සුන්දර ගීයක ඇරබුම,..

chutte malli

Member
Mar 2, 2013
15
3
0
ගොඩක් ස්තුතියි යාලුවනේ....ගොඩක් ලස්සන හොඳ වැඩක්.....
දිගටම කරගෙන යන්න....
 

naaa

Member
Dec 10, 2008
2
0
0
මචං. මේ ත්‍රෙඩ් එක පරණයි. මේකෙ දෙවන කොටසක් වෙනම ත්‍රෙඩ් එකක යනව. ඒ ලින්ක් එක අතරමැද පෝසට් කරල ඇති. :)
 

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ප්‍රේමකීර්ති ගේ සින්දු වලට ආස අය දැන් ඉක්මනට ITN බලන්න.
    එයාගේ සින්දු ඔක්කොම යනවා.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි මේව ලියපු කාලයකුත් තිබ්බනේ...
    දැන් දැක්කහම හිතෙනව මේ ඇත්තටම මමද කියල
    දැන් මෙලෝ දෙයක් මතකනෑ කියහංකෝ
    tumblr_lkeuxogbGY1qhqwr5.gif
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අපි මේව ලියපු කාලයකුත් තිබ්බනේ...
    දැන් දැක්කහම හිතෙනව මේ ඇත්තටම මමද කියල
    දැන් මෙලෝ දෙයක් මතකනෑ කියහංකෝ
    tumblr_lkeuxogbGY1qhqwr5.gif


    කෝ අපි මේවා බලන්න පටන් ගන්නකොට නවත්තලානේ....
    ඉරිසියාව ඉරිසියාව :lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි මේව ලියපු කාලයකුත් තිබ්බනේ...
    දැන් දැක්කහම හිතෙනව මේ ඇත්තටම මමද කියල
    දැන් මෙලෝ දෙයක් මතකනෑ කියහංකෝ
    tumblr_lkeuxogbGY1qhqwr5.gif

    තොට බඩ යන්න ඕනි.ගල් අවලමා.:angry::angry:
    ඒ දවස් වල කඳුලු පුරෝගෙන කියවපු ත්‍රෙඩ් එකක් මේක.ආයෙත් ලියපන්කෝ
    :dull::dull:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    තොට බඩ යන්න ඕනි.ගල් අවලමා.:angry::angry:
    ඒ දවස් වල කඳුලු පුරෝගෙන කියවපු ත්‍රෙඩ් එකක් මේක.ආයෙත් ලියපන්කෝ
    :dull::dull:

    ඔව් බන් ත්‍රෙඩ් දෙකම කියෙව්වා...
    වලි ටිකත් මතකයි :lol::lol::lol::lol:
    දැන් මොකෙක්වත් කරන්නේ නෑ
    අපරාදේ වටිනා දේවල් නවත්තන්න එපා.......
    (වැඩ ඇති. ඒත් වටිනා දෙයක් නිසා පුළුවන් වෙලාවට ලියනවනම් වටිනවා)
     

    kingdewi

    Well-known member
  • http://www.elakiri.com/forum/showpost.php?p=11957477&postcount=1167

    කිඹුලයියගේ මේ ඉල්ලීමට ප්‍රතිචාරය අවුරුදු 04 කට පසු ~

    යම් සොයුරෙක් විසින් ඉල්ලා තිබූ ගීතයක පදරුත් පසිදිමි..........!!!
    හීනමාන මානසිකත්වයක යථාස්වරූපී කතාන්දරය.........


    විදුලි මිණි පහන් දැවී.........



    [FONT=&quot]විදුලි මිනි පහන් දැවී - බොළද ගී සිනා රැළි[/FONT]
    [FONT=&quot]නිලංකාර අදුරේ සිර වී - සැදෑ සාදයේ......[/FONT]
    [FONT=&quot]කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........[/FONT]
    [FONT=&quot]කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........[/FONT]

    [FONT=&quot]එන්න කන්න බොන්න මිහිරේ - සැමටයි ආරාධනා[/FONT]
    [FONT=&quot]ඔබේ හඩ කිදී සිදී යයි කතා සරිත් සාගරේ[/FONT]
    [FONT=&quot]ඔබේ හඩ කිදී සිදී යයි කතා සරිත් සාගරේ[/FONT]
    [FONT=&quot]පුරා ගෙන පිරූ විතේ - විසුළු කෙළි නැටුම් සිනා[/FONT]
    [FONT=&quot]යොමා ඇස බලන් යළි සොදුරේ - මැදුරු දොර දිහා.......[/FONT]

    [FONT=&quot]දෙන්න කන්න බොන්න නොකියා - දෙනෙතින් ආරාධනා[/FONT]
    [FONT=&quot]දෑස පා ඉදුල් යදී ඇස් - ගයා හංස ගීතිකා[/FONT]
    [FONT=&quot]දෑස පා ඉදුලි යදී ඇස් - ගයා හංස ගීතිකා[/FONT]
    [FONT=&quot]ඔබේ මන්දිරෙන් එහා - මගේ ලොව බලා සිටී[/FONT]
    [FONT=&quot]පළි යයි ඔබේ ලොවෙන් මා - දෙපා සමු නොදී......[/FONT]

    [FONT=&quot]ප්‍රේමය නම් ආත්මීය කාරණයේ දී ආර්ථිකය නම් කාරණය ඇති කරන මානසික පීඩනය අතිශය ම ආකර්ෂණිය සහ බුද්ධිමය ලෙස ගෙන එන ගීත රචනාවකි. එසේම පහල යයි සම්මත ආර්ථිකයක් හිමි තරුණයන්, ඉහල සමාජ ස්ථරයක් ඇති තරුණියක් හා ප්‍රේමයෙන් වෙලී සිටීමේ දී ඇතිවන හීනමානය බදු මානසික තත්ත්වයය මෙම ගීතයෙන් මනාව පෙන්වන ආකාරය බලන්න. [/FONT]

    [FONT=&quot]විදුලි මිනි පහන් දැවී - බොළද ගී සිනා රැළි[/FONT]
    [FONT=&quot]නිලංකාර අදුරේ සිර වී - සැදෑ සාදයේ......[/FONT]
    [FONT=&quot]කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........[/FONT]
    [FONT=&quot]කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ........[/FONT]

    [FONT=&quot]ඔහු ගේ ලොවට අදාල නොවන සැදෑ සාදයක දී ඔහුට ඇතිවන හීනමානය පෙන්වන්නේ තමා කුරා කුහුඹි මිනිසෙක් මි යන හැගීම ඔහු කෙරේ ජනිත කරමිනි.[/FONT]
    [FONT=&quot]මේ සැදෑ සාදයේ දී ඔහු ගේ හදෙහි ජනිත වන්නේ මේ බහු රූ කෝලම් මැද ඔහු ගේ ලෝකයට අදිළ වන කුසගින්න, දරිද්‍රතාවය සහ ආර්ථික පීඩනයයි. ඔහු ගේ හදෙහි පවතින්නේ මේ පිළිබදව ජනිත වන යම් ආකාරයක නොරොක් වූ ස්වභාවයක් බව පෙනේ. “උඹලා ගේ ලෝකය නොවෙයි මගේ ලෝකය...බලපල්ලා ඔය ගේට්ටුවෙන් එහා” ඔහු කියන්නේ එහෙයිනි.[/FONT]
    [FONT=&quot]ඔහු ගේ ලෝකයේ ඉන්නා වැසියෝ සිගමන් නොයදිමින් සිගමන් යදිති. ඒ අයදින්නේ ද දෙනෙතිනි. ඔවුන් ඉදුල් යදින්නේද ඔවුන් ගේ අවසන් ගීතිකාව ගයමින්, එනම් පණ අදිමිනි. (හංසයන් ගීතිකා ගයන්නේ මරානාසන්න අවස්ථාවලදී බව සාහිත්‍යයේ දැක්වේ.)[/FONT]

    [FONT=&quot]ඔබේ මන්දිරෙන් එහා - මගේ ලොව බලා සිටී[/FONT]
    [FONT=&quot]පලා යයි ඔබේ ලොවෙන් මා - දෙපා සමු නොදී......[/FONT]

    [FONT=&quot]මේ මන්දිර වල හිද කරන කියනා දේ ඔහු ගේ ලොව බලා සිටින බැවින් ද, ඔහු ගේ සිතෙහි පවතින හීනමානය නිසා ද ඔහුට තවත් මේ ප්‍රේමපාරමිතාව පිරිය නොහැක. ඔහු ගේ දෙපා සමුනොදී පලා යන්නේ එහෙයිනි.[/FONT]

    [FONT=&quot]පන්ති වෛරය තුලින් දේශපාලනය කරන සමහර දේශපාලකයන් ගේ මනෝභාවයන් කදිමට පෙන්වන මේ ගීතරචනයට මුසුකර ඇති සංගීතය අවස්ථානෝචිතව ඉතාමත් විශිෂ්ඨ ආකාරයෙන් යොදා තිබේ. සැක්සෆෝනය පදනම් කර ගත් මේ සංගීතය මෙවන් සැදෑ සාදයක චමත්කාරය මනරම් ව කියාපායි.

    ප.ලි.
    දමා ඇති යූ ටියුබ් දිගුව පිළිබදව කමා කරත්වා..........මේ ජර බර සංගීතය රහිතව ගීතය යම් සොයුරෙක් මා වෙත එවත්වා.........ඔබේ රසඥතාවයට ඇතිවන බාධාව ගැන අවංකව ම කණගාටුවෙමි. වෙන හොයා ගන්නට පුළුවන් ගීතයක් නැත........
    [/FONT]



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showpost.php?p=11957477&postcount=1167

    කිඹුලයියගේ මේ ඉල්ලීමට ප්‍රතිචාරය අවුරුදු 04 කට පසු ~





    ඇඩුනේය........:):)

    මම කිරියට යම් පවතින දෙයක් කර ඇති බව මෙයින් දැනිනි........
    ඔබට මේ විමසුම පවා මෙතරම් මතක ඒ නිසා යයි සිතමි.....
     

    kingdewi

    Well-known member
  • ඇඩුනේය........:):)

    මම කිරියට යම් පවතින දෙයක් කර ඇති බව මෙයින් දැනිනි........
    ඔබට මේ විමසුම පවා මෙතරම් මතක ඒ නිසා යයි සිතමි.....

    :) අයියේ උඹ කිරියට විතරක් නෙවේ , අපි හැමෝගෙම ජිවිත වලට මතක හිටින උදවු කරපු සහෝදරයෙක් :):):):)