සුන්දර දිය පෙදෙස හෙවත් මීදුම් - දියතලාව 🌱🍃🎋🌳 ( Diyathalawa 🙏😇)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සුන්දර දිය පෙදෙස හෙවත් මීදුම් - දියතලාව 🌱🍃🎋🌳 ( Diyathalawa 🙏😇) - Your Choice Way
    අද අපි කතා කරන්න යන්නේ මේ දිනවල මීදුමෙන් වැසී තිබෙන සුන්දර දියතලාව ගැන...

    කදුකරයේ මිහිදුම් මතින් සුවදායි නිවාඩුවක් ගත කරන්න ඔබත් කැමති නම් දියතලාව කියන්නේ එයට කදිම නවාතැනක්.

    ඔබ ඒකාකාරී වෙහෙසකර ජිවිතයෙන් මිදිලා නිස්කලංක වටපිටාවක ආශ්වාදය විදින්නට කැමති නම් දියතලාව ඒ සදහා කදීම නවාතැනක්.

    රේල් පීලි දිගේ,තේ වතු මැදින් පරිසරයේ මිහිරියාව විදින්නට කැමැති පුද්ගලයෙකු නම් මෙය ඔබට අපූරු අත්දැකීමක් වෙයි...

    මුහුදු මට්ටමේ සිට අඩි 4,918 ඒ කියන්නේ මීටර් 1,499ක් ඉහලින් පිහිටි දියතලාවට මේ නම ලැබිලා තියෙන්නේ දිය පෙදෙස යන අර්ථය හැගවෙන්නලූ..

    හපුතලේ සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දෙකට මැදිව පිහිටි දියතලාව දුම්රිය ස්ථානයත් හරිම සුවිශේෂි...

    1894 දී තමා මේ දුම්රිය ස්ථානය හදලා තියෙන්නේ..

    වර්තමානයේ දියතලාව කිව්වම මතක්වෙන තවත් තැනක් තමා දියතලාව හමුදා භටයින් සඳහා පුහුණු මධ්‍යස්ථානය..

    මේ දියතලාවට ඉතිහාස කතාවකුත් තියෙනවා..

    1885 වසරේදී බ්‍රිතාන්‍ය හමුදාව ප්‍රථම වරට දියතලාවා හි බලකොටුවක් පිහිටු බවට තොරතුරු සදහන් වෙනවා...

    ඒ වගේම ශ්‍රී ලංකා මිලිටරි ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ෆොක්ස් හිල් මෝටර් ක්‍රොස් තරගාවලිය නිසාත් දියතලාව ප්‍රසිද්ධයි....

    කොහොම වුනත් මේ සුන්දරත්වය විදින්න නම් දියතලාවට එන්නම ඕනේ..

    ඒ පාර දිරේ යනකොට ඔබට දැනෙන සුවය නම් කියලා නිමකරන්න බැරිවෙයි....

    අහ් කියන්නම ඕනේ කාරනාව දියතලාව පාරේ බයික් එකක යනකොට දැනෙන feeling එකත් හරි අපූරුයි හොදේ...

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here