්තූතියි.....අ
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගිනිමලක්

    ගිනි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සදක් සේ දිලිසුනා පුරපස
    පිපුනි දොරකඩ රන් මලක්


    මෙහි පද රචකයා මිතුරෙකු සමග කාර්යාලයේ සිටින විට කාර්යාලයේ දොරකඩින් ඉදිරියෙන් ලස්සන කාන්තාවක් එබිලා යනවා. ඇය එබිලා යනවා පමණක් නොවේ නැවත වතාවක් එබෙනවා එවිට පදරචකයාට නැගෙන සිතිවිල්ල ඇගේ ලස්සන උපමා කරන්නේ ගිනි මලකට.
    ගිනි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්


    ඇය එබිලා යන මොහොතේ එම ප්‍රදේශය පුර පසළොස්වක පෝය වගේ දිලිසිලා තියෙනවා. නැවත වරක් ඔහු එම කාන්තාව වර්ණනා කරල තියෙනවා දොරකඩ පිපුණු රන් මලක් ලෙසට.
    සදක් සේ දිලිසුනා පුරපස
    පිපුනි දොරකඩ රන් මලක්

    ගායනය:- කිත්සිරි ජයසේකර

     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගිනිමලක්

    ගිනි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සදක් සේ දිලිසුනා පුරපස
    පිපුනි දොරකඩ රන් මලක්


    මෙහි පද රචකයා මිතුරෙකු සමග කාර්යාලයේ සිටින විට කාර්යාලයේ දොරකඩින් ඉදිරියෙන් ලස්සන කාන්තාවක් එබිලා යනවා. ඇය එබිලා යනවා පමණක් නොවේ නැවත වතාවක් එබෙනවා එවිට පදරචකයාට නැගෙන සිතිවිල්ල ඇගේ ලස්සන උපමා කරන්නේ ගිනි මලකට.
    ගිනි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්


    ඇය එබිලා යන මොහොතේ එම ප්‍රදේශය පුර පසළොස්වක පෝය වගේ දිලිසිලා තියෙනවා. නැවත වරක් ඔහු එම කාන්තාව වර්ණනා කරල තියෙනවා දොරකඩ පිපුණු රන් මලක් ලෙසට.
    සදක් සේ දිලිසුනා පුරපස
    පිපුනි දොරකඩ රන් මලක්

    ගායනය:- කිත්සිරි ජයසේකර

    මරු සීන් එකක් නෙ thanks මචන් :yes: +6
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගිනිමලක්

    ගිනි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සදක් සේ දිලිසුනා පුරපස
    පිපුනි දොරකඩ රන් මලක්


    මෙහි පද රචකයා මිතුරෙකු සමග කාර්යාලයේ සිටින විට කාර්යාලයේ දොරකඩින් ඉදිරියෙන් ලස්සන කාන්තාවක් එබිලා යනවා. ඇය එබිලා යනවා පමණක් නොවේ නැවත වතාවක් එබෙනවා එවිට පදරචකයාට නැගෙන සිතිවිල්ල ඇගේ ලස්සන උපමා කරන්නේ ගිනි මලකට.
    ගිනි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්


    ඇය එබිලා යන මොහොතේ එම ප්‍රදේශය පුර පසළොස්වක පෝය වගේ දිලිසිලා තියෙනවා. නැවත වරක් ඔහු එම කාන්තාව වර්ණනා කරල තියෙනවා දොරකඩ පිපුණු රන් මලක් ලෙසට.
    සදක් සේ දිලිසුනා පුරපස
    පිපුනි දොරකඩ රන් මලක්

    ගායනය:- කිත්සිරි ජයසේකර

    11.gif
    11.gif
    11.gif
    http://www.elakiri.lk/forum/showpost.php?p=12039810&postcount=1572
     
    • Like
    Reactions: sanddun

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    11.gif
    11.gif
    11.gif
    http://www.elakiri.lk/forum/showpost.php?p=12039810&postcount=1572

    සමාවෙන්න යාළුවා මම ඔයාගේ පෝස්ට් දැක්කේ නෑ. මමත් මේ විස්තරය දැනගත්තේ මොහාන් පල්ලියගුරු මහතාගේ දේශනයකදී..
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    හෙල බසේ ආනන්දනිය ශෘංගාරය.......
    මුව මුක්තා ලතා - පිපි හංසාංගනා.........


    මුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
    මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ
    බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් නගන් නොනිදා.........

    ආකාස ගං චන්ද්‍ර නෞකාවේ-තනි වෙන්න යං පෙම් රසෝජාවේ.
    රූ සිරු කල්‍යාණියේ-මා සැතපෙන්නම් ප්‍රියේ.
    තුනු ශ්‍රියෙන් විපුල් වොරැදේ-මනසා නන්ද මන්දෝදරී

    හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ-හා හා ගයන් සෞම්‍යග සංගීතේ
    ඒ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා.
    ඔබෙ නළලේ සඳුන් තිලකේ-අද විහිදේද දෙතොලින් මගේ


    අතිශයින් ම රාග නිශ්‍රිත ශෘංගාරාත්මක මේ වර්ණනය ප්‍රේමයෙන් සහ තුනු සපුවෙන් ආධ්‍ය වූ සුපෙම්වතියක් ගැන මය. හෙළ බසෙහි පොහොසත් කමද . වත්කම ද මේ යැයි පෙන්වන මෙවන් ගේය පද දුලබමයැ......!!!

    පෙම්වතා සිය පෙම්වතිය ගේ තුනු සපුව වර්ණනා කරයි......

    මුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ


    ඇය හංස අංගනාවකි........මුවෙහි ඇත්තේ මුතු පෙලක්ම බදු වු දත් දෙපෙලකි.(හොද ඩෙන්ටිස්ට් කෙනෙක් සෙට් වෙලා ඇත!!) ඇය භාග්‍යවන්තය. රසය මවන්නියකි. සිරුර රන් පෑයෙන් දිදුලයි........
    ඔහු තව දුරටත් ඇය පිළිබද ව තම සිත තුළ ඇති ප්‍රේමණීය, රමණිය, සරාගික සිතුම් පල කරයි.......


    මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ
    බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් රගන් නොනිදා.........


    තම හදවතේ ඇති අංගනය, ප්‍රේමාංගනයකි. එම පුළුලු වූ මිදුලේ ඇය රැයෙහි රහසින් විත් තම සියලු සලු උනා දමා අනුරාගයෙන් යුත්ව ඇය හා සම්භෝගයට තම ප්‍රියයා කැදවන ආකාරය ඔහු ගේ සක්තාන යේ මැවේ.............මණිමේඛලාව යනු මැනික් සහ මුතු ඔබ්බවා කරන ලද සකල ශරීරය ම වැසෙ පරිදි සැකසූ ආභරණයක් බව සාහිත්‍යයේ දැක්වේ. මණිමේඛලාව උනා දැමු සද පෙනෙන්නේ ඇගේ ලාලිත්‍යවත් යොවුන් දේහයයි........!!!!!ප්‍රේමයෙන් බැදුනු ඔහුට ඇගේ ඒ සිරුරේ දැක්ම, ස්ඵර්ශය තරම් සැපයෙක් කොයින්ද?

    ආකාස ගං චන්ද්‍ර නෞකාවේ-තනි වෙන්න යං පෙම් රසෝජාවේ.
    රූ සිරු කල්‍යාණියේ-මා සැතපෙන්නම් ප්‍රියේ.
    තුනු ශ්‍රියෙන් විපුල් වොරැදේ-මනසා නන්ද මන්දෝදරී

    ප්‍රේමාද්වන්ධ වූවන්ට සියළු ම සොබා සිරි සිය පරිභෝගය සදහා නිමැවූ ඒවා වේ. ඔහුට මේ මිහිරි මොහොතේ අහස ගගකි. සද නැවකි. එම නෞකාවේ නැගී අහස් ගගට පෙම් රසයේ තනි වෙන්නට ඔහු ඇයට ආරාධනා කරයි.........
    ඇය ගේ රුසිරු දක ඔහු ට අවැසි වන්නේ ඇය ගේ රූ බර සිරුරේ සැතපෙන්නටය......ඇය ආනන්දනීය මන්දෝදරියක් වේ. (මන්දෝදරී යනු රාවණයන් ගේ රූමත් ම බිසව බවද, මෙලොව සිටි රූපත් ම කාන්තාව බවද සාහිත්‍යයේ සදහන්ය)

    හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ-හා හා ගයන් සෞම්‍යග සංගීතේ
    ඒ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා.
    ඔබෙ නළලේ සඳුන් තිලකේ-අද විහිදේද දෙතොලින් මගේ


    හිරු එන්නට පෙර රාත්‍රියේ ම මේ රති කලහය නිමවිය යුතය. ප්‍රේමාන්ද්ව සිටින ඔහුට මේ සැඩ රති කලහය සෞමය සංගිතයකි. මේ රති කෙලියෙහි දිගින් දිගටම යෙදී සිටින්නට ඔහු ගේ පැතුම වන්නේ රාත්‍රිය තව දිගු වේවා යන්නය......!!!! රති කලහයේ තරම කෙතරම් ද යත් ඇය ගේ නලලත ඇති සදුන් තිලකය ඔහු ගේ දෙතොලින් ඇගේ නලලත පුරා විහිදී යනු ඇතැයි ඔහු අනාවැකි පල කරයි.........!!!!!

    මා නම් මෙවන් අතිශය රමණිය සහ රාගාන්විත සම්භෝග වර්ණනාවක් කියවා ඇත්තේ කුමාරදාස රජතුමා ලියූ "ජානකිහරණය' සංස්කෘත මහා කාව්‍යයේ පමණි.......
    ගීතයේ පද වැල එවු සස්ලිට් මලයා හට පිං පුදමි....!!!!!!.


    NIYAMAYI :yes: NIYAMA VICHARAYAK:D

    THANK YOU
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ඔබ භාෂා විශාරදයෙක් උනත් ඔබට පුළුවනිද කුරුල්ලෙකුගෙ ගීතයේ තේරුම කියල දේනන....? ඔබ කොයිතරම් හොද අසන්නෙක් උනත් ඔබට පුළුවන්ද ඈත කදු මුදුනක් පහු කරල එන සුලගෙ රහස අහ ගන්න.....? මේ වගේ කොයිතරම් දේවල් තියෙනවද පුංචි උනත් කවදාවත්ම හිතාගන්න බැරි....? කොයිතරම් ගීත ඇහුවත් අපි හැබෑවටම ඒ ගීත අහල තියෙනවද.....? විනාඩි තුනක් හතක් ධාවනය උනාට සමහර ගීතවල තියෙනව සියවස් ගානක් හිතන්න දේවල්....... අපි මෙහෙම හිතමුකෝ...... ඔබ මාව අදුනන්නෙ නෑ..... ඒත් මම උමතුවුන ගීතයකටම ඔබත් වසග වෙලා...... ඒත් අපි දැකලවත් නෑ...... ඉතින් අපි අපි අදුනන්නෙ නැති උනත්, අනුන් ලියපු, අනුන් හදපු, අනුන් කියපු ගීතයකින් අපි අපි සදාකාලික මිත්‍රයො වෙන්න පුළුවන්..... මම හොද උදාහරණයක් ඔබට කියන්නම්....

    “1983 වසරෙ ධර්මසිරි ගමගේ අපේ ප්‍රවීණ කළාකරුව මට කියනව කොග්ගල පහන්වැට උළෙල සංවිධානය කරන්න මට උදව් කරන්න කියල. ගමගේ මහත්තය මට කියනව උත්සවය සංවිධානය කරන්න තියෙන්නෙ මාටින් වික්‍රසිංහයන්ගෙ මහගෙදරවූ කොග්ගල. මට ඔහු කියනව එහෙට ගිහින් එන්න කියල. ගමගේ මහත්තය ආපහු මට කියනව බන්ධු තනියම යන්න එපා. ගාල්ලෙ ටවුමෙ ඉන්නව ගාමිණී සමරරත්න කියල කෙනෙක්. එයාගෙ වෑන්එකේ එයත් එක්ක යන්න කියල. මම ඉන්නෙ ගාල්ලෙ කොටුවෙ බැංකුවෙ ගාමිණි ඉන්නෙ ගාල්ලෙ ටවුමෙ එයාටම අයිති තීන්ත සාප්පුවෙ. අපි දෙන්න එක්ක යනව ගාමිණීට අයිති 28 ශ්‍රී හයිඒස් වෑන් එකේ කොග්ගල. ගාල්ලෙ හිටියට අපි හදුනන්නෙ නෑ.... ඉස්කෝලත් දෙකක.... හැම අතින්ම අපි දෙන්න දෙන්නෙක්. අපි එකිනෙකා අදුනගන්නෙ ගාල්ලෙ ටවුමෙදි නෙමෙයි. මාගාල්ලෙ බුදුපිළිමෙ පහුවෙද්දි ගාමිණී දානව කැසට් එකක්. දෙයියනෙ මම කැමතිම සින්දු ඒකෙ තියෙන්නෙ.

    “වික්ටර් රත්නායකට ආසයිද....?” ගාමිණි මගෙන් අහනව
    “නැතුව.... මට ඕන සින්දුවක් පාඩම්.... මම සා ප්‍රසංගය 28 පාරක් බලල තියෙනව....” මම කියන්නෙ ආඩම්බරයෙන්
    “එච්චර නැතිඋනත් මමත් සෑහෙන් සා බලනව” ගාමිණී කියනව

    අපි මාගාල්ලෙ ඉදන් ගීත ගැන කතා කර කර යනව දිගට හරහට. කොග්ගල රේල් පාරෙ අනාරක්ෂිත හරස් මාර්ගය ලගදි තමයි අපේ කතාව නතර වෙන්නෙ. මොකද ගීතයක් හින්ද මොන පරිත්‍යාග කලත් මැරෙන්න බෑනේ.. රේල් පාර පැන්න විතරයි ආයෙත් සින්දු. එකම ගමක, නගරයක, ඉසව්වක හිටියට අපි දෙන්න හදුනගෙන හිටියෙ නෑ.... අදුන ගත්තත් අවුරුදු 30කට කිටුටුවෙන්න ඇසුරක් ඇති උනේ අපි වරුගනන් ගීත වින්ද හින්ද....”

    ........බන්ධුල නානායක්කාර වසම්........

    ගීත කියන්නෙ මහ පුදුම ජාතියක් මට හිතෙනව. සමහර ගීත අහනකොට මොනතරම් සුන්දර දෙයක් ලියවිල තිබුනත් ඇස්වලට කදුලු එනව..... ඇල්ඩියස් හෂ්ලි කියන මහා දාර්ෂණිකය නම් කියන්නෙ, ඒ ගලන්නෙ Tears of tenderness නැත්නම් මුදු මොලොක්භාවයේ කදුලුයි කියල..... සමහර ගීත අහද්දි රෝම කූප අංශක 90 ට හිටිනව. මේ මේ කියල අපි අනිත් අයට පෙන්නනව. මේක මහ විකෘතියක්ද කියලත් මට වෙලාවකට හිතෙනව. එහෙමනම් ඉතින් නඋෂාර්ඩ්ගෙ ඉදල රහුමාන්ගෙ වෙනකල්ම විකෘති වෙන්න ඕන. මේක ප්‍රකෘතියක් මට ආපහු හිතෙනව. හොද ගීතයක් ඇහුවම ඇඩෙන්න ඕන, හැගීම් සසල වෙන්න ඕන... අන්න ඒදේයි අද අපට අහිමි වීගෙන යන්නෙ .........


    sirawata machan