සුන්දර ගීයක ඇරබුම,..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙච්චර කලි එලකිරියෙ ඉදල මේ ත්‍රෙඩ් එක මට මිස් වුනේ ඇයි කියල හිතාගන්නවත් බෑ...පේජ් 20 ක් කියෙව්ව අද..එක දිගට අඩ අඩ ඔෆිස් එකේ උන්ට පේන්නේ නැතුව කදුලු පෙර පෙර කියෙව්වේ...උගුර රිදෙනවා ආපු හැඩුම් හන්ගගත්ත නිසා...සාහිත්යය මා මෙතරම් සන්වෙදි කල බව හිතාගන්නවත් බෑ.....
    එහෙම නම් මේකත් කියවමු ඔය විදියට ම.............

    http://www.elakiri.com/forum/showthread.php?t=1437174
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේක මම දැක්කෙත් අදනේ :(
    නියම ත්‍රෙඩ් ඒක
    ටැංක යු කිව්වා කට්ටියටම :) :)
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    නියමයි සහෝ , මම ආසම සින්දුව තමා " සිතින් මා නොසැලී හිදිද්දී " මේ සින්දුවටත් ඔය වගේ කතාවක් තියනවද ?
    sasliit ලොක්ක දන්නවනම් දාන්න
     
    Last edited:

    danlee

    Member
    Aug 25, 2014
    19
    3
    0
    USA
    mea sinduwa haduna widiya ......

    kotikawathe saddathissa hamudurowoo banak kiyanawa luu gedaraka ea bana kiyanne mea sinduwa thiyana story eka.
    ella la maranna inna porakata walikada hamuduruwo bana kiyana wa uuu bana ahanne nathuwa hamuduruwonta uuge life story eka kiyanawa n then amma athi eliye kiyalath kiwwa lu
    oya bana ta awith idala thiyanawa ape singer mr sanath nandasiri eya mea story eka ma sinduwak kala
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නියමයි සහෝ , මම ආසම සින්දුව තමා " සිතින් මා නොසැලී හිදිද්දී " මේ සින්දුවටත් ඔය වගේ කතාවක් තියනවද ?
    sasliit ලොක්ක දන්නවනම් දාන්න
    දාල තිබ්බෝ...................:yes::yes::yes:
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මලක් වුණේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවද සලන..
    එනමුදු සිප ගන්නට තහනම්..
    විලක් වුණේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින..
    දිය දෝතක් බොන්නට තහනම්..

    පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
    ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්..
    කියන්න.. මලක් වුණේ...

    සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොදුරැ වදන්
    මුමුණනු කෙලෙසින්..
    කියන්න.. මලක් වුණේ...






    මලක සුවඳ විඳින්න කවුරුත් කැමැතියි. මලේ සුවඳ වඩාත් හොඳින් දැනෙන්න නම් ඒ මල සිපගන්න ඕනෑ. ඒකට මලෙන් අවසර ගන්න ඕනෙත් නැහැ.

    සුවඳ මලක්‌ සිපගනිද්දි ආදර හැඟුම් මෝදුවන බව දන්නවද. සමහරු මලක්‌ සිප එහි සුවඳ විඳිනවා. තවත් සමහරු මල දෙස බලා සිට මිහිරක්‌ විඳිනවා. මේ දෙපිරිසම මලට ආදරෙයි. ගොඩක්‌ ආදරෙයි. දවසක මේ මල පරව යන බවවත් මතකයට එන්නේ නැහැ. ඒ තරමටම මලට ආදරෙයි.

    මලක්‌ වුණේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක්‌ වුණේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දොතක්‌ බොන්නට තහනම්


    ඔයා මගේ ජීවිතේම සුවඳවත් කරන මලක්‌. ඒත් මට සිපගන්න අවසරයක්‌ නැහැ. සිපගන්න තහනම් නම් ඇයි ඔයා මලක්‌ වෙලා මගේ ජීවිතේට සුවඳ සලන්නේ. ඔයා මගේ ජීවිතයට සිසිලස ගෙන දෙන විලක්‌. ඒත්... ඒත්. මට දියබිඳක්‌ බොන්නවත් අවසරයක්‌ නැහැ. ඇයි එහෙම වුණේ.

    සමහරු හිතයි මේක අසම්මත එහෙමත් නැත්නම් තහනම් පෙමක්‌ ගැන ලියෑවුණු ගීයක්‌ කියලා. තවත් සමහරු හිතන්න පුළුවන් මෙය සම්මත ප්‍රේමයක්‌ ගැන කියන ගීතයක්‌ කියලත්. තහනමක්‌ නැහැ. මේ ප්‍රේමවන්තයා මේ ගීය ගයන්නේ තමන්ගේ සම්මත ප්‍රේමවන්තියට කියල හිතන්නත්, නැත්නම් අසම්මත පෙම්වතියට කියලා හිතන්නත් ඕනෑම කෙනකුට අවසර තිබෙනවා.

    සමන් අතාවුදහෙට්‌ටි.... ගීයේ රචකයා... මේ ගීයෙ පද පෙළ ඇමිණුවේ සමන් බව නොදන්නා බොහෝ දෙනෙක්‌ මෙතැන් පටන් එය දැනගනීවි.

    මුල් කාලයේ අමරසිරි පීරිස්‌ සරල ගී වැඩසටහන් කරද්දී වෙනස්‌ විදිහේ ගීයක්‌ ඔහුට නිර්මාණය කරන්න මමත් කළණි පෙරේරාත් උත්සාහ කළා. අපි තුන් දෙනාම දවසක හවසක කතා කළා. අපිට බැරිද ගිටාරය වැනි වාදන භාණ්‌ඩයකට බර දාල ගීයක්‌ හදන්න කියලා. අන්තිමේ ඒ ගීය ලියන්න මටම පැවරුණා. ඒක තමයි මේ ගීය..

    පහන් තාරකාවක්‌ සේ
    ජීවිතයට මඟ කීවද
    ඒ එළියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින්
    කියන්න
    මලක්‌ වුණේ ඇයි නුඹ මට


    ඔයා මගේ ජීවිතයට මඟපෙන්වන පහන් තරුවක්‌. ඒත් තාරුකා එළියෙන් මගේ හදවත නමැති පහන දල්වන්න පුළුවන්ද... කියන්න..... ඇයි ඔයා මගේ ජීවිතයට සුවඳ එක්‌කරන මලක්‌ වුණේ කියලා.

    සමහර විට පෙර කීවාක්‌ මෙන් මේ පෙම්වතා එක්‌කෝ විවාහකයෙක්‌. තහනම් ප්‍රේමවන්තියගේ පහස නොලැබීමේ දුකට ඔහු මෙසේ වැළපෙනවා වෙන්න පුලුවන්. නැත්නම් මේ ඔහුගේ සැබෑම ප්‍රේමවන්තිය වෙන්නත් පුලුවන්. ඇය ඔහුගේ බිරිය නොවේ යෑයි කෙනකුට කියන්නත් බැහැ.

    අපි සමන් අතාවුදහෙට්‌ටිට ආයෙත් සවන් දෙමු.

    මේ ගීය අහලා මුලින්ම සුදත් දේවප්‍රිය මට කියපු දෙයක්‌ තමයි මචං මේක අපේ ජාතික ගීය කියලා. ඒ කියන්නේ ප්‍රේමවන්තයින්ගේ ජාතික ගීය කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මට කිව්වා "සමන් මම ලියපු ඔක්‌කොම සිංදු ටික උඹට දෙන්නම්. උඹ මට මේ සිංදුව විතරක්‌ දියං" කියලා. මේ ගීය ඇතුළත් කැසට්‌ පටය එළිදක්‌වද්දි ආචාර්ය සුනිල් විඡේසිරිවර්ධන විවරණයක්‌ කළා. පදරචනය, සංගීතය සහ ගායනය අනුව මේ ගීය අසද්දී රූපමය සත්කාරයකුත් නිරායාසයෙන්ම සිදුවෙනවා කියලා. මට දැනෙන්නේ ගෙදරක සඳළුතලයක පෙම්වතිය සිටිද්දී පෙම්වතා ඒ ඉදිරිපස පාරේ දණ ගසාගෙන ගිටාරය වයමින් මේ ගීය ගයන චිත්‍රය මට මැවෙනවා කියලා ඔහු කිව්වා.

    සහන් ගීතිකාවක්‌ සේ
    ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොඳුරු වදන්
    මුමුණනු කෙළෙසින්
    කියන්න
    මලක්‌ වුණේ ඇයි නුඹ මට


    ඔයා සහනය ගෙන දෙන ගීයක්‌ වගේ. මගේ ජීවන ගමනේ ගිමන නිවාලූවත් මම කොහොමද ඒ ගීතයෙ සුන්දර වචන මුමුණන්නේ. කියන්න ඇයි ඔයා මගේ ජීවිතේට මලක්‌ වෙලා ආවේ කියලා.

    මේ ගීතය මගේ හුදෙකලා අත්දැකීමක්‌ නම් නොවේ. අත්දැකීම් සම්භාරයක එකතුවක්‌. සමන් ගීයට නිමිත්ත සඳහන් කළේ එහෙමයි.

    කොහොම වුණත් මේ ගීය ඔය කියන ආකාරයට පෙම්වතුන්ගේ ජාතික ගීය බවට පත්වුණේ ඇයි? ඒකට හේතුවක්‌ තියෙනවා. එක එක පෙම්වතාට තම තමන්ගේ ප්‍රේම සිතිවිලි, අත්දැකීම් අනුව මේ ගීය තමන්ගේ කරගත හැකියි. ඒක සමහර විට තහනම් ආදරයක්‌ වෙන්න පුලුවන්. නැත්නම් සම්මත පෙමක්‌ වෙන්නත් පුළුවන්.


    උපුටා ගෙන්මකි
     
    Last edited:

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මෙක මගේ පලවෙනි ත්‍රෙඩෙක. සැහෙන කාලයක් ත්‍රෙඩ් එකක් පටන්ගන්න හිටියට මට එකට වෙලාවක්නම් නැහැ එත් මේ අනොරා වස්සත් එක්ක සීන්හල ගීත ටිකකට සවන්දිගෙන ඊන්නවෙලවෙ මට මගෙ සරසවි ඡිවිතය මතක්වෙල මෙහෙමදෙයක් කරන්න හිතුන . ඒ
    කලේනම් රැ එලිව්ව්නකම් facultiyයෙ යාලුවොත් එක්ක ගීත ගායන කරකර එව විචරය කරපු කලේ මතක් වෙන්කොට හිතට පුන්චි දුකක් අර්හිවෙනව . කන්න බොන්න අතේ සල්ලි නතිඋනත් අඹ ගැටයක් එක්කහරි ගල්බොත්ලයක් ගගහ නිදහසේ හිටපු කලේ ඈයිත්නම් එන්නෙනැ.



    හරි දැන් ඉතින් වඩෙට බහිමු. මෙකපලවෙනීක.
    ගීතය- මිනින්දොඅරු කන්තොරුවේ මුලදැනිතැන.
    ගායනය-කරුනාරත්න දිවුල්ගනෙ.
    පදරචනය-රත්නත් ශ්‍රි විඡෙසින්හ සර්.

    ඔන්න මේ ගීතයේ පද රචකය රජරට පත්තේ වැඩ කරන කලෙක ඒ ගමේ මොකක් හරි සමිතියකින් පත්සේ ගමේ අවිදින වේලවක වතුර තිබහ වෙලා එක ගේදරකට ගොඩ වෙනවා. ඉතින් එගේදර පීලේ වයසක සීයකෙනෙක් ළුණු වගයක් වේලමින් ඉන්නව. ඉතින් මෙකට්ටිය ගේදරට ගොඬවෙලා වතුර එකක් ඉල්ලගෙන බොනගමන් කතවට වැටේනව.
    ඒ අතර මේවත්තේ එක විශේශ දෙයක් දකින ව. ඒ තමයි වත්ත කොනේ තියනවා නුග ගහක් එක වටේට ලස්සනට මල්වවලා වැලි අතුරල රටවට අතුගලා පහන් පැලක පහනකුත් පත්තුකරලා තිබුන.
    ඉතින් රත්නත් ශ්‍රි ඇහැඋව සුදුබන්ඩා (SB නෙමෙයි ) මාමේ මේ මොකක්දකියලා, ( අමතක උනනෙ සියගෙ නම සුදුබන්ඩා ) එතකොට සීයා කියනව මහත්තයො ඒ මගෙ සුදු බන්ඩි ඊන්න තැන කියල. ඉතින් සුදු බන්ඩි මැරුනට පත්සෙ මෙතන වලදලා, ඒදා ඉදන් සීය උදේ හවස මල් තියලා පහන් පත්ලුකරලා ලත්සනට අතුගාලා තියාගන්නව.
    ඊටපත්සෙ සීයා හරි දුකින් කියනව මහත්තයෝ මට මේක දිගටම කරන්න වෙන්නේ නැහැ මොකද ඒහා ඉඩමෙ ඉන්න මගේ මල්ලි මෙකට පර්සල් නඩුවක් දමලා එකේ තින්දුව අනුව ඉඩම බෙදෙන්නෙ නුගගහ එහාපැත්තටයන විදියට කියලා.

    ඉතින් ඊට පත්සේ කලෙක රත්නත් ශ්‍රි ට මෙසිද්දිය මතක් වෙලා ඉඩම මනින්න එනකොට සුදු බන්ඩා සීයා මොනවගේ හැසිරේන් ඇතිද කියලා ඒ පිවිතුරු ආදරයට ගෞරවයක් විදියට මේ මිහිරි පදවැල්ටික ලියනව.

    මිනින් දෝරු කන්තොරුවෙ මුලදැනිතැන.
    සුදු බන්ඩිමගේ නිදා ඉන්න ඉඩම මනිනවද
    ඈ ඇහැ ඈරේවි යන්න හොදයි දoවැල් අරගෙන
    තරහ අවසරයි යනවද දන්වැල් අරගෙන....

    මුලින් ටිකක් ආවේගයෙන් කතාකෙරැවත් නීතිය ඉදිරියේ අසරන මේ මහලු ගැමිය ඉතා අසරනව ආයාචැනා කරනවා ( තරහ අවසරයි යනවද.... )

    දැන් මේ සියට අතීතය මත්ක් වෙනව..
    බිo කුඹුරු නේලන කාලෙට මට හීල අරන් එන.
    හීස විශාදියට තෙල් උලලා තොන්තුවාවෙන.
    රත්තරන් දැත සුදුබන්ඩිගෙ දේනියේ පස් යට//..........

    නැවත වර්තමානයේ ඇත්ත හා තනිකම සිතට නැගෙන්වා


    දේයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැතිවග.
    තේල් පහන උනත් නිවදමයි සoහීදපාමුල
    වාවන්නැ මේදුරුත්ත සන්සරේ ත්නිමට//.......

    ........ ඉතින් හරිම අමරුයි ටයිප්කරලා. මගේ සින්හල grammar නම් හරී නැහැ:baff led: එකට සමා වෙන්න්න.
    මෙකට ඔයාල දන්න ගීතවලත් කතාව දන්න........
    ඉඩතියන විදියට මමත් දමන්නම්....
    මමත් ඉතින් මෙ වෙලද අර්තික සමඡයෙ දුවන තවත් එක මිනිසෙක් විතරයි ඒත් ගුරු තරුව නාඨ්‍යයේ මේ දේබසත් මත්ක්කර න්න ඔන.
    ``සාහිත්ත්‍යයේන් යන්ත්‍ර සුත්ත්‍ර සල්ලි මවන්න බැරිඋනට ඒ මවන යන්ත්‍ර සුත්ත්‍ර, සල්ලි වලට මනුශිය්‍ය හැඩය ලාබාදේන්නේ සාහිත්ත්‍ය සහ කලාවයි....,

    එල මචං, දියුල්ගනේ ගේ මේ වගේ තවත් බොක්කට වදින සින්දු ගොඩක් තියෙනවා, ගේ කිරිල්ලියේ නුඹ කොඉ ඉසයුවේද නොදනී , අන්දර යායේ වැවු තාවල්ලේ , පියෙකුගේ දුක කියා පාන මහ දිය කඳ කළා වැවේ. මේ සින්දු වලත් තේරුම දාන්ඩ පුළුවන් නම් ගොඩක් හොඳය්
     

    sherlock101

    Member
    Oct 22, 2014
    4
    0
    0
    පිටු 230ක් කියෙව්වා..කියලා වැඩක් නෑ... මේ වගේ දේවල් බෙදා ගන්නවට කොහොම ස්තූති කරන්නද තේරෙන් නෑ... දිගටම කරගෙන යමු...:yes::yes::yes:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    පිටු 28ක් කියෙව්වා බං.. තව ගොඩක් තියනවා.. සමහර ඒවා මටම ලියලා වගේ..
    ගොඩක් පිං මචං sasliit & dath kimbula
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    අද තමා මේ නූල කියෙව්වෙ...සෑහෙන් වටින එකක්. හැමෝම වෙනුවෙන් මෙන්න අප් කරා..:):)